එම්බා ගංඟා…

Posted by

සීත සුනිල් දිය දහරා…

 

ගංඟා සහ ඒවාට ජලය සැපයෙන දිය පහර විවිධ නම්වලින් හැඳින් වේ. සෑම ගංඟාවකටම වාගේ කුමක් හෝ නමක් ඇත. ඇතැම් ගංඟාවලට අන්වර්ත නම් ද පට බැඳි ඇත. ඇමරිකාවේ දිගම නදිය වන මිසිසිපි නදිය ‘මහ මඩයා’ යනුවෙන් හැඳින්වීම උදාහරණයි. කුමන නමකින් හැඳින්වුවත්, දිගු හා විශාල මහා ගංඟාවක සිට කඳු ගැටයකින් ගලා යන කුඩා ගංඟාව ඇතුළු ගංඟා තමයි මේ මිහිතලයේ ජීවනාලිය.

වර්ෂාව පතිත වූ වට හෝ හිම දිය වූ විට ඒවා ගලා යා යුතුය. පහත් තැනින් ගලා යාම ජලයේ ස්වභාවයයි. ජලයේ ස්වාභාවික ගැලීම තුළින් භූ දර්ශනයේ කැටයම් මවන ගං ආරවල් ගසක අතු මෙන් බොහෝ විට ශාඛා රටා මවයි. ජල බිංදු ඉතා කුඩා ගඟිත්තවලට කාන්දු වී ඉන් පසුව වඩා විශාල ජල පහරට එක් වී අවසානයේ ගංඟාවන්ට ගලා බසී. මෙලෙස ගංඟාවකට ජලය සැපයෙන ඇල, දොළ, කුඩා ගංඟිත්ත හා කුඩා ගංඟා හඳුන්වන්නේ ‘අතු ගංඟා’ (tributaries) ලෙසටය.

ගංඟාවකට ජලය සැපයෙන භූමි ප්‍රදේශය හඳුන්වන්නේ ජල පෝෂකය ලෙසයි. අප නගරයක හිටියත්, කදු මුදුනක, නිම්නයක වෙනතක් තබා කාන්තාරයක හිටියත් මේ පෘථිවියේ කොයි කොටසත් ජල පෝෂකයන්ය. මේ ලොව බොහෝ සෙයින් විශාලතම ජල පෝෂකය ඇමොසන් ද්‍රෝණිය හෙවත් ගංඟාධාරයයි. වර්ග සැතපුම් මිලියන 2.6ක (දකුණු ඇමරිකාවෙන් 40%ක්) ප්‍රමාණයක් ඉන් ආවරණය වෙයි. රටවල් අටක අතු ගංඟා දහසකට වැඩි ප්‍රමාණයක් ජලය එමගින් එකතු කෙරේ.  ඒ සියලු ජලය ගලා බසින්නේ සැතැපුම් 4,000ක් දිග මහා ඇමසන් නදියටයි. එහි ප්‍රවාහය පුදුමාකාර ලෙස බලගතුය. ඇත්තටම ගතහොත්, මුළු ලෝකයේම ගංඟා ජලයෙන් පහෙන් එකක් ඇමොසන් නදිය මගින් රැගෙන යනු ලැබේ.

ගංඟාවක් නිරතුරුවම වෙනස්වීම්වලට භාජනය වේ. අද අප දකින විට එය පියකරු, සාමකාමී ගංඟාවකි. තවත් දවසක එය අවට ප්‍රදේශ ජලයෙන් යටකරගෙන දරුණු සැඩ පහර සහිතව ගලා යන වියරු වැටුණු ජලධාරාවකි. Rivers_6යම් ගංඟාවක ගලායන මග ඔස්සේ ද වෙනස් කම් දැකිය හැකිය. ඇතැම් තැනක වේගයෙන් ගලාබසී. තවත් තැනක මන්දගාමීය. ඔය අතර තුර ගැඹුරුවළවල් හෝ කඩිතිවල සිට දිය ඇලි (waterfalls) දක්වා කුඩා පරිසර පද්ධති තනයි. කෙසේ වෙතත්, සියලුම ගංගාවලට ඇතැම් ගති ලක්ෂණ පොදුය. ගංගාවක ප‍්‍රධාන කොටස් පහ එම ලක්ෂණයි.

ප‍්‍රභවය විශාල ගංගාවලට අතු ගංගා බොහොමයකින් ජලය සැපයේ. එහෙත් ගංගාවකට ඇත්තේ එක් ප‍්‍රභවයක් පමණකි. ප‍්‍රභවය යනු ගංඟාවක ආරම්භක කොනයි. ප්‍රභවය, උල්පතක්, විලක්, දියවෙන ග්ලැසිරයක් හෝ වගුරක් විය හැකියි. බොහෝ විට ගංඟාවක ප්‍රභවය දැකිය හැක්කේ කන්දක් මතය.

ගං ආර  ගලා යන දිය දහරකින් විශේෂයෙන් මෘදු පසෙහි ගඟක් ගලා යාම පිණිස ආරක් හෑරෙයි, එය පටු හෝ පළල් විය හැකියි.  එමෙන්ම ගැඹුරු හෝ නොගැඹුරු විය හැකියි. අඩුම ප්‍රතිරෝධයක් ඇති තැන් සොයා ගනිමින් ගංඟාවක් හැරෙමින් තැවෙමින් භුමිය හරහා ගමන් කරනු මිස ඍජු රේඛාවක ගමන් නොගනී.

ගංඉවුරු: ගංඟාව ළඟම ඇති භූමිය ගං ඉවුරුය. ඒවා, ‘ගංඉවුරු කලාපය’ නමින් හැඳින්වෙන පරිසර පද්ධතියක නිජ බිමයි. ‍ගංඉවුරු කලාපය ඇති ශාක විශේෂයෙන්ම ජලය ප්‍රිය කරයි. ගං ඉවුරුවල ඝනව වැඩුණු වෘක්ෂලතාදියට මෙන්ම බොහෝ සත්ව විශේෂයන්ටද නිවහන් වේ.

පිටාරතැන්න ගංඟා, හැම විටමත් තම ගමන් මග දිගේ නොයයි. කඳුවල හිම දිය වී යන විට හෝ මහා වැහි කුණාටුවක් ඇති වූ විට හෝ ගංඟා ඉවුරු තලා ගලා බසියි. එලෙස ගලා යන ජලයෙන් නිතර නිතර යටවන ප්‍රදේශ පිටාර තැන්න ලෙස හැඳින්වේ.

මෝයකට හෝ ඩෙල්ටාව : ගංඟාාවක් අවසන් වන්නේ මෙතනදීය. ගංඟාවක් එහි මෝය කට වෙත ළඟාවෙත්ම ශක්තිය හීන වී වේගය අඩාල වෙයි. එය විලක්, සාගරයක් හෙ‍ෝ තෙත් බිමක් කරා ගලා යද්දී එන්ට එන්ටම විශාල භූමි ප්‍රදේශයකට ව්‍යාප්ත වෙයි. උඩු ගං ප්‍රදේශයේ සිට රැගෙන එන අවසාදිත (මණ්ඩි)‍ ඩෙල්ටාවෙයි තැන්පත් කෙරේ. ඉතින් අවසාදිතවල ඇති පෝෂණ ශාක වැඩීමට යෝග්‍ය තෝතැන්නක් සපයයි.

මිනිසාගේ පැවැත්මට අවශ්‍ය පාණීය ජනය එදා සිටම රැගෙන ආවේ ගංඟාවන්ය. අද පවා අපට අවශ්‍යවෙන පාණීය ජලයෙන් තුනෙන් දෙකක්ම ලබාගත්තේ ගංඟාවන්ගෙන්ය.  එහෙත් ගංඟාවන් අපට රැගෙන එන්නේ ජලය පමණක්ම නොවෙයි.  ආහාර වගා කිරීම යෝග්‍යවන පරිදි පස සරු කරන පෝෂණ කොටස්ද ඒවා මගින් සැපයේ. ඇත්තටම ගත්තොත්, ගංඟාවක් නොතිබෙන්නට මානව ශිෂ්ඨාචාරයක් හට ගන්නේ නැත. මෙයට වසර 12,000කට පෙර මානවයන් ගත කළේ තැනින් තැන යන අස්ථිරවාසී (nomads) ජීවිතයක්ය. ඔවුන් දඩයමට සතුන් හා ශාක කොටස් සොයමින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වූහ. එහෙත් ගංඟා හා මිනිසා අතර සම්බන්ධතාවය මේ ආයාලේ යාමේ ගතිය වෙනස් කිරීමට මග පෑදීය.

