විදු නැන නුවණ – Science Literacy for All

ජීවීන් අතර ඇති අපූරු සහජීවනය

මිනිස් සමාජයේ සහ සත්ව හා ශාක ප‍්‍රජාවන් අතර සහජීවනයේ වෙනසක් ඇත්ද?

කිසියම් ජීව විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු, අනෝන්‍ය වශයෙන් වාසි ලබමින් ශාරීරික වශයෙන් සමීප සබඳතාවක් ඇතිව ජීවත්වීම සහජීවනය(* ලෙස කෙටියෙන් හැඳින්විය හැකියි. මෙම සහජීවනය, සත්ත්වයන් අතර, ශාක අතර, දිලීර අතර මෙන්ම මේවායේ  ඕනෑම සංයෝනයක් අතර ඇතිවිය හැකිය. මෙහිදී සැම එක් ජීවියෙකුම, අනෙකාගේ පැවැත්මට වාසිදායක වන යමක් ප‍්‍රදානය කරයි. ඊට ප‍්‍රතිචාර ලෙස එම ජීවියාගේ පැවැත්මට වාසිදායක වන යමක් අනෙකාගෙන් හිමිවේ.

සමහර සහජීවනයන් කෙතරම් සමීපව, දැඩිව සිදුවේද කියතහොත් එක් ජීවයෙකුගෙන් අනෙකා වෙන්කරන්නේ කොතැනින් දැයි නිශ්චිතව කීම අපහසුය. අනික, ශාක හා සත්ව සහජීවනයේදී ජීවීන් සත්වයන් ද නැතහොත් ශාකද එසේත් නැතිනම් දෙකෙන්ම ටික ටික ඇත්දැයි දැනගැනීම අසීරුය. කෙසේ වෙතත් සහජීවකයන්, පුර්ණ සුසංගමයෙන් එකට ජීවත්වෙමින් එකට කටයුතු කරන කාටුන් සත්ව චරිත නම් නොවේ. තමන් තවත් ජීවියෙකුට උදව් උපකාර කරන බවක් බොහෝ සහජීවකයෝ නොදනිති. (ස්වභාවික වරණයෙන් මෙහෙයවනු ලබන) ඔවුන්ගේ අරමුණ තමුන්ට වඩාත් යහපත් බව දැනෙන ආකාරයෙන් ජීවත්වීම පමණකි.

සහජීවනය යනු අනෝන්‍ය වශයෙන් වාසිදායක අන්දමින් එක්ව සමීපව ජීවත්වීම යන්න සහජීවනයේ සම්ප‍්‍රදායානුකූල අර්ථ දැක්වීමයි. ඇතැම් ජීව විද්‍යාඥයෝ තවමත් මේ අර්ථකථනයේ එල්ලී සිටිති. එහෙත් නුතනයේ මෙම සහජීවනය වෙනස් ආකාර වලට විග‍්‍රහ කර දැක්වීමට විද්‍යාඥයෝ පෙළඹෙයි. මේ සහජීවන ආකාර මොනවාද?

සාම්ප‍්‍රදයානුකූල සහජීවන අර්ථයෙහි එකිනෙකාට වාසිදායකය යන්න කියැවේ. එහෙත් සහජීවනය සැමවිටම එලෙසම සිදුනොවේ. ඇතැම් අවස්ථාවල සහජීවනය එක් ජීව විහේෂයකට වාසිදායක වන අතර අනෙක් ජීවියාට විශේෂ වාසියක් හෝ අවාසියක් වශයෙන් බලපෑමක් ඇති නොවේ. එය හඳුන්වන්නේ, සහභෝජිත්වය (commensalism)  යනුවෙනි. මෙහිදී එක ජීවියෙකුට වාසිදායක තත්ත්වයක් උදාවෙන අතර අනෙකාට බලපෑමක් නැත. මෙයට හොඳ උදාහරණයකි තුත්තිරි. අප තුත්තිරි ඇති තැනින් ගමන් කරන විට අපේ ඇඳුම්වල තුත්තිරි ඇට ඇළෙයි. සතෙකු ගමන් කරන විටත් උගේ ලොම් වල හෝ ඇෙඟහි තුත්තිරි තැවරේ. මෙසේ ඇළෙන තුත්තිරි වෙනත් තැනකදී බිම වැටීමෙන් ඒවා එතැන පැළවෙයි. මෙසේ තුත්තිරි සිය ප‍්‍රජනනයට සහජීවනයෙන් වාසියක් ලබා ගත්තද සහභෝජියාට වාසියක් හෝ හානියක් අත්වන්නේ නැත.

