විදු නැන නුවණ – Science Literacy for All

ලොව පියැසි මුදුන – හිමාලය

හිමාලයා කඳු වැටිය ගැන මෑතක යළි අවධානය යොමු වූයේ නේපාලයේ භූ කම්පා ඛේදවාචකය සමගයි. පිට පිට ඇති වූ දරුනු භූමි කම්පාවලින් අනතුරුව හිමාලයා කඳු වැටියෙහි උස මදකින් අඩු වූ බවක් ද එකල පළ විය. මේ ලිපියෙහි අරමුණ ඒ ගැන කීම නොව, ලොව ඉහළම කඳු මුදුන වන එවරස්ට් ඇතුළුව හිමාලයා කඳු වැටිය ගැන විද්‍යාත්මක තොරතුරු කිහිපයක් ගැන සෙවීමයි.

අප කවුරුත් දන්නා පරිදි හිමාලයා කඳු වැටිය ලොව උසම කඳු පේළියයි. මේ මහ කඳු යාය, භූතානය, නේපාලය, ඉන්දියාව, ටිබෙටය, චීනය, පකිස්තානය හා ඇෆ්ගනිස්තානය හරහා නැගෙනහිර සිට බටහිරට සැතපුම් 1500 ක දුරක් විහිදේ. එහි උසම කඳු මුදුන වන එවරස්ට් අඩි 29,035 ක් ( සැතපුම් පහාමාරක් පමණ) උසය. පෘථිවිය මත ඇති උසම කන්ද එයයි. හිමාලයා කඳු යායේ ඉහළම කන්ද එය වූවත් එම කඳු වැටියේ හිමෙන් වැසුණු තවත් උස් කඳු මුදුන් ගණනාවකි. ඒවා බොහොමයක් උසින් අඩි 25,000 ට වැඩිය. ඉතින් මේ කඳු යායට ‘ලොව පියැසි මුදුන’ (rooftop of the world) යන නම පටබැඳීම අරුමයක් යැ? එහෙත් අරුමය වන්නේ මේ සා උස කඳු යායක් හට ගත්තේ කෙසේද යන්නයි.

හැප්පීම !

ඔව්, හැප්පීමකින් තමයි මේ සා දැවැන්ත කන්දක් නිර්මාණය වුණේ, අති විශාල ඝට්ටනයකින්. කඳු හැප්පෙන්නේ හෝ ගැටෙන්නේ කෙසේ දැයි එකවර සිතට නැගෙන්න පුළුවනි. අපි සොයා බලමු. මේ මෙගා-ඝට්ටනය ඇති වුණේ පෘථිවියේ පිටත ස්තරයේ තැටි ලෙස හැඳින්වෙන අති යෝධ තට්ටු දෙකක හැප්පීමෙනි. ( භූ තැටි, මහද්වීපිික ක‍්‍රියාකාරිත්වය ගැන තතු ලිපිවල වරින්වර සඳහන් වුණා. තතු තෝම්බුව හෙවත් පසුගිය මාස වල ලිපි එකතුව විමසා බැලීමෙන් වැඩි විස්තර දැන ගත හැකියි. ) පෘථිවියේ භූ තැටි මහද්වීප දරාගෙන සෙමින් චලනය වෙද්දී තුන් ආකාරයක ප‍්‍රතිඵල ඇතිවෙනවා. පෘථිවියේ පෘෂ්ඨීය (මතුපිට) කොටස් නිරතුරුව චලනය වෙමින්, හැඩයෙන් වෙනස් වෙමින් පවතී. පෘථිවියේ පිටත ස්තරය ශිලා ගෝලීය තැටි නම් වක‍්‍රාකාර කැබැලිවලට බෙදී තිබෙනවා. හරියට පාපන්දුවක කළු සුදු කොටස් වගෙයි. මේ ආකාරයේ ප‍්‍රධාන තැටි හයක් ඇති අතර ඒවා නිරතුරුව චලනය වෙමින් පවතී. ඉතින් මෙම තැටි චලනය වීමේදී එකිනෙකට ඇතිල්ලීමට පටන් ගනී. එසේත් නොමැති නම්, එකිනෙකින් ඈත්වෙයි. තවත් සමහර අවස්ථාවල මේ තැටි දුම්රිය හෝ වෙනත් වාහන දෙකක් එකිනෙකට මුහුණලා හැප්පෙන කලෙක මෙන් තදින් හැප්පී එකක් අනික මත ඉහළට එසවෙයි. කඳු නිර්මාණය වන්නේ එලෙසිනි. අන්න එවැනි මහා ඝට්ටනයකින් හෙවත් හැප්පීමකින් තමයි හිමාලය අහසට එසවුණේ. හිමාලයා කඳු වැටියේ මේ ක‍්‍රියාදාමය ආරම්භ වන්නේ අද ඊයේ නොවෙයි. මීට වසර මිලියන 40 කට පෙර ඉන්දියාව ක‍්‍රමයෙන් ආසියාව තුළට ඇතුල් වෙද්දීයි. මේ තල්ලූ වීම තවමත් සිදුවන අතර හිමාලයා එන්න එන්නම උස් වෙනවා. මෙය කොපමණ වේගයෙන් සිදුවෙනවා ද කියා බැලීමට විද්‍යාඥයෝ ගෝලීය ස්ථාන නිර්ණායක පද්ධතියක (Global Positioning System  – GPS)  උපකරණ එවරස්ට් කඳු මුදුන ආසන්නයේ සවි කළ අතර ඉන් අනාවරණය වූයේ කන්ද සෑම වසරකටම අඟල් 0.1576 කින් උස් වෙන බවයි. මෙය විශාල ප‍්‍රමාණයක් නොවූවත් වසරක් පාසා වසර මිලියන 40 ක් තිස්සේ සිදු වන විට නම් සුළු පටු  නොවේ, එහෙම නේද? ඇත්තටම අද එවරස්ට් කූටයේ ඇති පාෂාණ හට ගත්තේ සාගර පත්ලෙයි. ලෝකයේ වඩාත්ම උසින් ඇති මේ පාෂාණ අතර ආදී කාලීන මුහුදු සතුන්ගේ ෆොසිලත් පවතිනවා.

අහසේ වාසේ

ඝට්ටනයෙන් (හැප්පීමෙන්) හිමාල කන්දෙහි උප කඳුවැටි තුනක් නිර්මාණය වී තිබෙනවා. එම කඳු වැටි හරියට දැවැන්ත පඩිපෙලක් වගෙයි. උසෙන් අඩුම කª වැටිය තමයි දකුණට ම වෙන්න තිබෙන්නේ. තැනිතලා මත සිට අඩි 4,500 ක් පමණ ඒවා උඩට මතුවෙනවා. ශිවාලිත් කඳු හෙවත් පිටත හිමාලය ලෙස හැඳින්වෙන්නේ මේවා යි. අනෙක් වැටි දෙක හා සසඳද්දී ශිවාලිත් සෞම්‍යයයි. ඊළඟට ඇත්තේ ‘චූල’ (කුඩා) හිමාලයයි. ශිවාලිත් කඳු වැටියට උතුරින් පිහිටා ඇති මෙහි උස අඩි 9,000 ක් පමණ වෙනවා. සැතපුම් 50 ක් පුරා පැතිර පවත්නා එය ගැඹුරු නිම්න, ප‍්‍රපාත හා දොරුවලින්    යුක්තයි.

අප බොහෝ දෙනෙකු හිමාලයා වශයෙන් හඳුන්වන්නේ උතුරටම ඇති කඳුයාය වන ‘මහා’ හිමාලය යි. එය විෂමතා ගහණ ලොවක්. කඳු උස අඩි 12,000 පසු කරද්දී දේශගුණය ගස් වැඞීමට යෝග්‍ය නොවන අයුරින් සීතල වෙයි. තවත් ඉහළට යද්දී දකින්නට ලැබෙන්නේ එක යායට හිම හා අයිස්වලින් වැසී පවතින කඳු මුදුනය. පෘථිවියේ ධ‍්‍රැව ප‍්‍රදේශවලින් පිටත වැඩිම අයිස් ප‍්‍රමාණයක් ඇත්තේ මහා හිමාලයෙහි තමයි. ‘හිමාලය’ යන සංස්කෘත වචනයෙහි තේරුමත් ‘හිම පියස’ නැතිනම් ‘හිම නිවස’ යන්න යි.

මහ කන්දේ මහනිසංශ

හිමාලය කොපමණ නම් විශාල ද කියතහොත්, එහි බලපෑම තරංගයක් සේ සැතපුම් දහස් ගණන් ඈතට දිවෙනවා. වඩාත් ම වැදගත් වෙන්නේ, හිමාලයා කඳු තමයි ජල ප‍්‍රභවය. උදාහරණයක් කියතහොත් හිමාලයා කඳු වැටියෙන් සැතපුම් දහසකට ආසන්නයේ පිහිටි පකිස්තානයේ ඉන්දු ගෙඟහි එරට ළමයි ජල ක‍්‍රීඩා කරති. ආසියාවේ ප‍්‍රධානතම ගංඟා පද්ධති තුනක්  –  ඉන්දු නදිය,  යැංසි නදිය හා ගංඟා බ‍්‍රහ්ම පුත‍්‍ර නදිය ප‍්‍රභවය ලබන්නේ හිමාලයෙන්. හිමාලයේ කඳු මුදුන්වලින් හිම හා අයිස් දිය වී ලැබෙන ජලය මත බිලියන දෙකක පමණ ජනතාවගේ පැවැත්ම රඳා පවතියි.

එපමණක් නොවෙයි, කලාපයේ දේශගුණය හැඩගැස්වීමට ද හිමාලය ප‍්‍රබලව දායක වෙයි. හිමාලයා කඳු මගින් වලාකුළු අවහිර කරනවා. ඔව් ! කඳු වැටියේ දකුණට වෙන්න, ඉන්දියානු සාගරයේ සිට එන තෙත් සුළඟ උතුර බලා ගමන් කරනවා. වලාකුළු හිමාල කඳු වැටියේ ගෑවෙන විට ඒවා ඉහළ ගොස් සීතල වෙනවා. සීතල වාතයට වැඩිපුර තෙතමනය රඳවා ගන්න බැහැ. එවිට වැසි ඇතිවේ. ඔව්, ධාරානිපාත වැසි ඇතිවේ. තෙතමනය සහිත සුළං කඳු වැටියෙන් ඔබ්බට යන්නේ ඉතාමත් මද වශයෙනි. සුළං පිරි ටිබෙටියානු සානුව (හිමාලයාවට උතුරින් පිහිටි) වියළියි, ¥විලි ගහණයි.

Himalaya_4

හිමාලය හරහා වළාකලූ වලට ගමන් කළ නොහැකි නම් හිමාලය හරහා මිනිසුන් යාම ගැන කුමන කතා ද? එය කිසිසේත් ම පහසු කාර්යක් නොවෙයි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ වානිජ ප‍්‍රජාව කලාපයේ ප‍්‍රපාත, ගිරි හෙල් පිරි අන්තරායකාරී මං තරණය කරති. ඔවුහු ටිබෙටයට තේ ද, භූතානයට සේද රෙදි ද, නේපාලයට ලූණු ද රැුගෙන ගියහ. එඬෙරන් ලොම් පිරි යැක් එළුවන් දක්කා ගෙන ගියේ ද මේ මං වලමය. මේ අතිශය දුෂ්කර ගමන යද්දී අතරමග ගිමන් හරින අතරතුර තැන තැන ඉදිකර තිබූ ස්ථූප වන්දනාමාන කිරීමට අමතක නොකළේ බාහිර බලවේගවල පිහිට පතමිනි. වර්තමානයේ නම් මහා මාර්ග ඔව්, දුම්රිය මාර්ග පවා ඇතැම් දුර්ග පසු කරමින් ඉදිවී තිබේ. ලොව ඉහළින් ම ගමන් කරන ක්විංෂායි –  ටිබෙට දුම්රිය අඩි 16,600 ක් උඩින් ගමන් කරයි. එහෙත් ඇතැම් මාර්ග මීට වසර 500 කට පෙර තිබූ මට්ටමින් ම දුෂ්කර ය. අභියෝග ඉමහත් වූවත් විශාල ජනතාවක් හිමාලයේ වසති. නේපාලයේ කත්මන්ඩු, ඉන්දියාවේ ලඩාත්, ටිබෙටයේ ලාසා නිම්න හෝ සානුවල පිිහිටා ඇත. අඩි 15,000 කටත්  වඩා උස් ස්ථානවල කුඩා ගම් විසිරී පවතී. ඇතැම් තැනක අන්තර්ජාල පහසුකම් පවා ඇතත් මේ උස්බිම් වාසීන් බොහොමයෙකුගේ ජීවිතය පහසුකමින් අඩු දුෂ්කර එකකි. කාලගූණය අතිශය සීතලය. තවත් විටෙක මොවුනගේ වගා බිම් හා නිවෙස් යට කරගෙන, වසාගෙන ජල ධාරා ගලා බසියි. හිමාලය ජීවත්වීමට පහසු තැනක් නොවෙයි. වාරිකා කිරීම පවා අසීරුය. එහෙත් මිහිමත ඇති උසම මහ කඳුයායේ,  හිමාලයේ ආකර්ෂණයෙහි නම් කවදත් අඩුවක් නොවේ.

Kids Discover හි HIMALAYAS ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: