ආලෝක විමෝචන දියෝඩ , එහෙම නැතිනම් අද සමාජයේ බහුලව භාවිත කෙරෙන අන්දමට කීවොත් LED(Light Emitting Diodes) අපේ එදිනෙදා ජීවිතයට බොහෝ සේ ළංවී තිබේ. ගෙදර හැම තැනකම විදුලිය පිරිමසන LED ය. විදුලි බලයෙන් ආරෝපණය කළ හැකි ටෝච් එකෙනිද ඇත්තේ LED ය. නිවසේ, කාර්යාලයේ ඇති කොම්පියුටරයේ මොනිටරය නැතිනම් සංදර්ශකය දැන් බහුලව ඇත්තේ LED මාදිලියයි. වෙළඳ සලෙහි විවිධ පණිවුඩ කියාපාන දැන්වීම් පුවරුවෙහි සංදර්ශකය ද LED ය. බස් රථවල කුඩා තොරණ බඳු බුදුරැුස් මාලාවල එළිය විහිදුවන්නේද LED මය. දැන් මෙම ලැයිස්තුවට අළුතෙන් එක්වන්නට යන්නේ LED සංදර්ශක කඩදාසිය. ඔව්, සාමාන්‍ය කඩදාසි උපයෝගී කරගෙන පර්යේෂකයන් පිරිසක් දැන් ආලෝක විමෝචන සංදර්ශකයක් නිර්මාණය කර තිබේ.
මේ නව සොයාගැනීම සිදුකර ඇත්තේ ස්වීඩනයේ උමියා සරසවියේ ලුඩ්විග් එඩ්මන් ඇතුළු කණඩායමකි. සාමාන්‍ය කඩදාසියක් LED සංදර්ශකයක් කිරීම සඳහා ඔවුහු සාමාන්‍ය කඩදාසියකට විවිධ ද්‍රව්‍ය ස්තර හයක් ස්පේ‍්‍ර (ඉසීම) කළහ. එසේ ඉසුනු ලැබුවේ මැලියම් ස්තරයක්, විදුලි ධාරාව (current) රැුගෙන ගොස් විදුලි බලය ආළෝකය බවට පරිවර්තනය කිරීම සඳහා ස්තර හතරක් සහ එ් සියල්ල එකලස්ව තබා ගැනීම පිණිස ආවරණ ස්තරයක් වශයෙනි. ස්තර හය සහිත කඩදාසියට අනතුරුව වෝලට් 11ක විදුලි බලයක් සැපයූවිට බොහෝ පරිගණක සංදර්ශක තරමට දීප්තිමත්ව බැබළිණ. එඩ්මන් නව නිර්මානය හඳුන්වාදෙන්නේ සාමාන්‍ය ප්රදිපනය සඳහා යොදාගන්නා LED සහ උසස් මට්ටමේ සංදර්ශක සඳහා යොදාගන්නා OLED වෙනුවට පාවිච්චි කළ හැකි අඩු වියදම් විකල්පයක් ලෙසටය.
යම් පාරිභෝගික ද්‍රව්‍යයක හෝ භාණ්ඩයක කල් ඉකුත්වන දිනය ළංවූ විට එම ද්‍රව්‍යයෙහි හෝ භාණ්ඩයෙහි අළවා ඇති ලේබලය ඉබේටම ආලෝකමත් වී ඒ බව දැක්වීම පිණිස මෙම තාක්ෂණය යොදා ගත හැක. එමෙන්ම තම ඊළග බෙහෙත් වඩිය අමතක වූ රෝගියෙකුට ලේබලය ඉබේ
ටම ආලෝකමත් වී ඒ බව දැන්වීමට ද, ගොඩ ගසා ඇති පාර්සල, පැකේජ පහසුවෙන් හඳුනාගැනීමට ද ආදී වශයෙන් නව තාක්ෂණය විවිධ කාර්යය සඳහා යොදා ගැනීමට පුළුවන. අඩු වියදම, පරිසර හිතකාමී බව නව තාක්ෂණයේ ප්‍රධාන වාසි අතර වෙන බව එඩ්මන් පවසයි.
NEW SCIENTIST හි Paper becomes a light-emitting display ලිපිය ඇසුරෙනි