සැමට විදු නැන නුවණ – Science Literacy for All

සේදීමේ දී සබන් දායක වන්නේ කෙසේද?

washing-hands

තෙල් හා ජලය සාමාන්‍යයෙන් මිශ‍්‍ර නොවන බව අපි අත්දැකීමෙන් දනිමු. අපේ ඇෙඟහි හෝ අත්වල ග‍්‍රීස්, තෙල් තැවරුණු විට ජලය පමණක් යොදාගෙන ඒවා සෝදා හැරීම පහසු නොවේ. එසේ වන්නේ ඇයි? අපි බලමු.

ජල අණු, තෙල් වලට බැඳෙනවාට වඩා දැඩිව එකිනෙකට බැඳේ. ඒ කියන්නේ ජල අණු, ජල අනුවලටම බැඳෙන බවයි. ජල අණු එකට බැඳී සිටින අතර තෙල් අණු හා භජනයට නොයයි. ජලය හා වාතය මිශ‍්‍ර නොවන්නේද මේ හේතුව නිසාමය. ජලය හා වැලි එකට මිශ‍්‍ර නොවන්නේ ද ජල අණු හා බැඳෙනවාට වඩා හොඳින් වැලි අණු එකිනෙකට බැඳෙන නිසාය.

ජලය හා තෙල් අතර හෝ ජලය හා වාතය අතර පෘෂ්ඨය (මතුපිට) සෑදී ඇත්තේ එකිනෙක අදින ජල අණු වලිනි. මේ ඇදිල්ලට අප කියන්නේ පෘෂ්ඨික ආතතිය :ිමරේජැ එැබිසදබ) යනුවෙනි. මේ ජල අණු එකිනෙක කෙරෙහි ඇති ඇදිල්ල අඩු කිරීමට හැකි නම් එම පෘෂ්ඨික ආතතිය තරමක් ලිහිල් කරගත හැකිය. ඒ අනුව ජලය කොටසක් ඉහිරුණොත් කුඩා දිය බිඳිති ලෙස එකතු වනු වෙනුවට වඩා හොඳින් විසිරීයාමට මගපාදයි. සාමාන්‍ය ජලයට වඩා පෘෂ්ඨික ආතතිය අඩු ජලය වඩාත් තෙත යයි අපි එවිට කියන්නෙමු. ඊට හේතුව එම ජලයෙන් වඩාත් පහසුවෙන් දේවල් තෙත් කළ හැකි නිසායි.

සබන් යනු විශේෂ වර්ගයක අණුය. දැඩිව ජලය වෙත ආකර්ෂණය වන එක් කොනක් සබන් වලට ඇත. එහෙත් අණුවේ සෙසු කොටස් තෛලයකි. තෙල් යනු හයිඩ‍්‍රජන පරමාණු බැඳුණු කාබන් පරමාණු වල දීර්ඝ දම්වැලකි. මේ දීර්ඝ දම්වැලෙහි 10 සිට 30 දක්වා  ඕනෑම ප‍්‍රමාණයක කාබන් පරමාණු තිබිය හැකිය. ජලය වෙත ආකාර්ෂණය වන සබන් අණුවේ කොන පෘෂ්ඨයේදී ජලයට බැඳෙයි. දීර්ඝ දම්වැලෙහි ඉතිරිය ජලයෙන් උඩට මතුවෙයි. ඊට හේතුව, ජලය තෙල් දම්වැල් වලට නොබැඳීමයි.

ජල අණු අදින්නාක් තරම් දැඩිව තෙල් අණු එකිනෙකා නොඅදියි. ජලය මතුපිට නැතිනම් පෘෂ්ඨයෙහි දැන් ජල අණු වෙනුවට තෙල් අණු පටලයක් ඇත. පෘෂ්ඨික ආතතිය දැන් බෙහෙවින් අඩුය. ජලය බින්දු බවට පත්වන්නේත් නැත. ජලයට අපගේ අත්වල ඇති සියළුම කුඩා විවර හෝ සේදීමට දා ඇති රෙද්දෙහි කෙඳි අතර කුඩා විවර වෙත යා හැක.

Washcloth

ජලය හා වාතය අතර පෘෂ්ඨය සකසන්නේ සබන්ය. එහෙත්, ජලය සහ අපේ අත්වල තැවරී ඇති තෙල් අතර පෘෂ්ඨය සකසන්නේ ද සබන්මය. සබන්වල දීර්ඝ දම්වැල් තෙල්වලට ඇළෙන අතර ජලයට ආකර්ෂණය වන කොන ජලයට ඇදෙයි. සේදීම සඳහා අපි අපේ අත් එකිනෙකට අතුල්ලන විට අප කරන්නේ ඒවා අතරේ රැුඳී තිබෙන්නාවු මේ ජල හෝ තෙල් හෝ බිඳිතු පැතැලි කර දැමීමයි. තෙල් සහ ජලය අතර පෘෂ්ඨයක් සැකසීමට මෙමගින් තවතවත් සබන් අණුවලට මගපෑදෙයි. ඉතින් ජලය හෝ තෙල් බිඳිතු වටා යලි එක්වීමට තනද්දී වඩාත් විශාල පෘෂ්ඨය රැුළි ගැසී විශාල බිඳිති වෙනුවට බොහෝ කුඩා බිඳිති බවට පත්වෙයි.

මෙලෙස, බිඳිති වලට යළිත් වරක් විශාල බිඳිති බවට පත්වීමට නොහැකි වන්නේ, ඒවා අතර සබන් පටලයක් ඇති නිසාවෙනි. ඉතින් මෙලෙස අත් (හෝ ඇඳුම්) ඇතිල්ලීමේදී බිඳිති එන්ට එන්ටම කුඩා බවට පත්වෙයි. සබන් අණු වටකොටගත් ඉතා කුඩා බිඳිති ජලය හා බැඳී නොසිටින්නා සේම අත්වලටද ඇළී නොසිටියි. දැන් ඔන්න සබන් වලින් වැසීගිය තෙල් බිඳිති පහසුවෙන් සෝදා හරින්නට ජලයට හැකිවෙයි.

200 Questions About Chemistry with answers  What chemicals in washing soap make it clean your clothes?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: