සැමට විදු නැන නුවණ – Science Literacy for All

මානවයන් ඇත්තටම පැවත එන්නේ වානරයන්ගෙන්ද?

නකපිතෙකස් නකමායි හනු ඇටය.

ස්වාභාවික වරණයෙන් සිදුවන පරිණාමය පිළිබඳ සිද්ධාන්තය 1859 දී චාල්ස් ඩාවින් ඉදිරිපත් කළ තැන් පටන් කරළියට ආ මිථ්‍යා සහ වැරදි අර්ථ නිරූපණ නිසා පරිණාමය පිළිබඳ පොදුජන අවබෝධය පළුදු කිරීමට හේතු වී තිෙබ්. පරිණාමවාදය වලංගු විද්‍යාත්මක සිද්ධාන්තයන් නොවේ යයි ඇතැම්හු කියා සිටිති. ඊට හේතුව වශයෙන් දක්වන්නේ එය පිරික්සා බැලීමට නොහැකි වීමයි‍.  ඇත්තටම ඒය සත්‍ය ප්‍රකාශයක් නොවේ. පරිණාමවාදයේ සෑම ප්‍රධාන පිළිෙවත් සහ අවධි  සනාථ කරන රසායනාගාර පර්යේෂණ විශාල සංඛ්‍යාවක් විද්‍යාඥයන් විසින් සාර්ථකව පවත්වනු ලැබ ඇත. ස්වාභාවික වරණය සහ කාලයාගේ ඇවෑමෙන් ජීවීන් වෙනස්වන්නේ කෙසේද යනාදී වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ක්ෂේත්‍ර විද්‍යාඥයන්ට ෆොසිල වාර්තා උපයෝගී කර ගැනීමට හැකි වී තිබේ.

එතකුදු වුවත් පරිණාමාදය යනු  අසත්‍යයක් නොවේයයි ඔප්පු කළ නොහැකි මිථ්‍යාවක් යන්න තවමත් ඇතමුන් අතර ප්‍රකටය. එමෙන්ම තවත් එවැනි මිථ්‍යාවක් ඇත. එනම්, තාප ගති විද්‍යාවේ (thermodynamics) දෙවැනි නීතියයි. තාප ගති විද්‍යාවේ දෙවැනි නීතියද එ ආකාරයය. ඉන් කියැවෙන්නේ සංවිධිත පද්ධතියක් සැමවිටම අසංවිධිත පද්ධතියක් බවට පත්වන්නේය යන්නයි. මේ මිථ්‍යා මතයෙන් පිළිඹිබුවන්නේ සසම්භවිතාව විස්තර කිරීමට භෞතික විද්‍යාඥයන් යොදා ගන්නා එන්ත්‍රෝපිය (entropy) වැරදියට තේරුම් ගැනීමකි. ඒ මිස තාප ගති විද්‍යාවේ දෙවැනි නීතිය හා පරිණාමය අතර පරස්පරතාවක් නැත.

කෙසේ වෙතත් වඩාත්ම ප්‍රකට මෙන්ම දිගටම පවත්නා මිථ්‍යාවක් අදාළ වන්නේ මානවයන් හා මහා වානරයන් අතර සම්බන්ධතාවටයි. මහා වානරයන් යනු ගෝරිල්ලා, ඔරං උටං සහ චිම්පන්සි ද අයත් වන ප්‍රිමාවේස් කණ්ඩායමකි. මිථ්‍යාව පිළිගන්නා අය මෙහෙම කියාවි: පරිණාමය සිද්ධ වුණා නම් මිනිස්සු කෙළින්ම පැවත එන්න ඕන වානරයන්ගෙන් වානරයන් අඩියෙන් අඩිය මිනිසුන් බවට පරිවර්තනය වෙන්න ඇති. දැන් එම මතය දරන්නා ඉතිරිය සකසා ගන්නේ මෙසේය.: ඉතින් වානරයන් මිනිසුන් හැටියට පරිණාමය වුණා නම් අද එහෙනම් වානරයෝ ඉන්න විදිහක් නැහැ. මෙයට කිහිප අන්දමකින් පිළිතුරු සැපයිය හැකි වුවත් ඇත්ත ඇති හැටියෙන් ගෙන ප්‍රතික්ෂේප කිරීම ඉතා සරලව කළ හැකිය. මානවයන් පැවත එන්නේ වානරයන්ගෙන් නොවේ. හැබැයි මානවයන් හා වානරයන් නෑදෑයන් නොවෙන බවක් එයින් කියැවෙන්නේ නැත. එහෙත් දෙපාර්ශ්වය අතර සබඳතාවය එකම පෙළක් හෝ රේඛාවක් දිගේ ආපස්සට ගමන් නොකරයි.  ඒ කියන්නේ වානරයන්ගේ ස්වරූපය වෙනස් වී මානවයන් බිහිවුණේ නැත. පෙළපත සෙවිය යුත්ත් ස්වාධීන රේඛා දෙකක් මත ආපස්සටය. එක්තරා තැනකදී එවිට මේ රේඛා එක්වන බව පෙනී යනු ඇත.

මේ රේඛා ‍එකතුවන තැන විශේෂිත ස්ථානයකි. ජීව විද්‍යාඥයන් ඒ ගැන සඳහන් කරන්නේ ‘පොදු පූර්වජකයා’ යනුවෙනි. මේ වානර වැනි පූර්වජකයා  මෙයට සමහරවිට වසර මිලියන 5 සිට 11 අතරතුර කාලයක අප්‍රිකාවේ ජීවත්වන්නට ඇත. ඔහුගෙන් එකිනෙකට වෙනස් පරම්පරා හෙවත් පෙළපත් දෙකක් පැවති විත් තිබේ. ඉන් එකකින් මානවයන්බඳු හොමිනිඩායි (hominids) විශේෂයක්ද අනෙකෙන් අද ජීවත්වන මහා වානරයන් ද බිහි විය. මෙයම, පවුල් වෘක්ෂයක උපමාවකින් දක්වතොත් පොදු පූර්වජකයා ගසේ කඳ ලෙස දැක්විය හැකිය. අනතුරුව කඳ, අතු දෙකකට බෙදී ගියේය. හොමිනිඩායන් ඉන් එක ශාඛාවක් (අත්තක්) ඔස්සේ වර්ධනය වූ අතර අනෙක් ශාඛාව ඔස්සේ මහා වානර විශේෂ වර්ධනය වූහ‍

මේ පොදු පූර්වජකයාට තිබෙන්නට ඇත්තේ කෙබඳු පෙනුමක්ද? මීට පිළිතුරු සෙවීමේදී ෆොසිල වාර්තාවලින් ලැබෙන්නේ අල්ප සහනයකි. එසේ වුවත් එම පූර්වජකයා සතුව මිනිස් හා වානර ලක්ෂණ දෙකම තිබෙන්නට ඇතැයි සිතීම තාර්කානුකූලය. මේ ආකාර වූ සත්වයෙකුට අයත් හනු අස්ථියක් හා දත් සොයා ගැනීමට සමත් විණැයි 2007 දී ජපන් විද්‍යාඥයෝ කියා සිටියහ. දත්වල ප්‍රමාණය හා හැඩය ගැන අධ්‍යයනයක යෙදුණු ඔවුන් තීරණය කළේ එම වානර සත්වයා ගෝරිල්ලකු ප්‍රමාණයේ වන්නට ඇතැයි ද තද ඇට හා බීජ ආහාරයට ගැනීමට රුචියක් දක්වන්නට ඇතැයිද යනුවෙනි. මේ සත්වයා නකලිපිතෙකස් නකයමායි (Nakalipithecus nakayamai) යනුවෙන් නම් කෙරුණු අතර වසර මිලියන් 10 ක් ලෙස වයස ගණන් බැලිණ. ඒ අනුව මේ වානරයා ස්ථානගත කෙරුණේ කාල රේඛාවේ නියම තැනදීය.

වඩාත් වැදගත් වන කාරණය නම් විද්‍යාඥයන්ට මේ අස්ථි ලැබුණේ උතුරැ කෙන්යාවේ සම්බුරු කඳුකර ප්‍රදේශයේ දී වීමයි. ඒ අනුව න. නකයමායි (Nakalipithecus nakayamai) භුගෝලීය වශයෙන්ද නියම තැන ස්ථාන ගත වී ඇත. එනම් නැගෙනහිර අප්‍රිකාවේ සැතපුම් සිය ගණනක පැතිරී යන තීරයක හොමිනිඩ පරිණාමය පරාචක්‍රයක් ඔස්සේය. ෆොසිල සොයා ගනු ලැබූ ඉතියෝපියායාවේ උතුරුකරය අද කාන්තාර බදු  ස්ථානයක් වුවත් මෙයට වසර මිලියන දහයකට පෙර තෙත් කලාපීය වනාන්තරවලින් හෙබි ජීවය පිරි ස්ථානයක් බව පාෂාණීය ධාතු විද්‍යාඥයෝ හා භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. 1994 දී ඩිම් වයිට් ඇතුළු  පිරිස මේ ප්‍රදේශයෙන් නව විශේෂයක ඇටකටු සොයා ගත් අතර එම විශේෂය ආඩි (Ardi) යන කෙටි නමින් හඳුන්වනු ලැබීය. අනතුරුව ක්‍රි:ව: 2000 දී විද්‍යාඥයන්  පිරිසක් විසින් මෙතෙක් සොයා ගනු ලැබූ පැරණිතම හොමිනිඩා ෆොසිල සොයා ගනු ලැබීය. ඊට නම් යෙදුනේ ‘සහාශ්‍ර මිනිසා’ යනුවෙනි. දැන් විද්‍යාඥයන් උත්සාහ දරන්නේ එක් අංශයකින් මානවයන්ද අනෙක් අංශයෙන් මහා වානරයන්ද බිහි කිරීමටය. පාදක වූ පූර්වජයා සහ සහශ්‍ර මිනිසා අතර හිඩැස නැත්නම් අඩු පූරක සෙවීමටය. එසේ නම් නකයමායි එම පුරුකද? නොඓසේ නම් ඒ අතරතුර තවත් විශේෂයක් වී ද? මීට පිළිතුරක් සැගවී ඇත්තේ නැගෙනහිර දිග අප්‍රිකාවේ පස් යට විය හැකිය.

How Stuff Works හි Are humans really descended from apes? ලිපිය ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: