Solar Dynamics Observatory හෙවත් SDO යන කෙටි නමින් හඳුන්වන සූර්ය ගතික නිරීක්ෂණාගාරය යනු සූර්යයාගේ ප්‍රකාශ ගෝලයේ සිට රස් වළල්ල දක්වා සූර්යාගේ චුම්භක ක්‍රියාකාරිත්වය මින් පෙර නොවූ විරු අන්දමට විස්තරාත්මකව අධ්‍යයනය කිරීම පිණිස සැලසුම් කළ බහු තරංග ආයාම අභ්‍යාවකාශ මෙහෙයුමකි. සෑම දිනකම අඛණ්ඩව, අධි-විභේදන පාරජම්බුලාන්ත (extreme-ultraviolet) අනුරූ මගින් සූර්යා නිරීක්ෂණයට මෙම නිරික්ෂණාගාරයට හැකියාව ඇත. එවැනි කාර්යයක් පෘථිවිය මත සිට කිසිසේත් කළ නොහැක්කකි. එමෙන්ම, සූර්ය ලපවල විකාශනය සහ සූර්ය ලපවල චුම්භක ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ සංසිද්ධි අධ්‍යයනයටත් ඉන් මග පෑදේ.
ප්‍රමාණයෙන් ගත හොත් SDO ව විශාල මෝටර්රියක ප්‍රමාණයට සමානය. සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය සහ එහි පාර ජම්බුලාන්ත වර්ණාවලිය අධීක්ෂණයට අවශ්‍ය උපකරණවලට අමතරව SDO වෙහි ටෙලස්කෝප හතරක් ඇත. කිලෝමීටර් 1000කට වඩා හොඳ විභේදනයකින් සම්පූර්ණ සූර්යයා අනුරූකරණය පිණිස මේ ටෙලස්කෝප සකසා ඇත.
එක් ප්‍රකාශ තරංග ආයාම කලාපයකින්ද, පාරජම්බුල තරංග ආයාම කලාප දෙකකින්ද පාර ජම්බුලාන්ත තරංග ආයාම කලාප හතකින්ද අනුරූ ගැනීමේ හැකියාව SDOව සතුය. සූර්ය ඉහත දී ඉහළ උෂ්ණත්ව කෙටි තරංග ආයාම මගින් සැලකේ. සෑම තත්ත්පර 10කට වරක්ම මෙම කලාප අටක්ම අනුරූකරණය කිරීමේ හැකියා SDOව සතුය. සතියේ දින හතේම, සෑම තත්පරයකට මෙගා බයිට් 150ක දත්ත එමගින් ආපසු පෘථිවියට සැපයේ. මෙතෙක් යැවුණු ඕනෑම නාසා මෙහෙයුමකට වඩා මෙය 50 ගුණයකින් වැඩිය.
SDO කක්ෂ ගත කර තිබෙන්නේ කිලෝමීටර් 37,000ක දුරින් අානත භුවේගසම (geosynchronous පෘථිවි භ්‍රමණ වේග සමකාලික කක්ෂයක යන) කක්ෂයකය. මෙයින් සිදුවන්නේ රූපවාහිනී චන්ද්‍රිකා මෙන් SDO වද අභ්‍යවකාශයේ ස්ථාවර නිශ්චිත ස්ථානගත කිරීමකි. එය ඉහළ දත්ත අනුපාතයකට මග පාදයි. ඊට අමතරව දිනපතාම සූර්යයා දැකීමේ හැකියාවද ඊට ලැබේ. අවුරුද්ද පුරාම වාගේ සෞර චුම්භක ක්‍රියාකාරිත්වය විකාශය වන ආකාරය හෙළි කිරීමේදී මේසා විශාල අනුරූ සංඛ්‍යාවකින් නිපදවිය හැකි කල් ප‍්‍රමාද චිත්‍රපට සුවිශේෂී මෙහෙයක් ඉටු කරයි.
මෑතක වර්ෂවල නිරීක්ෂණය කෙරුණු වඩාත් ආකර්ෂණීය සූර්ය ලෙළසිළු දක්නට ලැබුණේ 2011 වර්ෂයේ ජූනි 7 දායි. SDO ව මගින් කෙලිවින් 60,000 පාරජම්බුලාන්ත කලාපයේ දර්ශනය වුණු අන්දමට එකවරම සූර්ය ලෙළසිළුවක් ඇවිත් ඊළඟට අති දැවැන්ත ද්‍රව්‍ය ප්‍රමාණයක් අභ්‍යවකාශයට විමෝචනය කෙරුණු අතර ආපසු වැටිණ. ලෙළසිළුව මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවකින් යුක්ත වූ අතර මෙගාටොන් 100ක න්‍යෂ්ටික බෝම්බ මිලියනයකට පමණ සමාන විය.
දීප්තිමත් ලෙළසිළු පුඩුව සහ කොරොණීය ස්කන්ධ නෙරපනය කෙල්වින් 1000,000 SDO දසුනෙන් පෙන්වයි. එහි අඳුරු බවෙන් පෙන්වන්නේ එහි වැඩි ප්‍රමාණය අසාමාන්‍යව සිසිල් බවයි. ලෙළසිළුවෙන් විශාල ප්‍රමාණයක් බොහොමයක් ආපස්සට වැටුණු ප්‍රථම SDO කොරොණීය ස්කන්ධ නෙරපනයයි. තත්පරයකට කිලෝමීටර 1000ක පමණ වේගයෙන් එමගින් අයනීකරණ වායු ටොන් 109ක් අභ්‍යවකාශයට විමෝචනය කෙරිණ. ඒක හරියට ගුවන් යාන ගෙන යන නෞකා 10,000ක් රයිෆල් උණ්ඩයක වේගයමෙන් එක්දහස් වාරයක වේගයකින් දමා ගැසීමක් බඳුය.
අති දැවැන්ත සෞර ලෙළසිළුවල ශක්තිය උත්පාදනය වන්නේ කොයිසිට ද? ඒ පිළිබඳ විස්තර පැහැදිලි නැත. එහෙත්, ප්‍රධානවශයෙන් වැදගත්වන්නේ චුම්භක ක්ෂේත්‍ර බව අපි දනිමු. පුඩු කලාපයක් ප්‍රසාරණය වන විට හා දිගහැරෙන විට ක්ෂේත්‍ර රේඛා අභිසාරි වෙයි. මෙම රේඛා ඛණ්ඩනය වීමෙන් හා යළි හා වීමෙන් ශක්තිය මුදා හැරේ. මේ ශක්තිය එනම් ලෙළසිළුව තමයි කෝණීය ස්කන්ධ තෙරපනය ප්‍රලය කරවන්නේ.
A Visual Guide to the Universe ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්