සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිහිකත මවගෙන් උපන් දියණි, සඳවතී

චන්ද්‍රයා හෙවත් සඳ සහ සඳේ උප්පත්තිය ගැන කතා එමටයි. ඒ බොහොමයක් ලෝකයේ විවිධ රටවල ප‍්‍රචලිත රසවත් ජනකතා. ආශාවෙන් අසා ඉන්න පුළුවන් වුවත් ඒවායේ විද්‍යාත්මක පදනමක් නැහැ. හැබැයි සඳේ උප්පත්තිය පිළිබඳ විද්‍යා කතාවත් ඒ හා සමානම රසවත් අන්දරයක්.

BIG BANG හෙවත් මහා පිපුරුම ගැන අහලා තියෙනවානේ? මෙයට වසර බිලියන 13.7 කට පෙර සිදුවුණු බව සැලකෙන මහා පිපුරුමෙන් තමයි මුලූ විශ්වයම බිහිවුණේ. එ් වගේ, චන්ද්‍රයාගේ බිහිවීම ගැන කියන ප‍්‍රධාන න්‍යාය හදුන්වන්නේ BIG WHACK හෙවත් ‘මහා ප‍්‍රහාරය’ කියලයි. ඒකෙන් කියවෙන්නේ ෙමි වගේ දෙයක්.

මෙයට වසර බිලියන 4ග5කට පමණ පෙර පෘථිවිය හා අපේ සෞරග‍්‍රහ මණ්ඩලය තවමත් ළමා අවධියේ පසුවෙද්දී සූර්යයා වටා පැවති ආදි කල්පීය (මූලාවස්ථික) දූවිලි තැටියේ  ග‍්‍රහලෝක තරමේ වස්තූන් ගණනාවක් තිබුණා.  පෘථිවිය එ්වා අතුරින් එකක් පමණයි. ඉතින් එ්වායින් එක් වස්තුවක් — දැවැන්ත ක්ෂුද්‍ර ග‍්‍රහයෙක් හෝ වාමන ග‍්‍රහයෙක්  වෙන්නැති — පෘථිවිය හා තදින් හැප්පුණා. එ් ඝටිටනයෙන් පෘථිවි ගෝලයෙන් විශාල  කුටිටියක් කැඩිලා ගියා. ඒ සුන්බුන්  අභ්‍යාවකාශයට මුදා හැරුණේ දූවිිලි හා උණුවුණු  පාෂාණ ටොන් බිලියන ගණනක්  ලෙසටයි. මේ සුන්බුන් අනතුරුව  පෘථිවිය වටා වළල්ලක් හැටියට ඇදී ගියා. (සෙනසුරු ග‍්‍රහයා වටා ඇති වළලු ගැන දන්නවා ඇතිනේ. මෙයත් ඊට සමානයි. එ්ත් සෙනසුරු ග‍්‍රහයා වටා ඇති වළලු සැදී ඇත්තේ අයිස් වලින්- තවමත් එ් විදිහටමයි තියෙන්නේ)

එ් සුන්බුන් පසුව ගුරුත්වය නිසා කැටි ගැසී ඝන කුට්ටියක් බවට පත්වුණා. ටික කාලයක් මේ නව චන්ද්‍රිකාව (චන්ද්‍රයා) උණු වී පැවතුණා පමණක් නොවෙයි  එහි මතුපිට යමහල්  පිපිරීම් සහ ගලා යන ලාවා වලින් පිරී පැවතුණා.  ඊට පස්සෙ ඔන්න සීතල වෙන්න පටන්  අර ගත්තා.  ඊට වසර මිලියන 900 ක් විතර යද්දී එය අද තිබෙන තත්ත්වයට බොහෝ සමාන වුණා. ඔව්, පෘථිවියේ ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් විතර වන කබොල්ලක් සහිත සීතල බෝලයක්.  පෘථිවියේ සිට සැතපුම් 240,000ක් (කි.මී 384,400) ක සාමාන්‍ය දුරකින් පිහිටි චන්ද්‍රයා  දින 27.3 කට වරක් පෘථිවිය වටා යනවා.

MOON (1)

1-2-3 කුඩා ග‍්‍රහයෙක් හෝ ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටෙනවා.

4-5 ඉන් ඇති වු සුන්බුන්  පෘථිවිිය වටා වළල්ලක ආකාරයක පිහිටනවා. එය සෙමින් සීරුවේ ක‍්‍රමයෙන් චන්ද්‍රයා බවට පත්වෙනවා.

වර්තමානය ගැන සලකතොත්, අද චන්ද්‍රයා මත වාතය ජලය හෝ ගුරුත්වය නැද්ද?

ඔව්, ස්කන්ධය පෘථිවියට වඩා අඩු නිසා (එ් නිසාවෙන්ම ගුරුත්වා-කර්ශණයත් මදි නිසා) චන්ද්‍රයා මත පෘථිවියේ මෙන් ජලය හෝ වාතය නැති අතර වායුගෝලයකුත් නැහැ. එ්වා තබා ගැනීමට තරම් චන්ද්‍රයා ප‍්‍රමාණයෙන් විශාල මදියි. එ් නිසා ගුරුත්වයත් අඩුයි. එයින් පැහැදිලිවෙන්නේ  සූර්යයාගේ විකිරණ  අවශෝෂණය කර ගැනීමට සහ ර`දවා ගැනීමට යමක් එහිි නෑ යන්නයි. එ් නිසා චන්ද්‍රයා මතුපිට සෙවනෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 1800 සිට කෙළින්ම සූර්යයාලෝකය ලැබෙන විට සෙල්සියස් අංශක 1300 දක්වා ඉහළ යනවා.

ඒ කොහොම වෙතත් චන්ද්‍රයාගේ ගුරුත්වයක් තිබෙනවා තමයි, ඇත්තටම විශ්වයේ හැම වස්තුවකටම ගුරුත්වයක් තිබෙනවා, එහි ප‍්‍රමාණය තීරණය වන්නේ වස්තුව කොපමණ විශාලද යන්න මතයි . එ්ත් ඉතින් චන්ද්‍රයා  පෘථිවියට වඩා බොහෝ කුඩා නිසා එහි ගුරුත්වාකර්ෂණය හීනයි,  සඳ මතුපිට ගුරුත්වය පෘථිවිය මෙන් හයෙන් එකක්  පමණ වෙනවා, එ් නිසා තමයි සඳගාමීන්  චන්ද්‍රයා මතුපිට ගමන් කරනු පෙන්වන  වීඩියෝ පටවල ඔවුන් පැන පැන යන බවක් පේන්නේ .

 

ග‍්‍රහ තරු – සැරි සරු(සරත් කැල්ලපත, 2015) ග‍්‍රන්ථය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: