සැමට විදු නැන නුවණ – Science Literacy for All

අධිකරණ සාක්‍ෂි ලෙස DNA

අපරාධ අධිකරණ පද්ධතිය තුළ DNA විශ්ලේෂණය 1980 මැදභාගයේ දී ස්ථාපිත වීමත් සමගම අපරාධ විභාග විද්‍යා ක්‍ෂේත‍්‍රය විප්ලවීය වෙනසකට භාජන විය. DNA විශ්ලේෂණ ක‍්‍රම සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ පර්යේෂණාගාර තුළ පසුව සිදු කෙරුණු ඔපලෑම් හා වැඩි දියුණු කිරීම් සමග මේ ප‍්‍රවණතාව තවත් ඉදිරියට ගියේය. රුධිරය, ඛේටය (කෙළ), ශුක‍්‍රධාතු, සමේ ෙසෙල හෝ අනෙකුත් ජෛව ද්‍රව්‍ය ඉතා සුළු ප‍්‍රමාණයක් පවා අපරාධ පරික්‍ෂණ සඳහා මගපෙන්වීමට, අපරාධයක් කරන්නෙකු හෝ අපරාධයකට ගොදුරුවන්නෙකු අපරාධයකට ඇති සම්බන්ධය තහවුරු කිරීමට හෝ අපරාධයක් පිළිබඳ විස්තරයක් සනාථ කිරීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට යොදා ගත හැකිවේ. මෙයාකාර සාක්‍ෂි, වැරදි ආකාරයකට වරදකරු වුවන් නිදොස් කිරීමේදී වෝහාරික DNA විශ්ලේෂණයෙහි නිරවද්‍යතාව හා විශ්වාසනීයත්වය නිසාවෙන් බෙහෙවින් වටිනා මෙවලමක් බවට පත් වේ. අපරාධ නඩු විභාගවලදී සාක්‍ෂිවල සාර්ථකත්වය ලෝකයේ පුවත්පත්වල සිරස්තල ආකාර්ෂණය කරගැනීමට පමණක් නොව ලෝකයේ සාමාන්‍ය ජනතාවගේ පරිකල්පනය වසඟ කර ගැනීමට ද සමත්ව ඇත. අපරාධ විමර්ශනයේදී වෙනත් වර්ගවල සාක්‍ෂි සාපේක්‍ෂව වඩාත් වැදගත් කමක් ගන්නාවු විශාල පරාසයක විවිධ ආරේ නඩු විභාගවල දී ද ඇතැම් රටවල ජුරි සභිකයෝ DNA සාක්‍ෂි වැඩි වැඩියෙන් ඉදිරිපත් කරතැයි බලාපොරොත්තු වෙති. DNA සාක්‍ෂි මුලධර්ම සමහර අවස්ථාවල DNA හඳුන්වන්නේ ,ජනාමය සැලසුම් පිටපත, ලෙසය. එසේ හැඳින්වීමට හේතුවන්නේ ජීවියෙකුගේ වර්ධනයට බලපාන විධානයන් එහි අඩංගු වීමයි. හිසකෙස් වර්ණය, ඇස් වර්ණය, උස සහ අනෙකුත් කායික ලක්‍ෂණ වැනි සියල්ල තීරණය කරනු ලබන්නේ මිනිස් DNA 2‍‍% ක පවතින ජාන මගිනි. මෙකී ලක්‍ෂණ නිර්මාණය කිරීම පිණිස ප්‍රෝටීන වලට විධාන එමගින් සපයන හෙයින් මෙම 2% කොටස කේතගත ප‍්‍රදේශය ලෙස හැඳින් වේ. ඉතිරි 98‍% කොටස කේත ගත නොවන ප‍්‍රදේශය ලෙස සැලකෙන අතර එහි කාර්යයන් හඳුනා ගැනීම විද්‍යාඥයන් විසින් ආරම්භ කරනු ලැබුවේ මේ මෑතකය. කෙසේ වෙතත්, වෝහාරික විද්‍යාඥයන් අපරාධ විමර්ෂණයේදී යොදාගන්නේ කේතගත නොවන DNA ප‍්‍රදේශයයි. එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු වෙන්කොට ගැනීමේදී භාවිත කිරීමට හැකි නැවත නැවත ඇතිවන සුවිශේෂී රටා එකී DNA ප‍්‍රදේශය තුළ පවතී. කෙටි අනුයාත හෙවත් Short-tandem repeats (STRs) යනුවෙන් හඳුන්වන මෙම රටා මැන බැලීමෙන් පුද්ගලයෙකුගේ DNA රූ සටහන විග‍්‍රහ කළ හැක. පරිණත රක්තාණු ෙසෙල හැරුණු කොට සියළුම සෛලවල DNA අඩංගුය. අපරාධයක් සිදුවු ස්ථානයක තිබෙන දහඩිය, ශුක‍්‍රධාතු, ශරීර තරල හෝ සම් සෛලවල, සුවිහේෂී කෙටි අනුයාත අන්‍යතා ලක්‍ෂණ පරීක්‍ෂා කිරීමෙන් ඒවාට කිසියම් පුද්ගලයෙකුගේ ඇති සබඳතාව සොයාගත හැකිවේ. පුද්ගලයන් දහස් ගණනකගේ කෙටි අනුයාත STR) ලක්‍ෂණ සලකුණු  එක සමාන විය හැකි නමුත්  (සමාන නිවුන්නු හැරුණු කොට) සංසන්දනය සඳහා යොදා ගන්නා ප‍්‍රදේශ 13 හිම කෙටි අනුයාත STR) ලක්‍ෂණ සළකුණු එක සමානවන පුද්ගලයන් දෙදෙනෙකු මෙතෙක් සොයාගෙන නැත. ෙසෙල න්‍යෂ්ටියෙහි (ෙසෙලයේ මැද) හෝ ෙසෙල න්‍යෂ්ටියට පිටතින් පිහිිටි මයිටොකොන්ඩ‍්‍රියාවේ DNA අන්තර්ගත වේ. න්‍ය්ෂ්ටිය ඇතුළත DNA වර්ග දෙකකි. අලිංගික වර්ණදේහ තුළ හෝ ලිංග තීරක වර්ණදේහ තුළ හෝ DNA පවතිය හැකයි. අපරාධ පරික්‍ෂාවේදී මුලික වශයෙන් යොදා ගනු ලබන්නේ අලිංගික වර්ණදේහයි. ඊට හේතුව එක සමාන නිවුනන් හැරුණුකොට වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකුට එක හා සමාන අලිංගික වර්ණදේහ DNA නොමැති වීමයි. ඒ කෙසේ වෙතත්, ලිංගික අතවර වැනි සමහර අවස්ථාවලදී, ලිංග තීරක වර්ණදේහ තුළ ඇති DNA පරීක්‍ෂා කිරීම, විශ්ලේෂණයේදී බෙහෙවින් උපකාරී වේ. ලිංගික අතවර නඩුවක සැකකරු පිරිමියෙකු නම් (පිරිමින්ට ඇත්තේ Y වර්ණදේහයි) අතවරයට ලක්වී ඇත්තේ කාන්තාවක් නම් (කාන්තාවන්ට ඇත්තේ X වර්ණදේහයි), Yවර්ණ දේහ සහිත ෙසෙලවල (Y-STR ලෙස හැඳින්වෙන STR රටාවල විශ්ලේෂණයක් සිදුකිරීමෙන් කාන්තාවට අයත් ෙසෙල විශ්ලේෂණයෙන් ඉවත් කළ හැක. ශ වර්ණ දේහ යැවෙන්නේ පිය පසිනි – සහෝදරයකු, පියෙකු හෝ පිරිමි ළමයි එකම ශ වර්ණදේහ ප‍්‍රදර්ශනය කරයි. අනෙක් අතට මයිටොක්‍රොන්ඩියා DNA mt DNA) උරුම වන්නේ ජෛවී මවගෙනි. එහෙයින් මව්පස ඥාතිත්වය ඇති සියල්ලන්ටම ඇත්තේ mtDNA ය (එහෙත් දෙමාපියන්ගෙන් දරුවාට යද්දී mtDNA වල මද වෙනසක් ඇතිවීමේ හැකියාවක් පැවතීමට ඉඩ ඇත). න්‍යෂ්ටික DNA වලට වඩා බෙහෙවින් mtDNA ඇති නිසාත්, අලිංගික DNA මෙන් ඉක්මනින් අවක‍්‍රමණය (තත්වය/ගුණය පහත වැටීම) නොවන නිසාත් අතුරුදන් පුද්ගලයෙකු හෝ හඳුනා නොගත් මළමිනියක් හඳුනා ගැනීමේදී mtDNA ප‍්‍රයෝජනවත් වේ. සාක්‍ෂි ලෙස DNA යොදා ගන්නා ආකාරය පිළිබද විස්තර මීළඟ ලිපියකින්. A Simplified Guide to DNA Evidence ඇසුරෙනි

%d bloggers like this: