අඟහරු ග‍්‍රහයා ගැන කුතුහලය අවුස්සන කියුරියෝසිටි විද්‍යා පරීක්ෂණාගාරය

Posted by

2004 දී සාර්ථකව අඟහරු මත ගොඩ බස්වන ලද ස්පිරිට්(ජීවය) හා ඔපචුනිට් (ප්‍රස්ථාව) යනුවෙන් නම් කෙරුණු ගවේෂක රෝවර් යානා දෙකට පසුව රොබෝ යානා මගින් අඟහරු ලොව ගවේෂණය කරනු ලැබීමේ ඊළඟ පියවර වුණේ කියුරියෝසිටි ( – කතුහලය) යනුවෙන් නම් කෙරුණු අඟහරු විද්‍යා පරීක්ෂණාගාරයයි. විද්‍යාව පැත්තෙන් ගත් කල එහි ප්‍රධාන අරමුණු අතර ඓන්ද්‍රීය කාබන් සංයෝග හා තිබිය හැකි ජෛවී සලකුණු සෙවීමේලා පාෂණ සහ පස පිළිබඳ සංයුතිය හැදෑරීමද විය. කියුරියෝසිටි යානය ඔපචුනිටි මෙන් පස් ගුණයක් බරය. තවද එහි  න්‍යෂ්ටික බලශක්ති ප්‍රභවය හේතු කොට ගෙන අඟහරු මත සැරිසැරීමේදී වසර 14ක ආයු කාලයක් ද ඊට හිමිව තිබිණ. 2012 වසරේ අගෝස්තුවේ දී එය අඟහරු ලොව ගේල් ආවාටය තුළට ගොඩ බැස්සේය. ගේල් ආවාටය පළලින් කිලෝමීටර 150 ක් විය. වයසින් වසර බිලියන 3.5ක් පැරණිය. ගේල් ආවාටය මැදින් ඉහළට නගින ෂාප් කන්ද(Mt. Sharp)  කිලෝමීටර් 5.5ක් උසය.

කියුරියෝසිටි යානය ගොඩබැස්සවීමේ ස්ථානය තෝරා ගන්නා ලද්දේ එහි තිබියහැකි භූ විද්‍යාත්මක ඉතිහාසය සැලකිල්ලට ගනිමිනි. අඟහරු ලොව තෙත්ව, උණුසුම්ව පැවති අවධියේ ආවාටය අවසාදිතවලින් පිරී තිබිණි. අඟහරු මත සුළං මගින් ඉන් ඛානෝමයන් ඉවත් කෙරුණු අතර ඉතිරි වූ අවසාදිත ගොඩනැගිල්ල තමයි ෂාප් කන්ද. එම කන්දෙහි අණාවරණය වී ඇති මැටි ස්තර අඟහරු ලොව රසායනික ඉතිහාසය ගැන අධ්‍යයනයකට ඉඩ කඩ සලසා දෙයි.

කියුරියෝසිටි යානයට දුර දැකිය හැකි අතර දැනටමත් එම ස්ථර දැක ඇත. එතෙක් අඟහරු මත යානයක් ගොඩ බස්වන ලද ස්ථාන අතුරෙන් වඩාත්ම ඡායාකාරක ස්ථානය සැබවින්ම මෙයයි. ෂාප් කන්දෙහි මැටි පාමුල වෙත ළඟා වීම සඳහා කියු‍රියෝසිටි යානය කිලෝමීටර 8 ක් ගමන් කළ යුතු වේ. ඊට ඒ සඳහා මාස 6ක් සිට නවයක් දක්වා කාලයක් ගත වේ. ආරම්භයක් වසයෙන් යානය මගින් ආවාටයේ පතුළෙහි ගොඩ නැගුණු හුමාල තට්ටුව සොයා ගනු ලැබ ඇත. ජීවය සඳහා වැදගත්වන ප්‍රධාන සංයෝග ඊට සම්බන්ධ පුරාණ පාෂානවල අඩංගුය.

ඒ කෙසේ වෙතත්, අඟහරු මතු පිට යම් කලෙක පැවතිය හැකිව තිබූ ජීවය අවසන් වී දැන් බොහෝ කල් විය යුතුය. ද්‍රව ජලය නොමැතිකමට අමතරව මතුපිට පසෙහි ඓන්ද්‍රීය අණුවලින් තොර බවත් පෙනී යයි.

අඟහරු මතුපිට භූමියෙන් බොහොමයක්ම සහරාව වැනි පෘථිවියේ කාන්තාර භූමිභාගවලට සමාන බවත් පෙනී ගියත් අඟහරු මතුපිට අද නම් ඔරොත්තුදීමට වැඩිම හැකියාවක් ඇති භෞමික ක්ෂුද්‍රජීවීන්ට පවා රැකවරණය ලබා දිය නොහැක. කෙසේ වෙතත්, ජලය භුගතව පිහිටි පාෂාණ සමග අන්තර් ක්‍රියා කිරීමෙන් නිපදවෙන හයිඩ්‍රජන් මත යැපෙන ක්ෂුද්‍රජීවී ජීවි ස්වරූප අපට පෘථිවිය අභ්‍යන්තරයේ හමු වී ඇත.

බොහෝ කාලයකට පෙර අඟහරු මතුපිට උණුසුම්ව හා තෙත්ව පැවති අවධියේ දී ජීවය හටගත්තේ නම් මතුපිට ක්‍රමයෙන් සීතල, වියළි කාන්තාරයක් බවට පරිණාමනය වෙද්දී ඉන් සමහරක් ජීවින් උණුසුම්, තෙත් භූගත ස්ථාන වෙත බාගදා පසුබසින්නට ඇත. මෙය ‘ඔල්මොරොන්දන්’ අදහසක් සේ දැනුනත්, පෘථිවිය මත ජීවය ගැන කරුණු ලබන හැදෑරීම්වලින් පෙනී යන්නේ වෙනස් වන පරිසරයන්ට ගැළපෙන අයුරින් පරිණාමනය වීමට හා අනුවර්තනය වීමට ජීවයට පුදුමාකාර හැකියාවක් ඇති බවයි.

අතීතයේ හා වර්තමානයේ ජීවය පැවැතීමට ඇති හැකියාව නැතිනම් ඉඩකඩ තමයි අඟහරු ග්‍රහයා ගැන කක්ෂගත එමෙන්ම මතුපිට කෙරෙන ගවේෂණ දිගටම කරගෙන යාමට මඟ පාදන්නේ. මෙය අවසානයේ මානවයන් රතු ග්‍රහයා වෙත කැඳවාගෙන යාමටත් ගවේෂණ කටයුතු අඟහරු පෘෂ්ඨය ඉතා ගැඹුරට සිදු‍කිරීමටත් මග පාදක ඇත. අඟහරු මත අතීත හෝ වර්තමාන ජීවය පිළිබඳ සාක්ෂි අවසානයේ සොයා ගනු ලැබුවොත් එමෙන්ම එම ජීවය පෘෂ්ඨයේ ජීවයට සම්බන්ධකමක් නොමැතිව හට ගනු ලැබූ බවත් සොයා ගතහොත් විශ්වය තුළ ජීවය පොදුවේ දැකිය හැක්කක් යන්න තහවුරු කිරීමෙහිලා ප්‍රබල සධකයක් වනු නො අනු මානය.

(තතු සටහන : මෙම ලිපිය සකස් කිරීමට පාදක වූ ග්‍රන්ථය පළවුණේ 2014 වසරේදීය. නාසා ආයතනය 2015 අප්‍රියෙල් හා මැයි මාසවල නිකුත් කළ වාර්තා අනුව 2015-04-16 දන වන විට කියුරික් යාන ගොඩ බැස්ස වූ තැන සිට කිලෝමීටර 10 ක් (සැ.6.216ක්) ගමන් කර තිබිණි. එය පසුගිය වසරේ දී ෂාප් කඳු පාමුළට ළඟා වූ අතර දැන් ප්‍රධාන මෙහෙයුම් අභිමතාර්ථය ෂාප් කන්දේ අනුක්‍රමිකව පිහිටා ඇති ස්තර පරීක්ෂා කිරීමයි.)

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.