විදු නැන නුවණ – Science Literacy for All

උණ ගැන අපට තිබෙන උණක්

උණ රෝගයක් ද? රෝග ලක්‍ෂණයක් ද?

පොදු ව්‍යවහාරයේ යෙදෙන අන්දමට නම් කිවහැක්කේ ඒ දෙකම නිවැරදිය යනුවෙනි. කහඋණ, මැලේරියා උණ ආදී වශයෙන් කිසියම් රෝග අවස්ථාවකටත් උණ යන්න යෙදේ. එහෙත් බොහෝ විට උණ යනුවෙන් අප නිතර සඳහන් කරන්නේ රෝග ලක්‍ෂණයකටය. මේ හැර අද සමාජයේ ඇතැම් කොටස් අතර උණ යන්න, කිසියම් දෙයක් සඳහා ඇති තදබල ආශාව හෝ උනන්දුව ගැන කීමට ද යෙදවේ. කෙසේ වෙතත්, වෛද්‍ය විද්‍යාවේ දී උණ යනු අසනීපයකට හෝ රෝගාබාධයකට ප‍්‍රතිචාර වශයෙන් ශරීරයේ උෂ්ණත්වය තාවකාලිකව ඉහළ යාමයි. මනුෂ්‍යයෙකුගේ සිරුරේ උෂ්ණත්වය සාමාන්‍ය පරාසය වන සෙන්ටි‍්‍රගේඞ් අංශක 36-37 (ෆැරන්හයිට් අංශක 98-100) ඉක්වමින් ඉහළ ගියවිට උණ, ජවරය (pyrexia) හෝ පාලිත හයිපර්තර්මියාව (hyporthermia -අධි ශාරීරික උෂ්ණත්වය)  යනුවෙන් හඳුන්වනු ලැබේ. පුද්ගලයන්ගේ සාමාන්‍ය ශාරීරික උෂ්ණත්වය එකිනෙකාට වෙනස් විය හැකි අතර ආහාර ගැනීම, ව්‍යායාමයෙහි යෙදීම, නිදාගැනීම මෙන්ම දවසේ කුමණ වේලාව ද යනාදී සාධක මත ද ශාරීරික උෂ්ණත්වය වෙනස් වේ. අපගේ ශරීර උෂ්ණත්වය සවස 6.00 ට පමණ ඉහළම මට්ටමට පැමිණෙන අතර අඩුම උෂ්ණත්වය ඇතිවන්නේ අළුයම 3.00 ට පමණය.

සිරුරේ උෂ්ණත්ව පාලකය යනුවෙන් ද හඳුන්වනු ලබන අපේ මොළයේ හයිපොතොලමසය (hypothalamus – සිරුරේ උෂ්ණත්වය, පිපාසය, කුසගින්න, නින්ද, අවේගශීලී කි‍්‍රයා ආදිය මෙහෙයවන මොළයේ කොටස) මගින් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්ව මට්ටම ඉහළ තලයකට ඔසවනු ලැබීමෙන් උණ ඇතිවේ. මෙය සිදුවු විට ඇඟ සීතල වී යන බව දැනෙන අතර රෙදි ඇඟ මත පොරවා ගැනීමෙන් හෝ ශාරීරික තාපය තවත් වැඩිකරගැනීම පිණිස වෙව්ළීමෙන් හෝ අවසාන ප‍්‍රතිඵලය වශයෙන් සිදුවන්නේ ශරීර උෂ්ණත්වය ඉහළ මටිටමකට යාමයි. එසේ ශරීර උෂ්ණත්වය ඉහළ යාමට හේතුවන කරුණු ගණනාවකි.

වෛරසයක්, බැක්ටීරියා ආසාදනයක්, උෂ්ණයෙන් ඇතිවන අධික විඩාව, අධික ලෙස හිරුරැුසින් සම පිළිස්සීම, රක්තවාතාකාර සන්ධිප‍්‍රදාහය වැනි ඇතැම් ප‍්‍රදාහ තත්වයන්, මාත්සරික අර්බුද (පිළිකාව) ප‍්‍රතිජීවක හා රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ වැනි බෙහෙත් වර්ග, ඇතැම් ප‍්‍රතිශක්තිකරණ එන්නත් එම හේතුකාරක අතරවෙයි.

උණ ගැන සමහරුන් දක්වන්නේ අනිසි බියකි. උණ රෝගයක් ලෙස සලකා එය සුව කරගැනීමට උත්සාහ දරන්නේ එබැවිනි. විශේෂයෙන්, කුඩා දරුවන් සිටින දෙමාපිය ආදීහු  දරුවෙකුට උණ වැළඳුණු විට මහත්සේ බියට පත්වෙති. මෑතක Paediatrics සඟරාවේ පළවු අධ්‍යයන වාර්තාවකට අනුව සමීක්‍ෂණයට ලක්කළ දෙමාපියන්ගෙන් 91‍්‍ර ක්ම කියා සිටියේ උණ නිසා හානිකර ප‍්‍රතිඵල ඇතිවිය හැකි බවයි. උෂ්ණත්වය අංශක 102 ඉක්මවීමට පෙර දෙමාපියන්ගෙන් 89 ක් උණ පාලනය කිරීමේ බෙහෙත් ලබා දෙති. ඉතින් දෙමාපියන් මේ දක්වන්නේ නොනිසි බියකැයි කියන්නේ ඇයි?

උණක් ඇතිවීමෙන් දක්වන්නේ දරුවා ආසාදනයකට එරෙහිව කිසියම් ආකාරයක ප‍්‍රතිචාර දක්වමින් ඉන්නා බවයි. ඔව්, සරල සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ කනේ ආසාදනයක් වැන්නකින් එවැනි ප‍්‍රතිචාර මතුවේ. උණ මගින් පෙන්නුම් කරනු ලබන්නේ දරුවාගේ ප‍්‍රතිශක්තිකරන පද්ධතිය අවදියෙන් ඉන්නා බවයි. උණ කියන්නේ රෝගයක් නොවෙයි. උණ ඇතැම්විට ශරීරයට යහපතක් ඇති කරන්නත් පුළුවනි. මුල් වසරේදී උණක් ගන්නේ නැති ළමයින්ට වඩා උණගත් ළමුන්ට පසු ළමා කාලයේදී ආකාස්මිකතා ඇතිවීමේ අවදානම අඩුබව අධ්‍යයනවලින් හෙළිවී ඇත. වඩාත් වැදගත් වන්නේ ආසාදන වලට එරෙහිව ඔබේ සිරුර ගෙන යන සටනේදී උණට ආධාරයට ඒමට හැකි වීමයි. මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වයේදී ලෙඩ රෝග ඇතිකරවන ක්‍ෂුද්‍ර ජීවීහු යහතින් වැජඹෙති. ඒවාට ප‍්‍රතිජනනයවීමේ හැකියාවෙන් ඔබ්බට උෂ්ණත්වය ඉහළ දැමීමට උණ ආධාරවෙයි. දරුවාගේ සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධති ශ්වේතානු නිපදවීමේ ක‍්‍රියාවලිය සදහා මුලපිරීමට උණ මග පාදයි. ක්‍ෂුද්‍ර ජීවීන්ට එරෙහිව සටන් වදින්ගේ මේ ශ්වේතානුය. සුළු එහෙත් ක‍්‍රමයෙන් වර්ධනය වන පර්යේෂණ පෙළක් මගින් පෙන්වා දෙනු ලබන්නේ උණ හටගෙන ඉබේ බැස යාමට ඉඩදීමෙන් සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝග, පවතින කාලය මෙන්ම ඒවායේ බරපතලකමද අඩුවිය හැකි බවයි.

Mayo Clinic, Medical News today  සහ  Parents.com ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: