ඇස් පිහාටුවලට ප‍්‍රශස්ත දිගක් තිබේද?

Posted by

අපේ සිරුරේ පංචේන්ද්‍රීය අතුරෙන් වඩාත්ම අවධානයක් යොමුවන්නේ ඇසටයි. .ඇසක් වගේ රැුකගන්නම්. යනුවෙන් කරන ප‍්‍රකාශයෙහි ම අප ඇසට දී ඇති වටිනාකම සිතා ගත හැකිය. ඇසෙහි ව්‍යුහය හා ක‍්‍රියාකාරිත්වය ගැන විද්‍යාඥයෝ බෙහෙවින් උනන්දුව දක්වති. එහෙත් ඇස විද්‍යාඥයන්ටත් වඩා කලාකරුවන්ගේ, සාහිත්‍ය කරුවන්ගේ, කවියන්ගේ සිත් වසඟ කිරීමට සමත්ය. ඇස නොයෙක් දේට උපමාවෙයි. ඇස් අපට පෙනීම ලබාදෙනවා පමණක් නොව අපේ .පෙනුමෙහි. අංග ලක්‍ෂණයක් ලෙස ද සැලකිල්ලට ලක්වෙයි. .දිගැසිය. යනුවෙන් කාන්තා රුව වරුණට ඇස යොදා ගන්නේ එහෙයිනි. ඒ කෙසේ වෙතත්, ඇස මිස ඇස් පිහාටු ගැන උනන්දුවක් දක්වන්නෝ මදය. බොහෝවිට රූප ලාවන්‍ය ශිල්පීන් පමණක් විය හැකිය. ඔවුන් ඇතැම්විට එකඟ නොවුණත්, ඇස් පිහාටුවලට ප‍්‍රශස්ත (ඉතාම හිතකර) දිගක් ඇති බව විද්‍යාඥයෝ දැන් කියා සිටිති. එනම් ඇසේ පළලින් තුනෙන් එකකි. ඇස් තෙත්ව තබාගැනීමට මෙම අනුපාතය උපකාරී වන බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි.

නව අධ්‍යයනයෙහ් උත්සාහ දරන්නේ ‘‘ඇත්තටම ඇස් පිහාටුව අවශ්‍ය වන්නේ කුමකටද?. යන්නට පිළිතුරු ලබා ගැනීමටයි. අව් ආවරණ ලෙස ක‍්‍රියාකිරීම, ඇසට දුවිලි පතිත වීම වළක්වාලීම සහ ඇස්පිය හෙළීමේ ප‍්‍රතීකය ඇති කරවන්නක් ලෙස දක්වන්නේය‘ යි ජෝර්ජියානු තාක්‍ෂණ ආයතනයේ යාන්ත‍්‍රික ඉංජිනේරුවෙකු වන ඬේවිඞ් හු පවසයි. අධ්‍යයනය සිදුකරනු ලබන්නේ හු සහ ඔහුගේ සගයන් විසින්. කොහාමවුණත්, ඇස් පිහාටුවල සැබෑ කාර්යය හෝ ඒවායින් සැලසෙන සෙත ගැන වෙනත් ක‍්‍රමාණුකූල අධ්‍යයන සිදුකර නැතැයි හු පවසයි.

ඇස් පිහාටු ගැන පර්යේෂණ කිරීමට පණපිටින් සිටින හිම වලසුන්ගේ හෝ වල් ඌරන්ගේ ඇස් වලට ඇඟිලි ගැසීමට නොගොස් හු සහ ඔහුගේ සගයන් තෝරා ගත්තේ නිව්යෝක් නුවර පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ ඇමරිකානු කෞතුකාගාරයේ බිම් මහලයි. එහිදී ඔවුහු විවිධ ක්‍ෂිරපායින් කණ්ඩායම් 22 ක අක්‍ෂි විවර-සහ ඇස් පිහාටුවල ගණන් මිනුම් ලබාගත්හ. එම සතුන් අතර විෂ්කම්භය සෙන්ටිමීටරයකින් කොටසක් තරම් කුඩා ඇසි ඇති අමුර් ඉත්තෑවන්ගේ මෙන්ම සෙන්ටිමීටර් 4ක් (අඟල් 1.5) පමණ පළල ඇස් ඇති ජිරාෆ් සත්තු ද වුහ. (සංසන්දනය කරන්නේ නම් මිනිස් ඇසේ විවරය මිලිමීටර 20 ක් හෙවත් අඟලකින් හතරෙන් තුනක් පමණ වේ).

