හැඳින්වීම
අලි ඇතුන්, කොටි, ගෝරිල්ලා, පැන්ඩා, නිල් තල්මහ — අප සතුටට, විෂ්මයට පත් කළ හැකි, විවිධ වූ මේ සතුන් සැමට පොදු කුමක්ද? මේ මිහිතලය මත සිටින විශාලතම සතුන් අතරට, වඩාත් සිත්ගත් සතුන් අතරට, වඩාත් ප්‍රියමනාප සතුන් අතරට ඔවුහු වැටෙති. එහෙත් අවාසනාවකට මෙන් ඔවුන් අන්තරායට ලක් වූ ජීවි විශේෂයන්ය. එනම් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින විශේෂයි.
කිසියම් සත්ව හෝ ශාක විශේෂයක ඉතිරිව ඇත්තේ කොපමණ නම් කුඩා සාමාජික සංඛ්‍යාවක් ද කිවහොත් මේ පොලෝ තලයෙන් ඔවුන් සදහටම අහෝසි වී, වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත්නම් එවන් විශේෂ අන්තරාට ලක් වූ විශේෂ (endangered) ලෙස දැක්වෙයි. මේ මිහිතලය මත කිසියම් විශේෂයක එකදු සාමාජිකයෙකුවත් නැතිව සම්පූර්ණයෙන්ම නෂ්ටාවප්රාප්ත වී ඇත්නම් එම විශේෂය හඳුන්වන්නේ වඳ වූ විශේෂයක් (extinct ) ලෙසටය. කෙසේ වෙතත්, පෘථිවියේ සෑම පක්ෂී විශේෂ අටක් අතුරෙන් එක විශේෂයක්ද, සෑම ක්ෂිරපායි සතුන් විශේෂ හතරක් අතුරෙන් එකක්ද, සෑම උභය ජීවි විශේෂ තුනක් අතුරෙන් එකක්ද එමෙන්ම සෑම ශාක විශේෂ පහක් අතුරෙන් එකක් ද අන්තරායට ලක්වී ඇති විශේෂයන්ය.
කිසියම් විශේෂයක් සිය සුවිශේෂී ව්‍යාප්ත ප්‍රදේශය තුළ තවදුරටත් ජීවත් නොවේ නම් එම විශේෂය ‘ප්රාදේශීයව නෂ්ටප්රාප්ත වී හෝ මූලඡේදය වී ඇතැයි සැලකේ. මෙයට නිදසුන් ලෙස එක්සත් ජනපදයේ, මැක්සිකෝවේ සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල වෘකයාන්ගේ ඉරණම දැක්විය හැකිය. වෘකයන් නෂ්ටප්රාප්ත වී නැතත් ඔවුන් කලින් ජීවත් වූ බොහෝ ප්‍රදේශවලින් මූලඡේදනය වී ඇත.
මෙම චිත්රයෙන් දැක්වෙන සතුන් අතුරෙන් බොහොමයක් ස්වාභාවික සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය හෙවත් International Union for Conservation of Nature (IUCN) හි රතු ලැයිස්තුවට අයත්ය. IUCN රතු ලැයිස්තුවට ඇතුල් කරන්නේ ගෝලීය වශයෙන් අන්තරායට ලක්වූ තර්ජනයට මුහුණපා සිටින සහ අවදානම් සහිත විශේෂයන්ය.
මිහිතලය මත විශේෂ මිලියන 7 සිට 10 දක්වා ප්‍රමාණයක් ඇතැයි විද්යාඥෙය ඇස්තමේන්තු කරති. මේ සියල්ලෙහි මුළු එකතුව ගත් කළ එය ‘පෘථිවියෙහි ජෛවී විවිධත්වය'(Earth’s biodiversity) යනුවෙන් හඳුන්වනු ලැබේ. ජෛවී විවිධත්වයට අදහා ගත නොහැකි තරම් විශාල පරාසයක ජීවීන් අඩංගුය. ඔව් පත්තෑයාගේ සිට ඩොල්පින් දක්වා රයිනෝසිරස් ගේ සිට හූණන් දක්වා ආදී වශයෙන් විශාල පරාසයක විශේෂ ඇතුළත්ය. ඉතින් ලෝකයේ තුළ මේ සා විශාල විශේෂ සංඛ්‍යාක් ඇතිවුණේ කෙසේද? එය ඇත්තටම ‘එක රැයකින්’ (හදිසියේ) සිදු වූ දෙයක් නොවේ.
අප කවුරුත් දන්නා පරිදි පෘථිවිය සිතා ගැනීමට බැරි තරම් පෞරාණිකයි. ඔව්, වසර බිලියන 4.5ක් පමණ වයසැතිය. ඒ වගේම පෘථිවිය මත ජීවය දැනට වසර මිලියන දෙකකට වැඩි කාලයක් තුළ පවතී. ආරම්භක තනි සෛල සත්ත්වයාගේ සිට සත්ව විශේෂ පරිණාමය වී ඇත්තේ පුදුම එළවන සුළු අන්දමකටය. අපි මොහොතකට එක දෙයක් – ඔව් පාද ගැනසිතමු. ලෝකයේ සිව් පා ( සිංහ, බලු, ඇත්) අට පා (මකුළුවෝ) දෙපා (පරෙවියන්, මිනිසුන්) මෙන්ම අපා හෙවත් පාද නොමැති (නයි, ගැඩවිල්ලන්, තල්මසුන්) සත්තු සිටිති. පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් පෘථිවිය මත ජීවයේ විවිධත්වය වරක් හැඳින්වූයේ ‘අනන්තවූ ස්වරූප වඩාත් අලංකාරයි’ යනුවෙනි. ලොව සිටින විශේෂ පරිණාමය වී ඇත්තේ සියලුම ආකාර වටාපිටාවන්ට හා පරිසර පද්ධතිවලට හැඩ ගැසී ජීවිතය පවත්වාගෙන යාමට හැකිවන පරිදි යි. සාගර තුළ මෙන්ම කාන්තාරවලද, ගස් උඩ මෙන්ම ගුහා ඇතුළතද යනාදී වශනේ ඔබට සිතා ගත හැකි ඕනෑම පරිසරයක ඔවුහු ජීවත් වෙති.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් ලෝකයේ ජෛවී විවිධත්වය විහාල පරිවර්තනයන්ට ලක්ව ඇත. පරිණාමීය ක්රියාදාමයේ කොටසක් ලෙස සමහර විශේෂ නෂ්ටප්රාප්ත (වඳ) වෙන අතර වෙනස්වන පරිසරයට ගැළපෙන අයුරින් නව විශේෂ පරිණාමනය වෙයි. හැබැයි මේ ක්‍රියාදාමයට සාමාන්‍යයෙන් විශාල කාලයක් ගතවෙයි. මේ අනුව, වසර 100 ක් හෝ වසර 1000කින් පවා වඳ වී යන්නේ ඉතාමත් සුළු විශේෂ ප්‍රමාණයක් පමණකි.
එසේ වුවද, සුවිසාල ප්‍රමාණයක් විශේෂ මරණයට පත්කළ සීමාන්තික සිදුවීම් කිහිපයක් පෘථිවියේ ඉතිහාසය තුළ දැක්විය හැකියි. අප බොහෝ දෙනෙකු දන්නා ඒවා, හැඳින්වෙන්නේ සමූහ වඳවීම් (mass extinctions) යනුවෙනි. ඉන් එකක් ගැන බාගදා ඔබත් දන්නවා ඇති. ඒ තමයි, ඩයිනසෝරයන්ගේ වඳවීම. මේ සිද්ධියට බොහෝ දුරට හේතුවන්න ඇතැයි සැලකෙන්නේ මීට වරස මිලියන 65 කට පෙර පෘථිවිය මතට අතිවිශාල ග්රහකයක් කඩාවැටීමයි. මේ විපත්තිදායක සිදුවීමෙන් කොපමණ නම් විපර්යාසයක් සිදුවුණාද කිහතහොත් ලෝකයේ විශේෂවලින් සියයට 75ක් ම නෂ්ටප්රාප්ත විය. අපේ පෘථිවි ග්‍රහයාගේ ඉතිහාසය තුළ එවැනි සමූහ වඳවීම පහක් සිදු වී තිබෙනවා. අවාසනාවකට මෙන්, පසුගිය වසර 500 තුළ සතුන් වඳ වී යන ශීඝ්‍රතාව මෙන්ම අන්තරායට ලක් වූ හා ලක්වෙමින් පවතින විශේෂයන්ගේ සංඛ්‍යාව බැලුවහොත් අප දැන් සිටින්නේ හයවැනි මහා සමූහ වඳවීයාම අබියස බව පෙනී යයි. මේ හයවැනි නෂ්ටප්‍රාප්තියට හේතුවන සීමාන්තික සිදුවීම කුමක්ද? පිළිතුර පැහැදිලිය. එක වචනයකින් දැක්විය හැක ඒ තමා මානවයා.
ක්‍රි ව 1620දී ඇඳි මෙම චිත්‍රය මැද පෙනෙන විශාල පක්ෂී වර්ගය වන ඩොඩෝ වඳව ගිය විශේෂයකි. පියාසර කළ නොහැකි මෙම පක්ෂී වර්ගය ජීවත් වූයේ මුරිසි දිවයිනේ පමනක්ය. යුරෝපීය ගවේෂකයන් 1500 ගණනවල මැද මුරුසියට පැමිණි අතර ඉන් වසර 100 ඇතුළත ඩොඩෝ පක්ෂීන් වඳවී ගියේ යුරෝපීයයන් එම පක්ෂීන් මරා ගෙන කෑම නිසාවෙනි.
අප බොහෝ දෙනෙකු සතුන්ට ආදරේය. එහෙත් මිනිසුන් ලෙස අප කරන බොහෝ දේ අනෙකුත් විශේෂවල අයහපතට හේතු වේ. මිනිසුන්, අනෙකුත් විශේෂයෙන් අන්තරයාට ලක් කරන ප්‍රධාන විධි කිහිපයක් මතු දැක්වේ.
වාසභූමි විනාශ කිරීම හෝ අලාභ හානි කිරීම
(වුවමනාවට වඩා) අධි දඩයම, අධිමාළු බෑම, නීති විරෝධීව සතුන් ඇල්ලීම
ආක්‍රමණශීලී විශේෂ හඳුන්වාදීම
පරිසර දූෂණය
විචිත්‍ර සුරතල් සතුන් වෙළෙඳාම සඳහා වනගත සතුන් අල්ලා වනයෙන් ඉවතට ගැනීම
දේශගුණික විපර්යාසයන්ට දායකවීම
මේ ප්රවණතා ආපසු හැරවීමෙන් හයවැනි නෂ්ටප්රාප්තිය වළක්වා ගත හැකි වුවත් එය පහසු කාර්යයක් නොවේ. ඒ ගැන මෙම ලිපියේ දෙවැනි කොටසින් ඉදිරි තතු කලාපයකදී සාකච්ඡා කෙරේ.
බලාපොරොත්තු
මිහිතලය මත විශාලතම සත්වයන් වන නිල් තල්මසුන් මසට සහතෙල් ලබාගැනීම පීණිස කලක් දඩයම් කෙරිණ. දැන් ඔවුන් මැරීම ජත්‍යන්තර වශයෙන් තහනම්ය. සෙමින් සෙමින් වුවත් සත්ව විශේෂයක් ලෙස ඔවුන් යළි වර්ධනයට පටන් අරන්
Kids Discover හි Endangered Species ලිපිය ඇසුරෙනි