විදු නැන නුවණ – Science Literacy for All

පාෂාණීභූත ශේෂ හෙවත් ෆොසිල (fossil) හැදෙන්නේ කෙසේද?

චිලී රටෙන් සොයාගත් ඩයිනසෝර ෆොසිලයක්

ෆොසිල අප බොහෝ දෙනාට නුහුරු වචනයක් නොවේ. “වසර මිලියන 130කට පැරණි ෆොසිලයක්” එහෙමත් නැතිනම් “ෆොසිල ඉන්ධන” ආදී වශයෙන් මේ වචනය අපට වරින් වර අසන්නට ලැබේ. ආදි කල්පික දේ ගැන මේ වචනය යොදන බව දන්නා නමුත් අප සමහරුන්ට එහි නියම අදහස පිළිබඳ හරිහැටි වැටහීමක් නොතිබෙන්න පුළුවනි. ශබ්ද කෝෂවල fossil යන වචනයට දෙන තේරුම ෆොසිල හෙවත් පාෂාණීභූතශේෂ යන්නයි. මේ ලිපියේ අදහස ශබ්දකෝෂ අර්ථයෙන් ඔබ්බට ගොස් මේ ගැන සංකල්පමය වශයෙන් වටහා ගැනීමට සහාය වීමයි.

ෆොසිල යන්නෙන් ස්වාභාවික මානවකෘති විශාල සංඛ්‍යාවක් විස්තර කෙරේ. සාමාන්‍යයෙන් සලකා බැලුවොත් ෆොසිල යනු පෘථිවි පෘෂ්ඨයේ ද්‍රව්‍ය අතරේ සුරැකි පවතින ශාක සහ හෝ සත්ව ජීවය පිළිබඳ ඓතිහාසික සාක්ෂියි. ‍එහෙත් සමහරු ෆොසිල ගැන කතාකරද්දී එසේ කරන්නේ මේ විශාල ප්‍රමාණයක මානවකෘති අතරින් විශේෂිත උපකොට්ඨාශයක් ගැනයි. එනම්, සිරුරෙන් සිය ඓන්ද්‍රීය (කාබනික) කොටස් දියවී ගොස් සතෙකුගේ හෝ ශාකයක හැඩය පමණක් සුරැකී තිබෙන පාෂණභූත  කොටස් ගැනයි. මෙසේ පුදුම එළවන අන්දමට ප්‍රාග් ඓතිහාසික කාලවල සිට ශේෂව ඇති කොටස් සෑදී ඇත්තේ ඉතා සෙමින් සිදුවන ගතික, භූවිද්‍යාත්මක ක්‍රියාදාමයක් තුළිනි.

බොහෝ අවස්ථාවලදී, මේ පාෂණී ධාතු බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ, ශාකයක් හෝ සතෙකු මරණයට පත්ව ඉක්මනින් බොර මණ්ඩි (අවසාදිත) මගින් ඉක්මනින් වැසීයාමෙනි. මෙය සාමාන්‍යෙයන් සිදුවන්නේ ජල කඳක පතුලෙහිය. ලිහිල් මණ්ඩි (අවසාදිත) ස්වාභාවික මූලික ධාතුවලින්, බැක්ටීරියාවලින් සහ කාලගුණ විෂමතා‍ හේතුවෙන් ජීරණය වීම හා ක්ෂයවීමට බලපාන අනෙකුත් බලවේගවලින් සත්ව හෝ ශාක ශේෂය ආරක්ෂා කරනු ලබයි.  මේ හේතුව නිසා ක්ෂයවීමේ ක්‍රියාදාමය මන්දගාමී වේ. ඒ අනුව ඇතැම් නෂ්ටාවශේෂයන් (බොහෝ විට අස්ථි හෙවත් ඇටකටු හෝ කවච වැනි දෘඩ ද්‍රව්‍ය පමණක්) වසර දහස් ගණන් තිස්සේ ආරක්ෂා වී පවතී. එම කාලය තුළ දී බොරමණ්ඩි (අවසාදිත) තට්ටු, තට්ටු ඇට හෝ කවච මත තැන්පත්විම දිගටම සිදුවේ. අවසානයේ එම අවසාදිත ස්තර හෙවත් තට්ටු හයිවී, ඝණ පාෂාණ බවට පත්වෙයි.

මේ ඝන පාෂණ ස්තරය සෑදීමෙන් අනතුරුව සමහර අවස්ථාවල පාෂණය හරහා කාන්දුවන ජලය මගින් සත්ව හෝ ශාක ශේෂය සේදී බැහැර වෙයි. පාෂාණ  ස්තරය ඝනව, දැඩිව පවතින හෙයින් වතුරෙන් එය දියවී හෝ කුඩු වී ශේෂය තිබු හිඩැසට නොවැටී හිඩැස එලෙසම සුරැකිව පවතී. මේ හිඩැස සතාගේ හෝ ශාකයේ ස්වාභාවික අච්චුවක් ලෙස සෑදී මුල් සත්ව හෝ ශාක ශේෂය සැබෑ හැඩය ආරක්ෂා ෙවයි. සමහර අවස්ථාවල, කාන්දු වන ජලය හිඩැසට  ඛනිජ ද්‍රව්‍ය රැගෙන එයි. ඒවා හිඩැස් තුළ තැන්පත් වී ඝන වී ශේෂයේ ස්වාභාවික වාත්තුවක් බවට පත්වන්නේ ප්‍රතිමාශිල්පියෙකු අච්චුවක් බදාමයෙන් පුරවා ප්‍රතිමාවක් වාත්තු කරන්නා සේය. ශාකයේ හෝ සතාගේ මුල් ශේෂයෙන් ඉවත්ව ගියද එම ශේෂයේ නියමම ඛනිජ අනුරුවක් ස්වභාව ධර්මය විසින් සකස් කරනු ලැබ ඇත. ඇතැම් අවස්ථාවල ඛනිජ මගින් අච්චුව සම්පූර්ණයෙන්ම පුරවා නිම කරනු නොලැබේ. එවිට, පාෂණී ධාතු විද්‍යාඥයන් (paleontologists) විසින්ම ඉතිරි කොටස් පුරවනු ලැබීමෙන් කෘතිම වාත්තුවක් තැනේ.

කෙසේ වෙතත්, ඉහත සඳහන් වූයේ ෆොසිල නිර්මාණය වන එක් ක්‍රමයක් පමණකි. ස්වභාව ධර්මයා විසින් ෆොසිල සකසනු ලබන ක්‍රම තව කොපමණ නම් ඇත්ද? නිදසුනක් දක්වතොත්, ප්‍රාග් ඓතිහාසික කෘමීන් බොහොමයක් ෆොසිලගත වී ඇත්තේ ඇම්බර තුළය(දුම්මල වැනි කහ පැහැති ද්‍රව්‍යයකි). ගසකින් වෑස්සෙන ශාකයුෂ ද්‍රව්‍යයක දැවටී කෘමියා ඉන් සම්පුර්ණයෙන්ම වට වූ විට මෙවැනි ෆොසිල ගත කිරීම සිදුවේ. ජල කඳක් පතුලේ අවසාදිත මගින් සිදුවූවා සේම කෘමියා ක්ෂයවීම ශකායුෂ ද්‍රව්‍යය නිසාවෙන් වැළකී අවසානයේ ඝන බවට පත්වේ. තාර පතල, හැල, මරවැල්ල (quicksand) සහ යමහල් අළු තුළද ෆොසිල හමුවේ.

ෆොසිල බවට පත්ව ඇති ඉපැරණි මීවන පැලෑටි

ෆොසිල බවට පත්ව ඇති ඉපැරණි මීවන පැලෑටි

අවධානය ඇදගන්නා තවත් ෆොසිල වර්ගයක් වන්නේ පාෂාණීභූත දැව (petrified wood). ගස් ගඟකට වැටී, ඉන් අනතුරුව මඩෙහි, අළුවල, රොන්මඩ හා අනෙකුත් ද්‍රව්‍යවලින් වැසී ගොස් සංතෘප්තවීමෙන් සාමාන්‍යයෙන් පාෂාණීභුත දැව සැකසේ. යමහල් අළුවල ඇති සිලිකා වැනි ඛනිජ කාන්දුවී දැව සෛලවල ඇති කුඩා සිදුරු පිරවේ. මෙයින් දැවවල මුල් සංයුතිය වෙනස් වී ගස ගල් ද්‍රව්‍යයක් බවට හැරෙන්නේ මුල් ව්‍යුහය ආරක්ෂා කරමිනි.

ෆොසිල ගත ශාක හා සත්ව ශරීර ශේෂවලට අමතරව පාෂණී ධාතු විද්‍යාඥයෝ ෆොසිල ගත සත්ව පා සටහන් හා ගමන් මග පමණක් නොව  (වසුරු ගල්) යනුවෙන් හැඳින්වෙන සත්ව බෙටි  (අසුචී) ද අධ්‍යයනය කරති. ප්‍රාග් ඓතිහාසික සතුන් ඔබමොබ ගිය අයුරු සහ ඔවුන් ආහාරයට ගත්තේ මොනවාද යන්න ගැන කිසියම් අදහසක් මෙම ෆොසිල මගින් සැපයෙන නිසා ඒවා අපේ දැනුම පුළුල් කරන සුළුය.

ලෝකයේ ඇති සම්පූර්ණ ෆොසිල එකතුව වන ෆොසිල වාර්තාව පෘථිවියේ ඉතිහාසය පිළිබඳ අපේ අවබෝධය පුළුල් කිරීමෙහිලා සුවිශේෂී වැදගත්කමක් ගනි. ප්‍රාග් ඓතිහාසික සමයේ පැවතියේ කුමන සත්ව හා ශාකද ඒවා පැවතියේ කොයිබද යන්න ගැන අපට කියා දෙන්නේ ෆොසිලයි. ඒවා පැවැතියේ කුමන කාලයකද යන්න පදනම් කරගෙන පාෂාණී ධාතු විද්‍යාඥයන්ට කුමන සතුන් අනෙක් සතුන්ට වඩා කලින් ජීවත්වූයේද කුමන සතුන් සමකාලිකයන් ලෙස ජීවත්වූයේද යන්න නිර්ණය කළ හැකිවේ.

කාබන් කාල නිර්ණය උපයෝගී කරගනිමින් ඇතැම්විට විද්‍යාඥයන්ට ෆොසිලවල වයස ඇස්තමේන්තු කළ හැකිවේ. ෆොසිලය හමු වූ පාෂාණ තට්ටුවේ වයස මින් සැපයේ. එය එම මට්ටමේ සෙසු ද්‍රව්‍ය සියල්ලම කාල නිර්ණයට උදව් වෙයි. ඇත්තටම ෆොසිල නොතිබෙන්නට අපට දැක ගත හැක්කේ පෘථිවියේ ඉතිහාසය පිළිබඳව වඩාත් අසම්පූර්ණ චිත‍්‍රයකි.

HowStuffWorks හි   What is a fossil? ලිපිය අැසුෙරනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: