සැමට විදු නැන නුවණ – Science Literacy for All

බුද  ගවේෂක ‘මැසෙන්ජර්’ යානයේ අවසන් ජවනිකාව

බුද ග්‍ර‍හයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති අයිස්

වසර හතරකට වැඩි කාලයක් බුද ග්‍රහයා වටා කක්ෂගතව ගමන් කළ නාසා ආයතනයේ ගවේෂක යානය අප්‍රියෙල් 30 දා ග‍්‍රිනිච් වේලාවෙන් රාත‍්‍රී 7.30ට (අපේ වේලාවෙන්  මධ්‍යම රාත‍්‍රියේ)  එහි අවසන් මාරක පිම්ම පැනීමට නියමිතයි. යානය තත්පරයකට කිලෝමීටර් 3.9 වේගයකින් බුද ග්‍රහයා මතට කඩා වැටෙනු ඇත. 1975 දී මැරයිනර් 10 බුද අසළින් ගමන් කිරීමෙන් පසුව එම ග්‍රහයා වෙත යැවුණු දෙවැනි මෙහෙයුම මැසෙන්ජර් මෙහෙයුමයි. 2004 අගෝස්තු 03 දා දියත් කෙරුණු මෙසෙන්ජර් විපරම 2008 ජනවාරි, 2008 ඔක්තෝබර් සහ 2009 සැප්තැම්බර් බුද ග්‍රහයා අසලින් ගමන් කළ මැසෙන්ජර් යානය 2011 මාර්තු මාසයේ දී ප්‍රථම වරට බුද ග්‍රහයා වටා කක්ෂගත ගමන ඇරඹුනේ බුද වටා ගමන් කරන ප්‍රථම යනාව ලෙසිනි.

ග්‍රහවිද්‍යාඥ (planetary scientist) සහ නිව්යෝක් නුවර ලැමොන්ට්-ඩොහර්ටි නිරික්ෂණාගාරයේ අධ්‍යක්ෂ මැසෙන්ජර් මෙහෙයුමේ ප්‍රධානි ෂොන් සොලමන් නේචර් (Nature) සඟරාව හා මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක කොටසක් සංක්ෂිප්තව මෙහි දැක්වේ.

ප්‍ර.: බුද ග්‍රහයා වෙත මෙහෙයුමක් යැවීමට අවශ්‍ය වූයේ ඇයි?

උ.:අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ අපේ දැනුමෙහි අවසන් ඉම බුදයි. අප අඟහරු හා චන්ද්‍රයා වෙත මෙහෙයුම් ගණනාවක්ම දියත් කළත් බුද වෙත යැවුණේ මැරයිනර් 10 (Mariner 10)  පමණයි.  එය බුද ග්‍රහයා අසලින් තෙවරක් (1974 දී දෙවරක් සහ 1975 දී එක් වරක්) බුද අසලින් ගමන් කළා. බුද ග්‍රහයාගේ භූ විද්‍යාත්මක  ඉතිහාසය ගැන මුල්ම දැක්මක් ඉදිරිපත් කෙරෙන අනුරූප එමගින් අපට ලබාගන්න හැකිවුණා. එහෙම වුණත් දැනගැනීමට නොහැකි, පිළිතුරු ලබාගැනීමට අසමත් ප‍්‍රශ්න තව කොපමණ තිබුණාද? ඇත්තටම බුද කියන්නේ වැදගත් තොරතුරු බොහොමයක්ම අඩු ග්‍රහයෙක්

ප්‍ර.: සමීපව දකින විට එහි පෙනුම කෙබඳුද?

උ.: බුද ග්‍රහයා පිළිබඳ වඩාත්ම සිත් කලකිරවන අංශය බවට පත්වුණේ එහි බොහෝ දුරට ඒකරූපී වර්ණයයි. අභ්‍යවකාශ කාලගුණ විෂමතා නිසා ක්ෂයවීම කොපමණ බලවත් ද කොපමණ ඉක්මනින් එය සිදුවී ඇත්ද කියතහොත් එහි ඛනිජ  විද්‍යාත්මක සලකුණු පැහැදිලි නැහැ.

එහි දක්නට ලැබෙන කුහර අපි බලාපොරොත්තු නොවූ භූ රූපයක් (ඒවා මතුපිටට ආසන්නයේ ද්‍රව්‍ය ක්ෂයවීම නිසා නිර්මාණය වූ දීප්තිමත් අවපාතයි. බුද ග්‍රහයා මත මෑතක ඇති වූ ලක්ෂණ හැටියට ඒවා හඳුන්වන්න පුළුවන්. යම්කිසි ආකාරයක අස්ථායි ද්‍රව්‍යයක් පිළිබඳ ඉඟියක් ඉන් සැපයිණ. මේ ද්‍රව්‍ය මොනවාදැයි අපි තවමත් සොයමිනුයි සිටින්නේ.

ප්‍ර.: එහි ධ්‍රැවයන්හිදී සොයා ගත් දෑ මොනවාද?

උ.: භූ විද්‍යාත්මක වශයෙන් දිගු කාලඡේද තුළ අයිස් ස්ථායිවන ධ්‍රැව නිධි ප්‍රදේශ ඇති බව අපි සනාථ කරනවා. ඒ කියන්නේ සූර්යයාට ආසන්නම ග්‍රහයා මත ධ්‍රැව දෙකෙහිම ජල අයිස් රැඳී තිබෙනවා.

ධ්‍රැව නිධි වසා අඥාත ද්‍රව්‍ය (dark material) පවතිනවා. අප දැනට ඒවා හඳුනාගෙන ඇත්තේ ඓන්ද්‍රීය වශයෙන් පොහොසත් ද්‍රව්‍ය ලෙසටයි. පිටත සෞරග්‍රහ මණ්ඩලයේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය ගහණ උල්කාෂ්ම සහ ධුම කේතුවල අපට දැක ගත හැකි ඒවායි ඒ. බුද ග්‍රහයා වාසයට සුදුසුයයි විශ්වාස කරනවා කියලා මම නම් හිතන්නේ නැහැ. එහෙත් පිටත සෞර ග්‍රහ මණ්ඩලයේ සිට ඇතුළත සෞරග්‍රහ මණ්ඩලය වෙත වාසයට සුදුසුවන අංග උපාංග, සංයෝග බෙදා දෙනු ලැබීම දුටු සාක්ෂි කරුවෙකු ලෙස බුද ග්‍රහයා දක්වන්න පුළුවනි.

ප්‍ර.: එහි අද්භූත චුම්බක ක්ෂේත්‍රය ගැන යමක් කීවොත්?

උ.: බුදගේ චුම්භක ක්ෂේත්‍රය ද්විධ්‍රැවයි. එහෙත් පෘථිවිය සහ වෙනත් ග්‍රහයන් මෙන් ඩයිපෝලය ග්‍රහයාගේ මධ්‍යයේ පිහිටා නැති අතර අරයෙන් 20%ක පමණ පාඩු පිරිමැස්මක් සිදුවෙනවා. ඒ බව කලින් පළ හැකි ආකෘති තිබුණේ නැහැ.

ප්‍ර.: මැසෙන්ජර් මෙහෙයුමෙන් ඔබ පුදුමයට පත් කළ සොයාගැනීම් මොනවාද?

උ.: විශාලතම පුදුමය තමයි වාෂ්පශීලි මූලද්‍රව්‍ය බහුලව තිබීම. බුද ග්‍රහයා සෑදෙන්න ඇත්තේ කෙසේද යන්න ගැන ඉදිරිපත් වුණු සෑම මතයකින්ම අනාවැකි පළවුණේ පෘථිවියේ  චන්ද්‍රයාගේ මෙන් බුද ගේ ද වාෂ්පශීලි ද්‍රව්‍ය ක්ෂය වෙයි කියලයි. එහෙත්, ඒ වෙනුවට අපට දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පෘථිවියේ සාමාන්‍යය මෙන් 10 ගුණයක් සල්ෆර් ඇති බවයි. ඒ වගේම අපට සෝඩියම් හා පොටෑසියම් දැක ගත හැකියි. අපට මැන බැලිමේ හැකියාව ඇති වඩාත්ම වාෂ්පශීලී මූලද්‍රව්‍යයක් වන ක්ලෝරීන් ද අපට පෙනෙයි. ඒ කියන්නේ, බුද යකඩවලින් පොහොසත් ග්‍රහයෙක් බවට පත් වූ සුවිශේෂී ආකාරය ගැන අපට අවබෝධයක් නැත යන්නයි. වාෂ්පශීලී මූලද්‍රව්‍ය පිටමං වූයේ දිගටම පවතින ඉහළ උෂ්ණත්වයක් සහිත ක්‍රියාදාමයක් නිසා නොවෙයි. මට හිතෙන හැටියට බුද ග්‍රහයා සැදුණු ආකාරය පිළිබඳ අවසන් පරිච්ඡේදය තවමත් ලියා  අවසන් නැහැ.

ප්‍ර.: 2017 යුරෝපීය හා ජපාන අභ්‍යවකාශ නියෝජිත ආයතන බුද මෙ‍හෙයුමක් සිදු කිරීමට  නියමිතයි. ඒ අයට සොයන්න මොනවාද ඉතුරුවෙලා තියෙන්නේ.

උ.: ඒ අය අභ්‍යාවකාශ යාන දෙකක් මෙන්ම අපට වඩා විශාල උපකරණ රාශියක් යොදා ගැනීමට නියමිතයි. අර්ධගෝල දෙකම පිළිබඳ වඩාත් සමාන දැක්මක් ලබා ගැනීමට ඔවුනට හැකිවේවි.

Scientific American හි Mercury Mission Set to End with Dramatic Crash  ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: