විදු නැන නුවණ – Science Literacy for All

නීති විරෝධී ඖෂධ භාවිතය පරීක්ෂාවට නව ක්‍රමයක්

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමට මුත්‍රා සාම්පල වෙනුවට ශ්වසන පරීක්ෂාවක් සොයා ගෙන ඇතැයි විද්‍යාඥයෝ කියා සිටිති. තහනම් ඖෂධ භාවිතය සොයා ගැනීම සඳහා බහුලව සිදුකරන්නේ මුත්‍රා සාම්පල විශ්ලේෂණය කිරීමයි.  එහෙත් එය අපහසු කාර්යයක් වනවා පමණක් නොව කෙනෙකුගේ පෞද්ගලික නිදහස කෙළසීමක් ලෙස ද ඇතැම් විචාරකයෝ දකිති. නව ක්‍රමයක් යටතේ විශ්ලේෂණයට ලක් කෙරෙන්නේ පහත හෙළන (ප්‍රශ්වාස) හුස්මයි. ඒ සඳහා අධිසංවේදී ක්‍රමයක් භාවිත වේ. එය හැඳින්වෙන්නේ වර්ණාලේප ශිල්ප ස්කන්ධ වර්ණාවලිමිතිය ලෙසිනි. සිතේ ස්වභාවය වර්ධනය කිරීමට යොදා ගන්නා ඖෂධයක් වන ඇම්ෆිටමින (amphetamines), මත් උත්තේජකයක් ලෙස සැලකෙන මෙතැන්ෆිටමීන (methamphetamines) කංසා, කොකේන් හා හෙරොයින් වැනි නීති විරෝධී ඖෂධ භාවිතය අනාවරණය කරගැනීමට මෙම ක්‍රමයෙන් හැකිවන බව පර්යේෂකයෝ කියති.

පිටකරන හුස්ම මගින් ඖෂධ භාවිතය පරීක්ෂා කිරීමේ ක්‍රමයට පාදක යාන්ත්‍රණය වනුයේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදී සෑදෙන ප්‍රචාලන වායු අංශු බව ‍ඔවුහු පෙන්වාදෙති. ‘මෙම ප්‍රචාලන වායු අංශු සිරුරෙහි ඇති ඖෂධ මගින් අපවිත්‍ර විය හැකියි. එවිට එම ඖෂධ වෙන්කොට හඳුනා ගැනීමට හැකිවේ’ යැයි ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ මහාචාර්ය ඕලොෆ් බෙක් කියා සිටියි. මෙම ප්‍රචාලන වායු අංශු වෙන් වශයෙන් එකතු කළ හැකි සරල උපකරණයක් දැනට නිර්මාණය කර ඇත. එය පර්යේෂණාගාරයට ගෙන ගොස් නීති විරෝධී ඖෂධ අඩංගුද යන්න නිර්ණය කළ හැකි බව බෙක් වැඩිදුරටත් පෙන්වා දෙයි.

රියැදුරන් තහනම් ඖෂධ භාවිතකොට රිය පදවන්නේද යන්න ‍සොයා බැලීමට මගතොට සිදු කෙරෙන පරීක්ෂණවලදී අනතුරු සිදු වූ අවස්ථාවක දී අපරාධ අධිකරණ ක්‍රියාමාර්ගවලදී වැනි අවස්ථාවල ශ්වසන පරීක්ෂාව වඩා පහසුවෙන් සිදු කළ හැකිය. එමෙන්ම රෝගියෙකු විසින් ගනු ලබන්නේ නියම නියම කෙරුණු ඖෂධමදැයි නිර්ණය කිරීමට ද මේ නව ක්‍රමයෙන් ඉඩ සැලසෙන බව පර්යේෂකයෝපෙන්වා දෙති.

විශේෂයෙන්ම, ඇතැම් අධ්‍යාපන ආයතනවල, රෝහල්වල, රැකියා ස්ථානවල සිදු කෙරෙන ඖෂධ භාවිත පරීක්ෂණවලදී නව ක්‍රමය වඩා පහසුදායක ෙව් යයි අදහස් කෙරේ. මෑතක ලබාගත් දත්ත අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ, තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරන වැඩිහියන් ගෙන් 67.9%ක්ම පූර්ණ හෝ අර්ධ කාලීන රැකියාවල යෙදී සිටින්නන්ය. මත්ද්‍රව්‍ය භාවිතය රැකියා ස්ථානයේ ආරවුල් ඇතිවීම, ඵලදායිතාව අඩුවීම, නිරතුරුව සේවයට වාර්තා නොකිරීම, නිතර රැකියා මාරුකිරීම කෙරෙහි බලපායි. ඇතැම් පාසල් සිසුන් අතරේද මත්ද්‍රව්‍ය තහනම් ඖෂධ හෝ වෙනත් රෝග සඳහා ලබා දෙන ඖෂධ භාවිතය ප්‍රචලිතව ඇත. මෙවැනි අවස්ථාවලදී ශ්වසන ඖෂධ පරීක්ෂාව මුත්‍රා සාම්පල පරීක්ෂාවට වඩා ඉක්මන්, ප්‍රයෝජනවත් ක්‍රමයක්  වෙතැයි සැලකේ.

Healthline Plus සහ National Institute of Drug Abuse වෙබ් අඩවි ආශ්‍රයෙන් සැකසිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: