විදු නැන නුවණ – Science Literacy for All

දෙපා ගඳ ගසන්නේ ඇයි?

දෙපා ගඳ ගසන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අපි ඊට වඩා පුළුල් ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගමු: යමකින් අපසන්න ගඳක් විහිදුවන්නේ ඇයි? එහෙමත් නැති නම් සමහර දේවල් ගඳ ගසන්නේ ඇයි?

දුර්ගන්ධයක් ඇතිවීමට පිළිවෙලවල් දෙකක් තිබේ. සමහර දේවල් අපේ නාසයේ, ඇස්වල හා උගුරේ ශ්ලේෂ්මල පටල ‍තදින් උත්කෝපනය (irritate) කරයි. ඇමෝනියා, ක්ලෝරීන් සහ අම්ල වාෂ්ප වැනි දැඩි ක්ෂාරීය රසායන අපේ රුජා (වේදනා) සංවේදන උත්තේජනය කරන අතර එකවරම දුගදින් අප ඈත් කිරිමට පොළඹවයි. ඒ කෙසේ වෙතත්, බොහෝ දුර්ගන්ධ වඩාත් සියුම්ය. ඒවා හඳුනාගනු ලබන්නේ අපේ නාසයේ ඇති විශේෂ සෛල මගිනි. ගන්ධ අණුවක් මගින් එකවර  එක සෛලයකට වඩා උත්තේජනය කරනු ලැබිය හැකි අතර විවිධ ගන්ධයන් ප්‍රතිග්‍රාහක එකතුවක් මගින් හඳුනාගැනීමට හැකිවේ. මොළය වෙත ‍තොරතුරු සපයන ස්නායුවක් සෑම ආස්‍රාණ සෛලයකටම ඇත. මානවයන්ට මෙවැනි සෛල මිලියන 40ක් පමණ තිබේ. සුනඛයෙකු ගතහොත් ඒ වගේ දස ගුණයකි. (බිලියන 2යි.) එමෙන්ම, මානවයන්ට ගන්ධ ප්‍රතිග්‍රාහක වෙනුවෙන් ජාන 350ක් පමණ ඇති අතර විවිධ ගන්ධයන් 10,000ක් පමණ වෙන්කොට හඳුනා ගැනීමට හැකිවේ.

ගඳට පුරුදු වීමට ද සාමාන්‍යයෙන් සිදුවන්නකි. කිසියම් ගන්ධයකට තරමක වේලාවක් අනාවරණය වූ විට අප එයට ‘ඇබ්බැහි වෙන” අතර තවදුරටත් එය වෙන්කොට හඳුනාගැනීමට අසමත් වේ. මොළය අලුතෙන් ‍දැනෙන ගඳ සුවඳ ගැන  මිස තමන්ගේම සිරුරේ ගන්ධය වැනි වූ පොදුවේ නිතර ඇති ගන්ධයන් ගැන උනන්දුවක් නැතුවාසේය. ගැහැනු පිරිමි වශයෙන් ගතහොත් ගැහැනු පිරිමින්ට වඩා ගන්ධයන්ට සංවේදීය. ගැබ්බර අවස්ථාවේ මේ බලපෑම තවත් වැඩිය. වයස ගැන කල්පනා කළහොත් වයස් ගතවෙද්දී ගන්ධයන් දැන ගැනීමට ඇති අපේ හැකියාව අඩු වී යයි.

ගඳ සුවඳ දැනගැනීමේ හැකියාව අපට අපේ ජීවිත ගෙවීමට විවිධාකාරයෙන් උදව් වේ. කෑමට සුදුසු ආහාර ගැන දැන ගැනීමට අපට මෙම හැකියාව ඉවහල් වේ. එමෙන්ම ආහාරයක් නරක් වී ඇති බව කුණු වී ඇති බව අපට කියන එක් සාධකයකි ගන්ධය. බැක්ටිරියා අධිකව ඇති තැන්වලට හෝ අන්තරයාකාරි වාෂ්ප නිකුත්වෙන තැන්වලින් අප ඈත් කොට තබන්නට ගන්ධය උපකාරි වේ. උදාහරණයකට නිවසේ ගෑස් කාන්දුවක් ඇත්නම් අපගේ නාසයට එය දැනීමත් සමගම ආරක්ෂක පියවර ගැනීමට අප පොළඹවයි. දුගඳ හමන බොහෝ දෑ මිනිස් අපට හානිකරයි. නො එසේ නම් හානිකර විය හැකි බව අපට කියා පායි.

අපගේ පාද ගඳ ගැසීමට බලපාන රසායනික ප්‍රතික්‍රියාව කුමක් ද? සිරුරේ අනෙක් කොටස්වලට මෙන්ම දෙපාවලට ද දහඩිය දමයි. සාමාන්‍යයෙන් ගත්තොත් දහඩියෙහිම කියා ගඳක් නැත. එහෙත් දහඩියෙහි බැක්ටිරියාවලට අවශ්‍ය පෝෂණ කොටස් ඇත. තවද බැක්ටිරියාවල යහපැවැත්මට අවශ්‍ය උණුසුම්, මඳ ‍තෙතමනය ඇති තැනක් දහඩිය මගින් සැපයේ.

දහඩියෙහි ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන (ප්‍රෝටීන සෑදෙන්නේ ඇමයිනෝ අම්ලවලිනි) අඩංගුවේ. මේවා අනුභව කිරීමේදී වඩාත් සරල අණු බවට පත් කිරීමට බැක්ටිරියාවලට හැකිය. වඩාත් සරලතම අණුවක් වනුයෙන් ප්‍රොපියොනික් අම්ලයයි( propionic acid). මෙම අම්ලයෙහි ව්‍යුහය විනාකිරිවල අඩංගු ඇසිටික් අම්ලයෙහි ව්‍යුහයට සමානය. එකම වෙනස වම් පැත්තට අතිරේක කාබන් පරමාණුවක් එක්වී තිබීමයි. මේ අම්ලය දැඩි විනාකිරි ගන්ධයක් දනවයි.

ඇමැයිනෝ අම්ල බැක්ටිරියා මගින් කඩා බිඳ දැමීමෙන් ඇතිවන තවත් අතුරු නිෂ්පාදනයක් වන්නේ අයිසොවැලරික්(Isovaleric acid)අම්ලයයි. එහිද සැර ගන්ධයක් ඇත. කේජු නිෂ්පාදනය කරන විට ඇමයිනෝ අම්ල බැක්ටීරියා මගින් බිඳ දැමීමේදී නිපදවන අපද්‍රවයකි අයිසොවැලරික් අම්ලය. චීස්වල(කේජු) සගන්ධයට දායක වන ප්‍රධාන අනුවක් වන්නේ එයයි. ඉතින් ඔබේ දෙපාවලින් විනාකිරි හෝ කල් පසු වූ කේජුවල හෝ එහෙමත් නැතිනම් ඒ දෙකම මිශ්‍ර වූ දුගඳක් නැගේ නම් ඒ ඉතින් බැක්ටිරියාවල ක්‍රියාකාරීත්වය නිසා තමයි.

200 Questions About Chemistry – With Answers හි Why do things stink? සහ  What is the chemical reaction to make your feet smell  ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: