විදු නැන නුවණ – Science Literacy for All

ජල අර්බුදයකින් නොපෙලෙන ඔස්ට්‍රෙලියා නගරයක් නැතිතරම්

ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් පුවත් පතේ පළවූ වාර්තාවකට අනුව කාබන් විමෝචනය (carbon emissions) නිසා ඔස්ට්‍රෙලියාව පුරා බොහෝ පෙදෙස් වියලී යාමේ තර්ජනයට මුහුණ දී සිටී. මැතකදි කළ අධ්‍යනයකට අනුව පසුගිය සිය වසේ මැදභාගය හා සසඳන විට දැන් දකුණු ඹස්ට්‍රෙලියාවේ වර්ෂාපතනය 40%කින් අඩු වි තිබේ.  කාබන් විමෝචනය වැඩිවීමෙන් ඇතිවන දේශගුණ විපර්යාසය නිසා මේ ශත වර්ෂය ඉක්ම යාමට පෙර දකුණු ඔස්ට්‍රෙලියාව පෙර නොවූ විරූ ජල අර්බුධයකට මුහුණ දෙනු ඇත. මේ වන විටත් බටහිර ඔස්ට්‍රෙලියාවසැලකිය යුතු ජල අර්බුදයකට මුහුණ දී ඇත.

බටහිර ඔස්ට්‍රෙලියාවේ අගනුවර පර්ත් නම් වේ. ලෝකයේ ඉතාමත්ම හුදාකලා නගර අතුරින් එකක් වන එහි ජනගහනය මිලියන 1.5 කි. එහිදි හමුවන ටැක්සි රියදුරෙකු බොහෝ විට කලින් බංකොලොත්වූ තිරිඟු ගොවියෙකු වීම අරුමයක් නොවේ. පර්ත් නගරයට ජලය සැපයූ ජලාශ ශීත ඍතුවේ වැස්ස හිඟවීම කරණ කොට දැන් බෙහෙවින් ජලයෙන් අඩුව ඇත. 1975 සිට ඉඳ හිට ලැබෙන මඳ වැස්ස ජලාශ කරා ගලා යාමට පොරාතුවම මහපොළොව විසින් උරා ගනු ලැබේ.

ගතවූ සියවස තුළ දශක ගනනාවක් තිස්සේ පර්ත් නගරයට වතුර සැපයු ජලාශවල වසරක ජල ධාරිතාවය ගිගාලීටර 338ක් විය. (ගිගා ලීටරයක් යනු ලීටර බිලියනයකි.) එහෙත් 1975-1996 කාලය අතර තුර එම ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරකට ගිගා ලීටර 177 කින්, එනම් හරි අඩකින් පාහේ අඩුවිය. අනතුරුව1997-2004 කාලය තුල තවදුරටත් මේ ප්‍රමාණය ගිගා ලීටර 120 දක්වා අඩුවිය. එයට දශක තුනකට පෙර තිබූ ප්‍රමාණය හා සැසඳුවිට මෙය තුනෙන් දෙකකට කිට්ටු අඩුවිමකි.

1976 නගරයේ ජලය පාවිච්චිය තදින්ම පාලනය කරනු ලැබීයග එහෙත් ඉන් මඳකලකට ගංගාරා ගොඩැල්ල (Gangara Mound) නම් භුගත ජල නිධිය පාවිච්චි කිරීමට පාලකයන් විසින් කටයුතු යොදනු ලැබීමෙන් අනතුරුව ජල පරිභෝජනය පාලනය කිරීම ලිහිල් විය. වසර විසි පහකට කිට්ටු කාලයක් මේ භූගත නිධියෙන් ජලය ඇදගනු ලැබීය. එහෙත් වර්ෂාව මඳවිම යනු භූගත ජල නිධියට නැවත ජලය ආරෝපණය කර ගැනීමට නොහැකි බවයි. 2001 වසරේදී පර්ත් ජලාශවලට කිසිදු ජල ප්‍රමාණයක් නොලැබුනු අතර ගංගාරා ගොඩැල්ලෙන් ජලය ලබා ගැනීමද උග්‍ර අර්බුදයකට තුඩු දුන්නේය. තවදුරටත් ගංගාරා ජලය පොම්ප කර ඇද ගැනීම ඇතැම් ජීව විශේෂ සහමුලින්ම වඳ විමට හේතු වෙනු ඇතැයි පරිසර සංරක්ෂණ අධිකාරිය විසින් පෙන්වා දෙනු ලැබීය. ගොඩැල්ල අසල පිහිටි හැල් බිමෙහි ජීවත්වන ප්‍රදේශයට ආවේනික ඉබ්බන් ආරක්ෂා කර ගැනීමට අද හැල්බිමට ජලය පොම්ප කර යැවීමට සිදූව ඇත.

“ජල සම්පාදනයේ ලා මහා විපත්තියකට” මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇතැයි පර්ත් නගරයේ ජල සම්පාදන විශේෂඥයෝ  වසර 2005 දී,  එනම් අර්බුදය මුලින්ම මතුවී වසර තිහකට පසු පැවසූහ. මහා විපත්තියක් යනුවෙන් ඔහුන් අදහස් කලේ ගෘහස්ථ නල කරාම වලින් තවදුරටත් ජලය නොගලන බවයි. එවැනි තත්තවයක් උද්ගත වුවහොත් ගංගාරා ගොඩැල්ලේ ඉතිරිව ඇති ජලය උකහා ගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් පර්ත් නගරයට ඉතිරිව නැත. මෙහි ඵලය ගංගාරා හෙල් බිමේ ජෛව විවිධත්වය ව්නාශවිමයි. ඒ හැරත් මේ පිළියම හුදෙක් තාවකාලිකය.

පර්ත් නගරය සඳහා මුහුදු ජලය පිරිසිදු කර පානයට ගැනීමේ දැවැන්ත සැලැස්මක් දැන් යෝජනා කර තිබේ. ඔස්ට්‍රෙලියානු ඩොලර් මිලියන 350 ක වියදමින් මුහුදු ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රාගාරයක් ඉදිකිරිම මේ සැලැසුමේ ප්‍රධාන අංගයකි. එය දක්ෂිණ අර්ධගෝලයේ ඇති විශාලතම මුහුදු ජලය පිරිසිදු කිරිමේ යන්ත්‍රගාර කිහිපයෙන් එකක් වනු ඇත. මේ යන්ත්‍රාගාරයෙන් මුහුදු ජලය පොම්පකොට පිරිසිදු කරණ අතර එයට අවශ්‍යය කරන අධික විදුලි බල ශක්තිය නිසා ඉන් බෙදාහරින ජලයට “ද්‍රව විදුලි බලය” යන නම භාවිතා කල හැක. සුලං බලයෙන් දුවන ටර්බයින මගින් යන්ත්‍රාගාරය සඳහා විදුලි බලය සැපයීමට යෝජනා කලද එමගින් සපුරා ලිය හැක්කේ නගරයට අවශ්‍ය්‍ය කරන ජල ප්‍රමාණයෙන් 15% ක් පිරිසිදු කරගැනීමට පමනි.

ඔස්ට්‍රෙලියාවේ නැගෙනහිර වෙරලබඩ ප්‍රදේශයද ඉඩෝරයට ආගන්තුකයෙක් නොවේ. 1998 සිට එහි නොකඩවා පවතින පෑවිල්ල මින් පෙර නොවු විරූය. ප්‍රදේශයට ලැබුනු සාමාන්‍යය වර්ෂාපතනය ගතවූ අවුරුදු හත පුරා පෙරට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුනේය. පෑවිල්ල කොතරම් තද වී දැයි කිවහොත් මින් පෙර  ඉඩෝරවලදී තිබූ උෂ්ණත්වයට වඩා අංශක 1.7කින් උෂ්ණත්වය ඉහල ගියේය. නැගෙනහිර වෙරළබඩ මේ දිගු ඉඩෝරවලට හේතුව ශීත ඍතුවේ වර්ෂාපතනය අඩුවීම හා අල්-නිනෝ නියං මගින් දේශගුණික තත්ත්‍වයන් වෙනස්වීමයි.

පර්ත් නගරයට තිබූ භුගත ජලය නැගෙනහිර ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරට නැත. දළ මට්ටමට වඩා අඩු වර්ෂාපතණයක් ඇති එහි ජල සැපයුම රඳා පැවතුනේ ඔයවල් හරස් කොට තැනූ ජලාශ හේතුකොටගෙනය. සිඩ්නි නුවර ජලසම්පාදනය ලෝකයේ ඇති අති විශාලතම නාගරික ජල සැපයුම් වලින් එකකි. නිව්යෝක් නගරය මෙන් තුන් ගුණයකින්ද, ලන්ඩන් නගරය මෙන්  නව ගුණයකින්ද වැඩි ඒක පුද්ගල ජල ඉල්ලුමක්  සපුරා ලීමට සිඩ්නි නගරය කටයුතු කල යුතුය.

මේ සා විශාල ජල ප්‍රමාණයක් රඳවා ගත් ජලාශ මගින් වුවද ජල සම්පාදනය අවශ්‍යය ප්‍රමාණයට පවත්වා ගැනීමට නොහැකිවෙන බව දැන් පැහැදිලිවි තිබේ. 1990-1996 අතර කාලය සලකා බැලුවිට සිඩ්නි නුවරට ජලය සැපයන ජලාශ 11 ටම ලැබුනු දල ජල ප්‍රමාණය මසකට ගිගාලීටර 72 කි.  එහෙත් 2003 වන විට මේ ප්‍රමාණය මසකට ගිගා ලීටර 40 දක්වා එනම් අඩකට කිට්ටු ප්‍රමාණයකින් අඩුවිය. මේ ජල අර්බුදය විසඳීමට ගත යුතු ක්‍රියා මාර්ගයක් තවමත් දැන ගන්නට නැත. ජලාශවල දැනට ඇති ජලය සිඩ්නි නුවර හතලිස් ලක්ෂයක ජනගහනයට සෑහෙන්නේ තවත් වසර දෙකක් සඳහා පමනි.

ජල අර්බුධයකින් නොපෙලෙන කිසිදු නගරයක් ඔස්ට්‍රෙලියාවෙන් සොයා ගැනීම උගහටය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: