විදු නැන නුවණ – Science Literacy for All

වෙඩි බෙහෙත්, වල්කනයිස් කළ රබර්, අම්ල වැස්ස යන තුනටම පොදු දෙය කුමක්ද?

බැලූ බැල්මට වෙඩි බෙහෙත්, වැල්කනයිස් කළ රබර් සහ අම්ල වැස්ස යන තුන එකිනෙකට වෙනස් දේවල්. එහෙත් ඒ තුනටම පොදු වන එක් දෙයක් ඇත. ඒ තමයි අලෝහ මූල ද්‍රව්‍යයක් (element) වන සල්ෆර්. සාමාන්‍ය භාවිතයේදී අප මෙය හඳුන්වන්නේ ගෙන්දගම් යනුවෙන්. මුලින්ම අපි වෙඩිබෙහෙත්වලට, සල්ෆර් සම්බන්ධ කොහොමද කියා බලමු.

වෙඩි බෙහෙත් කියන්නේ සල්ෆර්, අගුරු සහ පොටෑසියම් හෝ සෝඩියම් නයිට්‍රේට් (මෙය වඩා ප්‍රකට වෙඩි ලුණු හෙවත් saltpetreයනුවෙනි.) යන ද්‍රව්‍යවල මිශ්‍රණයකි. සල්ෆර් දැවෙන විට එය ඔක්සිජන් හා ප්‍රතික්‍රියා කොට වායුවක් නිපදවයි. ඒ වායුව තමයි සල්ෆර් ඩයොක්සයිඩ්. වෙඩි බෙහෙත් වලදී ඔක්සිජන් සැපයෙන්නේ  වෙඩි ලුණු වලිනි. එමෙන්ම, සල්ෆර් ඩයොක්සයිඩ් වායුවේ ක්ෂණික ප්‍රසාරණය මෙන්ම අගුරු දැවීමෙන් නිපදවන කාබන් ඩයොක්සයිඩ් මගින් තමයි ප්‍රක්ෂිප්තය හෙවත් විදින දෙය (projectile) ඉදිරියට තල්ලු කරන්නේ හෙවත් ප්‍රචාලනය කරන්නේ. පුරාතන චීන ජාතිකයන් හා අරාබි ජාතිකයන් ආදිකල්පිත ගිනි අවුළන මිශ්‍රන  නිපදවූවද ක්‍රි:ව: 1245 දී පමණ යෝග්‍යතම සංයෝගය වන වෙඩිලුණු 75%, අගුරු 15% සහ සල්ෆර් 10% සොයා ගත්තේ එංගලන්තයේ ෆ්රයර් රොජර් බේකන්ය. දළ වශයෙන් ඔය අවදියේම වාගේ,  ජර්මනියේ බර්තෝල්ඩ් ස්වෝට්ස් නැමැත්තා ද ඔය නිගමනයට  පැමිණියේය. කොහොම වුණත් යුරෝපයේදී වෙඩිබෙහෙත් මුලින්ම භාවිත වුෙණ් 1346, ක්‍රෙසි සටනේදීය. (සිය වසරක යුද්ධයේ වැදගත් සටනක් වූ මෙය සිදුවූයේ උතුරු ප්‍රංශයේ ක්‍රෙසි ආසන්නයේදීය.) එතැන් සිට රටවල් හා ජාතීන් නතු කර ගැනීමට මෙන්ම විනාශ කර දැමීමට වෙඩි බෙහෙත් පාවිච්චි විය. බයිබලය ලියැෙවනෙ සමයේ ද සල්ෆර් ගැන දැන සිටි බව එහි එන ‘එවිට ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස් වූ සේක’  වැකියෙන්  පෙනේ. එකල සල්ෆර් හැඳින්වූයේ ගෙන්දගම් (brimstone) යනුවෙනි.

කෙසේ වෙතත්, ඊට බොහෝ කාලයකට පසුවයි, එනම් 1839 දීයි ඇමරිකානු ජාතික නිර්මාපකයෙකු වූ චාල්ස් ගුඩ්ඉයර් විසින් සල්ෆර් සඳහා වෙනත් ප්‍රයෝජනයක් සොයා ගනු ලැබුවේ. ඉහළ උෂ්ණත්වයකදී ස්වාභාවික රබර් මෘදුවීම සහ ඇලෙන්නට පටන් ගැනීම වළක්වා ගැනීමේ ක්‍රමයක් සොයා ගැනීම ස‍‍දහා ගුඩ් ඉයර් වෙහෙස දරමින් සිටියේය. ඔහු කොයිතරම් මේ ගැන වෙහෙස මහන්සි වූවාද කියතොත් කිහිප වරක් සිපිරිගෙයි ලැගීමට ද සිදුවිය. ඒ ඔහුගේ මෙම පර්යේෂණ කටයුතු සඳහා  පුද්ගලයන්ගෙන් ලබාගත් ණය ආපසු ගෙවීමට අපොහොසත් වීම නිසයි. ඔන්න දවසක් අහම්බෙන් හදිසි දෙයක් සිදුවිය. රබර් සමග සල්ෆර් මිශ්‍ර කළ විට කුමක් සිදුවන්නේ දැයි දැන ගැනීමට අත්හදා බැලීම් කරමින් සිටි ගුඩ් ‍ඉයර් අතින් එම මිශ්‍රනයයෙන් කොටසක් උණුසුම් උදුනක් මත වැටිණ. වල්‍කනයිස් කළ රබර් බිහිවුණේ ආන්න ඒ අන්දමටයි. ඊට නම් තැබුෙණ් ගින්දරට අධිපති වල්කන් (Vulcan) නමිනි. රබර් අණු දීර්ඝ දම්වැල් සහ සල්ෆර් පරමානු අතර බන්ධනයක් ඇතිවන බවත් ඒ නිසා රබර් උෂ්ණත්වයට අඩුවෙන් සංවේදී වන බවත් පෙනී ගියේය. අද අප ගමන් බිමන් යන වාහනවල  ටයර් සඳහා යොදා ඇත්තේ වල්කනයිස් කළ රබර්ය. එමෙන්ම එම වාහනවලට අප යොදා ගන්නා ගැසොලිනවල, ස්වාභාවික හටගන්නා සල්ෆර් ස්වල්ප ප්‍රමාණවලින් ඇත.

මෙය දැවෙන විට වාතයේ ‍තෙතමනය හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සල්ෆියුරික් අම්ලය නිපදවේ. සල්ෆියුරික් අම්ලය, අම්ල වැස්සේ ප්‍රධානතම සංඝටකයකි. එහෙත් ඇත්තටම ගැටලුව මෝටර් රථවලින් ඔබ්බට යයි. ඛනිජතෙල් හා ගල් අඟුරුවල සෑම විටම කිසියම් ප්‍රමාණයක සල්ෆර් අඩංගුය. එහෙයින් අප තෙල් හෝ ගල් අඟුරු  දවන සෑම විටම අපි අමිල වැස්ස මවන්නෙමු. එය නුසුදුසු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් සල්ෆර්වලින් සල්ෆියුරික් අම්ලය කර්මාන්ත මට්ටමෙන් නිපදවීම අපට ප්‍රයෝජනවත්ය.  ඇත්තටම, කර්මාන්තයට අදාළව ලෝකයේ වඩාත්ම වැදගත් රසායනය බාගදා සල්ෆියුරික් අම්ලය විය හැකියි. එය පොහොර නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය වන අතර තීන්ත හා පුපුරණ ද්‍රව්‍යවල සිට වානේ සහ පවිත්‍රකාරක දක්වා වූ පුළුල් පරාසයක  නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සඳහා පොදුවේ භාවිත වේ.

Brain Fuel by Joe Schwarez ග්‍රන්ථයේ What is the common link between gunpowder, vulcanized rubber and acid rain? ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: