දැඩි ශෛලමය ස්තරයක් පෘථිවි අභ්‍යන්තරයෙන් සොයා ගැනේ

Posted by

මේ සඳුදා නිකුත් කළ නවතම පර්යේෂණ පත්‍රිකාවකට අනුව පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි නව ආකාරයක ශෛලමය ස්තරයක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.  මින් පෙර දැනගෙන නොසිටි පාෂාණමය ස්තරයක් අපේ දෙපතුලට කිලෝමීටර් 1445ක් යටින් පොළොව අභ්‍යන්තරයේ පිහිටා ඇති බව මේ මගින් එළිදරව් කරයි .  මේ සම්බන්ධ පර්යේෂණ වලින් සොයාගත් සාක්ෂිවලට අනුව මේ නව ස්තරය ඒ හා සමාන අනෙක් අභ්‍යන්තර ස්තර වලට වඩා තද බවින් බෙහෙවින් වැඩිය. පෘථිවියේ ඇතිවන භුමිකම්පා සහ යමහල් විදාරණයන්ට මේ තද ස්තරය හේතුවක් වන්නට ඇතැයි විද්‍යාඥයෝ කල්පනා කරති.

ලුණුගෙඩියක සිවි ගණනාවක් තිබෙනවා මෙන් පෘථිවි ගෝලයේත් සිවිගණනාවක් තිබෙනවා යනුවෙන් පවසන පර්යේෂණ පත්‍රිකාවේ සම කර්තෘ  අමෙරිකාවේ උටා විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්ය  ලොවෙල් මියාගි,  එකි ස්තර බොහෝමයක්ම එම ස්තරවල වැඩි වශයෙන්ම අඩංගු ඛනිජ ද්‍ර‍ව්‍ය මොනවාද යන්න මත නිර්වචනය වෙන බව පෙන්වා දෙනවා. එහෙත් ඔහු පවසන අන්දමට අළුතින් සොයගෙන ඇති ස්තරය නිර්වචනය වන්නේ එහි වැඩියෙන්ම ඇති ඛණිජ වර්ගය මොනවාද යන්නට වඩා එහි අඩංගු ඛණිජ වර්ගවල ශක්තිය කෙබඳුද යන්න මතයි.

පෘථිවි අභ්‍යක්තරය හා පෘෂ්ටය අතර ඇති මැන්ටලයේ බෙහෙවින් අඩංගු වන්නේ යකඩමය ෆෙරෝ‍ෆෙරික්ලේස් (ferropericlase) ඛණිජ ද්‍ර‍ව්‍යයයි. මේ ඛණිජවර්ගය පීඩනයට කෙතෙක්  දුරට ඔරොත්තු දෙන්නේදැයි විමසීමට පර්යේෂකයේ කටයුතු කළහ. ඒ අනුව පොළොව මතුපිට සිට කිලෝමීටර් 660ක් යටින් පිහිටි මැන්ටලයේ පහළ කොටසේදී මෙකි ඛණිජ ද්‍ර‍ව්‍යයේ ඇති දැඩිබව මෙන් තුන් ගුණයකින් වැඩි දැඩිබවක් කිලෝමිටර් 1445 ක් යටදි එම ඛණිජයේ ඇතිවේ.  මේ ෆෙරෝ‍ෆෙරික්ලේස්  ඛණිජය පෘථිවි මැන්ටලයේ පහළ ඇති තවත් ඛනිජ වර්ගයක් වන බ්‍රිඩ්ග්මැනයිට් (bridgmanite) හා මිශ්‍ර‍කළ විට මේ දැඩිවිමේ අනුපාතය තුන්ගුණයකින් නොව 300 ගුණයකින් තරම් ඉහළ යන බවද විද්‍යාඥයෝ සොයා ගත්හ.

මෙසේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති ස්තර වල දැඩිබව විශාල පරාසයකින් වෙනස් විය හැකි බව දැන ගැනීම විමතිය දනවන කරුණක් වුණේ මින් පෙර තිබු දැනුමට අනුව පෘථිවි ස්තර අතර දැඩි බවේ විශාල වෙනස්වීමක් නොතිබෙන බව විශ්වාස කළ බැවිනි.

පෘථිවි පෘෂ්ටයට යටින් මැන්ටලයේ  ඇති  බොහෝ පාෂාණමය තට්ටු සංචලනය වන විට කිලෝමීටර් 1445ක් තරම් යටදි හිර වන්නේ මන්දැයි  මේ අනුව විද්‍යාඥයන්ට වටහා ගත හැකි විය. පාෂාණ තට්ටු වල එවැනි හිරවිම් භු චලන හා යමහල් විදාරණයට හේතුවන බව සැලකේ.  ඉන්දුනියාව හා දකුණු අමෙරිකාව වැනි ප්‍රදේශවල භුකම්පන රෑ සටහන් වලට අනුව බොහෝ පාෂාණ තට්ටු කිලොමිටර් 1445ක් තරම් යටදි එකට ළංවන හේතුව මෙතෙක් කළක් ගැටළුවක්ව පැවැති නමුත් මේ පර්යේෂණයෙන් එය නිරවුල් කරන ලද බව ආචාර්ය මියාගි පවසයි.

පෘථිවි අභ්‍යන්තරයේ ඇති ඛණිජ වල දැඩිබව ගණනය කිරීමට ඩයමන්ඩ් අන්විල් නමැති උපකරණය භාවිතා කරන ආචාර්ය මියාගි.
පෘථිවි අභ්‍යන්තරයේ ඇති ඛණිජ වල දැඩිබව ගණනය කිරීමට ඩයමන්ඩ් අන්විල් නමැති උපකරණය භාවිතා කරන ආචාර්ය මියාගි.

පර්යේෂණයෙන් සොයාගත් අනෙක් වැදගත් කරුණ වන්නේ කලින් සිතුවාට වඩා පෘථිවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය බෙහෙවින්ම වැඩි බවයි. මියාගිගේ ගණනයන්ට අනුව  පෘථිවි මැන්ටලයේ ඉහළ කොටසත් පහළ කොටසත් එක්වන සීමාවේදී උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 1540 ක් වන අතර ඉහත කී කිලෝමීටර් 1445ක් යටින් පිහිටි දැඩි පාෂාණමය ස්තරයයට ආසන්නව උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 2150ක් දක්වා ඉහළ යයි. සෙන්ටිග්‍රෙඩ් අංශක 5505ක් වන සූර්යාගේ මතුපිට උෂ්ණත්වය හා සැසඳුවිට මේ උෂ්ණත්වය සුරුය මතුපිට ඇති උෂ්ණත්වයට අඩකින් පමණ සමානය.

මියාගි පවසන අන්දමට පෘථිවි මැන්ටලයේ ඇති පාෂාණමය ද්‍රව්‍ය  එකිනෙකහා මිශ්‍ර‍වීමේ හැකියාව අඩුවුව හොත් පෘතිවියට සිය උෂ්ණත්වය මුදාහැරීමට අපහසු වනු ඇත. ඕ අනුව පෘතිවි අභ්‍යන්තරය අප දැනගෙන සිටියාට වඩා බෙහෙවින් වැඩිවිය යුතුය.

 මෙකී පර්යේෂණ පත්‍රිකාව 2015 මාර්තු 23 දාතමින් journal Nature Geoscience  අඩවියේ පළවී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.