අපි දේශගුණ විපර්යාසවලින් සිදුවන හානිය වළක්වාගැනීමේ අවස්ථාව අහිමිකරගෙනද?

Posted by

 කාබන් විමෝචනය පාලනය කර ගැනීමට ඉතාමත් ඉක්මනින් ක්‍රියා නොකළහොත් හිම වලසුන් ඇතුළු තවත් සත්ව විශේෂයන් ගෝලීය උණුසුම්වීමේ බලපෑමෙන් විනාශ වී යාම වළක්වා ගත නොහැකි වනු ඇත.

දේශගුණික හානිය නිසා සිදුවන විපත් වළක්වා ගැනීමට නොහැකි තරමට දුරක් ගොස් නැතිවා විය හැකිය. වෙන වචනවලින් කියතහොත් ආපසු හැරිමට නොහැකි ලක්ෂ්‍යය (“point of no return”) පසුකොට නැතිවන්නට පුළුවන. එකී ඉම පසු කළොත් හරිතාගාර වායු විමෝචන කොයිතරම් ප්‍රමාණයක් නතර කර ගත්තද ගෝලිය උණුසුම්වීම නිසා සිදුවන මහා විපත්තිදායක, අතිශය විපර්යාසාත්මක ප්‍රතිඵල වළක්වා ගැනීමට නැවත අවස්ථාවක් නොලැබේ. එකී ආපසු හැරිමට නොහැකි ලක්ෂ්‍යයට අප ඉතා ආසන්නව ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු හඟවති.

මෙයට ශතවර්ෂයකට පමණ පෙර උදා වූ කාර්මික විප්ලවයත් සමගම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1.6ක් ඉහළ ගොස් ඇත. උෂ්ණත්වය ඉහළයාමේ මෙම තත්ත්වය දැනටමත් පාරිසරික ගැටලුවලට තුඩු දී තිබේ. එම ප්‍රමාණය තව ෆැරන්හයිට් අංශක 0.4කින් ඉහළ ගියහොත්, ගෝලීය සාමාන්‍ය කාබන්ඩයොක්සයිඩ් (Co2) සාන්ද්‍රණය වායුගෝලයේ කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් ‍‍‍‍‍‍‍‍‍(parts per million – ppm) 450 ක් වනු ඇත. එසේ වුවහොත්, ගෝලීය වශයෙන් මෙතෙක් නොවූ විරූ මට්ටමේ දේශගුණික විපර්යාසයක් ඇතිවීමටත්, ස්වාභාවික විපත්වල තීව්‍රතාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යාමටත් තුඩු දිය හැකි බවට බොහෝ කාලගුණ විද්‍යාඥයෝ එකඟතාව පළ කරති. එවැනි තත්ත්වයක් පෙන්නුම් කරනු ඇත්තේ අප ‘ආපසු හැරීමට නොහැකි ලක්ෂ්‍යය ‘ පසුකරමින් සිටින බවයි.

වර්තමානයේ, ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන්ඩයොක්සයිඩ්වල (Co2) වායුගෝලීය සාන්ද්‍රණය දළ වශයෙන් මිලියනයකට කොටස් 398.55 කි. වාර්ෂිකව සාමාන්‍ය වැඩිවීමේ අනුපාතය වර්තමානයේ නම් 1.92 ppm ය. එම අනුපාතය අනුව ගණන් බැලුවහොත්, ක්‍රි:ව: 2042 වන විට අප ආපසු  හැරීමට නොහැකි ලක්ෂ්‍යය වෙත ළඟාවනු ඇතැයි ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය කියා සිටියි. සාගර හා වායුගෝලීය සෞඛ්‍යය නිරීක්ෂණය කිරීමේ වගකීම පැවති ඇති ෆෙඩරල් නියෝජිතායතනය මෙයයි. එයින්  හැඟවෙන්නේ, රැල්ල ආපසු හැරවීමට අපට තව එතරම් කාලයක් ඉතිරිව නැති බවයි.  ලොව ප්‍රධානතම පාරිසරික උද්දේශන කණ්ඩායමක් වන ග්‍රීන්පීස් (Greenpeace) සංවිධානය කියා සිටින්නේ ලොව පුරා හරිතාගාර වායු ප්‍රමාණය සැළකිය යුතු මට්ටමකින් කපා හැරීමට අපට තව කල් ඇත්තේ 2020 පමණ වන තෙක් බවයි. ඊනියා ‘පාලනයකින් තොර’ කාලගුණ විපර්යාස වළක්වා ගැනීමට නම් සමස්තයක් ලෙස වාර්ෂික විමෝචන සියයට 5න් අඩුකර ගත යුතු බව පෙන්වා දෙනු ලැබ ඇත. ‘බලශක්ති නිෂ්පාදනය සහ පරිභෝජනය සම්බන්ධයෙන් අපේ ප්‍රවේශය මෙම කාල පරාසය තුළ ඉතා දැඩි ලෙස වෙනස් කළ යුතුව ඇතැ’යි ග්‍රීන් පීස් සංවිධානය කියයි.  ජෝර්ජ් ටවුන් සරසවියේ පැවති දේශනයකදී ලෝක බැංකු සභපති ජිම් යොංග් කිම් කියා සිටියේ මහා පරිමාණ ව්‍යසන වළක්වා ගැනීමට ප්‍රමාණවත් තරමට විමෝචන නතර කර ගත හැකිද යන්න රඳා පැවැත්මට ඉඩ ඇත්තේ ලෝකය ප්‍රධානතම ආර්ථිකයන් සතු රටවල පිළිවෙත් සහ (විමෝචන අලෙවිකිරීමේ සැලසුම්, කාබන් බදු වැනි) ඊනියා කාබන් මිල නියම කිරීමේ ක්‍රම පුළුල්ව යොදා ගැනීම මත බවයි. විමෝචන අඩුකිරීම පහසුකරවනු පිණිස මෙවැනි ක්‍රම අනුගමනය කිරීමට ආණ්ඩුවලට නියම කෙරෙන සම්මුතියක් සම්බන්ධයෙන් ලබන දෙසැම්බරයේ එකඟතාවයකට එළඹීමට පැරිස් නුවරදී රැස්වන අන්තර්ජාතික සාකච්ඡාකරුවෝ දැනටමත් ක්‍රියාකරමින් සිටිති. කාබන් මිල නියමකිරිම ගෝලීය උණුසුම්වීම අවම කිරීමේ ප්‍රධාන සාධකයක් බව ග්‍රීන්පීස් සංවිධානයද පිළිගනියි. එහෙත්, නිවර්තන කලපීය වැසිවනාන්තර හා ඉන් ඔබ්බෙන් කැලෑ කපා ඉවත් කිරීමේ රැල්ල මර්දනය කිරීම මෙන්ම වෙනස්වන දේශගුණික තත්ත්වයන්ට මෙන්ම එන්ට එන්ටම සීමා වෙන සම්පත්වලට අනුකූල වන පරිදි අපේ ආහාර පද්ධති අනුගත කිරීමද අපේ මේ පෘථිවි ග්‍රහයාගේ යහපතට අත්‍යවශ්‍ය බව ග්‍රීන්පීස් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

හානිය අවම කිරීමේ අතිරේක ක්‍රියාමාර්ගවලට නොගිහින් හුදෙක් යම් ගැලපීම් සිදු කළ පමණින් 21 වැනි සිය වස අවසන් වන විට ගෝලීය වායුගෝලීය උණුසුම්වීම ඉතා දරුණු අන්දමින් වඩාත් ව්‍යාප්තව නැවත ආපසු හැරවිය නොහැකි ලෙස ලොව පුරා බලපැවැත්වීම නතර කළ නොහැකි බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු කණ්ඩායම (Intergovernmental Panel on Climate Change – IPCC ) වාර්තා කරයි. IPCCය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කැඳවනු ලැබූ ප්‍රධාන පෙළේ දේශගුණ විශේෂඥයන් කණ්ඩායමකගේ එකතුවකි. එය කැඳවනු ලැබ ඇත්තේ ගෝලීය උණුසුම්වීම ගැන වඩාත්ම මෑතක වාර්තා වී ඇති විද්‍යාත්මක, තාක්ෂණික සහ සමාජ ආර්ථික තොරතුරු සමාලෝචනය හා තක්සේරු කිරීම පිණිසය.

ඇත්තෙන්ම, ආපසු හැරිමට නොහැකි ලක්ෂ්‍යය (“point of no return”) පසුවන තුරු ෙනාසිට අපේ පිළිවෙත් හා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට වර්තමානය තරම් සුදුසු තවත් කාලයක් කොහිද?

Scientific American හි Have We Passed the Point of No Return on Climate Change? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.