වායුගෝලය හා දේශගුණය

Posted by

 

දේශගුණ විපර්යාස පෘථිවියට අපූර්ව යමක් නොවෙයි. පෘථිවි ග්‍රහයාගේ ඇලයත්, සූර්ය වටා කක්ෂ ගතව යන ගමනත් නිසා නිර්මාණය වී ඇති දේශගුණික රටා හඳුන්වන්නේ මිලන්කොවිච් චක්‍ර(Milankovitch cycles) යනුවෙනි. පසුගිය වසර මිලියන කිහිපය තුළ මෙම චක්‍රය අයිස් සමය ලෙස දැක්වෙන අධික ශීත කාලවකවානු සහ අන්තර් ග්ලැසියර සමය ලෙස දැක්වෙන උෂ්ණාධික කාලවකවානු අතර වරින් වර මාරුවෙන් මාරුවට වෙනස් විය.

කාලගුණය ගැන අධ්‍යයනය කිරීම පිණිස විද්‍යාඥයෝ ශිල්ප ක්‍රම ගණනාවක් යොදා ගනිති. විල් සහ හැල අවසාදිත අතරේ ආරක්ෂාවී පවතින පරාග කර්ණිකා(pollen grains)  අතීතයේ දී සරුවට ව්‍යාප්තව තිබූ වෘක්ෂලතාදිය ගැන අපට කියා දෙයි. ගස්වල කඳෙහි මුදු උණුසුම් තෙත් වසරවල දී ඝනව පිහිටීමෙන්ද ශීත වියළි වසරවලදී තුනීව පිහිටීමෙන් ද දේශගුණ වාර්තා තබා ගනියි. පුරාතණ වාත බුබුළු අඩංගු අයිස් හර (ice core) සාම්පල (ice core) වසර මිලියනයක් ආපසු දිවෙන දත්ත ගබඩා කරයි. එමෙන්ම සාගර අවසාදිත පිළිබඳ රසායන සංයුතිය වසර මිලියන 65 ක්, ඒ කියන්නේ ඩයිනසෝරයන්ගේ සමයෙහි, අතීතයේ ජලයෙහි උෂ්ණත්වය පිළිබඳ යම් ඇස්තමේන්තුවක් සැපයීමට සමත් ය.

ගෝලීය දේශගුණය කෙරෙහි මිනිසාගේ බලපෑම කාර්මික විප්ලවයෙන් පසු ශීඝ්‍රයෙන් තියුණු ලෙස ඉහළ ගියේය. විසිවැනි සියවස ආරම්භ කාලයේදීම ලොව සාමාන්‍ය උණ්ණත්වය ඉහළ යාමට පටන් ගත්තේය. මෙයට වැඩි වශයෙන් බලපෑවේ ගල් අඟරු, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ආදී ෆොසිල ඉන්ධන මගින් හටගත් කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනයන්ය. අප කවුරුත් දන්නා පරිදි කාබන් ඩයොක්සයිඩ් යනු හරිතාගාර වායුවකි. පෘථිවියෙන් පිටවන, දෑසට නොපෙනෙන විකිරණ එමගින් අවශෝෂණ්‍ය (උරා ගැනීම) කර ගන්නා අතර ඉන් බොහොමයක්ම ආපසු එවයි(විමෝචනය කරයි).

greenhouse_effect

මෙහි ප්‍රතිඵලයක් ලෙස, අපට ඇසට පෙනෙන සූර්යාලෝකයෙන් මෙන්ම වායුගෝලයේ අධෝරක්ත විකිරණ මගින් පෘථිවියේ මතුපිට රත්වෙයි. හරිතාගාර ආචාරණය (බලපෑම) ලෙස හැඳින්වෙන්නේ මෙයයි(greenhouse effect). මේ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට අප අපොහොසත් වුවහොත්, සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයන් අංශක ගණනාවකින් මේ සියවසේදී ඉහළ යනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු හඟවති. අයිස් සමයක් සහ අන්තර් ග්ලැසියර සමයක් අතර සාමාන්‍යයෙන් උච්චාවචනය වන (උස් පහත් වන) උෂ්ණත්ව සීමාවක් වශයෙන් සැලකෙන අංශක 5ක බාගවිට ඉක්මවීමට ඉඩ ඇත. මේ හේතුවෙන් පෘථිවියේ කාලගුණ රටා වෙනස්වීමත් මෙන්ම ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයි තලා (ice sheets) දිය වී යාමෙන් මුහුදු මට්ටම ඉහළ යාමත් සිදුවේ. ගෝලීය උණුම්වීම වන සහ සාගර වාස භූමි කෙරෙහි තර්ජන ඇති කරයි. විහේෂයෙන්, පටු උෂ්ණත්ව පරාසයක් තුළ ජීවත්වන කොරල් පරවලට මේ තර්ජනය එල්ල වේ. ගෝලීය උණුසුමට එරෙහිව ක‍්‍රියා කිරීමට නම් බලශක්ති සංරක්ෂණයට ගෝලීය වශයෙන් කැපවීමත්, දැරිය හැකි (පාරිසරික  සමතුලිතතාව ආරක්ෂා කරන එමෙන්ම සම්පත් ක්ෂයවීම වළක්වන) බලශක්ති ප‍්‍රභව වර්ධනයකර ගැනීම හා වන සම්පත රැකගැනීම අවශ්‍ය වේ.

Khan Academy දේශන ඇසුරෙන් සකසන ලද්දකි

 

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.