පරපෝෂිතාව (parasitism) යනු මීට වෙනස් සහජීවන තත්වයකි. මෙහිදී එක් ජීව විශේෂයක් සහජීවනයක් වාසි ලබාගන්නා අතර අනෙකාට අවාසි හෝ හානි සැලසෙයි. සෑම සත්ත්ව හා ශාක විශේෂයන්ම පාහේ අඩුම තරමින් එක් පරපෝෂිත විශේෂයකින් හෝ ඇතැම් විට විශේෂ කිහිපයක් මගින් පරපෝෂීතාවයට ලක්වේ. පරපෝෂිතයන් සාමාන්‍යයෙන් සිය ධාරකයාගෙන් ආහාර අවශෝෂණය කරගන්නා අතර ඇතැම් විට ජලය, ඛනිජ හා නිවහන සපයා ගනී. මෙයට හොඳම නිදසුනකි බැක්ටීරියා. අපේ මහ බඩවැලට ඇතුල් වන බැක්ටීරියා අපෙන් නවාතැනක් සහ ආහාර ලබාගනී. එහෙත් මේ පරපෝෂිතයන් ඊට ප‍්‍රතිචාර දක්වන්නේ අපට ලෙඩරෝග ඇති කරවීමෙනි. ඒ හැබැයි ‘නරක’ බැක්ටීරියාවල ස්වභාවයයි.

අනෝන්‍ය සහජීවනයට (mutualism) උදාහරණ ලෙස ‘හොඳ’ බැක්ටීරියාවල සහජීවනය සැක්විය හැකිය. මෙහිදී සිදුවන්නේ පරිපෝෂිතයාට මෙන්ම ඊට රැකවරණය සපයන ධාරකයාටද අනොන්‍ය වශයෙන් වාසි සැලසීමයි. අපේ මහ බඩවැලේ සිටින E coli බැක්ටීරියාව අපේ බඩවැලේ නවාතැන් ගෙන එහි ආහාර අවශෝෂණය කරගනිමින් යැපෙති. අනෙක් අතට ඒවා විටමින් K නිපදවන අතර ව්‍යාධිජනක බැක්ටීරියාවලට අපේ මහ බඩවැලෙහි ස්ථාපිත වීමට බාධා පමුණුවමින් ධාරකයන් වන අපට ද වාසි සලසයි.

ජීව විශේෂ අතර මේ දෙකටම වඩා වෙනස් ආකාරයක සහජීවනයක් ද දැකිය හැකිය. එකිනෙකට වෙනස් ජීවීන් දෙකක අතර සම්බන්ධයෙන් එක විශේෂයක් විනාශයට පත්වීම හෝ තහංචියට ලක්වීම මේ සහජීවන තත්වයයි. එය Amenasilism යනුවෙන් හැඳින්වේ. මේ සහජීවනය මුලික වශයෙන් දෙයාකාරය. තරඟය ඉන් එක් ආකාරයකි. මෙහිදී සිදුවන්නේ විශාල වඩා බලගතු විශේෂය, කුඩා හෝ දුර්වල විශේෂය නවාතැනින් බැහැර කිරීම හෝ දුර්වල විශේෂය, ආහාර ලබාගැනීමෙන් වැළැක්වීම හෝ සිදුකෙරේ. ප‍්‍රතිජීවකතාව (antibiosis) යන සහජීවන තත්ත්වයේදී එක ජීව විශේෂයකට බලපෑමක් නොවුනත් අනෙක් ජීව විශේෂයට රසායනික උපක‍්‍රම මගින් හානි පමුණුවීම හෝ එම විශේෂය විනාශ කිරීම සිදුවේ. මෙයට කදිම නිදසුනක් ලෙස පාන් (පරණ පාන්) මත වැඩෙන පුස් දැක්විය හැකියි. පෙන්සිලියම් නම් මෙම පාන් පුස් වර්ගය පාන් මත වැඩෙන්නට කැමතිවෙන වෙනත් බැක්ටීරියාවලට ඉඩක් ලබා නොදී ඒවා විනාශ කරයි. එහෙත් පෙන්සීලියම් පුස්වලට එම ක‍්‍රියාවෙන් වාසියක් නොසැලසේ. (ඔව්, පෙන්සිලින් ඖෂධය නිපදවීමට උපයෝගී කරගන්නේ මේ පුස්වර්ගය තමයි).

ලිපිය ආරම්භයේ සහජීවනය අර්ථ දැක්වීමේදී ,සමීප සබඳතාවක් ඇතිව ජීවත්වීම, යන්න සඳහන් කර ඇත. බැලූ බැල්මට මෙය පැහැදිලිය. එක් විශේෂයක්, තවකෙක සෘජුවම සිරුරෙහි හෝ සිරුර තුළ ලැගුම් ගනී. එහෙත් ජීව විද්‍යාඥයෝ, ජීව විශේෂ දෙකක් අතර ජෛවී රසායනික සබඳතාව ගැන ද කතා කරති. කිසියම් විශේෂ, එන්සයිම, ප්‍රෝටීන, වායු හෝ වෙනත් රසායනික පොදුවේ ජනනය කර හා බෙදා හදාගන්නේ නම් එම විශේෂ සහජීවක විශේෂ ලෙස හැඳින්වේ.

How Stuff Works හි How Symbiosis Works  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: