විදු නැන නුවණ – Science Literacy for All

අඟහරු ග‍්‍රහයාගේ වායු ගෝලයේ අභිරහස් වලාකුළු

අඟහරු ග්‍ර‍හයාගේ අබිරහස් වළාකුළු

අඟහරු ග‍්‍රහයාගේ වතුපිට සිට සැතපුම් 160 තරම් උඩට විහිදෙන වලාකුළු බඳු දැවැන්ත දුම්රොටු විද්‍යාඥයන් මවිතයට පත්කිරීමට සමත්වෙයි. මේවා එම ග‍්‍රහයාගේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් නම් නොවේ. ග‍්‍රහයාගේ වායුගෝලය අන්තර්ග‍්‍රාහීය අවකාශය හා හාමුවෙන අජටගෝලය දක්වා මේ දුම්රොටු විහිදේ. සාම්ප‍්‍රදායානුකූල අර්ථයෙන් ගතහොත් මෙවැනි වලාකුළු බිහිවීම පැහැදිලි කිරීමක් කළ නොහැකිය. ඒ මන්ද යත් ජලය, කාබන් ඩයොක්සයිඞ් අයිස්, ධුලි වලා හෝ ඌෂාලෝක විමෝචන එපමණ ඉහළට ගමන් නොකිරීමයි.

මෙම පුදුම එළවන සුළු ගුප්ත වලාකුළු මුලින්ම සොයා ගනු ලැබුයේ ආධුනික තාරකා විද්‍යාඥයන් පිරිසක් විසිනි. ඒ 2012 වසරේදීය. දැනට අන්තර් ජාතික අභ්‍යාවකාශ යානා පහක් අඟහරු වඩා කක්ෂගතව ග‍්‍රහයා ගවේෂණයේ යෙදී සිටියි. ඊට අමතරව රෝවර් යානා දෙකක් අඟහරු මතුපිට ගවේෂණය කරයි. එසේ තිබියදී කෙනෙකුට සිතෙන්නේ තවත් සැඟවිය යුතු දෑ අඟහරු ග‍්‍රහයාට සතුව නැතැයි කියාය. ඉහළ නැගි වලාකුළු විද්‍යාඥයන් පුදුමයට පත්කරන්නේ එහෙයිනි.

හබල් අභ්‍යාවකාශ දුරේක්‍ෂයෙන් හා ආධුනික තාරකා විද්‍යාඥයන් විසින් ගන්නා ලද ඡුායාරූප පරීක්‍ෂාවේදී ද අඟහරු මත වලාකුළු නිරීක්‍ෂණය වී ඇත. ඒෙහත් 2012 දී දුටු මේ වලාකුළු තරම් ඒවා වැදගත්කමක් දක්වන්නේ නැත. එසේ නම් මේවා ඇතිවන්නේ කුමකින්ද? ඔගස්ටින් සැන්චේස් ලැවේගා ගේ ප‍්‍රධානත්වයෙන් යුතු විද්‍යාඥයන් පිරිසක් මේ ගැන පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

බාගදා මේවා පෘථිවිය මත දැකිය හැකි උත්තරාලෝක හෝ දක්‍ෂිණාලෝක වැනි උෂාලෝක විය හැකි යයි ද සැකයක් හටගනී. හිරුගෙන් එන ආරෝපිත අංශු ධාරා උත්තර ධ‍්‍රැවය හා දක්ෂිණ ධ‍්‍රැවය කරා ළංවන විට ඉහළ වායුගෝලයේ හටගන්නා දිලිසුම මේ නම් වලින් හැඳින්වේ. (ඌෂාලෝක ගැන විස්තරයකට තතු කලාපයේ දේවතා එලි යැයි අදශු ඌෂාලෝකය නැමැති ලිපිය බලන්න). අඟහරු ග‍්‍රහයාගේ ගෝලීය චුම්භක ක්‍ෂේත‍්‍රයක් නොමැති අතර එහි ඇත්තේ තැන් තැන්වල කුඩා චුම්භකගත ස්ථානය. වර්තමාන අභිරහස් වලාකුළ දැක ඇත්තේද එවැනි ස්ථානයක් මතිනි. මීට පෙර ඌෂාලෝකද එලෙස නිරීක්‍ෂණය වී ඇත. එහෙත් ආධුණික තාරකා විද්‍යාඥයන් 2012 දුටු වලාකුළු ඌෂාලෝකයක් වීමට නම් උත්තරාලෝක මෙන් 1,000 ගුණයක් දීප්තිමත් විය යුතුය. එවැන්නක් ඇතිවීමට නම් සුර්යාගෙන් ලැබෙන ආරෝපිත අංශු ඉහළ යා යුතුව තිබුණි. එහෙත් එවැනි වැඩිවීමක් අදාල කාලවකවානුවේදී වාර්තා වී නොමැත.

එසේ නම් මේවා ජල හෝ කාබන් ඩයොක්සයිඞ් අයිස් අංශුද? ඒවා පරාවර්තිත ආලෝකයෙහි තරංග ආයාම ආකෘතිය හා ගැලපේ. වායුගෝලයේ වෙමැනි උසකදී ජල මෙන්ම කාබන් ඩයොක්සයිඞ් අණු ද ස්වභාවිකව ඇතිවේ. කෙසේ වෙතත්, වලාකුළු බවට පරිවර්තනය වීමට නම් මේ ද්‍රව්‍ය දෙකම අයිස් අනුලෙස සංඝතන (උකු) විය යුතුය. ඒ සඳහා මෙම උසේදී උෂ්ණත්වය හදිසියේම සෙන්ටිගේ‍්‍රට් අංශක 100 දක්වා පහත වැටිය යුතුවේ. එවැන්නක් සිදුවිය හැකි ආකාරය ගැන විද්‍යාඥයන්ට අවබෝධයක් නැත. එවැන්නක් මීට පෙර වාර්තාවී ද නැත.

එසේ නම් වරදකාරයා ධුලිද? මේ වලාකුළු සම්බන්ධයෙන් මුලින් ප‍්‍රකාශ වු අදහස වුයේ යමහල් පිපිරීමක් හෝ ග‍්‍රාහකයක යට්ටනයකින් වලා රොටු ඉහළට නැගෙන්නට ඇති බවයි. අඟහරු ලොව තුනී වායු ගෝලය නිසා ග‍්‍රහක වලින් ආරක්‍ෂා වීමේ ඉඩ  කඩ අඩුය. එහි මතුපිට ග‍්‍රහක කඩාවැටීමෙන් ඇතිවු ආවාට තැනින් තැන ඇත. අඟහරු ලොව යමහල් අළුතෙන් විදාරණය වීමේ හැකියාව ඇතත් මෙතෙක් අපට එහි සක‍්‍රීය යමහලක් ගැන වාර්තාවී නොමැත. අවසාන වරට ලාවා ගලායෑමක් ගැන වාර්තාවී ඇත්තේ මෙයට වසර මිලියන කිහිපයක සිට මිලියන දස ගාණක් පැරණි කාලයකදීය. කෙසේ වෙතත්, මේ මත දෙකම ඉක්මනින් ප‍්‍රතික්ෂේප වුයේ ඒවා වලාකුළෙහි හැසිරීම හා නොගැලපීම නිසාය. මේවා ගැන දිගටම නිරීක්‍ෂණය කිරීමේදී පෙනී ගියේ වලාකුළු (අඟහරු ලොව) දිවා කල  අතුරුදන්වී හවසට ද නොපෙනී සෑම උදයකම නැවත දර්ශනය වන බවයි.

මේ අනුව ලැවේගා හා සගයන් ප‍්‍රකාශ කර සිටින්නේ, අඟහරු ග‍්‍රහයාගේ ඉහළ වායුගෝලය ගැන වර්තමානයේ අපට ඇති අවබෝධය මත මේ ගැන පැහැදිලි කිරීම දුෂ්කර බවයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් දැඩි අවධානයෙන් සිටින්නේ ඉහළ වායුගෝලීය වලාකුළු ගැන පමණක් නොවේ. ගවේෂණ ඉදිරියට ගෙන යන තවත් සාධකයක් වන්නේ අඟහරු මත කිසියම් දිනක ජීවය පැවතුනේද යන ප‍්‍රශ්නයයි. නාසා ආයතනයේ කියුරියෝසිටි (Curiosity) රෝවර් යානයෙන් ලබාගත් අළුත්ම තොරතුරු වලින්ද තහවුරු වන්නේ අතීතයේදී එහි වාසයට සුදුසු තත්වයෙක් තිබු බවයි. ජීවය සඳහා වඩාත්ම වැදගත් පුර්ව අවශ්‍යතාවය ජලයයි. වර්තමානයේ අඟහරු ලොව පවතින අතිශය වියළි හා ශීතල තත්වයන් හමුවේ වුවද, ඇගිලි(gullies) හා ඒවාට සම්බන්ධ ලක්‍ෂණ පිහිටීමෙන් පෙන්නුම් කරන්නේ අඟහරු මතුපිට හෝ ඒ ආසන්නයේ ද්‍රව ජලය පැවැත්මයයි ද මතයකි. අඟහරු මත මීතෙන් වායු පොද ඇති බවට කෙරුණු නිරීක්‍ෂණවල එක් සිත් අළවන පැහැදිලි  කිරීමක් වන්නේ එහි මතුපිටට ආසන්යේම ක්‍ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ අදහසයි.

ඇරත්, අඟහරු ග‍්‍රහයා ගැන සිදුකෙරෙන ගවේෂණවල වැදගත් සාධකයක් වන්නේ ඒවා අපේ ලෝකයේ මුලාරම්භය මෙන්ම අනාගතය ගැන අපේ අවබෝධය පුළුල් කිරීමට මග පාදන්නේය යන්නයි. මේ අභිරහස් වලා රොටුවේ නිදසුනෙන් ද පෙන්නුම් කරන්නේ රතු ග‍්‍රහයාගේ අභිරහස් අනාවරණය කරගැනීමේදී සියළු දෙනාටම දායක වීමේ හැකියාවක් ඇති බවයි.

Discover සඟරාවෙහි Mysterious Clouds in Mars’ Atmosphere Baffle Scientists ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: