නිවර්තන කලාපවලින් බැහැරව වඩාත්ම සීඝ‍්‍රයෙන් වැඩෙන ගස් වර්ගය පොප්ලර්ය. උස්, සිහින් පෙනුමක් සහිත මෙම ගස් දශකයකට අඩු කාලයකදී මීටර් 30 දක්වා උසකට වැඩෙයි. එසේ සීඝ‍්‍රව වැඩෙන්නේද ඒ ගස කැමැත්තක් දක්වන දාගිය ප‍්‍රදේශ හා වැළි සහිත ගං ඉවුරු වැනි ගසක වැඞීමට හිතකර බවක් නොපෙන්වන පරිසර තුළදීය. සියැටල්හි් වොෂින්ටන් සරසවියේ ශාක ක්‍ෂුද්‍රජීව විද්‍යාඥ ෂැරොන් දෝතිි නම් කියා සිටින්නේ මෙකී සිඝ‍්‍ර වර්ධනය සඳහා ගෞරවය ලබාදිය යුත්තේ එම ශාක පත‍්‍ර හා අනෙකුත් පටකවල සිටින ක්‍ෂුද්‍ර ජීවීන්ට බවයි. වෙනත් ශාක මෙන්ම පොප්ලර් ගසේ පත‍්‍ර ෙසෙලද හිරු එළිය ශක්තිය බවට පරිවර්තනය කිරීමෙහිලා නිරතව සිටිද්දී එම ෙසෙල අතර ඇති බැක්ටීරියා වාතයෙන් ලබාගන්නා නයිට‍්‍රජන ගසෙහි මේ සීඝ‍්‍ර වර්ධනය සඳහා ගසට වුවමනා ස්වරූපයකට පරිවර්තනය කරන බව ඈ කියා සිටියි.
මෙය රැුඩිකල්වාදී මතයක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කිරීම මූලික වශයෙන් රනිල කුලයේ ශාක හා තවත් ශාක කිහිපයක බැක්ටීරියා ගහණ මුල් ගැටිතිවල පමණක් සිද්ධවන බවට සාමාන්‍යයෙන් කල්පනා කරන හෙයිනි. කොහොමටත්, නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කිරීම ගස උඩ පිහිටි පත‍්‍රවල සිදුවෙතැයි අදහසක් නොවීය. ජුනි මස මුල කැලිෆෝනියාවේ ජාතික වනෝද්‍යානයේ පැවති සමුළුවකදී සිය අදහස වඩාත් තහවුරු කිරීමට දෝතිිට අවස්ථාව උදාවුවාය. එක්තරා ක්‍ුද්‍ර ජීවි විශේෂයකින් පොප්ලර් ශාක නයිට‍්‍රජන් ලබාගන්නා බවට ප‍්‍රථම වරට සෘජු සාක්‍ෂි ඇය විසින් මෙහිදී හෙළි කරන ලදී. නිසරු පසෙහි හොඳින් වැඩෙන තවත් ශාකයක් ගැන අධ්‍යයනයක යෙදෙන කැලිෆෝනියා සරසවියේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාවරියක වන කැරෝලින් ෆ‍්‍රැන්ක්ගේ සහායද ඇයට ලැබිණ. ගල් සහිත උස් බෑවුම්වල වැඩෙන පයින් ගස්වල ඉඳිකටු වැනි කොළවලද නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කිරීම සිදුවිය හැකි බව ෆ‍්‍රෑන්ක් අදහස් කරයි.
නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කිරීමේ හැකියාව ඇති බැක්ටීරියා බහුලව පැතිරී තිබිය හැකි බවත්, භෝග වගාවන්ට ඒවා මාරුකළ හැකි නම් නිසරු පසෙහි දී වුවද අස්වැන්න වැඩි කළ හැකි බව මේ දෙදෙනාම විශ්වාසකරති. බැක්ටීරියාව ඇතුළුකිරීමෙන් පසුව බෝග කිහිපයක්ම වඩා හොඳින් වර්ධනය වු බව දෝතිි සොයාගෙන ඇත. අගේ මෙම ශාක ලැයිස්තුවට අළුතෙන්ම එකතුවී ඇත්තේ වී ගස්ය.
අනෙකුත් ශාක ජීව විද්‍යාඥයන් තවමත් මේ මතය එක හෙළා පිළිගෙන නැතත් ඊට අවධානය යොමු කර සිටිති. ,ශාක පුළුල් සංඛ්‍යාවක හඳුනා නොගත් නයිට‍්‍රජන් ප‍්‍රයෝජ්‍යකාරකයින් සමූහයක් සිටිත් නම් එය විශාල වාසියක්, යයි ඩග්ලස් කුක් නමැති ශාක හා ක්‍ෂුද්‍රජීවී විද්‍යාඥයා කියා සිටියි.
නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කිරීම බහුලව සිදුවන්නේ බැක්ටීරියා පිරි මුල් ගැටිතිවල පමණක්ය යන මතය 1990 ගණන් වල සිටම අභියෝගයට ලක්වන්නට පටන් ගෙන තිබුණි. ඒ උක් ශාකයේ නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කිරීම සිදුවන බව සොයාගැනීමත් සමගය. උක්ගසෙහි මුල් ගැටිති නොමැත. ඉන් අනතුරුව පර්යේෂකයන් වාර්තා කලේ අන්තශ්ශාක (endophytes) නමින් හැඳින්වෙන ශාක පටල තුළ ජීවත්වන බැක්ටීරියා ඒවායේ සත්කාරක ශාකයට නයිට‍්‍රජන සපයන බවකි. එහෙත් කුක් කියා සිටින්නේ තවමත් නියමාකාර අධ්‍යයන සිදුකර නොමැති බවයි. මේ ක්‍ෂුද්‍රජීවීන් වාතය තුළ නයිට‍්‍රජන් සකස් කරන්නේ වී නැමත් ඒවා සත්කාරක ශාකයට වාසියක් ගෙනදීමට සමත්වේද යන්න සැක සහිතයයි කුක් ඇතුළු පිරිසක් කියා සිටිති.
එහෙත් දෝතිි මේ සියල්ලට උත්තර බඳියි. මුල් ගැටිති වලින් පිටතදී නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කිරීම සිදුවිය හැකි යයි ඇය සැකකරන්න පටන් ගත්තේ මෙයට වසර 15 කට පමණ පෙරය. ඒ, හඳුනාගෙන ලැබ ඇති නයිට‍්‍රජන ප‍්‍රයෝජ්‍ය කාරක වලට සම්බන්ධයක් තිබෙන බැක්ටීරියා වලින් පිරී ඇතැයි සොයා ගැනීමෙන් අනතුරුවයි. එහෙත් ඇය එම බැක්ටීරියා නයිට‍්‍රජන නොමැති මාධ්‍යයකට යොමු කළ අතර ඒවා හොඳින් ව්‍යාප්තවූයේ වාතයෙන් නයිට‍්‍රජන් ලබා ගනිමිනි. එතැන් සිට ඇය දැන් පොප්ලර් ශාකයෙන් ලබාගත් බැක්ටීරියා මාදිළි ගණනාවක් ගැන තොරතුරු රැුස්කර ඇත. එම මාදිලි පොප්ලර් පමණක් නොව රයි, ඉරිඟු, තක්කාලි හා (අළුත්ම සොයාගැනීම්) වී වලද වර්ධනයට දායකවන බව සොයා ගෙන ඇත. හරිතාගාර තුළ ඇය සිදුකළ පරීක්‍ෂණ අනුව පොප්ලර් අන්තශ්ශාක සහිත බැක්ටීරියා පෝෂක මාධයක පැය 4 බහා තිබු වී පැළ වල පුරාම බැක්ටීරියාව පැතිර යන බවත් එම පැළ (එසේ මාධ්‍යයක බහා නොතිබු) සාමාන්‍ය පැළ වලට වඩා හොඳින් උසට වැඩෙන බවත්, ජීව ස්කන්ධයෙන් වැඩිබවත්, එමෙන්ම වැඩිපුර මොරෙයියන් අදින බවත් පෙන්නුම් කර ඇත.
දෝති නිවැරදි නම් බැක්ටීරියා මාත‍්‍රාවක් ලබාදීමෙන් වී ගොවීන්ට සාර්ථක අස්වැන්නක් නෙලාගැනීමට මග පෑදෙනු ඇත.
Science VOL 348 ISSUE 6237 හි Leaf bacteria fertilize trees, researchers claim ලිපිය ඇසුරෙනි