කලින්ම සිතාගත හැකිව තිබු පරිදිම ඇස් ලොකු වන්නට ලොකුවන්නට, ඇස් පිහාටු දික්වන බව මෙහිදී පර්යේෂණයන්ට පෙනී ගියේය. සාමාන්‍යය ගතහොත් සතුන්ගේ ඇස් පිහාටු දිග, ඔවුන්ගේ ඇස් විවර පළලින් තුනෙන් එකක් වන බව ද හෙළිවිණ.

‘‘ඇස්වල පළල සමග ඇස් පිහාටුවල දිග වෙනස්වීමේ පැහැදිලි ප‍්‍රවණතාවක් අපට හඳුනා ගන්නට ලැබුණා. මෙය සුවිශේෂීයි. ඊට හේතුව ක්‍ෂිරපායීන්ගේ කේශ සම්බන්ධ ලේඛනවල මෙවැනි ප‍්‍රවණතා ගැන සද‘හන් වීම් ඉතාමත් අඩ වීමයි. කේශ ගැන සද‘හන් වන්නේ වාසභූමි වලට ක‍්‍රියාකාරකම් වලට හා එවැනි දේවලට සම්බන්ධ කාර්යයන් හැටියට පමණකැයි හු පෙන්වා දෙයි. අපේ ඉදිරියෙන් හමා එන සුළග පාලනයකින් යුතුව ඇස තුලට යොමුකිරීම ඇස් පිහාටුවල කාර්යයක් විය යුතු යයි පර්යේෂකයෝ අනුමාන කරති. එය දැනගැනීම පිණිස ඔවුහු පරීක්‍ෂණයක් සකස් කළහ. ඔවුනගේ අරමුණ වුයේ හමාඑන සුළඟින් ඇස්වල කඳුළු කෙතරම් ඉක්මණින් වියැළේද යන්න සොයා බැලීමයි. වියලීම වැළැක්වීමේදී ඇස් පිහාටුවල ප‍්‍රශස්ත දිග පැහැදිලි බලපෑමක් ඇති කරන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. මහ මග වාහන වල වේගය අඩාල කිරීමට බැඳ තිබෙන බැම්මෙන් වාහන වේගය අඩුවන්නා සේ ඇස් පිහාටුද සුලං වේගය අඩාල කිරීමට බලපාන බව මෙහිදී හෙළිවිණ. ඇස් පිහාටු නොමැති නම් සුළෙඟ් වේගය පාලනය නොවීමෙන් කඳුළු වියළීයාමට මෙන්ම සුළඟ සමග එන බැක්ටීරියා වැනි දේ ඇස තුළට යාමේ හැකියාව ද වැඩිවේ. එසේ නම් ඇස් පිහාටු ලොකු වෙන්නට වෙන්නට මෙවැනි අහිතකර දෑ වඩාත් අඩු නොවන්නේ නේදැයි කෙනෙකුට සිතෙන්න පුළුවන. එය එසේ වන්නේ නැත. ඇස් පිහාටු දිගින් වැඩි වුණොත් ඒවා පුනීලයක් මෙන් ක‍්‍රියාකරමින් ඇස තුළට වැඩි සුළං ප‍්‍රහාරයක් යොමු කිරීමට ඉඩ තිබේ. එවිට ද ඇස් වියලීම සිදුවේ. පර්යේෂකයන් ප‍්‍රශස්ත දිගක් ගැන පරීක්‍ෂා කලේ මේ හේතුව නිසාය.

 

Scientific American හි  Your Eyelashes Should Be This Long, Science Says   ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.