කුසගිනි දැනෙන විට සමහරුන්ට ඒ බව දන්වන්නේ කුසයෙන්මයි. ඒ, කුසයෙන් හෙවත් බඩෙන් නැගෙන ගොර ගොර ගෙරවිලි හඬකිනුයි. රැස්වීමකදී හෝ කිහිප දෙනෙකු සමග කතා කරමින් සිටියදී මෙසේ සිදුවීම තරමක ලැජ්ජාවට හේතුවක් වන්නත් පුළුවනි. හැබැයි ඔය ගෙරවිලි හඬ හුදෙක් බොහෝ දෙනා සිතා සිටින අන්දමට බඩ හිස්වීමේ අතුරු ඵලයක් නොවෙන බව පර්යේෂණවලින් හෙළි වෙයි.
සංනිවේදනයට සාමාන්‍යයෙන් සම්බන්ධයක් නොමැති මොළයේ සෛල, සිරුරේ ග්ලුකෝස් මට්ටම් අඩුවේගෙන යන බව නිරීක්ෂණය වන විට සංඥාවක් නිකුත් කරයි. ඒ සංඥාව මගින් උදරයේ හැකිළීමට මුල පිරෙයි. මේ ක්‍රියාවලිය ගැන පර්යේෂණයක යෙදෙන ලුසියානා රාජ්‍ය සරසවියේ ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ රිචඩ් රොජස් ප්රමුඛ සගයන් පිරිස, මීයන්ගේ මොළයෙහි ඇතැම් ඇස්ට්රොසයිටවල (astrocytes = ප්‍රධාන ස්නායු පද්ධතියේ සම්බන්ධක පටක සෛල) හා නියුරෝනවල (ස්නායු ආවේගයන් සම්ප්‍රේක්ෂණය කරන සෛල) කාර්යයන් ඇන හිටවන ෆුලෝරෝසයිට්රේට් නම් ඖෂධය ලබා දුන්හ. එවිට ඔවුනට කුසගින්න පිළිබඳ දැනීම වැළකී ගිෙය්ය. එහෙත් ඇස්ට්රොසයිටවල කාර්යයට යළි ඉඩදීමෙන් අනතුරුව පමණක් උදරයේ ගෙරවිලි හඬ ඇසෙන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. එයින් පෙන්නුම් කරන්නේ අඩු ග්ලුකෝස් මට්ටම්වලට ප්‍රතිචාර දක්වන්නේ මෙකී සෛල බවයි.
කුසගින්න ඇති වූ විට කෙනෙකුට දැනෙන ඒ අසහනකාරී තත්ත්වය හඳුන්වනු ලබන්නේ ‘මන්ද මධුරක්තීය (hypoglycemia) දැනුවත් බව’ යනුවෙනි. බොහෝ දෙනෙකුට මෙය හුදෙක් මද අපහසුවක් පමණයි. එහෙත් කුසගිනි ඇතිවූ විට ග්ලූකෝස් මට්ටම අතිශය ලෙස පහත වැටීම දියවැඩියා රෝගීන්ට නම් මෙය භයානක තත්ත්වයක්’යයි රොජර්ස් පෙන්වා දෙයි. එහෙයින් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනගැනීම වැදගත් වේ.
Four short items from New Scientist magazine Stomach rumbles start in the back of your brain