ජෛවදර්ශ හෙවත් බියෝම(biome)

Posted by

අපි බොහෝවිට තතු තුළින් දේශගුණය කාලගුණය ගැන කතාකරන්නෙමු. ඒ මිනිස් ජීවිතය කෙරෙහි පමණක් නොව මිනිසා ඇතුළු සතා සීපාවන්ගේද ගහ කොළවලද පැවැත්ම ඒ කෙරෙහි දැඩි ලෙස රඳා පවතින හෙයිනි. දේශගුණය ගැන කතා කරන විට සලකා බැලෙන ඇතැම් කරුණු කාරණා වඩාත් හොඳින් වටහා ගැනීමට මේ බියෝමවල ස්වරූපය හා ක්‍රියාකාරිත්වය ගැන පසුබිම දැනුවත්ව තිබීම බෙහෙවින් වැඩ දායක වෙතැයි අපි කල්පනා කරමු.

— තතු සංස්කාරක

අප ජීවත්වන මේ ලෝකය විවිධ ආකාරයට බෙදා වෙන්කර දක්වන බව අපි දනිමු. ඉන් වඩා ප්‍රකට බෙදීම මහාද්වීප සහ මහා සාගරයි. ඉන්දියානු සාගරය මැද පිහිටි ශ්‍රී ලංකාව අයත්වන්නේ ආසියානු මහාද්වීපයටයි. තවත් සමහරැ දේශගුණික රටා අනුව ලෝකය විවිධ කලාපවලට බෙදා දක්වති. සෞම්‍ය කලාපය, ඝර්ම කලාපය ආදීවශයෙනි. ආර්ථික විද්‍යාඥයන්ට අනුව නම් මේ ලෝකය ප්‍රථම ලෝකය, දෙවැනි ලෝකය හා තුන්වැනි ලෝකය යනුවෙන් ලෝක තුනකි. එතැනදී ශ්‍රී ලංකාව අයත්වන්නේ තුන්වැනි ලෝකයටයි. මේ ආදී වශයෙන් බෙදාවෙන්කර නම් කිරීම් අපමණය. අප මේ අදහස් කරන්නේ විද්‍යාඥයන් ලෝකය බෙදා ෙවන්කරන ප්‍රදේශ ගැන කතා කිරීමටයි. විද්‍යාඥයෝ මේ ලෝකය සුවිසාල ස්වාභාවික ප්‍රදේශ ගණනාවකට වෙන්කොට දක්වති. ඒවා දැක්වෙන්නේ බියෝම (biome) හෙවත් ජෛව දර්ශ ලෙසයි. වර්ෂා වනාන්තර, කාන්තාර බාග විට ඔබ දැනටමත් දන්නා ජෛව දර්ශ දෙකකි. සෑම ජෛව දර්ශයක්ම, ඒවායේ පවතින ස්වාභාවික ශාක හා සත්ව ප්‍රජාව අනුව නම් කෙරේ. එහෙත් ඇත්තටම ජෛවදර්ශක හෙවත් බියෝමයක මූලික ගුණ ලක්ෂණය දේශගුණයයි. ප්‍රදේශය කොපමණ උෂ්ණද නැතිනම් ශිතලද? වසරක් පාසා එහි කොපමණ වර්ෂා පතනයක් හෝ හිම පතනයක් ඇතිවේද?

කිසියම් ප්‍රදේශයක් ගත්තොත් දේශගුණය තීරණාත්මක යයි කියන්න පුළුවනි. ඒ මොකද කීවොත්, බියෝමයක පැවතිය හැකි පරිසර පද්ධතිය (the ecosystem) එනම් සත්ව හා ශාක වර්ග තීරණය වන්නේ දේශගුණය අනුව නිසාවෙනි. හිම වලසුන්ට සහරා කාන්තාරයේ ජීවත්විය නොහැක. එමෙන්ම වර්ෂා වනාන්තර ශාක ආක්ටික් තුන්ද‍්‍රාවේ හෝ තණ බිම්වල නොවැඩේ. කෙසේ වෙතත් ඕනෑම  දරුණු දේශගුණික තත්ත්වයන්ට මුහුණ දී ලෝකයේ සෑම බියෝමයකම ජීවත් වීම සඳහා උපක්‍රම යොදා ගැනීමට මිනිසා සමත්ව සිටියි. අපේ වායු සමීකරණ පද්ධති හා ජල සැපයුම් පද්ධති උපයෝගී කරගනිමින් කාන්තාර මැද නගර නිර්මාණය කරගෙන අපි ජීවත් වෙමු. උණසුම් කිරීමෙ  මධ්‍යම පද්ධති සහිත සුපිරි වෙළෙඳපොළ ඇති හෙයින් අතිශය ශීතල දේශගුණික ප්‍රදේශවල ජීවත්වීම අපට ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඇත්තටම ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ අපේම (මානවයන්ගේ) ඇතැම් ක්‍රියා නිසා ජෛවදර්ශ (බියෝම) වෙනස්වීමට පටන්ගෙන තිබීමයි.

ලෝකයේ ප්‍රධාන ජෛවදර්ශ (බියෝම)

අපි මෙහෙම හිතමු. ඔන්න අපි ගුවන්  යානයක නැගී උත්තර ධ්‍රැවයේ සිට අක්වක් වෙමින් වමට දකුණට හැරී හැරී සියලුම මහාද්වීප හරහා දක්ෂණිණ ධ්‍රැවයට ගමන් කරන්නෙමු.  අපේ දසුන අවහිර කරන වලාකුළු කිසිවක් නොමැති නිසා සියල්ල හොඳින් දැක බලා ගන්නට අපට හැකිය යයි සිතමු. අපට මහ නගර, නගර මෙන්ම සංවර්ධන කටයුතු වෙනුවෙන් මිනිසුන් ඉදිකළ නොයෙකුත් නිර්මාණ දැක බලා ගත හැකිවේ. එහෙත් ඒ සමගම අපට අතිවිශාල ස්වාභාවික ප්‍රදේශ ද දර්ශනය වේ. සිතියමෙහි ළා දම් පාටින් දැක්ෙවන තුන්දා හා වයිගා (තද කොළ පැහැය) වැනි ඇතැම් ජෛව දර්ශ (බියෝම) පෘථිවිය වටා දේශාංශවලට අනුරූපීව විශාල ප්‍රදේශයක් ආවරණය කරන භූමි තීරු ලෙස දිස්වේ.

මේ මහා පොළොව මත සියලුම භූමි ප්‍රදේශ ඒවායේ සුවිශේෂ ලක්ෂණ අනුව සලකා බලා ප්‍රධාන බියෝම අටකට බෙදා වෙන්කරන බව සමහරවිට ඔබත් අසා ඇති. ඉහත සඳහන් කළ තුන්ද‍්‍රාව(tundra) සහ ටයිගා (taiga) ඉන් දෙකකි. මීට අමතරව සෞම්‍ය කලාප පතනශීලී වනාන්තර, (temperate deciduous forest) සෞම්‍ය කලාප තණ බිම් (temperate grassland) හෙවත් ස්ටෙප්ස් (steppe) මධ්‍යධරණී(Mediterranean) හෙවත් ඝන බැදි,(chapparal) කාන්තාර(desserts) නිවර්තන සැවනා (tropical savanna) සහ නිවර්තන වැසි වනාන්තර(tropical rain forest) ඉතිරි ප්‍රධාන බියෝම ලෙස දැක්වීමට පුළුවන. මෙලෙස දැකුවූයේ වී නමුත් බියෝම නිශ්චිත කොට දැක්වීම ගැන දැඩි නීතියක් නොමැත. ඇත්තටම ගත්තොත්, විද්‍යාඥයෝ ලෝකයේ බියෝම ප්‍රවර්ග හෙවත් ප්‍රභේද හයේ සිට දාහත දක්වා සංඛ්‍යාවකට බෙදා වෙන් කර දක්වති.‍ මේ කිසිවක් අනෙකට වඩා හොඳ යයි කීමට නොහැක. එම බෙදීම් අප සැලකිය යුත්තේ ඇතැම් වර්ගීකරණ බොහොම පොදු ආකාරයට සිදුකර ඇති අතර අනෙක් ඒවා ඉතා සුවිශේෂී ආකාරයට බෙදා දක්වා ඇති ලෙසය.පොදු ආකාරයට වර්ගීකරණය සිදු කළ විට සංඛ්‍යාව අඩු වී සුවිශේෂී ලෙස සලකා බලද්දි ප්‍රභේද වැඩි ප්‍රමාණයක් දැකිය හැකියි.

අපි දැන් බියෝම හෙවත් ජෛවදර්ශ ගැන කෙටි හැඳින්වීමකට යොමුවෙමු.

තුන්ද‍්‍රාව (tundra) : ආක්ටික් තුන්ද‍්‍රාවේ ඇත්තේ දරා ගත නොහැකි තරමේ අධික ශීතලකි. ශීතල කොපමණදැයි කිවහොත්, පොළොව වසරේ වැඩි කාලයක් වසා පවතින්නේ මිදුණු හිමෙනි‍. නිත්‍ය ගුණික (permafrost) යනුවෙන් හැඳින්වෙන ගැඹුරු පාංශු ස්තරය කිසිදාක දියවන්නේ නැත. කෙසේ වෙතත්, ගිම්හානයේ දී මාස දෙකක් තුළ උෂ්ණත්වය හිම මිදෙන අංකයට වඩා ඉහළ යයි. ‍හිම සහ මතුපිට පස දියවෙයි. එවිට විශාල දිය කඩිති හා හැල බිහිවේ. කෙටි ගිම්හාන කාලයේදී ශාකවලට වැඩිමට අවස්ථාව උදාවේ. එහෙත් දරුණු තත්ත්වයන් සහ අධික සුළං නිසා ශාක පොළොව ආසන්නයේම නූස්ව වැඩේ. ඇත්තටම තුන්ද‍්‍රාව  ගස් නොමැති භූ දර්ශනයකි.

ඓතිහාසිකව ගතහොත් තුන්ද‍්‍රාව පෘථිවියේ භූමි පෘෂ්ඨයෙන් 15%ක්  වැසී පැවතියේය. කෙසේ වෙතත්, කාලගුණික විපර්යාසයන් නිසා පසුගිය වසර 20 තුළ තුන්ද්‍රා 20%න් හැකිළී ඇතැයි විද්‍යාඥයෝ ගණන් බලති. තුන්ද්‍රාවේ දකුණු දිග කොටස්වල නිත්‍ය තුහීන කොටස් දියවී ගියේය. භු දර්ශනයේ තැනින් තැන තිත් ආකාරව ගස් දක්නට ලැබෙන අතර සාපේක්ෂව වඩාත් උෂ්ණ ප්‍රදේශවල සිට සතුන් එහි එන්නට පටන්ගෙන තිබේ.

ටයිගා (taiga): ලෝකයේ විශාලතම බියෝමය ලෙස සැලකෙන්නේ ටයිගාවයි. පෘථිවියේ භූමි පෘෂ්ඨයෙන් පහෙන් එකක්ම පාහේ වැසී ඇත්තේ ටයිගා බියෝමියෙන්ය. ඒවා උතුරු කැනඩාව හා උතුරු යුරේසියාව හරහා පැතිර යන්නේ බොහෝ දුරට අඛණ්ඩ තීරුවක් ලෙසිනි. පයින්, කසගස්(spruce) , කොනියුම් මැකුලාවුම් විෂ වෘක්ෂ, ෆර් ගස් ආදි කුරු කොළ ගස් (සූචිපත්‍ර ගස්) ශාක සදා හරිත වනාන්තර ටයිගා බියෝමිෆ් ලක්ෂණ ලෙස දැක්විය හැකිය. මෙම බියෝමිය තුන්ද්‍රාව තරම් කර්කෂ නොවෙතත් එහි ශාක හා සත්වයන් පරිණාමය වී ඇත්තේ ටයිගාවේ දීර්ඝ එමෙන්ම හිමෙන් බර ශීත කාලයට ඔරොත්තු දෙන අන්දමටය.

සෞම්‍ය කලාපීය  වනාන්තර (temperate forest) : මෙම බියෝමෙය් ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ එහි කැපී පෙනෙන ඍතු හතර සහ ශරත් සමයේ එහි වනාන්තරවල, කොළ හැලීමයි. (පථන හෙවත් පතිත වීම) මෙම බියෝම නැගෙනහිර එක්සත් ජනපදයේ, යුරෝපය පුරාවට, ජපානය සහ රුසියාවේ හා චීනයේ කොටසක් වසා පවතී. මේවා, මුවන්, වෘකයන්, උකුස්සන් හා වවුලන් සෝංග් බර්ඩ්ස් ඇතුළු  සත්ව විශේෂ ගණනාවකට නිවහන වේ.

සෞම්‍ය කලාපීය පතනශීල වනාන්තර ඍතු සමග දැඩි වෙනස්කම්වලට භාජනය වේ. වසන්තයේදී එහි සෑම ගසක්ම හරිත ක්ලෝරොෆිල් ගහණ අළුත් පත්‍රවලින් පිරීයයි. ක්ලෝරොෆිල් මගින් සුර්යාලෝකය උරාගෙන ගසේ වර්ධනයට අවශ්‍ය ඉන්ධන බවට පරිවර්තනය කෙරේ.  මෙම ගස් සීත ඍතුව සඳහා සූදානම් වන්නේ ටයිගා හි ගස්වලට වඩා වෙනස් ආකාරයකටය. පත්‍රවල ක්ලොරොෆිල් කඩා බිඳ දමා ඇතැම් පෝෂණ කොටස් ගබඩා කර ගැනීමෙන්  අනතුරුව කොළ හැළීමෙනි.

සෞම්‍ය කලාප තණ බිම් (temperate grassland) : ප්‍රෙයරි හෙවත් උතුරු ඇමරිකා තණ බිම්, යුරෝපයේ සහ ආසියාවේ ස්ටෙප්ස් මේ බියෝමියට අයත්ය. ඒවායේ ප්‍රමුඛ ලක්ෂණ වන්නේ ඉතා විශාල ප්‍රදේශයක පැතිර පවත්නා උස් තණ බිම් සහ වන මල්ය. ගිම්හානය බෙහෙවින් උෂ්ණාධික වන අතර සීත ඍතුව ශීතාධිකය. නිතර නියඟ හා ලැව් ගිනි ඇතිවේ.

වියළි තණ වෙත  අකුණු සැර වැදීමෙන් ලැව් ගිණි ඇති වන අතර වෘක්ෂ වර්දනය ඉන් වැලකේ. එහත් ගිනි නිසා පසට පෝෂණ කොටස් එක්වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සරු පස සහි ස්වාභාවික තණ  බිම් මිනිසා කෘෂිකාර්මයට යොදා ගෙන ඇත.

කාන්තාර (Desert): වියළිතම බියෝමය කාන්තාරය. සහරා වැනි ඇතැම් කාන්තාරවල මුළු වර්ෂයකටම ලැබෙන වර්ෂා පතනය අගළකට අඩුය. ශාකවලට වැඩිකිරණ ගණනාවක් අල්ලා ගැනීමට හැකිවන පරිදි තෙත් බියෝමවල නම් ශාක පත්‍ර විශාලය. එහෙත් ජල හානියක් ඉන් සිදුවේ.  වියලි පරිසරය තුළ පැවතීමට සුදුසු ලෙස පරිණාමය වී ඇති කාන්තාර ශාකවල පත්‍ර ඉතා කුඩාය. නැතිනම් පත්‍ර ඇත්තේම නැත. එවිට ප්‍රභාසංස්ලේෂණය පැවරෙන්නේ කඳට හෝ නටුවටය. පතොක්වල කඳ හරිත වර්ණය ඇත්තේ එහෙයිනි. ශාක මෙන්ම කාන්තාරයේ වෙසෙන සතුන්ද අධික උෂ්ණත්වයට මෙන්ම ජල හිඟකමට ඔරොත්තු දෙන සේ අනුගත වී ඇත. බොහොමයක් විෙශ්ෂ නිශාචරය. කාන්තාර ඉබ්බා ඇතුළු අතැම්හු වසරේ උෂ්ණාධිකම කාලයේ ගිම්හාණ තරණයට පිවිසෙති.

මධ්‍යධරණී (Mediterranean) : ලොක්යේ කුඩාම බියෝම අතුරෙන් එකකි. එක්සත් ජනපදයේ බටහිර වෙරළ මධ්‍යධරණී මුහුදේ වෙරළබඩ තීරය මෙන්ම දකුණු අප්‍රිකාවේ ඕස්ට්‍රේලියාවේ හා චිලියේ වෙරළ බඩ පෙදෙස් ඊට අයත්ය. ශීත ඍතුව ඒතරම් දරැණු නැත.  මද සෞම්‍යයයි. මදක් ෙහා් වැසි වසින්නේ එම ඍතුවෙහිය. ගිම්හානය වියළිය. මේ බියෝමියේ ශාක සදාහරිතය. පඳුරු සහිතය. ඝනව වැඩේ. සමහර ශාක ඉඳහිට ඇතිවන ලැව් ගිනිවලට හසුවුවද නැවත දළුලා  වැඩීමට සමත්ය.

නිවර්තන වැසි වනාන්තර (Tropical rain forest): සමකය වටා තීරුවක් සේ පිහිටා ඇති මේ බියෝමියේ ජීවයෙන්පිරී ඇත. වසර පුරා ශාක වැඩෙයි. උෂ්ණ තෙත් දේශගුණය නිසා ශාක හොඳින් වැඩේ. උස් ගස්වල  අතු වියන හරහා වනෙය්, තෙත්, අදුරු පොළොව මත හිරු රැස් පතිතවන්නේ අඩුවෙනි. වාර්ෂික වර්ෂාපතනය අඟල් 180ක් පමණ වේ. ශාක මෙන්ම විවිධ ජීවී විශේෂ අතිශය බහුලය.  කලක් පෘථිවියෙන් භූමියෙන් 14%ක් වැසී තිබුණේ  වැසි වනාන්තරවලිනි. දැන් එය 6% දක්වා පහතවැටී ඇත. පදිංචියට හා ගොවිතැනට යොදාගැනීම ෙමම අඩුවීමට හේතුවයි.

නිවර්තන සැවානා (tropical savannah) : අප්‍රිකාව, උතුරු ඕස්ට්‍රේලියාව, සහ දකුණු ඇමරිකාවේ හා ඉන්දියාවේ කොටස් පුරා පැතිර පවතින වනාන්තර ගස් සහිත තණ බිම් නිවර්තන සැවානා ලෙස හැඳින්වේ. ශාක භක්ෂක සතුන් විශාල ප්‍රමාණයකට හා සංඛ්‍යාවකට මෙන්ම උන් ගොදුරු කරගන්නා විලෝපියයන්ගේද නිජ බිම්ය. අප්‍රිකාකානු සැවානා බිම්වල ශාක භක්ෂකයන් වන්නේ, සීබ්‍රා, කුරංගයන්, ජිරාෆ්, අලි ඇතුන්, රයිනෝසිරස් ආදීන්ය. ප්‍රධාන විලෝපියන් අතර සිංහයෝ, දිවියෝ, චීටා, හයිනා  ආදීහු වෙති. ඕස්ට්‍රේලියානු සැවානා හි මූලික ශාක භක්ෂකයන් වන්නේ කැන්ගරුන්ය. මේ බියෝමියේ සතුන් පරිණාමණය වී ඇති ආකාරය විමසා බැලීම වටී. අප්‍රිකානු සැවැනා ශාක භක්ෂක සතුන් බොහොමයකගේ ගාත්‍රා බලගතුය. ඒ දිගු දුරක් ගමන් කිරීමට හා විලෝපයන්ගෙන් ගැලැවී දිව යාමටය. ජිරාෆ් පැස්බරා වැනි සතුන් ගේ පාද ඉතාමත් දිගුය. කැන්ගරුන්ගේ උපක්‍රමය මදක් වෙනනස්ය. ඒ දිගු දුරක් පැනීමට හැකිවීමයි. තවද සැවැනා වසර පුරා උෂ්ණ ගතියක් දක්වන අතර වියළි කාලයේදී ජලය සොයා සතුන්ට සංක්‍රමණය වීමට සිදුවේ.

Kids Discover හි Biomes අැසුෙරනි

Biomes

 

ප්‍රතිචාර 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.