සෙරීස් වාමන ග්‍රහයා මත ආවාටයක් තුළ දීප්තිමත් ස්ථාන දෙක විද්‍යාඥයන්ට අභිරහසක් වී ඇති අතර ඩෝන් යානයෙන් ලැබෙන දත්ත වලින් පෙන්නුම් කරන්නේ ඒවා එක්තරා අන්දමක අයිස්මය දුම්රොටු හෝ වෙනත් භූවිද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් විය හැකි බවයි. වාමන ග්‍රහයා භ්‍රමණය වෙද්දී විවිධ කෝණ වලින් දර්ශනය වන එම ස්ථාන අනුරූපණය කර ඇත. භ්‍රමණය වෙද්දී ආවාටයේ දාරයෙන් ඒවා (ඒවා ඇත්තේ ආවාටය ඇතුලේ නම්) වැසී යා යුතුය. එලෙස ආවාටයේ දාරයට උඩින් දර්ශනය වන්නේ නම් මෙකී ලක්ෂණ දෙක මතුපිටට වඩා සාපේක්ෂ උසකින් තිබිය යුතුය යයි විශ්වාස කෙරේ. මෙම ස්ථාන දෙක 5 වැනි ලක්ෂණය ලෙස නම් කර ඇත
ආවාටයේ ගැටිය දෘෂ්ටි රේඛාව තුළ තිබියදීත් 5 වැනි ලක්ෂණය දැකගත හැකිවීම පුදුම එළවන සුඵය යි වෙස් යානාවේ එක කැමරාවක් බාර කණ්ඩායමේ ප්‍රධානී, ග්රාහීය විද්‍යාඥ ඇන්ඩ්‍රියාස් නැතූයස් පවසයි. ඩොන් යානාවෙන් දර්ශනය වන ආකාරයට 5 වැනි ලක්ෂණය දීප්තිමත්ය. ගොම්මනේදී එහි දීප්තිය අඩුවී යන බවක් පෙනේ. ඉන් හැෙඟන්නේ 5 වැනි ලක්ෂණය කෙරෙහි සූර්යාලෝකයේ බලපෑමක් ඇති බවයි. සුර්යාලේකයෙන් මතුපිට ආසන්යේ ඇති අයිස් රත්වී කිසියම් ආකාරයක රොටුවක් බවට හැරෙනවා විය හැකියයි පර්යේෂකයෝ කල්පනාකරති.
සෙරීස් වාමන ග්‍රහයාගේ අඩුතරමින් හතරෙන් එකක් අයිස්ය. එම අයිස් ඇත්තේ මේ වාමන ග්‍රහයාගේ කොයිබද, ඉන් එහි මතුපිට සැකැසීමට ඇතිවී තිබෙන බලපෑම කුමක්ද යන්න සෙවීම ඩෝන් වාමන යානය මගින් දැනගැනීමට අපේක්ෂිත එක් කරුණකි. මාර්තු 6 වනදා සෙරීස් වඩා කක්ෂයකට ඇතුල් වු යානය ක්‍රමයෙන් ඊට ලංවෙද්දී ග්‍රහයාගේ මතුපිට කුමණ කොටසක් විපර්යාසයන්ට භාජන වේ දැයි දැනගැනීම පිණිස තවත් ජායාරූප ගනු ඇත. ඩෝන් ව්‍යාපෘතියේ ප්‍රධාන විමර්ෂක ක්‍රිස්ටෝපර් රසල් කියා සිටින්නේ මෙම මෙහෙයුම අවසන් වන විට, සිය භෞම අසල්වැසියන් වන පාථිවිය සිකුරු හා බුද මෙන්ම සෙරිස් ද සෑම අතින්ම ග්‍රහයකු බව පෙන්නුම් කිරීමට හැකිවෙනු ඇති බවයි.
Scientific American හි Bright Spots on Ceres Could Be Active Ice ලිපිය අැසුෙරනි