ගංඟාවක් ස්වාභාවිකව ගලන විට පෝෂණයෙන් සපිරි රොන්මඩ එහි පිටාර තැන්නෙහි තැන්පත් කෙරේ. මිනිසා මුලින් කෘෂිකර්මාන්තය ආරම්භ කළේ මෙසපොතේමියාව, ඊජිප්තුව, ඉන්දියාව හා චීනය යන රටවල ගංඟා දෙපස ‍සරු පොළෙවෙහිය. ප්‍රමාණවත් තරම් ආහාර මෙලෙස වගා කර ගත් කල කෑම සොයා එහෙ මෙහෙ යාමේ අවශ්‍යතාව පැන නැගුනේ නැත. ඒවා ආශ්‍රිතව ජනපද පිහිටුවා ගැනීමට හැකි වූ අතර  මානව ශිෂ්ටාචාරයට සැබැවින්ම  මුල පිරිණ. මුල්ම කෘෂිකාර්මික ජනපද බිහිවූයේ ටයිග්‍රිස් හා යුප්රේට්ස් ගංඟා අතර මෙසෙපොතේමියාවේද නයිල් නදිය යාබදව ඊජිප්තුවේහිදීය. ස්වාභාවික ජලගැලිම් මගින් භෝග වගාවට අවශ්‍ය සරු පසක් මෙන්ම ජලය ද සැපයිණ. එතකුදු වුවත් ජල ගැලීම්වලින් හානි ද පැමිණේ. මෙ‍සපොතේමියාවේ හා ඊජිප්තුවේ ජනයා කල්පනාකරි නොවුනේ නම් ඔවුන්ගේ වාසස්ථානද ගංවතුරින් විනාශ වන්නේය. ලොව මුල්ම සොයා ගැනීම් බොහොමයක් අතර  ස්වාභාවික ජල ප්‍රහාරයන් පාලනය ඇතුළත් වූයේ එම හේතුවෙනි. පිටාර ජලය යළි යොමු කිරීම පිණිස ඇල මාර්ග කපා කෘතිම තඩාග හැදුවේ එමගින් සිය වාසස්ථාන බේරා ගැනීමේ අදහසද ඇතිවය. එතැනින් වාරිමාර්ග අගල් හා කාණු කපා වගාවට ප්‍රමාණවත් ජලය යොමු කෙරුණේ ජලය පාලනය කළ හැකි පරිදි එම අගල් හා කාණුවලට ගේට්ටුද එකතු කරමිනි.

ගංඟා මගින් ආදි කාලීන ජනතාවට තවත් සම්පත් ද සැපයිණ. මුල්ම ලිවීමේ ක්‍රමය මෙසපොතේමියානුවන් වැඩිදියුණු කරද්දී ඊට අවශ්‍ය මෙවලම් ඔවුනට ලබා දුන්නේ ගංඟා මඟින්ය. රොන් මඩ මගින් ඔවුනට ඕනෑතරම් ස්වාභාවික මැටි ලැබිණ. ඔවුන් ඒවා යොදාගෙන මැටි පුවරු තනා ගත්හ. ගඟ බඩ පන් ගස් ඔවුනට පන්හිඳ විය.

ස්වභාව ධර්මයා මිනිසාට ලබාදුන් මහමාර්ග වන්ෙන්ගංඟාවන්ය. මෝටර්රිය, දුම්රිය හා අහස්යානා නිපදවනතුරු ගමන බිමනට පිහිටවූයේ ගංඟාවන්ය. නූතන පුරවර බොහොමයක් ගොඩනැගී  ඇත්තේ ගංඟා අසබය. නගරාන්තර ගමනාගමනයට හා භාණ්ඩ ප්‍රවාහනයට ගංඟා පිහිට විය. ඊට අමතරව, කාර්මික විප්ලවයේ ආරම්භක අවධියේදී කම්හල්වල යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීමට යොදා ගන්නේ ද ගංඟා වේ ජල ප්‍රවාහයන් වැඩ කරන ජල රෝදයි. වසර දහස් ගණනක් මුළුල්ලේ මේ අන්දමට වාරිමාර්ග කටයුතුවලට, ප්‍රවාහයට හා යාන්ත්‍රික බලය සඳහා ගංඟා උපයෝගී කරගනු ලැබීය. 1800 ගණන්වල අග විදුලිය ජනනය කිරීම ජලය යොදා ගැනීම ඇරඹින. ලෝකයේ විදුලිබල ශක්තිනේ හයෙන් එකක් නිපදවන්නේ ජල විදුලි යන්ත්‍ර මගිනි. ඒ පරිසරයට දූෂකහෝ හරිතාගාරවායු එකතු නොකරමිනි. කෙසේ වෙතත්, ගංඟාවක ජල මග අවහිර කරමින් වේලි ඉදිවීමේ ගැටලු නැතුවා නොවේ.

ගංඟා යනු මේ මිහිතලය මත වඩාත්ම ජෛවී විවිධත්වයක් ඇති ස්ථානය. එහෙත් ඒවා ආශ්‍රිතව දැවැන්ත ආකාරයකින් මානව ක්‍රියාකාරකම්ද සිදුවේ. අවාසනාවකට මෙන් ඉන් බොහොමයක් පරිසර දුෂණයට හා වාසස්ථාන විනාශයට මග පාදයි.

KIDS DISCOVER හි  Spotlight: Rivers ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.