පරසක්වල බුද්ධිමත් ජීවීන් සෙවීම

Posted by

 

 

    ගැලැක්සි 100,000 පරීක්‍ෂාකිරීමෙන් පසුවත් ඍණ ප‍්‍රතිඵල

කෝ, කවුරුවත්ම නැහැනේ? පරසක්වල දියුණු ශිෂ්ඨාචාර ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් දැන් දැන් කියන්නේ ඒවගේ කතාවක්. පරසක්වල ජීවීන් සෙවීමත්, පරසක්වල බුද්ධිමත් ජීවීන් වසන දියුණු ශිෂ්ඨාචාර ගැන සෙවීමත් කතාන්දර දෙකක්. 1960 ගණන් වල ව්‍යාප්තවීමට පටන් ගත් තාරකා ජීව විද්‍යාව හෙවත් පෘථිවියෙන් බැහැර (පාරභෞම) ජීවීන් සෙවීම මේ වන විට බෙහෙවින් ඉදිරියට පැමිණවිත් ඇත. ආරම්භක අවස්ථාවේදී පරිණාම ජීව විද්‍යාඥ ජොර්ජ් ගේලෝඞ් සිම්සන් එය විෂයක් නොමැති විද්‍යාවක් ලෙස හැඳින්වුයේ සමච්චලේටයි. ඊට ඇති මහජන උනන්දුව සීඝ‍්‍රයෙන් ඉහළ යාමත්, විද්‍යාඥයන් අතර එයට ලැබෙන පිළිගැනීම වැඩිවීමත් සමගම පිටසක්වල ජීවීන් සෙවීමේ ප‍්‍රයත්න අද ඉහළ තැනක වැජඹෙයි. අපට තවම අල්ලාගැනීමට අපහසුව සිටින අන්‍ය ග‍්‍රහලෝක වාසීන් තව දශකයක් හෝ දෙකක් ඇතුළත සොයා ගැනීමට තාරකා ජීවවිද්‍යාඥයන් සමත්වෙනු ඇතැයි නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් අනාවැකි පළකරමින් කියා සිටියේ අප‍්‍රියෙල් මස මැදදීය.

මෙවැනි අනාවැකි උජාරුවෙන් කියන කතා ලෙස සැලකුණේ වැඩි ඈතක කාලයකදී නොවේ. අප දන්නා පරිදි ජීවය හට ගැනීමට උචිත උණුසුම් සහ තෙත් තත්ත්වයන් විශ්වය පුරාම දැකිය හැකි බවට සාක්‍ෂි එන්ට එන්ටම එකතුවෙන්නට පටන් ගැනීමත් සමගම එවැනි ප‍්‍රකාශ  .ගහ දන්නා අයට කොළ කඩා පෑමක් . ලෙස සැලකීම ද අරුමයක් නොවනු ඇත. සත්තකින්ම, සරල ඒක ෙසෙලික ජීවීන් විශ්වයේ සිටිය යුතුම නොවෙන්නේද? අඟහරු ලොව සරන රෝවර් යානයකින් වේවා, යුරෝපා චන්ද්‍රයන් වෙත යැවුණු අභ්‍යවකාශ මෙහෙයුමකින් වේවා, ඉතා දුර ඈත තාරකා වටා භ‍්‍රමණයවෙන පෘථිවි සමාන ලෝක ගැන සෙවිල්ලෙන් සිටින අභ්‍යවකාශ ටෙලස්කෝපයකින් වේවා එවැනි පරසක්වල ජීවියෙකු සොයා ගැනීමට ඇති ඉඩ කඩ බොහෝය.

එහෙත්, පිටසක්වල බුද්ධිමත් ජීවීන් සිටින බවට හෝ පාරභෞම ශිෂ්ඨාචාර පවතින බවට ඇති ඉඩ කඩ ගැන එවැනි එකඟතාවක් විද්‍යාඥ ප‍්‍රජාව අතර නැත. එවැනි ප‍්‍රයත්න වලට අරමුදල් සොයා ගැනීමද අතිශය දුෂ්කරය. ඒත් මේ බාධක නොතකන තාරකා විද්‍යාඥයන්ගේ විසිරුණු, කුඩා කණ්ඩායමක් දැන් ශත වර්ෂ භාගයකට වැඩි කාලයක් තිස්සේ පාරභෞම ප‍්‍රඥාව සෙවීමේ(Search for Extraterrestrial Intelligence-SETI) ප‍්‍රයත්නයක යෙදී සිටිති. ප‍්‍රධාන වශයෙන් ඔවුන් සොයා බලන්නේ ගුවන් විදුලි තරංග හෝ ලේසර ස්පන්දන උපයෝගී කරගනිමින් ක්‍ෂීරපථය ගැලක්සියේ අපේ කලාපය වෙත පණිවුඩ යොමු කරන විශ්ව ප‍්‍රජාවක් සිටිත් දැයි යන්නය. එහෙත් තවමත් එවැනි ප‍්‍රජාවක .හඬක් ්. නම් අසන්නට ලැබී නැත. ක්‍ෂීරපථය ගැලැක්සිය ජීවීන්ගෙන් පිරී ඉතිරී තිබෙනවා විය හැකිය. එනමුදු දැනට නම් එය නිහඬ, පාළු ස්ථානයකි.

එපමණක් නොව අළුත්ම පර්යේෂණ වලින් පෙනී යන්නේ මේ නිහැඬියාව, පාළුව අපේ ගැලැක්සියෙන් ඔබ්බටත් යන බවකි. නැතිනම්, පිටසක්වල ශිෂ්ඨාචාර ගැන අපේ තිබෙන පුර්ව නිගමන, පුර්ව සංකල්පන බරපතල ලෙස පළුදු සහිත බවයි. ක්‍ෂීර පථය අසල පිහිටි ගැලැක්සි 100,000 පමණ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පෙන්සිල්වේනියා සරසවියේ තාරකා විද්‍යාඥ ජේසන් රයිට් ප‍්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් නිගමනය කර ඇත්තේ අතිශය දියුණු තාක්‍ෂණ ශිෂ්ඨාචාර ගැන පැහැදිලි හෝඩුවාවක් ඉන් එකකවත් නොමැති බවයි. මේ මාදිලියේ බෙහෙවින් විශාලතම පර්යේෂණය මේ අධ්‍යයනය ලෙස සැලකේ. මන්ද මීට පෙර පර්යේෂණ, ගැලැක්සි සිය ගණනක් පමණක් යොදාගෙන සිදුකළ අහඹු අධ්‍යයන වීමයි.

පාරභෞම ප‍්‍රඥාව සෙවීමේ සම්ප‍්‍රදායානුකූල පරීක්‍ෂණ වලදී මෙන් පිටසක්වලින් ලැබෙන පණිවුඩ ගැන නොසොයා රයිට් සහ කණ්ඩායම සෙව්වේ ගැලැක්සි මට්ටමේ ජනපද පිහිටුවීමේ තාප ගතිවිද්‍යා ප‍්‍රතිවිපාක ගැනය. මෙයට පදනම් වී ඇත්තේ භෞතික විද්‍යාඥ ෆීමන් වයිසන් 1960 දී ඉදිරිපත් කළ අදහස්ය. යම් ජීව විශේෂ තාක්‍ෂණිකව වර්ධනය වෙද්දී සිය තාරකාවෙන් හැකි තරම් ශක්තිය උකහා ගැනීමට උත්සාහ දරණු ඇත යන්න ඩයිසන් ඉදිරිපත් කළ අදහසයි. ඒ අනුව එවැනි සංස්කෘතියක ජීවීන්, ශක්තිය උරාගැනීම පිණිස තරුව වටා ගෝලයක් ඉදිකරනු ඇත. එවැනි ගෝල ඩයිසන් ගෝල ලෙස නම් කෙරිණි. ගෝලයකින් ආවරණය වු තාරකාවක ආළෝකය අඩුවුවත් අපතේ යන තාපයෙහි (waste-heat) වැඩිවීමක් සිදුවේ. රයිට් ඇතුළු පිරිස පිරික්සන්නේ එවැනි වෙනස්කම් ගැනය.

දැනට 91 වැනි වියේ පසුවන ෆීමන් ඩයිසන් තවමත් මේ ගැන උනන්දුවෙන් පසුවෙයි. රයිට් ලබාගත් ප‍්‍රතිඵල ගැන පුදුම විය යුතු නැතැයි පවසන ඔහු කියා සිටින්නේ එසේ වුවත් ඉන් අධෛර්්‍යයට පත් නොවිය යුතු බවයි. ,එක් අනුමානයක් අසාර්ථක වු පලියට පරසක්වල බුද්ධිමත් ජීවීන් සෙවීමේ වෑයම් අත්හැරිය යුතු නොවේ, යයි ඔහු කියා සිටියි.

parabole

Scientific American හි  Alien Super civilizations Absent from 100,000 Nearby Galaxies ලිපිය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

  1. මනුෂ්‍යයා දැන් ඉන්න මට්ටමට දියුණු වුණ ශිෂ්ඨාචාර නම් සමහර විට හම්බ වෙන්න ඉඩ තියනවා… එ්ත් තාක්ෂණය ගොඩක් දියුණු ජීවීන් ඉන්නේ අපිට වඩා ගොඩක් වෙනස් භෙෘතික තත්ව හා මාන වල නම් ඒ ජීවීන් අපව හොයා ගෙන ආවොත් මිස.. අපට එයාලව හොයාගන්න ටිකක් අමාරු වෙයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.