සැමට විදු නැන නුවණ – Science Literacy for All

අන්ත්‍රයෙහි ට්‍රිලියන ගණන් ක්ෂුද්‍රජීවින් අතුරෙන් අතළොස්සක් සුවිශේෂීයි

Chron

බඩවැල්වල නිදන් ගත් ප්‍රදාහ රෝගාබාධයකට (Crohn’s disease) ප්‍රතිකාර ලබන සිය රෝගීන් පිරිසකගේ පටක සාම්පල පරික්ෂාවට ලක් කළ පැරිසියේ ඇන්ටොයින් රෝහලේ අමාශ හා අන්ත්‍ර රෝග විශේෂඥ හැරී සොකල් පුදුමයෙනුත් පුදුමයට පත්වූයේ රසායනාගාරයේදී ඔහු ‍සොයාගත් දෙයිනි. ක්‍රෝන්ගේ රෝගය(Crohn’s disease) ලෙස හඳුන්වන මෙම ප්‍රදාහ රෝගයට මුල්වන නිශ්චිත හේතුව තවමත් අභිරහසකි.  සමහර අය තර්ක කරන්නේ එය හටගන්නේ සැඟවුණු ආසාදනයක් හේතුවෙන් බවයි. මිනිසුන්ගේ බඩවැළෙහි ජීවත්වන ට්‍රිලියන (මිලියන මිලියනයක්) ගණන් ක්ෂුද්‍ර ජීවීන් අතුරෙන් එක්තරා බැක්ටීරියා විශේෂයක් ව්‍යාප්ත වීමෙන් රෝගය වැළඳෙන බව තවත් සමහරුන්ගේ මතයයි. රෝගීන්ගෙන් සැත් වෙදකමෙන් ලබාගත් රෝගයට ලක්වූ අතුණු බහන් කොටස් සංසන්දනාත්මක DNA විශ්ලේෂණයකට ලක් කළ අවස්ථාවේ ඔහුට නිරීක්ෂණය වූයේ එක්තරා පොදු බැක්ටීරියාවක් පමණක් සාපේක්ෂව අඩු වී තිබෙන බවයි. එනම් Faecalibacterium prausnitzii බැක්ටීරියාවයි. රෝග ප‍්‍රවර්ධනය කරන ‘නරක’ බැක්ටිරියා වෙනුවට එක් තනි “හොඳ” ක්ෂුද්‍ර ජීවියෙකුට රෝග වැළැක්විය හැකි දැයි ඔහු කල්පනා කරන්නට විය.

Faecalibacterium prausnitzii යන බැක්ටිරියාව මීයන් ගේ සිරුරට ඇතුල් කළ විට පරික්ෂණ සඳහා ප්‍රේරණය කළ බඩවැල් ප්‍රදාහවලට එරහිව මේ බැක්ටිරියාව ආරක්ෂාව සලසන බව සොකොල්ට පෙනී ගියේය. අනතරුව ඔහු මිනිස් ප්‍රතිශක්ති සෛල සමග මෙම බැක්ටිරියාව මිශ්‍ර කළ විට, ඔහුට බලගතු ප්‍රතිප්‍රදාහ ප්‍රතිචාරයක් දැක ගත හැකි විය. මිනිස් සිරුරේ වසන බලගතු ප්‍රදාහ විරෝධී ක්ෂුද්‍ර ජීවී ප්‍රජාවකගේ සාමාජිකයෙකු සොහොල් විසින් හඳුනාගෙන ලැබ ඇති බවක් පෙනී යයි.

මිනිස් සිරුරේ යම්කිසි ප්‍රමාණයක සෛල ප්‍රමාණයක් ඇත්ද එමෙන් දශගුණයකට වැඩි සංඛ්‍යාවකින් හෙබි ක්ෂුද්‍රජීවී පරිසර පද්ධති අප සැම දෙනාගේම සිරුරෙහි ලැගුම් ගෙන ඇත. ඒවාගේ සාමුහික ජෙනෝම සංඛ්‍යාව මිනිසුන්ගේ මෙන් 150 ගුණයක් වැඩිය. (ඇ.එ.ජ.) ජාතික සෞඛ්‍ය ආයතනය 2012 දී මානව අණුක බියෝම ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියර නිමා කළේය. මේ බහු බිලියන ව්‍යායාමයෙහි අරමුණු වූයේ අපේ සිරුරු තුළ ලැගුම්ගෙන ඉන්නා ක්ෂුද්‍ර ජිවීන් ලැයිස්තුගත කිරීම හා අවබෝධ කර ගැනීමයි. මේ අනුක බියෝම එක් පුද්ගලයෙකුගේ සිට තවත් පුද්ගලයෙකු අතරේ බොහෝ සේ වෙනස් විය හැකි අතර කාලය ගත වීමත් සමගම එක් පුද්ගලයෙකු තුළ  ඉක්මනින් වෙනස් විය හැකිය. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අති විශාල සංඛ්‍යාවක් ජිවත් වන්නේ අපේ අන්ත්‍රයෙහි (බඩවැල), විශේෂයෙන්ම නිර්වායු ජීවි ජීරණ කුටීරය ලෙසද ක්‍රියාකරන මහා බඩවැලෙහිය. අන්ත්‍ර ක්ෂුද්‍ර ජීවි  බියෝමය පරීක්ෂා කිරීම අතින් නම් විද්‍යාඥයන් තවම සිටින්නේ මුල් අවධියෙහිය. එහෙත් ක්‍රමයෙන් වර්ධනය වන පර්යේෂණ සමුච්චයකින් කියැවෙන්නේ මෙකී සංකීර්ණ අන්ත්‍ර බියෝමයෙහි ස්වරූපය අපේ ප්‍රතිශක්ති පද්ධතියට සමීපව සම්බන්ධ බවයි.

‍අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අරමුණ අපව ආසාදනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමයි. ඇතැම් පර්යේෂකයන් දැන් කල්පනා කරන අන්දමට, ආසාදනයන්ගෙන් අපව ආරක්ෂා කිරීමට අමතරව ප්‍ර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ  කාර්යයක් වනුයේ අපව හොඳ සෞඛ්‍යයෙන් තබා ගැනීමට අපට ආධාරවෙතැයි බලාපොරොත්තුවන මිත්‍රශීලී ක්ෂුද්‍රජීවින් ”වගා” කිරීමයි. එහෙත් මේ වගාකිරීම දෙපැත්තටම සිදුවන බවක් පෙනෙයි. අප තුළ ළැගුම් ගෙන සිටින ක්ෂුද්‍ර ජීවීන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අංග පාලනය කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔවුන් ද අපව වගා කරන බවකි.

අන්ත්‍රයේ යහපත් සෞඛ්‍යයට මෙන්ම සමබර ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහා වැදගත්වන ක්ෂුද්‍ර ජීවීන් අතුරෙන් තෝරා ගත් කණ්ඩායමක් ලොව පුරා ස්වාධීන පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇත. ඒවා අයත් වන්නේ ක්ලොස්ට්‍රීඩියම් (Clostridium) ගණයේ පොකුරු ලෙස සැදුණු ශාඛා කිහිපයකටය. මෙම ක්ෂුද්‍ර ජීවීන් රෝහල් වසංගතයක් වන එමෙන්ම බොහෝ විට පාචනයෙන් මිය යාමට මග පාදන ක්ලොස්ට්‍රීඩියම් ඩිෆිසයිල් (Clostridium difficile ) ක්ෂුද්‍ර ජීවීන් දුරස්ථ ලෙස සම්බන්ධය. එසේ වුවද, Clostridium difficile ක්ෂුද්‍ර ජීවීන් නිමන් නැති ‍ ප‍්‍රදාහ ඇතුළු නොයෙක් හානි පමුණුවන අතර ක්ලෝස්ට්‍රීඩියානු පොකුරු ඉටු කරන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ කාරයයකි. ඒවා අන්ත්‍රය සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නා අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද සහන සලසයි. ක්‍රෝන්ගේ රෝගය (Crohn’s disease) සහ සමහරවිට ස්ඵුලතාව ඇතුළුව මෑතක දශකවල වර්ධය වීමට පටන්ගෙන ඇති විවිධ ස්වයං ප්‍රතිශක්ති ආසාත්මිකතාව හෝ ප්‍රදාන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමේදී මෙකී ක්ෂුද්‍රජීවීන් යොදා ගත හැකි දැයි පර්යේෂකයෝ දැන් සොයා බලමින් සිටිති.‍

Scientific American හි  Among Trillions of Microbes in the Gut, a Few Are Special ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: