අභ්‍යාවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම III :

Posted by

මහා නිරීක්ෂණාගාර වැඩසටහන(Great Observatory Program)

උසස් මට්ටමේ අනුරූප(images) සහිතව විද්‍යුත් චුම්බක වර්ණාවලිය හරහා විශ්වය ගැන හැදෑරිම පිණිස 1990 සහ 2003 අතර කාලයේ දී නාසා ආයතනය විශාල ප්‍රමාණයේ අභ්‍යාවකාශ ටෙලස්කෝප(space telescopes)  හතරක් දියත් කළේය. ඒ, නාසා ආයතනයේ මහා නිරීක්ෂනාගාර වැඩසටහනෙහි(the Great Observatory Program) කොටසක් ලෙසටය. හබල් දුරෙක්ෂය මින් පළමුවැන්නයි. පාර ජම්බුල කිරණ සිට අධෝරක්ත දක්වා පරාසයක තරංග ආයාම ඉන් ආවරණය විය. හබල් දුරෙක්ෂයෙන් ලබාගත් අනුරූප අතිශය මනරම්ය.

අනෙකුත් මහා නිරීක්ෂණගාර අතරට 1991 දී අභ්‍යාවකාශ ගත කොට 2000 දී කක්ෂයෙන් ඉවත් කෙරුණු කොම්ප්ටන් (ගැමා කිරණ), 1999 දී යැවුණු චන්ද්‍රා (X කිරණ) සහ 2003 දී අභ්‍යාවකාශ ගත කළ ස්පිටිසර් (අධෝරක්ත) දුරෙක්ෂ වේ. පසුගිය වසර 40 ඇතුළත තවත් ටෙලස්කෝප 70 ට වැඩි සංඛ්‍යාවක් යැවිණ. මේවායේ කාර්යභාරය සීමිත වූ අතර සුවිශේෂී අරමුණු සඳහා අභ්‍යාවකාශ ගත කෙරුණු ඒවාය.

මෙම අභ්‍යාවකාශ ටෙලස්කෝප පද්ධතියෙහි ප්‍රධාන ඉලක්කයක් වන්නේ අපේ ක්ෂීර පථය ගැලැක්සියයි. දැනට දන්නා පරිදි ක්ෂිරපථය ගැලැක්සිය හරහා දුර ආලෝක වර්ෂ 100,000කි. එහි තාරකා බිලියන 300ක් ඇතැයි සැලකේ. අප ජිවත්වන්නේ එහි මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 28,000ක් ඈතින් ඇති තුනී තැටියකය. පෘථිවියේ මතුපිට සිට බලන කළ ක්ෂිරපථය තැටිය අහස හරහා දිවෙන ආලෝක තීරුවක් පමණකි. එහෙත් අභ්‍යාවකාශයේ සිට සිදුකෙරෙන  නිරික්ෂණවලින් ක්ෂිර පථ තැටියේ බහු තරංග ආයාම දසුනක් සැපයේ. වෙන අන්දමකට විස්තර කළොත් පොළොවෙහි සිට බලන කල අපට දිස්වන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියෙහි ඇසට පෙනෙන කොටසින් දැකිය හැකි දෙයක් පමණකි. අභ්‍යාවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ඊට වඩා පුළුල් පරාසයකින් ක්ෂිර පථය දෙස බැලිය හැකිය. (ලිපි පෙළෙහි II වැන්න බලන්න)

ඒ ආකාරයෙන් අභ්‍යාවකාශයේ සිට දකින දසුන තාරකාවල හා ගැලැක්සිය තුළ තාරකා සහ අන්තස්තාරීය මාධ්‍ය පරිණාමය වූ ආකාරය ගැන නව ආලෝකයක් හෙළන ආකාරය ක්ෂිර පථය ගැලැක්සිය නිරීක්ෂණය කරනු ලැබීමේදී හෙළි වනු ඇත(මේ ලිපි පෙළින් ඉදිරියේදී ක්ෂිර පථය ගලැක්සියෙහි නිරීක්ෂණචාරිකාවක යෙදීමට අදහස් කෙරේ). එමෙන්ම, මෙම දසුන වෙනත් තාරකා වටා පරිභ්‍රමණය වන පෘථිවිය ප්‍රමාණයේ ග්‍රහලෝක ගැන සිදුකෙරෙන සෝදිසිවලදී පුරෝගාමී සේවාවක් ඉටුකිරීමට සමත් වෙනු ඇත. එවැනි ග්‍රහලෝක ඒවායේ පරාවර්තිත ආලෝකයෙන් සොයා ගැනීමට නොහැකි තරමට දීප්තියෙන් හීනය.

ඒ වෙනුවට බහීර් ග‍්‍රහයන්ගේ(exoplanets) චායාවන් ගැන කෙප්ලර් මගින් සොයා බලනු ලැබේ. ඒවායෙහි දීප්තියෙහි වාරිකව සිදුවන ඉතාමත් කුඩා අඳුරුවීමක්(ආලෝක ග‍්‍රහනයක්) පවා සෙවීමෙහි ප‍්‍රයත්නයක යෙදෙමින් බහීර් ග‍්‍රහයන් 150,000 ක් නිරීක්ෂණය කරයි. කෙප්ලර් ටෙලස්කෝපය සකසා ඇත්තේ ක්ෂීර පථය ගැලැක්සිය තුළ පෘථිවි ප‍්‍රමාණ ග‍්‍රහයන් සුලබද යන්න සොයාබැලීමටය. අද වන තෙක් ලැබී ඇති ප‍්‍රතිඵල අනුව පෙණී යන්නේ ක්ෂීර පථය ගැලැක්සිය තුළ බහීර් පෘථිවි (exo-earths)  බිලියන ගණනක් ඇති බවයි.

A Visual Guide to the Universe ග‍්‍රන්ථය ඇසුරෙන් සැකැසෙන ලිපි පෙලක තුන්වැන්න. දෙවැන්න අප‍්‍රියෙල් 1දා  පළවිය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.