කරදරකාර ඇඳ මකුණා හරිහැටි හඳුනා ගන්න

Posted by

නිතර කතා බහට ලක් නොවුණත් මිනිසා ආසන්නයේම ගතකරන පළිබෝධයක් ලෙස ඇඳ මකුණා හඳුන්වා දිය හැකිය. ඇඳ මකුණන් ගැන වැඩි අවධානයක් යොමු නොවන්නේ ඔවුන් ඉමහත් ව්‍යාසනයක් ලෙස නොසළකන නිසා විය හැකිය. එහෙත්, ලේ උරා බොමින්, සැඟවී සිට සපා කමින් ඇඳන්වල, පුටුවල ආදී  ඕනෑම තැනක ගැවසෙන මේ හිරි හැර කාරයා, අපට බොහෝ් කාලයක පටන් අණවිණ කරන කරදර කාරී කෘමියෙකු ලෙස ප‍්‍රසිද්ධය. පරිසර සංරක්ෂණ ආයතන, සෞඛ්‍ය හා රෝග නිවාරණ අංශවල මෙන්ම පළිබෝධ පාලන අංශවල නිගමනය වන්නේ ඇඳ මකුණා මහජන සෞඛ්‍ය පළිබෝධකයක් ලෙසයි. කෙසේ bed-bug-size-වෙතත්, ඒ වර්ගයේ වෙනත් පළිබෝධක මෙන් නොව ඇඳ මකුණා රෝග බෝ කරන්නේවත් පතුරුවන්නේ වත් නැත. එහෙත් වෙනත් මහජන සෞඛ්‍ය ගැටළු වලට ඔවුන් මුල්විය හැකි බැවින් ඇඳ මකුණු උවදුර වළක්වා ගන්නා ආකාරය මෙන් ම පාලනය කර ගැනීම ගැන අවධානය යොමු කිරීම වටී.

ඇඳ මකුණන් සපා කෑම නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ අතර

x          ආසාත්මිකතා ප‍්‍රතිචාර: සපා කෑ විට ඇතිවන කුඩා ලකුණක සිට ඉඳ හිට වුවත් අසරංක්‍ෂණතාව (anaphylaxis) හෙවත් දරුණු පූර්ණ ශරීර ප‍්‍රතිචාර දක්වා ආසාත්මිකතා ප‍්‍රතිචාර අතර පරාසයක් මෙයට ඇතුළවේ.

x          සපා කෑමේ ප‍්‍රතිචාර වශයෙන් (ඉම්පෙටිගෝ, වසා ධාරනිදාහය වැනි) ද්වීතීයික ආසාදන ඇතිවීම.

x          මකුණන් ගහන පරිසරයක ජීවත්වීමේ දී ඇතිවන මානසික සෞඛ්‍ය බලපෑම.

ඇඳ මකුණු උවදුරට ලක් වූවන් බොහෝ විට දන්නා පරිදි ඇඳ මකුණා සොයා ගැනීම ඉතා අසීරුය. ඔවුන්ගේ කුඩා ප‍්‍රමාණය හා සැඟව සිටීමේ චර්යාව ඊට බලපායි. මීට අමතරව ඇඳ මකුණා හඳුනා ගැනීම ද අසීරු වන්නේ ඒ හා සමාන පෙනුමැති වෙනත් කෘමීන් ද ඇති හෙයිනි. එනිසා ඔවුන්ගේ පෙනුම ගැන අවබෝධයක් තිබීම වැඩදායකය. මන්ද, ඔවුන්ගේ ජීවන චක‍්‍රයේ එක් එක් අවස්ථාවල ඇඳ මකුණා විවිධ ස්වරූප ගන්නා හෙයිනි. පහත දැක්වෙන චිත‍්‍රයේ දැක්වෙන්නේ ඇඳ මකුණාගේ ජීවන චක‍්‍රයයි.

බීජ අවස්ථාව,             (මිමි 1)                            bed-bug-

ශිශුවා(nymph) පළමු අවස්ථාව,  (මිමි 1.5)

ශිශුවා දෙවන අවස්ථාව,                   (මිමි 2)

ශිශුවා තෙවන අවස්ථාව,                  (මිමි 2.5)

ශිශුවා සිව්වන අවස්ථාව,                  (මිමි 3)

ශිශුවා පස්වන අවස්ථාව,                  (මිමි 4.5)

ආහාර නොගත් වැඩිහිටි ගැහැණු

ආහාර නොගත් වැඩිහිටි පිරිමි

ඇඳ මකුණන්ගේ පැතිරයාම වැඩි වීමට විශේෂයෙන් හේතු ගණනාවක්ම දැක්විය හැකිය.. ජනතාවගේ ගමන් බිමන් වැඩිවීම සමග ඇඳ මකුණෝ එක් ස්ථානයක සිට තවත් ස්ථානගතව බෝවෙති. ඇඳ මකුණන් ගහනගතවීම හෙවත් තදින් බෝවීම ගැන නිසි අවබෝධයක් නොමැති කම ද කෘමිනාශකවලට ඇඳ මකුණන් දක්වන ප‍්‍රතිරෝධය ඉහළ යාම ද තවත් හේතූන් ය. එමෙන් ම, ඔවුන් මර්දනය සඳහා ඵලදායි නොවන කෘමි පාලන ක‍්‍රම අනුගමනය කිරීම ද මීට අයත් ය. එහෙත් ඇඳ මකුණන් පාලනය කිරීමට ක‍්‍රම ඇත. ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම මුල් පියවරයි. වහා නැසිය හැකි රසායන විසඳුම් නැතත් රසායනික මෙන්ම රසායනික නොවන ක‍්‍රම දෙකම උපයෝගී කරගන්නා ක‍්‍රමවේද මගින් ඇඳ මකුණන් පාලනයට හා බෝවීම වළක්වා ගැනීමට පියවර ගත හැකිය. ඇඳ මකුණන්ට ජීවන චක‍්‍රයේ එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවක් දක්වා යාමට අඩුම තරමින් එක් රුධිර ආහාර වේලක් අවශ්‍යවේ. එමෙන්ම සෑම අවධියකදීම හැව ඇරීමද සිදුවේ. සංවාසයෙහි යෙදී බිත්තර දැමීමට නම් ගැහැණු පිරිමි ඇඳ මකුණන් අඩුම තරමින් දවස් 14කට වරක්වත් ආහාර ගත යුතු වෙයි. සෑම ගැහැණු සතෙකුම දවසකට බීජ 1 සිට 3 දක්වා ප‍්‍රමාණයක් දමයි. එලෙස මුළු ජීවිත කාලය තුළ (මාස 6 -12 ක් හෝ ඊට වැඩි) බීජ 200-500 ක් අතර දමයි.

සෙන්ටිගේ‍්‍රඞ් අංශක 7 ( ෆැරන්හයිට් අංශක 46) තරම් අඩු උෂ්ණත්වක දී පවා ජීවත් වීමට හා ක‍්‍රියාකාරී වීමට ඇඳ මකුණන් ට හැකි නමුත් ශරීර උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 45 (ෆැරන්හයිට් අංශක 113) දක්වා පැමිණ විට ඔවුහු මිය යති. ආහාර සඳහා මිනිසුන් ප‍්‍රිය කරන බවත් පෙනී ගියත් අනෙකුත් ක්‍ෂීරපායියින්ගේ හා පක්‍ෂීන්ගේ රුධිරය ද ආහාරයට ගනී. ඔවුන් සැඟවී සිටින ස්ථානයේ සිට ආහාර සොයා ගැනීම පිණිස අඩි 5 සිට 20 දක්වා දුරක් ගමන් කරති. මූලික වශයෙන් රාත‍්‍රියේ ක‍්‍රියාකාරී වුවද මහ දවල් පවා ධාරකයන් (host) සොයයි. ආහාර ගැනීම සඳහා විනාඩි 3-12 දක්වා වේලාවක් ගත කරයි. ඇඳ මකුණන් ගැවසෙන නිවෙස්වල ඇඳ ඇතිරිලි හා ඔවුන් සැඟව සිටින ස්ථානවල මළකඩ වැනි කුඩා ලප දැකිය හැක්කේ වැඩිහිටි ඇඳ මකුණන් මෙන්ම විශාල ශිශුවන්ද ලේ උරා බොන අතරම කලින් ගත් රුධිර ආහාරවේලෙන් සියයට 20 ක් වමනය කරන බැවිනි.

United States Environmental Protection Agency (EPA) වෙබ් අඩවියේ  ලිපියක් ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.