විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවියෙහි තුන්වැනි වායුගෝලය

මේ සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ වඩාත්ම සංකීර්ණ හා සුවිශේෂී වායුගෝලය ඇත්තේ පෘථිවියෙහි බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම, පෘථිවියෙහි වායුගෝලය ස්තර කිහිපයකින් යුක්ත බව ද බොහෝ දෙනා දනිති. එහෙත්, තුන්වැනි වායුගෝලයක් ගැන අප බොහෝ දෙනා අසා නැතත් අපට මිහිපිට ජීවත්වීමට වරම් ලැබීමට එයද එක් සාධකයක් වන්නේය.

තුන්වැනි වායුගෝලය ලෙස සමහර අවස්ථාවල හඳුන්වනු ලබන්නේ පෘථිවිය වටා අද ඇති වායුගෝලයයි. ප‍්‍රථම වායුගෝලය වශයෙන් හඳුන්වනු ලබන්නේ මේ මහා පොළව ප‍්‍රථමයෙන් බිහිවු අවස්ථාවේ තිබු ප‍්‍රධාන වශයෙන් හීලියම් සහ හයිඩ‍්‍රජන් වලින් සමන්විතවු වායුගෝලයයි.

දෙවැනි වායුගෝලය සමන්විත වුනේ පෘථිවි අභ්‍යන්තරයේ සිට අපමණ වු යමහල් (ගිනිකඳු) මගින් උඩට විදිනු ලැබු කාබන්ඩයොක්සයිට් (CO2) සහ ජල වාෂ්ප ස්තරයෙනි. එම යුගයේදී පෘථිවියේ වායුගෝලය අද මෙන් සියගුණයක් දක්වා ඝනව තිබෙන්නට ඇත.

කලින්ද සඳහන් කළ අන්දමට තුන්වැනි වායුගෝලය වශයෙන් දැක්වෙන්නේ අද පෘථිවිය වටා ඇති වායුගෝලයයි. පෘථිවිය ක‍්‍රමයෙන් සිසිල්වී යමහල් ක‍්‍රියාකාරිත්වය හීනවීමට පටන් ගැනීමෙන් පසුව දැනට පවතින වායුගෝලය වර්ධනය වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. වායුගෝලයේ දී ජල වාෂ්ප, වර්ෂාව ලෙස වසර මිලියන ගණනාවක් තිස්සේ ඇද වැටිණ. වායුගෝලයෙහි තිබු කාබන්ඩයොක්සයිඞ් වලින් සියට 50 ක් මෙම වර්ෂාව තුළ දියවී, වර්ෂාවෙන්ම තැණුනු මහ සාගර තුළ හිරවිය.

මෙයට වසර බිලියන තුනකට පමණ පෙර සිට සාගරයෙහි සයනොබැක්ටීරියා (cynobacteria) පෙර කී සාගර කාබන්ඩයොක්සයිඞ් වලින් කොටසක් ඔක්සිජන් බවට හැරවීමට පටන් ගත්තේය.

තුන්වැනි වායුගෝලය වශයෙන් හඳුන්වන අද පවතින වායුගෝලයෙහි සියයට 99ක්ම සෑදී ඇත්තේ නයිට‍්‍රජන් හා ඔක්සිජන් වලිනි. ඉතිරි සියයට එක සෑදී ඇත්තේ  ජල වාෂ්ප වැනි විවිධ වායුවලිනි. ඒවා විවිධ ප‍්‍රමාණවලින් වායුගෝලයෙහි අන්තර්ගතය.

Pl. insert picture sent via email

තුන්වැනි වායුගෝලය සහ අපි

වායුගෝලය නොවන්නට අපට මේ මිහිපිට ජීවත්විය නොහැක. කෑම නැතුව මිනිසුන්ට සති ගණනක් ජීවත්විය හැකිය. ජලය නොමැතිව දින ගණනක් ජීවත්වීමට පුළුවන. එහෙත් වාතය නොමැතිවුණොත් ජීවත්විය හැක්කේ විනාඩි ගණනක් පමණකි. වායු පරිභෝජනය ද සාපේක්‍ෂව ඉහළය. මිනිසකු දිනපතා වායු කිලෝග‍්‍රෑම් 13 ක ප‍්‍රමාණයක් ආශ්වාස කිරීම පිණිස පරිභෝජනය කරයි. ආහාර පරිභෝජනය කිලෝග‍්‍රෑම් 2.4 ක් වන අතර කිලෝග‍්‍රෑමයක ජලය බීමට ගනියි.

වායුගෝලය අපව ආරක්‍ෂා කරන්නේය. වායුගෝලය නොවන්නට පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය හිම මිදෙන මට්ටමට වඩා පහළ යයි. වායුගෝලය සුවිසාල හරිතාගාරයක් මෙන් පෘථිවිය වසාගෙන එය උණුසුම් ව තබන්නේය. එපමණක් නොව වායුගෝලය සුර්යාගේ අහිතකර කිරණවලින් හානි පැමිණීම වළක්වා පෘථිවිය මත ජීවය ආරක්‍ෂා කර ගනියි. වායුගෝලයේ ඉහළ  ඕසෝන් ස්තරය නමින් හැඳින්වෙන තුනී ස්තරයකින් මේ ආරක්‍ෂාව සැලසේ.  ඕසෝන් ස්තරයට හානි පැමිණි විට මෙලොව වාසීන්ට හානිකර යයි පවසන්නේ එහෙයිනි. වායුගෝලය මිනිසුන්ට හා සතුන්ට ආශ්වාස කිරීමට ඔක්සිජන් සපයන අතර ශාකවලට කාබන්ඩයොක්සයිඞ් සපයයි. ජලාවර්තන චක‍්‍රය මගින් ශාක හා සත්ව විශේෂයන්ට ජීවත්වීම සඳහා ජලය ලබාදෙයි.

වායුගෝලය අපට සෘණාත්මකව ද බලපෑම් එල්ලකරයි. ස්වභාවික විපත් බොහොමයක් ඇතිවෙන්නේ වායුගෝලයේ සංසිද්ධ මගිනි. මිනිසුන් විසින් ද වායුගෝලයට හානි පැමිණවීම නිසා  ඕසෝන් ස්තරයට හානි මෙන්ම අපද්‍රව්‍ය පිරීමෙන් සිදුවන ධුමිකා ඇතිවේ. ඒවා පිළිකාව ඇතුළු රෝගාබාධ ඇතිකරයි. මේ අනුව තුන්වැනි වායුගෝලය රැුකගැනීම මත පෘථිවියෙහි මිනිසා සතා සිපාවා හා ගහකොළ ඇළදොළ ගංගා මුහුදු හා මහා සාගර ඇතුළුව මේ ග‍්‍රහලෝකය මේ අන්දමට තබා ගැනීම රඳා පවතී.

Weather and Climate- an illustrated Guide to Science ග‍්‍රන්ථය සහ http://earth.rice.edu/  හි Why do we care about the ATMOSPHERE? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: