විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවිය බිහිවුණේ බ්‍ර‍හස්පති නීච වීම නිසාද?

බ්‍ර‍හස්පති ග්‍ර‍හයා

ග්‍රීක රෝම ජනපුරාණයට අනුව දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ බෘහස්පතිය. ග්‍රික ප්‍රවාදවල එන ටයිටන්වරු විනාශ කර දැමූ බෘහස්පති ඊර්ෂ්‍යාකාර, පළිගන්නා සුළු ගති ගුණවලින් හෙබි, දෙදෙව් ලොව අධිපතියා විය. බැලූ බැල්මට පුදුම හිතුණත්, විද්‍යාත්මක න්‍යායයන් ද මේ ඓතිහාසික අන්දරයට පණ පෙවීමක් කරයි. බෘහස්පතිගේ නම දරා සිටින, මේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම, බරින් වැඩිම ග්‍රහයා සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රමුඛතම බලවේගයකි. ග්‍රහ ලෝක බිහිවෙන අවස්ථාවේ ඉතිරි වූ සුන්බුන් එහේ මෙහේ දමා ‍ගසද්දී බෘහස්පති ඉන් සමහරක් පෘථිවි මූලාවස්තික ගෝලය වෙතටත් විසිකරද්දී බාගවිට අද අපේ මහා සාගර පිරී පවතින ජලය ද සැපයූවා විය හැකියි. අදටත් බෘහස්පති, ග්‍රහාක පොදි ගණන් ගාල් කරන අතර ඉන් සමහරක් එක්කෝ ඉඳහිට අන්තස්තාරිය (interstellar) අභ්‍යවකාශය වෙත හානියක් නොමැතිව විසි කර දමයි. නො එසේ නම් පෘථිවිය හා අනෙකුත් ග්‍රහයන් වෙත හානිකර විය හැකි මගක් ඔස්සේ එවයි. ග්‍රහාකද සම්බන්ධ වූ මෙයට වසර මිලියන 66කට පෙර සිදු වූ ඩයිනසෝර නෂ්ටප්‍රාප්තියේදී බෘහස්පති කිසියම්කාර්ය භාරයක් ඉටු කරන්නට ඇත. අපේ මමාලියානු (ක්ෂීරපායීන්ගේ) ආදිතමයන්ගේ ආධිපත්‍යයට මග පෑදුනේ එම සිද්ධිය වන අතර බෘහස්පති නොසිටියා නම්  මානවයන්ද නොඉන්නට ඉඩ තිබුණි.

නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ, බෘහස්පති නොවන්නට මානවයන් මතු නොව අපේ මේ පෘථිවියම නොපවතින්නට ඉඩ ඇති බවයි. පෘථිවිය සහ (අභ්‍යන්තර ග්‍රහයන් ලෙස හඳුන්වනු ලබන) අනෙකුත් පාෂාණමය ග්‍රහයන් තිදෙනා දැන් කක්ෂ  ගතව ඇති ස්ථානයේ, මුලාරම්භයේ දී පූර්ව පරම්පරාවක ග්‍රහලෝක තිබෙන්නට ඇත.ඒවා වඩාත් විශාල විමට, වායු වළින් වැසීයාමට හා කොහෙත්ම වාසයට නුසුදුසුවීමට උරුම කම් තිබූ ග්‍රහලෝක විය හැකිය. එහෙත් බෘහස්පති පැද්දි පැද්දී අවුත් ඒ පුරාණ ග්‍රහලෝක විනාශ කර දමමින් පෘථිවිය වැනි කුඩා ග්‍රහයන්ට මග පාදා දුන්නේ ය. මෙම අධ්‍යයනයේ සම කර්තෘවරු වන්නේ කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ ග්‍රහ විද්‍යාඥ කොන්ස්ටන්ටයින් බැටිගින් සහ කැලිෆෝනියා සරසවියේ තරකා භෞතික විද්‍යාඥ ග්‍රෙග් ලාෆ්ලින් යන දෙදෙනායි.

අපේ සෞර ග්‍රහ මණ්ඩලය තුළ වඩාත් විශාල ප්‍රමාණයේ ග්‍රහ ලෝක එමෙන්ම ග්‍රහ ලෝක විශාල ප්‍රමාණයක්ද තිබූ බවට හේතු සාධක එමටය. නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම වැනි ග්‍රහ ගවේෂණ ව්‍යාපාති මගින් සොයා ගනු ලැබ ඇති බහු ග්‍රහ මණ්ඩල සිය ගණනම ඊට හොඳ සාධකයකි. අපේ ග්‍රහ මණ්ඩලයේ තාරකාව වන සූර්යයාත්. සූර්යයාගේ සිට මුලින්ම ඇති බුද ග්‍රහයාත් අතර අභ්‍යවකාශය හිස්ව තිබුණත් අනෙක් තාරකාවල මේ හා සමාන ප්‍රදේශ අතරමැදි ප්‍රමාණයේ (ඒ කියන්නේ පෘථිවියටත් නෙප්චූන් ග්‍රහයාටත් අතර ප්‍රමාණයේ) ග්‍රහලෝකවලින් පිරී ඇති බවක් පෙනෙන්නට ඇත. මේවාට ‘සුපිරි – පෘථිවි’ යයි කියනු ලැබුවත් ඒවා වඩාත් ළංවන්නේ හයිඩ්‍රජන්වලින් පොහොසත් වායුවලින් වැසී ගිය නෙප්චූන් වැනි ග්‍රහ ලෝකවලටයි. ‘ග්‍රහ මණ්ඩලවල සම්මතය මෙවැනි සුපිරි පෘථිවි වැනි අභ්‍යන්තර ග්‍රහලෝක බව අපේ ග්‍රහ මණ්ඩලය සෙසු ග්‍රහ මණ්ඩල හා සසඳන විට පෙනී යනවා’යයි ලාෆ්ලින් පෙන්වාදෙයි. ”ඒ අනුව පෙනී යන්නේ අපේ සෞරග්‍රහමණ්ඩලය සෙසු ඒවාට වඩා වෙනස් බවකි.”

එය එසේ නම් පැහැදිලිවන කාරණය වන්නේ එසේ වූයේ කෙලෙසද යන්නයි. බැටිගින් කියන විදිහට නම් වෙනත් තාරකා  මැදිකරගෙන පරිණාමය වූ ආකාරයට වඩා වෙනස් ආකාරයකට අපේ තාරකාව වටා ග්‍රහ මණ්ඩලයක් පරිණාමය වන්නට හේතුවක් නැත. එසේ නම් මෙම වෙනසට හේතු පාදක වන්නට ඇත්තේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය පසු කලෙක පරිණාමය වී ඇති ආකාරයයි. එනම් සැලකි යුතු මට්ටමකට බෘහස්පතිගේ බලපෑමෙන් එසේ පරිණාමය වීමයි.

සූර්යයා සහිත අපේ සෞරග්‍ර‍හමණ්ඩලය චිත්‍ර‍ශිල්පියෙකු දුටු ආකාරය

සූර්යයා සහිත අපේ සෞරග්‍ර‍හමණ්ඩලය චිත්‍ර‍ශිල්පියෙකු දුටු ආකාරය. දකුණු කෙළවරේ ඇති විශාල වස්තුව බ්‍ර‍හස්පතිය.

 

ග්‍රහ මණ්ඩල සැලකිය මට්ටමකට ස්ථිතික, ස්ථාවර පද්ධති බව තාරකා විද්‍යාඥයෝ විශ්වාස කළහ. ආරම්භක වායු හා ධුලි වලා තැටියකින් ග්‍රහ ලෝක බිහිවන අවස්ථාවේ පාෂාණමය ග්‍රහලෝක තාරකාවට (සූර්යයාට) ආසන්නයේ පිහිටන අතර වායු යෝධයන් හිරුගෙන් ඈත්ව නිර්මාණය වන්නේ යයි කල්පනා කෙරිණ. ඒත් මේ මත ඉස්මතු වුණේ අපේම සෞර ග්‍රහමණ්ඩලය අධ්‍යයනය කිරීමෙනි. මෙයට වසර විස්සකට පෙර තාරකා විද්‍යාඥයන්ට වෙනත් තාරකා වටා කක්ෂ ගතව ඇති මුල්ම ග්‍රහ ලෝක, සොයා ගැනීමට හැකි විය. ඒවා අධ්‍යයනය, එවැනි ලෝක හා පද්ධති ගැන හැදෑරීමට පමණක් නොව අපේ සෞර ග්‍රහ මණ්ඩලය ගැන නව කෝණයකින් බැලීමට මග පාදයි. පෘථිවිය ඇතුළු පාෂාණමය ග්‍රහ ලෝක බිහිවීමෙහිලා බෘහස්පතිගේ කාර්යභාරය ගැන මතවාදය ගොඩ නැගෙන්නේ එවන් පසුබිමක් තුළය. රුවල් බෝට්ටුවක් බෝයාවක් වටා ගමන් කරන ආකාරයට බෘහස්පති බිහිවන අවධියේ බෘහස්පති අභ්‍යන්තර සෞර මණ්ඩලය වෙත සර්පිලාකාරව සංක්‍රමණය වී යළිත් ආපසු හිරුගෙන් ඈත්වන්නට ඇතැයි යන්න මේ මතයේ සාරයයි.

බුද ග්‍රහයා සාපේක්ෂව කුඩාවීම, ග්‍රහක පථයේ අයිස් මෙන්ම පාෂාණමය වස්තුන් විසිරී පැවතීම සහ සෞර ග්‍රහමණ්ඩලයේ තවත් විවිධ අංග පැහැදිලි කිරීමට මෙම මතය ඉවහල් වෙතැයි සැලකේ. කෙසේ වෙතත්, අපේ සූර්යා ආදි පරම්පරාවක අභ්‍යන්තර ග්‍රහලෝක නිර්මාණය කොට පසුව සූර්යාට ඒවා අහිමිව ගිය බවට ඇති සාධක ඉතාමත් විරල වුණත් ලාෆ්ලින්ගේ අදහස් කරන්නේ නව මතය තවදුරටත් අධ්‍යයනය කිරීමවැදගත් බවයි.

Scientific American හි Jupiter, Destroyer of Worlds, May Have Paved the Way for Earth ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: