සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිහිපිට ජීවිතයේ ආරම්භය පිළිබඳ තේරවිල්ල විසඳෙන ලකුණු

පෘථිවිය මත ජීවයේ ප‍්‍රභවය යනු විරුද්ධාභස හෙවත් පරස්පර කියමන් වැලකි. ජීවය ආරම්භ වෙන්න නම් ජානමය අණුවක් තිබෙන්නට ඇත. ඔව්, ප්‍රෝටීන සෑදීම පිණිස නිශ්චිත සැලසුම් පැවරීමේ හැකියාව ඇති DNA හෝ RNA  හා සමාන දෙයක්. ප්‍රෝටීන තමයි ජීවියේ ”බරවැඩකාර” අණු. එහෙත් නුතනයේ දක්නට ලැබෙන සෛලවලට ප්‍රෝටීන වල පිහිට නොමැතිව මෙකි අණු කිසිවකටත් සිය කාර්ය ඉටුකළ නොහැකි වීම නිසා තේරවිල්ල තවත් අවුල් වෙයි. ෙසෙලවල ආභ්‍යන්තරයෙහි ඇති දෑ රඳවා තබා ගැනීමට අවශ්‍ය පටලය හෙවත් තුනී සිවිය සපයන්නේ මෙකී මේද ලිපිඩ මගිනි. පටලැවිල්ල එහෙයිනුත් අවසන් නොවේ. ලිපිඩ සංශ්ලේෂණය කිරීමට (synthesize) නම් ජානමය අණුවලින් කේත ගත කෙරුණු ප්‍රෝටීන පාදක එන්සයිම අවශ්‍ය වේ.

මේ තුන් තේරවිල්ල විසඳීමට දැන් හැකියාව ඇතැයි පර්යේෂකයෝ කියා සිටිති. මුල්ම ජීව ස්වරූපය ආරම්භ කිරීමට අවශ්‍ය නියුක්ලික් අම්ලය, ඇමයිනො අම්ලය සහ ලිපිඩ යන ප‍්‍රධාන පෙළේ ජීව අණු වර්ග තුන නිපදවන ජාල ප‍්‍රතිචාර ජාලයන් සරල සංයෝග දෙකක් මගින් ඉස්මතුවීමට හැකිවන බව ඔවුහු පෙන්වා දෙති. මෙම සංයෝග පෘථිවියේ මුල් අවධියේ බහුලව තිබෙන්නට ඇතැයි සැලකේ. මේ මිහිපිට ජීවය ආරම්භවුණේ ඔය කියූ ආකාරයට යයි නව පර්යේෂණ වලින් ඔප්පු නොවුණත්, එය නුතන විද්‍යාවේගැඹුරු අභිරහසක් අවසානයේ පැහැදිලි කිරීමට එමගින් සහායක් සැපයේ.

”මෙය ඉතාමත් වැදගත් පර්යේෂණ වාර්තාවක්” ජැක් එසොස්ටැක් පවසයි. ” ජීවය ගොඩනැගීමට අවශය කුට්ටි සියල්ලම එකම භූවිද්‍යාත්මක වටපිටාවකදී එකලස් කරගත හැකිය යනුවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ මේ ප‍්‍රථම වතාවටයි”.  ජැක්, බොස්ටන්හි මැසචුසෙට්ස් මහ රෝහලේ ජීවයේ ප‍්‍රභවය පිළිබඳ පර්යේෂකයකු සහ අනුක ජෛව විද්‍යාඥයෙකි.

ප‍්‍රථමයෙන් සෑදුනේ කුමණ ජෛව අනු පෙළද යන්න පිළිබඳව විද්‍යාඥයෝ දිගු කලක සිට තමන්ගේ ප‍්‍රියතම මතවාද ඉදිරිපත් කරති. ‘RNA බිහිකළ ලෝකයක්‘ යන තේමාව කොටගත් පිරිස යෝජනා කරන්නේ පුරෝගාමීයා RNA විය හැකි බවයි. ජානමය තොරතුරු ඉදිරියට ගෙනයාමට RNA වලට හැකියාව ඇතිවා පමණක් නොව ඇතැම් ප‍්‍රතිචාරයන් වේගවත් කරමින් ප්‍රෝටීන වැනි රසායනික උත්පේ‍්‍රරක(catalyst) ලෙසද ක‍්‍රියා කිරීමට ද හැකිය. පරිවෘත්තීය මුලින් සිදුවුයේ යයි කියා සිටින්නන් පෙන්වාදෙන්නේ අනෙකුත් ජෛව අනුවලට මගපෑදිය හැකි කේන්ද්‍රීය තැනුම් කුට්ටි සලාදයක් සරල ලෝහ උත්පේ‍්‍රරක මගින් නිර්මාණය වන්නට ඇත යනුවෙනි. RNA බිහිකළ ලෝකයක්‘ යන තේමාව අගයන්නට 2002 වසරේදී විශාල පිටුවහලක් ලැබිණ. ඒ ජොන් සදර්ලන්ඞ් ප‍්‍රමුඛ කේම්බ‍්‍රිජ් සරසවියේ රසායන විද්‍යාඥයන් පිරිසක් ඇසිටිලින් හයිඩ්‍රොකාබන් වායුව හා ජලයේ දියවන වායුවක් වන ෆෝමල්ඩිහයිඞ් යන  සරල පුර්වජ සංයෝග ප‍්‍රතිචාර පෙළකට භාජන වීමෙන් RNA වල නියුක්ලිස්ටික තැනුම් කුට්ටි හතරෙන් දෙකක් නිපදවෙන බව සොයාගැනීමත් සමගයි. එන්සයිමවල අවශ්‍යතාවක් නොමැතිව, ආදිකල්පිත .සලාදය. තුල ස්ව හැකියාවෙන්ම RNA සෑදුණු ආකාරය කෙලෙසදැයි යන මග ඉන් පෙන්නුම් කළේය. RNA සඳහා ඊටත් වඩා සරල මගක් ඇත්දැයි සදර්ලන්ඞ් සහ සගයන් සොයා බැලූවේ තවත් සරල ආරම්භක ද්‍රව්‍ය උපයෝගී කර ගනිමිණි. ඔවුන්ගේ වෑයම සාර්ථක විය. හයිඩ‍්‍රජන් සයනයිඞ් (HCN), හයිඩ‍්‍රිජන සල්ෆයිඞ් (H2S)   හා පාරජම්බුල ආලෝකය පමණක් උපයෝගී කරගනිමින් නියුක්ලෙයික් අම්ල පුර්වගයන් නිර්මාණය කළ බව ඔවුහු කියා සිටිති. එපමණක් නොව, එම පුර්වග නිපදවීමට දායක වු තත්වයන් ස්වභාවික ඇමයිනෝ අම්ල හා ලිපිඩ නිපදවීමට අවශය ආරම්භක ද්‍රව්‍යයද නිර්මාණය කෙරෙන බව ද ඔවුන්ගේ මතයයි. ඉන් කියැවෙන්නේ, එක් ප‍්‍රතිචාර පෙළක් ජීවයේ තැනුම් කුට්ටි බොහොමයකට මග පාදන්නට ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සෑම තැනුම් කුට්ටි පෙළක්ම එකිනෙකෙන් වෙනස් වන බවට සදර්ලන්ඞ් අනතුරු හඟවයි. එනිසා එකිනෙකට වෙනස් ලෝහ උත්පේ‍්‍රරක අවශය වේ. උදාහරණයක් දැක්වුවහොත් ඒවා එකම ස්ථානයකදී හට නොගත්තා විය හැකියි. වැහි ජලයෙන් මෙම සංයෝග පොදු කඩිත්තකට ගසාගෙනවිත් එකතුවන්නට ඇත යයි කැලිෆා්නියා සරසවියේ ජීවයේ ප‍්‍රභවය පිළිබඳ පර්යේෂක ඬේව් ඞීමර් පවසයි. ඔහු මෙම පර්යේෂණයට කෙළින්ම සම්බන්ධ නොවුවෙකි.

මේ මිහිපිට ජීවය මුලින්ම හට ගත්තේ එම පොදු කඩිත්තකද? මේ පිළිබඳ විස්තර ඉතිහාසය තුළ සදහටම වැළලී ගොස්ය. එහෙමවුණත් මෙම අදහස ගැඹුරින් සලකා බැලීම වටනේය යි ඞීමර් කියයි.‍ෛ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: