විශ්වයේ තවත් අසිරියක් ගෙන හැර පාන චිත්‍ර ආශ්රිත කතාව
කෙටියෙන් කියතොත් ගැලැක්සි හෙවත් මන්දාකිණි යනු භ්‍රමණය වන (කැරකෙන) තරු, වායු සහ ධුලි ගණ සමුහයි. ගැලැක්සි එකට එක්කොට තබන්නේ ගුරුත්ව බලයෙන් බව විද්‍යාඥයෝ දැන් දනිතත්, ගැලැක්සි විවිධාකාර හැඩ ගන්නා හේතු පිටුපස ඇති කරුණු කාරණා තේරුම් බේරුම් කරගැනීමට ඔවුහු තවමත් අපොහොසත් වෙති. පැරණි තරු සහිත ඕවලාකාර හැඩ ඇති ගැලැක්සිවල සිට තරුණ තරු හා දීප්තිමත් වායු සහිත අත්වලින් සමන්විත සර්පිලාකාර ගැලැක්සි ආදී වශයෙන් විවිධ ස්වරූපයේ ගැලැක්සි ඇත. තාරකා වැඩියක්ම එක් රොක්වී තිබෙන්නේ ගැලැක්සියේ මධ්‍යයේය. පෘථිවිය ඇතුළු අපේ සෞරග්‍රහ මණ්ඩලය අයත් වන්නේ ක්ෂීර පථය නමැති ගැලැක්සියටයි. දැන් දන්නා අන්දමට ක්ෂීර පථය ගැලැක්සිය කොපමණ නම් විශාල ද කියතහොත් තත්පරයට කිලෝමීටර 300,000 වේගයෙන් ගමන් කරන ආලෝක ධාරා ක්ෂීර පථයේ එක් කොනක සිට අනෙක් කෙළවරට යාමට වසර 100,000 ගතවේ. වෙන විදිහකට කීවොත්, කැරකෙන බඹර චක්‍රයක් බඳු ක්ෂීර පථයේ විෂ්කම්භය ආළෝක වර්ෂ 100,000කි.
ක්ෂීර පථය
ක්ෂීර පථය එහි පැත්තකින් බැලූ කළ දිස්වන්නේ මැද නොරාවිත් තිබෙන සමතලා කරන ලද තැටියක් මෙනි. තැටිය වටා ප්‍රභා මණ්ඩලය යනුවෙන් හැඳින්වෙන ගෝලාකාර ප්රදේශයකි. එය සමන්විත වන්නේ ගුප්ත පදාර්ථ සහ ගෝලිකා ආකාර තාරකා පොකුරු වලිනි. ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ක්ෂීර පථය විශේෂයෙන්ම දීප්තිමත්ය. එහෙයින් පැත්තෙන් බලද්දීට වඩා උඩින් බැලූ කළ හොඳින් දර්ශනය වේ.
හබල් දුරේක්ෂය අනුව ගැලැක්සි වර්ගීකරණය
අණ්ඩාකාර (ඉලිප්සීය)
නමින්ම කියැවෙන පරිදි මෙම ගැලැක්සි අණ්ඩාකාර (Elliptical) හැඩයක් ගනී. ඒවායේ ස්කන්ධය විවිධය. විශාල පරාසයක් තුළ පිහිටා ඇත.
සර්පිලාකාර
සර්පිලාකාර ගැලැක්සියක් තුළ පැරණි තාරකා න්‍යෂ්ටිය පැතලි තාරකා තැටියක් සහ සර්පිලාකාර අත් දෙකක් හෝ ඊට වැඩිගණන් මගින් වටවී තිබේ.
අක්රමික
අක්රමික ගැලැක්සි වලට නිශ්චිත හැඩයක් නැත. එමෙන්ම වර්ගීකරණය කළ හැකි ද නොවේ. මේවායේ වායු සහ ධුලි වලා විශාල ප්‍රමාණයක් ඇත.
උප වර්ගීකරණය
සාධක කිහිපයක් පදනම් කර ගනිමින් ගැලැක්සි විවිධ ප්‍රවර්ග වලට නැවත බෙදා වෙන් කරනු ලැබේ. (ඉලිප්සීය ගැලැක්සි ගතහොත්) එක් සාධකයක් වන්නේ රවුම් හැඩයක් කරා ඒමට ඇති ඒවායේ නැඹුරුවයි. එමෙන්ම, (සර්පිලාකාර හා බැරල් හැඩයේ සර්පිලාකාර ගැලැක්සි ගත්තොත්) අක්ෂියක් තිබීමත් අත්වල දිගත් අනෙකුත් සාධකයි.
EO වර්ගයේ ගැලැක්සියක් සර්පිලාකාර ඉලිප්සීය වුවද රවුම් හැඩයට ඉතාම ආසන්නය. එමෙන්ම E7 ගැලැක්සියක් සමතලා කරන ලද ඕවල් හැඩයක් ගත්තකි. Sa ගැලැක්සියක් විශාල මධ්‍යම අක්ෂයක් සහ දඟර ගැසුණු අත් ඇති අතර Sc ගැලැක්සියක අක්ෂිය තුනී වන අතර වඩාත් ව්‍යප්ත වු (දිග්ගැස්සුණු) අත් ඇත.
තරු පුරවර
මුල්ම ගැලැක්සි සෑදුණේ මහ පිපුරු මෙන් වසර මිලියන 100 කින් පසුවය. මෙවැනි (එකට බැඳුණු විෂම එකතුවක් වැනි ) මහා ‘ගුලි‘ බිලියන ගණනාවක් විශ්වය පුරා සොයා ගත හැකිය. ගැලැක්සි සම්බන්ධ වඩාත්ම වැදගත්වන සොයා ගැනීමි දෙකෙහි ගෞරවය පිදෙන්නේ තාරකා ශාස්ත්‍රඥ එඞ්වින් හබල්ටය. රාත්‍රී අහසේ දෘශ්‍යමාන වන ආලෝක ලප හෝ අණ්ඩ(පැච්) ඇත්තටම දුර පිහිටි ගැලැක්සි බව 1926 දී හබල් පෙන්වා දුන්නේය. විශ්වය සමන්විත වන්නේ ක්ෂීර පථයේය යයි එකල තාරකා විද්‍යාඥයන් අතර පැවැති මතය ඉන් බිඳ වැටිණ. මෙම ගැලැක්සියේ තාරකා මගින් විහිදුවන ආළෝක වර්ණාවලියේ විවිධාකාරයෙන් නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැලැක්සියෙන් නිකුත්වන අළෝකය වර්ණාවලියේ රක්ත විස්ථාපනයක් (ආලෝක තරංග වර්ණාවලියෙහි රක්තාවර්නය දෙසට විස්ථාපනය හෙවත් පසු බැසීම – රක්ත විස්ථාපනය විශ්වයේ ප්රසාරණයට කදිම සාක්ෂියකි) සිදුවන බව 1929 දී හබල්ට පෙනී ගියේය. ඩොප්ලර් ආවරණය යනුවෙන් විද්‍යාඥයන් හඳුන්වන මෙයින් ඉඟි කෙරුනේ ක්ෂීර පථයෙන් ගැලැක්සි දුරස්ථ වෙමින් පවතින බවයි. ඒ අනුව හබල් නිගමනය කළේ විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවයි. එහෙත් විශ්වයේ ප්‍රසාරණය වීම යන්නෙන් ගැලැක්සි සංඛ්‍යාව වැඩිවේ යන්න ගම්‍ය නොවේ. ඊට ප්රතිවිරුද්ධව, ගැලැක්සි දෙකක් එකට ඝට්ටනය වු විට, ඒවා එකකට අනෙක විවිධාකාරයෙන් විකෘති කළ හැකිය. කල්යත්ම, ගැලැක්සි ක්‍රමක්‍රමයෙන් අඩුවේ. ඇතැම් ගැලැක්සි අමුතුම හැඩ පෙන්නුම් කරයි.
සොම්බ්‍රේරෝ Sombrero පුඵල් වාටියකින් යුත් මැක්සිකානු තොප්පිය) ගැලැක්සිය එවැන්නකි. සිහින් සර්පිලාකාර අත්වලින් වටවු දීප්තිමත් ධවල හරයකින් එය සමන්විතය.
ගැලැක්සි ඝට්ටන
ඝට්ටනයවන ගැලැක්සි ගැන ඉහත සඳහන් විණ. පෘථිවියෙන් ආලෝක වර්ෂ 300ක් දුරින් පිහිටි භඨක් 4676 ඝට්ටනයවන ගැලැක්සිය. ඒවා යුගලයක් ලෙස එකට ගෙන ‘මීයා‘ යන නම යෙදී ඇත්තේ ඒ ඒ ගැලැක්සියෙන් විහිදෙන තරු ‘වලිග‘ නිසාවෙනි. කල් ගතවෙත්ම, මේ ගැලැක්සි දෙක එක් තනි සුවිසාල ගැලැක්සියක් වශයෙන් එක්වනු ඇත. අනාගතයේදී විශ්වය සැදුම් ගනු ලබන්නේ යෝධ තාරකා සවල්පයකින් යයි විශ්වාස කෙරේ.
- වසර බිලියන 1.2 කට පෙර පෙර ඇන්ටනේ :භඨක් 4038 සහ භඨක් 4039* යනු වෙනමම
සර්පිලාකාර ගැලැක්සි දෙකකි.
- වසර මිලියන 380 කට පසු එම ගැලැක්සි දෙක අධික වේගයෙන් ඝට්ටනය විය.
- ඝට්ටනයටත් ගැලැක්සිවල ස්වරූපය වෙනස් වීමටත් වසර මිලියන 380 ක් ගතවිය.
- තවත් වසර මිලියන 300 කට පසු ගැලැක්සි දෙකේම සර්පිලාකාර අත්වල පිහිටි තාරකා එළියට
විසිවිය.
- දැන් තාරකා ජෙට් ධාරා දෙකක් මුල් ගැලැක්සියේ සිට ඉතා ඈතට විහිදේ.
මන්දාකිණි පොකුරු
ගැලැක්සි යනු සාමුහිකයන් හෝ පොකුරු සෑදීමේ ප්‍රවණතාවක් ඇති වස්තූන්ය. ගුරුත්ව බලයට ප්‍රතිචාර දක්වා ක්‍රියාකරමින් දෙකක සිට දහස් ගණනක් දක්වා වු ගැලැක්සි පොකුරු සෑදීමට ඒවාට හැකියාව ඇත. මේ ගැලැක්සි පොකුරු විවිධ හැඩ ගනී. එමෙන්ම ඒවා එකට එකතු වු විට ව්‍යාප්ත වෙතැයි අදහස් කෙරේ. මෙහි දක්වා ඇති හර්ක්‍යුලස් පොකුර 1714 දී සොයා ගත්තේ එඞ්මන්ඞ් හැලී විසිනි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට දළ වශයෙන් ආලෝක වර්ෂ 25,100 ක් ඈතිනි. චිත්රයෙහි පෙනෙන සෑම තිතකින්ම නියෝජනය වන්නේ තරු බිලියන ගණනින් සමන්විත ගැලැක්සිය.
විශ්වකෝෂ ඇසුරෙන් තතු මාණ්ඩලිකයෙකු විසිනි