විදු නැන නුවණ – Science Literacy for All

මිනිසුන් දෙපයින් ඇවිදින්නේ ඇයි?

බොහෝ කාලයක් මුළුල්ලේ විද්‍යාඥයන් හා හාන්සි පුටු දාර්ශිකයන් අතර කතා බහට මෙන්ම වාද විවාදවලට බඳුන් වන පරිණාමීය ගැටළුවක් ලෙස මෙය දැක්විය හැකියි. ඇත්තටම මිනිසුන් හතර ගාතයෙන් නොයා දෙපයින් යන්නේ ඇයි? අපටත් ගාත‍්‍රා හතරක් ඇති අතර අපේ ඥාති සොයොහුරන් වන වානරයන් කිසි කරදරයක් නොමැතිව හතර ගාතයෙන් යාමට පුරුදුව සිටින්නේ ඇයි? දෙපයින් යෑම වඩා යහපත් වන්නේ ඇයි? එසේ යෑම වඩා යහපත් දෙයක් නොවේ නමි දෙපයින් යාමට මිනිසුන් පරිණාමීය වශයෙන් හුරුවී සිටින්නේ මන්ද?

වානරයන්ගෙන් වෙන්වු අපේ ආදී කාලීන මුතුන් මිත්තන් වන ආදී හොමිනිිඩයන් (මානවයා ඇතුළු හොමිනිඩායි පවුලට අයත් ප‍්‍රිමේටයෙක්) තුළ මුලින් වර්ධනය වු අංගයක් ලෙස දෙපාගමන විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ ඇත. ඊට හේතු දැක්වීම සඳහා න්‍යායන් ගණනාවක්ම ඉදිරිපත් වී ඇතත් ඒවා සමහරක් එකිනෙකට පරස්පරය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමියේ වාර්තාවක් මේ ප‍්‍රශ්නයට නිශ්චිතව පිළිතුරු දීමට උත්සාහයක් දරයි. ඒ අනුව, මානවයින් දෙපයින් ගමන් කරන්නේ එක් පැහැදිලි කාරණාවක් නිසාය :ඒ,  ශක්තිය රැුකගැනීමටය.

මේ පිළිබඳ නවතම අධ්‍යයනය සිදුකර ඇත්තේ ඇරිසෝනා, කැලිෆෝනියාව සහ වොෂිංටන් යන සරසවිවල පර්යේෂකයන් තිදෙනෙකු විසිනි. ඔවුහු වැඩිහිටි මානවයන් හතරදෙනෙකුගේ සහ වැඩිහිටි චිම්පන්සි පස්දෙනෙකු කෙළින් සිට ඇවිදීමේ ඉරියව්වල වෙනස්කම් ගැන පරීක්‍ෂා කර බැලූහ, මෙහිදී වානරයන් අතුරෙන් චිම්පන්සීන් පරීක්‍ෂණයට තෝරා ගනු ලැබුවේ, නුතන අවදියේ මිනිසාගේ වඩාත්ම ළඟ ඥාතියා චිම්පන්සියන් නිසාය. (මෙයට වසර මිලියන හතරේ සිට හත අතරතුර කාලයකදී මානවයන් හා චිම්පන්සීන් එකම පොදු ආදී පුරුෂයෙකුගෙන්  වෙන්වී, ස්වාධීනව පරිණාමය වෙන්නට විය).

පර්යේෂකයෝ ප‍්‍රථමයෙන් චිම්පන්සි පස්දෙනාට ව්‍යායාම වශයෙන් ඇවිදීම සඳහා භාවිතා කරන  ටෙ‍්‍රඞ්මිල් ව්‍යායාම යන්ත‍්‍රයක් මත ගමන් කිරීමට පුරුදු කළහ. ඔවුහු පසුපස ගාත‍්‍රා දෙකින් කෙළින් සිටගෙන ඇවිද්ද අතර හතරගාතයෙන් ඇවිද්දේ සුපුරුදු ගමන් විලාසයෙනි.(ඉදිරි ගාතයේ ඇඟිලි පුරුක් ඇට තබමින් කරන (knucklewalking). ඔවුන් කොපමණ ඔක්සිජන් ප‍්‍රමාණයක් භාවිත කළේද යන්න සෙවීම පිනිස චිම්පන්සින්ට මුහුණු ආවරණ පළඳවා තිබුණි. තවද, චිම්පන්සියන්ගෙන් ටෙ‍්‍රඞ්මිල් යන්ත‍්‍රය මත කොපමණ පීඩනයක් ඇති කළේද යන්නද පර්යේෂකයන් සොයා බැලූහ. ඇවිදීම සඳහා සතුන්  විසින් යොදා ගනු ලැබුවේ කුමන මාංශපේශීන්ද යන්න ඉන් අනාවරණය විය. වැඩිහිටි මානවයන් හතරදෙනා සම්බන්ධයෙන් ද මෙම තොරතුරුම ලබා ගන්නා ලදී.

ඇවිදීමේ පරීක්‍ෂණ පෙන්නුම් කළේ කණ්ඩායමක් ලෙස චිම්පන්සීන් දෙපයින් ඇවිදීමේදී මෙන්ම හතර ගාතෙන් ඇවිදීමේදී සාමාන්‍ය තක්තේරුවකින් ගත් කල එකම ශක්ති ප‍්‍රමාණයක් වැය කළ බවයි. මානවයන් කණ්ඩායමක් වශයෙන් ගත් කල කෙලින් සිට ඇවිදීමේදී චිම්පන්සියන් හතර ගාතයෙන් යද්දී වැයකළාට වඩා අඩුවෙන් ශක්තිය වැයකර ඇති බව පෙනීගියේය. ශක්තිය රැකීමට මගපාදන නිසා කෙළින් සිට ඇවිදීම වඩා වාසිදායක බව ඒ අනුව හෙළිවිණ.

තවත් අවධානය යොමුවු කරුණක් වුයේ ශක්තිය වැය කිරීම සම්බන්ධයෙන් චිම්පන්සීන් පස්දෙනා අතර දක්නට ලැබු අසමානතාවයන්ය. එක් චිම්පන්සියෙක- දෙපයින් ගමන් කිරීමේදී වැයකර තිබුනේ හතර ගාතයෙන් යෑමේදී වැය කරනවාට වඩා අඩු ශක්ති ප‍්‍රමාණයකි. තවකෙකු දෙපයින් මෙන්ම හතර ගාතෙන් ඇවිදීමේදී වැයකර තිබුනේ එකම ශක්ති ප‍්‍රමාණයකි.  ඉතිරි තිදෙනා දෙපයින් ගමන් කිරීමේදී වැඩි ශක්ති ප‍්‍රමාණයක් වැය කර තිබුණි. මේ වෙනස්කම් චිම්පන්සියන් ගමන් කරන්නේ කෙසේද යන්න හා ඔවුන්ගේ ශරීර ව්‍යුහය මත පාදක වන්නට ඇති බව නිගමනය විය. මේවා පරිණාමයේ අත්‍යවශ්‍ය අංගයක් පිළිඹිබු වන්නේ යයි එක් පර්යේෂකයෙක් දැඩි උනන්දුවෙන් කියා සිටියේය.

කෙළින් ඇවිදින විට චිම්පන්සින් සාමාන්‍යකින් විශාල උකුළු මාජශපේශී උපයෝගී කරගන්නා අතර කෙටි පියවර තබන බව ඇවිදීමේ වීඩියෝ පට නිරීක්‍ෂණයේදී හෙළිවිණ. මානවයනින් පෙළඹෙන්නේ සිය පාදයේ පහළ කොටසේ තිබෙන්නාක් බඳු, ප‍්‍රමාණයෙන් කුඩා මාංශපේශී භාවිතයටයි. එමෙන්ම ඔවුහු දිග පියවර තබති මේ කාරණා දෙකම නිසා ඇවිදීමේදී ශකිත්ය රැුකගැනීමට මිනිසාට අවකාශ ලැබේ.

මානව පරිණාමයට ශක්තිය වැයවීම දායක වී ඇති අන්දම මෙම පරීක්‍ෂණයෙන් හෙළිවෙයි. කෙළින් නැගිට ගමන් කිරීමෙන් ශක්තිය පිරිමසා ගැනීමට  ආදී මානවයන් පුරුදු වු ෆොසිල වාර්තාවලින් පෙන්නුම් කරයි. ඇතැම් ආදී මානවයන් තුළ දිගු පාද වර්ධනය වු ආකාරය එම වාර්තාවලින් පෙන්නුම් කෙරේ. නූතන මානවයන්ගේ පෙන්නුම් කරන පරිදි ආදී මානවයන්ගෙන් සමහරෙක් දිගුපාද, වෙනස්  උකුළු ව්‍යුහයන් හෝ ඝනකම පාද අස්ථි වර්ධනය කරගෙන ඇති බව මේ ෆොසිල දක්වයි.

දෙපයින් ඇවිදීම විද්‍යාඥයන් දකින්නේ  ආදී වානරයන් බඳු ආදිතමයන්ගෙන් සිට මානවයන්ගේ වර්ධනයේ වැදගත් සාධකයක් ලෙසයි දෙපයින් ඇවිදීම නිසා ශක්තිය අරපරිස්සම් කිරීමට හැකිවු බවයි මේ මතයෙන් තහවුරු කිරීමට උත්සාහ දරන්නේ. දඩයම් කිරීම, සරල ආයුධ නිර්මාණය කිරීම, වෙනත් වස්තූන් සමග අන්තර් ක‍්‍රියාකිරීම, කෑම එකතු කරගෙන පවුල් ඒකකයට රැුගෙන ඒම ආදී ක‍්‍රියාවන් උදෙසා, දෑත් පාවිචිචි කිරීමට දෙපයින් ඇවිදීම නිසා මග පෑදිණු බවට කලින් පැතිර තිබූ මතයි. මෙවලම් භාවිතය සඳහා ගාත‍්‍රා දෙකක් නිදහස් කරගැනීමට සමත්වීම ඉහළ ප‍්‍රඥා මහිමය පෙන්නුම් කරන සාධකයක් යැයි ඈත අතීතයේදී චාල්ස් ඩාවින් ප‍්‍රකාශ කර තිබුණි.

How Stuff Works හි Why do humans walk on two legs  ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: