වෙස්ටා සහ ඩෝන්

Posted by

                                                                                                                      ග‍්‍රහක පථයේ චාරිකවේ තවත් කොටසක්

ග්‍රහක පථයේ ඉතිරි කක්‍ෂයන්ගේ හැඩගැස්වීම බ්‍රහස්පති අඛණ්ඩව  කරගෙන යයි. ග්‍රහක ගණනය කිරීම්වලින් හෙළිවන්නේ, ඇතැම් කක්‍ෂ ප්‍රමාණයන්ගේ ඇත්තේ ග්‍රහක කිහිපයක් පමණක් බවයි. 1866 දී ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥ කර්ක්වුඩ් ඩැනියෙල්(1815-1895) පථය තුළ ග්‍රහකවලින් තොර පදාස හෙවත් හිඩැස (gaps)‍ සොයා ගත්තේය. එම පදාස හැඳින්වෙන්නේ කර්ක්වුඩ් පදාස ලෙසය. බ්‍රහස්පතිගේ කක්‍ෂීය කාලයේ පූර්ණ භාගයන්වන කක්ෂීය කාලයන්ට කර්ක්වුඩ් පදාස අනුරූප වෙයි. ගහක වෙනත් කක්ෂයන් වෙත තල්ලුකරන අනුනාදයන්ට මේවා මගපාදයි.

විශාල ග්‍රහක අතුරෙන් සීරිස් හා වෙස්ටා සෙසු ඒවායින් කැපී පෙනෙයි. ප්ලුටෝ මෙන්ම වාමන ග්‍රහයකු ලෙස වර්ගීකරණයට තුඩු දෙන ප්‍රමාණයකට  සීරිස් විශාලය. පෘථිවියේ සිට එය දිස්වන්නේ පාෂණ හා අයිස්වලින්  මිශ්‍රව සමන්විත ‍බවයි. එය බාගදා සෑදෙන්න ඇත්තේ තුහින ඉමට යාම්තම් ඔබ්බෙන්ය. සීරිස් වාමන ග්‍රහයාගේ සමීප දසුනක් ඩෝන් අභ්‍යාවකාශ යානය මගින් ලබා දීමට නියමිතව ඇත්තේ 2015 දී ය.

වෙස්ටා ග්‍රහකයේ විෂ්කම්භය අපේ චන්ද්‍රයාගේ විෂ්කම්භයෙන් 15%ක් පමණ වේ. එමෙන්ම චන්ද්‍රයාට වඩා 500 ගුණයක් දුරින් පිහිටා ඇත.  හබල් දුරේක්‍ෂයෙන් පවා එහි මතුපිට විස්තර එපමණ හෙළිවන්නේ නැත. එහි ස්කන්ධය (පථයෙන් 9%ක් පමණ වෙයි.) සහ ප්‍රමාණයෙන් දැක්වෙන්නේ එහි පාෂාණමය ස්වරූපයයි. පාෂාණමය පථයේ ග්‍රහක අතුරෙන් වඩාත්ම දැවැන්ත එයයි.

පෘථිවිය සහ අනෙකුත් අභ්‍යන්තර ග්‍රහයන් ගොඩනැංවීමට පාදක වූ ග්‍රහ පිණ්ඩ වර්ග ගවේෂණය කිරීමෙහිලා විස්ටා ග්‍රහකය ඩොන් අභ්‍යාවකාශ යානයට හොඳම අවස්ථාව සපයයි. ඊට හේතුව ග්‍රහක පථයේ ග්‍රහක අතිවිශාල පරිමාවක් තුළ  විසිරී පැවතීමයි. ඒ අනුව සංක්‍රාන්තිමය (හරහා ගමන් කරන) අභ්‍යවකාශ යානයකට ග්‍රහක හා ගැටීමේ බලවත් අවදානමක් නොමැත. කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක ප්‍රමාණය තරම්වන ඩෝන් යානයෙහි ඉහළ වර්ධනයක් සහිත ඇන්ටෙනාවක් හා අයන තෙරපුම් (ion thrusters) තුනක් ඇත.

අයන ප්‍රචාලනය භාවිතයට ගත් වඩාත්ම අපේක්ෂා ඇතිකරවන මෙහෙයුම ඩෝන් මෙහෙයුමයි. සෙනොන් අයන කඳම්භයක් තත්පරයකට ‍කිලෝමීටර් 40කට ත්වරණය කිරීමසඳහා එය යොදා ගන්නේ සූර්ය බලයයි. රසායනික ප්‍රචාලනයේදී තෙරපුම් වඩාත් ඉක්මන්ය. තදය. ඒ ආකාරයෙන් නොව රොකොට්ටුව දියත් කිරීමෙන් පසුව අයන ප්‍රචාලනය මන්දගාමී අනවරත ත්වරණයක් ලබා දෙයි. තවද, අයන තෙරපුම් දශ වාරයක් වඩාත් කාර්යක්‍ෂමය. අවශ්‍යවන්නේ සෙනොන් කිලෝග්‍රෑම් 425 පමණකි, වෙස්ටා දක්වා කිලෝමීටර බිලියන 2.8ක් වෙනුවෙන් ඩෝන් යානය වසර හතරක් මුළුල්ලේ සෙනොන් කිලෝග්‍රෑම් 275 භාවිතා කළේය.

අනවරත අයන තෙරපුම, ඩෝන් යානය පුළුල්වන සර්පිලාකාර ලූප පරාචක්‍රයකට (trajectory) යොමු කළේය. වෙස්ටා වෙත ළඟාවීම පිණිස ඩෝන් යානය අඟහරු ග්‍රහයාගේ ගුරුත්ව සහාය ද ලබා ගත්තේ ය. ඉන් අනතුරුව, එය සමීක්‍ෂණ කක්‍ෂයකට එළඹියේය. තවත් මාස දෙකකට පසු එය වෙස්ටා ග්‍රහකයට කිලෝමීටර 210ක් උසින් පහළ උන්නතාංශ සිතියම් ගත කිරීමේ කක්‍ෂයකට එළඹියේය. සමීක්‍ෂණ කක්‍ෂයක සිට පහළ උන්නතාංශ සිතියම් ගතකිරීමේ කක්‍ෂයකට එද්දී විභේදනය 10 ගුණයකින් වර්ධනය වේ.

ඩෝන් යානයෙන් ලබාගත් අනුරූප වෙස්ටා ග්‍රහකයේ කැපී පෙනෙන ලක්‍ෂණ උද්දීපනය කරයි. දිගු කාලයක් තුළ එය මතට අනෙකුත් ග්‍රහක බොහොමයක් කඩා වැටී ඇති බව එම අනුරූප පෙන්නුම් කරයි. වඩාත් පැහැදිලිව දැකිය හැක්කේ ‘හිම මිනිසා’ ලෙස නම් ලත් විශාල යමහල් මුඛ තුනයි. දක්‍ෂිණ ධ්‍රැවය ආසන්නයේ විශාල කන්දක් ද තිබේ. සමස්ත මතුපිට වීඩියෝ දර්ශන මගින් ද ගෝලීය ලක්ෂණ දැක්වේ. වෙස්ටා, කැලිෆෝනියාවේ මතුපිට ප්‍රදේශය මෙන් දෙගුණයකි. සමකය ප්‍රදේශය පුරාම පාහේ වටේට ඇති ඇලි (grooves) පළලින් කිලෝමීටර 10ක් පමණ වන අතර ගැඹුරින් කිලෝමීටර් 5ක් පමණ වේ.

(වෙස්ටා හා ඩෝන් ගැන ඉතිරි කොටස ලබන සතියේ)

 

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.