මොළයෙහි පටක බෙහෙවින් මෘදුයත ජලයෙන් පිරී ඇත. තවද මරණින් පසුව ස්වයංජීරණය (autolysis) හරහා ඉක්මනින් දිරාපත්වීමට ලක්වෙයි. ඒ කෙසේ වෙතත්, මොළය සමහර අවස්ථාවල කල්තබා ගැනීමට ද නොහැක්කේ නොවේ.
1998 දී ප්‍රංශයේ කුඉම්පර් ආසන්නයේ මිනී වළලන භූමයකින්, 18 මසක් වයසැති බිළිඳෙකුගේ ෆොසිල ගත නෂ්ටාවශේෂ කැනීම් වලදී සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වුහ. බිළිඳා මියගොස් ඇත්තේ ඊට වසර 700කට පමණ පෙරය. සමකින් ඔතන ලද බිළිඳු සිරුර ලී මිනීපෙට්ටියක බහා තිබුණේ හිස යටට කොට්ටයක් ද සහිතවයි. හිස් කබලෙහි තිබු විශාල බිඳුමෙන් පැහැදිලිවුයේ බිළිඳාගේ මරණයට හේතු වන්නට ඇත්තේ මොළයේ ලේ ගැලීමක් විය හැකි බවයි. එසේ වුවද එහි, මොළයේ වම් අර්ධගෝලයේ සුරුන්ඩුව ගිය කොටස් එලෙසම පැවතිණ.
මොළයෙහි පටක එහි මුල් ප්‍රමාණයෙන් සියයට 80 ක් ක්ෂය වී ගොස් තිබුණේ වී නමුදු ඒ හැරුණුකොට ඉතා හොඳින් ආරක්ෂා වී තිබුණි. ලලාට ඛණ්ඩිකාව, ශංඛක ඛණ්ඩිකාව සහ පාර්ශ්චික ඛණ්ඩිකාව යන ඛණ්ඩිකා ඒවායේ මුල් ස්වරූපයෙන්ම පැවතුණු අතර මෂ්තිස්ක බාහිකයේ (cerebral cortex) නෛසර්ගික ඇලි සහ වැටි පියවි ඇසට ද දැකගත හැකිවිය. මොළය ක්‍ඔ සහ ඵඍෂ ස්කෑන්වලට ලක්කිරීමේදී පර්යේෂකයන්ට පහසුවෙන්ම මොළයේ අන්තර්ගත අඳුරු පැහැ පටක සහ ධවල පටක වෙන්කොට හඳුනාගත හැකිවිය. පටකය අන්වීක්ෂණ මගින් පරීක්ෂා කිරීමේදී එහි හානි නොපැමිණි ෙසෙල පවා තිබු බව හෙළිවිණ.
පසුගිය වසරේදී රුසියානු පර්යේෂකයන් කණ්ඩායමක් ද අපුර්ව සොයා ගැනීමක් ගැන වාර්තා කළහ. රුසියාවේ, ශඛ මූහාණ්ඩුවේ නිත්‍ය තුහින (permafrost) අතරේ සිදුකළ කැණීම් වලදී ලොමින් වැසුණු මැමතෙකුගේ (woolly mammoth) අර්ධ කුණුපයක් (partial carcass) සොයා ගනු ලැබීය. මෙම කුණුපය වසර 39,000 ක් පැරණිය. එවැනි සොයා ගැනීම් අතිශය දුර්ලභ වීමට හේතුව වන්නේ, මිනිස් හෝ සත්ව මෘත ශරීර ඉතාමත් සුවිශේෂ පාරිසරික තත්වයන් යටතේ වැළලූ අවස්ථාවල පමණක් මොළ පටක ආරක්ෂා වී පැවතිමයි. කලින් සඳහන් කළ බිළිඳාගේ සැකිලි ගත සිරුර සොයා ගැනුණේ මිරිදිය මෙන්ම කරදිය තිබෙන ප්රදේශයකිනි. සැකිලි දිගටම ජලයේ ගිලී පැවතීමත්, ඊට ඔක්සිජන් නොමැතිවීමත් යන කරුණු මොළය එතරම් ආරක්ෂිතව පැවතීමට හේතුවන්නට ඇත.
එවැනි පාරිසරික තත්වයන් මේද මේදුරය සෑදීමට හිතකරය. (adipocere යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳිනවෙන මේද මේදුරය යනු තෙතමනය නිසා මළ සිරුරු දිරාපත් වීමේදී ඒවායේ මෘදු පටකවල සෑදෙන අළු පැහැති ඉටි වැනි ද්‍රව්‍යයකි) ඇතැම්විට සොහොන්පිටි ඉටි හෝ මිනීකාමර ඉටි යනුවෙන් ද හැඳින්වන මේද මේදුරය සෑදෙන්නේ සඵනීකරණය (saponification) නම් ක්‍රියාදාමය තුළිනි. සබන් වැනි පෙනුමැති ඉටි සමාන ද්‍රව්‍යයකි මේද මේදුරය. ඒවා සෑදෙන්නේ නිර්වායු බැක්ටීරියා මගින් පුද්ගලයෙකුගේ සිරුරේ මේදය බිඳ දමනු ලබන විටය. එය වැඩිකොටම සංකෘප්ත මේද අම්ල වලින් සමන්විත වෙයි. මේද මේදුරය සෑදීමේ ප්‍රතිඵලයක් ලෙස බෙහෙවින් ස්තායී මෘදු පටක වාත්තුවක් නිපදවේ. එසේ නොවන්නට එම පටක කුණු වීමට ලක්වේ.
සුදුසු තත්වයන් පැවතුණොත් මේද මේදුරය සෑදිම මරණයෙන් සති දෙකක සිට මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ වේ. තවද, අපරාධ විමර්ශකයන්ට මරණයට හේතුව සොයා ගැනීමට ද එය ඇතැම්විට උපකාරී වේ. ප්ලාස්ටික් බෑගයක ඔතා, නවදිල්ලි නුවර ගෝකුල්පුරි ප්‍රදේශයේ නොගැඹුරු දිය පොකුණක දමා තිබු මැදිවියේ කාන්තාවකගේ මළ සිරුරක් වසර ගණනාවකට පෙර සොයා ගනු ලැබීය. සිරුර මාස තුනක පමණ කාලයක් තිස්සේ ජලයෙන් යටවී තිබුණේ වයරයකින් බෙල්ලේ කොන්ක්‍රීට් කුට්ටියක් ගැට ගසා තිබුණු හෙයිනි. මේ හේතුවෙන් ඇගේ සිරුර බොහෝ සේ කුණු වී තිබුණි. කෙසේ වෙතත්, සිරුර වැසි සමයේ ජලයෙන් යටවී තිබුණ නිසාවෙන් මේද මේදුරය සිරුරේ පුරා සෑදී තිබුණ අතර කාන්තාවට මරණය ගෙන ආ තුවාලය එමගින් සුරැුකිව පැවතිණ. බෙල්ලෙහි විශාල කැපුම් තුවාලයක් ඒ වනවිටත් දැක ගැනීමට හැකි වු අතර අපරාධ විමර්ෂකයෝ තීරණය කලේ ඉන් ඇගේ මරණය සිදුවන්නට ඇත කියායි.
තවත් අවස්ථාවක, මිනීමැරුමකට ලක්ව මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරෙහි වෙඩි වැදීමෙන් ඇතිවු තුවාල ඇතුළත මේද මේදුර කැටි සෑදී තිබුණි. විමර්ෂකයන්ට එක් කැටියකින් උණ්ඩයක් සොයාගත හැකි වු අතර මිනීමැරීම සිදුකළ ආයුධය හඳුනා ගැනීමට ඒ නිසා හැකිවිය. වරදකරුගෙන් පාපෝච්වාරණයක් ලබාගැනීමට එමගින් මග පෑදිණ.
Discover Mag May 7th 2015 හි How nature can preserve a brain for Hundreds of Years ලිපිය ඇසුරෙනි