විදු නැන නුවණ – Science Literacy for All

කටේ කෙළවල ඇති රසායන මොනවාද?

කටේ තියෙන කෙළ නැතිනම් ඛේටයෙහි ඇති රසායන මොනවාද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ 98%ක්ම ජලය කියලයි. ඔව්, කෙළ සම්පූර්ණයෙන්ම වාගේ ජලයයි. හැබැයි කෙළවල තවත් රාසයන අඩංගු වෙනවා. ඉන් එකක් තමයි දිය වූ ලවණ. ග්ලේශමල ස්‍රාවය (සෙම) හා විෂබීජනාශක අණු සමහරක්ද කෙළවල අඩංගුයි. ඊට අමතරව එන්සයිමත් තියෙනවා. පිෂ්ටය හා ග්ලයිකොජින්වලින් සරල සීනි නිපදවන ඇමයිලේස් එන්සයිමය ඉන් එකක්. මේද ඛණ්ඩනය කළ හැකි ලිපේස් (lipase) කෙළවල ඇති තවත් එන්සයිමයක්. ඉතින් ඛේටය (කෙළ) තමයි කෑම ජීර්ණවීමේ ක්‍රියාවලියේ ප්‍රථම පියවර වන්නේ.

කෙළ තුළ නිෂ්පාදනය වන තවත් රසායන ගණනාවක් තිබෙනවා. ඒවා විෂබීජනාශක කාරකයන්ය. බැක්ටීරියා සෛල බිත්ති කඩා විවෘතකරන එන්සයිමයක් වන ලයිසොසයිම්, බැක්ටිරියා හා දිලීර නසන ප්‍රෝටීනයන් වන  ලැක්ටොෙෆරින් වගේම පෙරොක්සිඩේස්, ප්‍රතිශක්ති ග්ලොබියුලීන එම විෂබීජ නාශක අතර වෙනවා. මේ අන්දමට විෂබීජ නාශක රසායන තිබෙන බවක් නොදැන වුවත් සිරුරේ සුළු සීරිම් තුවාලයක් ඇති වූ විට කෙළ ටිකක් ගෑමට සමහරු පුරුදුවෙලා තියෙනවා. මීයන්ගේ කෙළවල නම් තුවාල ලෙවකන විට සුවවීමට උපකාරිවන හෝමනයන් අඩංගුවෙනවා. මිනිසුන්ගේ කෙළවල එවැන්නක් අඩංගු නැහැ.

ඉතින් කෙළවල ඇති රසායනවලින් සිදුවන සේවය කුමක්ද? සිරුරේ පිටත ඇති සමෙහි ඇති මාදිලියේ ඝන ආරක්ෂක බාධකයක් අපේ කටේ හෝ නාසයේ නැහැ. මුඛය හා නාසය ඒ වෙනුවට ආරක්ෂා වී ඇත්තේ ශ්ලේෂ්මල ස්‍රාවයෙන්. සිරුරේ සම නොමැති ඕනෑම  තැනක සෛලවලට බැක්ටිරියා, දිලීර හා වෛරසවලින් පැමිණෙන හානිවලින් ආරක්ෂා කිරීම සඳහා ශ්ලේශමල ස්‍රාව ස්තරයක් පවතිනවා. ශලේශමල කියන්නේ සරල සීනි බැඳී ඇති ප්‍රෝටීන එකතුවීමෙන් උකු වූ ජලයයි. ඒවා මුඛය හා නාසය බිත්තිවලට ඇළී සිටීමට ශ්ලේශමලට උදව්වන්නේ එකී ප්‍රෝටීනයි. එපමණක් නොව බැක්ටිරියා හා අංශු පෙනහළුවලට යා නොදී කොටු කර ගැනීමට උපකාරී වන්නේද ඒවාය. වැරදීමකින් හෝ මුඛයෙහි හා නාසය හරහා ගිය විෂබීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පෙනහළුවලද ශ්ලේශමල ස්තරයක් ඇත.

අප කන ආහාර පහසුවෙන් විකීමට හා ගිලීමට හැකිවන පරිදි අහර ලුහුටුවන්නේ ශ්ලේශමලයි. ඉතින් අපට කෑම දැක්කහම, ඒවායේ සුවඳ දැනෙනවිට හා කෑම ගැන සිතන කොට පවා අපේ ඛේට ග්‍රන්ථි ලුහුටීමට අවශ්‍ය ස්‍රාවයන් නිපදවීමට පටන් ගනී.

200 Questions About Chemistry What are the chemicals in spit? http://questions.sci-toys.com/node/107

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: