විදු නැන නුවණ – Science Literacy for All

මහා වෘක්ෂ වේදය හෙවත් ගසක මහිම

එකවරම අපේ සිහියට නගා ගැනීම දුෂ්කර වුවත්, මේ මිහිතලය මත ගොඩබිම් ප‍්‍රදේශයෙන් සියයට 30 ක් වැසී ඇත්තේ ගස් හෙවත් වෘක්ෂවලිනි. වන රාජධානියේ තම ෙසවෙනහි ඇති සියළුම ශාක හා සත්ත්වයන් අභිභවමින් වෘක්ෂයෝ රජවරු මෙන් වැජඹෙති. අප ජීවත්වන මහා කොන්ක‍්‍රීට් වනාන්තරවල තැන තැන සුළුවෙන් හෝ ඇති උද්‍යානවල අහම්බෙන් දක්නට ලැබෙන ගස් අපට සිහිගන්වන්නේ වැළලී ගිය සොබා සිරියයි. එහෙත් ගස් කියන්නේ හුදෙක් අලංකාරය පිණිසම පිහිටි දේ නොවේ. ඒවා ජීවමානයි. ක‍්‍රියාකාරීයි. ඉදින්, ඒවා ගැන දැන ඉගැනීම යහපති. ඔබේ ජීවිතය හා ගස් අතර සබඳතාව තව තවත් තහවුරු වීමට ඉවහල් වන කරුණු කාරණා ගණනාවක් ගැන මේ ලිපියෙන් කියැවේ.

ඇතුළත් සවිමත්, පිටතත් සවිමත්

වෘක්‍ෂයෝ පහළ බිම් මමට්ටමේ හෝ ඒ ආසන්නයේ ඇති සෙසු ශාක අභිභවමින් උස්ව වැඩෙති. ඒ සා උස්ව වැඞීම පිණිස ඒවාට සුවිශේෂී ලක්‍ෂණ පිහිටිය යුතුයි. නම්‍යශීලී කඳක් සහිත කුඩා ශාක මෙන් නොව වෘක්‍ෂ ,කාෂ්ඨීය, (woody) යි.  බීජපැළයක(seedling)  සිට පැළයක් (sapling) ලෙස වැඩෙද්දී, එහි මධ්‍යයෙහි මේ කාෂ්ඨීය ෙසෙල සහිතව කඳක් හා අතු (ශාඛ) ගස වර්ධනය වේ. කඳෙහි හා අතුවල දැව කොටස (කාෂ්ඨය) ගස කෙළින්කර තබා ගනිමින් එහි ව්‍යුහය සකසයි. හරියටම ගොඩනැගිල්ලක යකඩ සැකිල්ල මෙනි. තරුණ ගසක තද, දිය නාල්ලන පිටත පොත්තක් වැඞීමට වැඩි කාලයක් ගත නොෙවි. ගසේ පොත්ත යනු එහි ආරක්‍ෂක ආවරණය යි. සැම ආකාරයකම කාලගුණයෙන් සහ සතුන් විසින් කා දමනු ලැබීමෙන් ගස රැුක ගනු ලබන්නේ එමගිනි. පොත්ත සහ පෘෂ්ඨය එකට එක්ව ගස් කොපමණ නම් සවිමත් කරන්නේ ද යත් ඇතැම් ගස් විශේෂ අවුරුදු සිය ගණනක්, ඇතැම්විට වසර දහස් ගණනක් පවා පවතී.

බලශක්ති කම්හලක්

ජීවත්වන සියළුම දේ මෙන්ම ගස් වලට ද වර්ධනය වීමට ශක්තිය අවශ්‍ය වේ. එහෙත් අවශ්‍ය ශක්තිය ලබාගැනීම පිණිස අහර ගැනීමට ගස්වලට මුඛ නොමැත. එසේ නම් ගස් ආහාර ලබාගන්නේ කෙසේද? ශාක බොහොමයක් මෙන්ම ගස් ද ඊට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ ඒවායේ කොළ පැහැ පත‍්‍ර මගිනි. පත‍්‍ර යනු ශක්තිය නිපදවන කුඩා කම්හල් බඳුය. ඒවායේ කටයුතු කෙරෙන්නේ ක්ලෝරෆිල් මාර්ගයෙනි. පත‍්‍රවලට ඒවායේ කොළ පැහැ ලැබෙන්නේ ද මේ ක්ලෝරෆිල් නිසාවෙනි. පත‍්‍රවල ඇති මෙම ක්ලෝරෆිල් ගස පිහිටි පරිසරයෙන් සංයෝජන තුනක් ලබා ගනියි. එනම්, සුර්්‍යලෝකය, කාබන්ඩයොක්සයිඞ් හා ජලයයි. මෙකී සංයෝජන, ප‍්‍රභාසංස්ලේෂණය යනුවෙන් හඳුන්වන ක‍්‍රියාදාමය තුළින් සීනි බවට පරිවර්තනය කිරීමෙන් ගස් වැඞීමට උපකාරී වේ. මීට අමතරව, ප‍්‍රභාසංස්ලේෂණයේ .අපද්‍රව්‍යයක්. හැටියට ඔක්සිජන් නිපදවේ. ගස මෙම ඔක්සිජන ප‍්‍රයෝජනයට ගනු නොලබන හෙයින් එය නැවත ගස් මගින් වාතයට එක්කෙරේ. අප ආශ්වාස කරන්නේ ඔක්සිජන් නිසා ගසෙහි මේ ක‍්‍රියාවලිය මිනිස් අපට වාසියකි. පත‍්‍ර බහුල, එක් විශාල  ගසක් මගින් පුද්ගලයන් දෙදෙනෙකුගේ සිට හතර දෙනෙකුගේ හුස්ම ගැනීමේ අවශ්‍යතා සපුරාලීමට තරම් ඔක්සිජන් වායුගෝලයට එක්කේරේ.

කාරණාවේ මුලටම යනකොට……..

ප‍්‍රභාසංශ්ලේෂණයෙන් නිපදවන සීනි හැරුණුකොට, ගසක පැවැත්ම සඳහා ජලය හා වෙනත් පෝෂණ කොටස් අවශ්‍ය වේ. මේ ක‍්‍රියාදාමයේදී ගසෙහි මුල් අතිශය වැදගත් වේ. ඒවා මගින් ජලය සහ නයිට‍්‍රජන්, පොටෑසියම් වැනි ඛනිජ පසින් උරා ගැනීමට අමතරව ගස පොළව මත හිටුවා තබාගන්නේ ද මුල්ය. ගසක මුල් පද්ධතිය, එහි උසට සරිලන දුරක් දක්වා තිරස්ව විහිදී යා හැකිය. එමෙන්ම, මුල් වලින් වැඩි කොටසක් පිහිටා ඇත්තේ පසෙහි මතුපිටට වඩා අඟල් කිහිපයක් පමණක් යටිනි. මුල්, මූලකේශ වලින් වැසී පවතින අතර ගසට ජලය උරා ගන්නේ මේ මුලකේශ වලිනි.  විසාල ගසක් දවසකට වතුර ගැලූම් 50 සිට 100 දක්වා ප‍්‍රමාණයක් එකතු කරගනු ලබයි.

දියර (තරල) සහ පෝෂණ ගස පුරා සංසරණය කරනු පිණිස ගසක නල පද්ධතියක් පවතී. කඳෙහි හා අතුවල ඇතුළත ශෛලම ^xylem& යනුවෙන් හඳුන්වන ජීවමාන කඳ මුල්වල සිට ජලය හා පෝෂණ කොටස්, පත‍්‍රවල කොන් දක්වා උඩඅතට ගෙන යයි. ප‍්‍රභාසංස්ලේෂණ මගින් පත‍්‍රවල නිපදවෙන සීනි ගසෙහි සෙසු කොටස් වෙත පහළට ගෙන යනු ලබන්නේ ප්ල්යෝම^ phloem&  ලෙස හැඳින්වෙන අභ්‍යන්තර පොත්තකිනි.

සෘතු අනුව වටලෑම

ගසක වර්ධනයෙහි වැඩිකොටසක් සිදුවන්නේ, එහි උඩ කොටසෙහිය. ගස වැඩෙත්ම එය උස්වෙයි. එහෙත්, කඳෙහි පළල ද වර්ධනය වන බව නොරහසකි. කඳෙහි දක්නට ලැබෙන මුදු (rings) වාර්ෂිකව ඒ ඒ සෘතුවේ වර්ධනය සලකුණු කරයි. සාමාන්‍යයෙන් වැසි කාලවලදී ගස් සීඝ‍්‍රයෙන් වැඩෙයි. එමෙන්ම වියළි කාලවලදී වර්ධනය මන්දගාමීය. වර්ධනයට සෘතුව කෙතරම් හිතකර ද යන්න මත මුදු පුළුල් හෝ පටු වෙයි. අළුතෙන් කැපු ගසක කොටය දෙස බැලූවොත් එහි ඇති මුදු ගණන් කිරීමෙන් ගසෙහි වයස නිර්ණය කළ හැකිවෙයි.

තවත් පරපුරක් කරා…..

අළුතෙන් ගස් ඉපැද්දවීමට නම් ගස මගින් බීජ නිපදවිය යුතුය. මෙහි මුල් පියවර වන්නේ, පුෂ්පයක් හෝ කේතුවක් නිපදවා එය පරාහිත (පරාගණය) කර ගැනීමයි. පරාගණය යනු පුෂ්පයක (හෝ කේතුවක) පිරිමි කොටසෙහි පරාග ස්ත‍්‍රී කොටසට පැවරීමයි. බොහෝ ගස් විශේෂ වල ඉතා කුඩා පරාග එහෙ මෙහෙ ගෙන යනු ලබන්නේ (ප‍්‍රවාහනය කරනු ලබන්නේ) සුළෙඟනි. එහෙත් බොහෝ සපුෂ්පතක විශේෂ වල පරාග ව්‍යාප්ත කරනු ලබන්නේ මී මැස්සන්, සමනළයන්, පක්‍ෂීන්, වවුලන් සහ වෙනත් සතුන් මාර්ගයෙනි. මේ ක‍්‍රියාවලියේදී අපට තවත් රහසක් හෙළිදරම් කර ගත හැක. සුළඟින් පරාගනය සිදුවන මල් සාමාන්‍යයෙන් කොළ පැහැය, මල් වශයෙන් පෙණෙන නොපෙණන මට්ටමෙහිය. කෙසේ වෙතත් පරාගණය සඳහා පිටස්තරයන් ආකර්ෂනය කළ ගත යුතු වන ගස්, සුවදැති, වර්ණවත් එමෙන්ම බීමට මල්පැණි සහිත මල් නිපදවයි. එසේ සිදුවන්නේ ගසෙහි මහිමයෙන් මිස බාහිර බලයකින් නොවේ. මේ මල්වෙත ඇදෙන සතුන් මලින් මලට ගොස් පරාග ගෙන තවත් මලකට රැුගෙන යයි. බීජ නිෂ්පාදනයට පදනම වැටෙන්නේ ඔය ආකාරයටයි.

අහළට පහළට ගමන් කර සිය බීජවැපිරීමට ගස්වලට නොහැකියි. එහෙයින් ඉහත දැක්වුවා සේ ගස් .බීජ වැපිරීමට. විවිධ උපක‍්‍රම යොදා ගනියි. ඉන් සමහරක් සිත් ගන්නා සුළුය. මේපල් ගසෙහි බීජ සුළඟ පාවී යන්නේ හෙලිකොප්ටරයක බ්ලේඞ්තල මෙන් තල සහිතව තරකැවෙමිනි. සමහර ගස් ඉතා තද කට්ටක් සහිත අස්මාවක් (nut) නිපදවයි. ලේනුන් වැනි සතුන් ඒවා කමින් හපා බිඳ මදය කයි. සමහර සත්තු අස්මා වලින් කොටසක් පසුව කෑම සඳහා පොළවෙහි වළලති. නොකා ඉතිරිවන ඉන් සමහරක් ගස් ලෙස වර්ධනය වේ. කෑමට ප‍්‍රිය මනාප පළතුරක් මැද ඇට වශයෙන් අස්මා සැඟවීම නොවරදින උපක‍්‍රමයකි. මේ ඇට වල පොත්ත තදය. ඒ නිසා ඒවා ආහාරයට ගන්නා අයගේ ජීරණ පද්ධතිය හරහා නිරුපද්‍රිතව ගමන් කරයි. ඒවා මළ පහ කෙරෙන්නේ මව් ශාකයෙන් ඈතකදීය. එපමණක් නොව මළ, බීජ පැළයට පොහොර බවටද පත්වෙයි.

 

KIDS DISCOVER හි  SPOTLIGT:TREES ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: