සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජාන සියුම්ව සැකසීමෙන් බිහිකෙරෙන සුපිරි සූකරයන්

Belgian Blue යනුවෙන් හැඳින්වෙන්නේ මේදය රහිත මස්වලින් පිරි තරබාරු ගවයන් පිරිසකි. මොවුන් ඇත්තට ම දශක ගණනාවක වරණීය අභිජනනයෙහිි ප‍්‍රතිඵලයකි. එ ලෙස දිගුකාලයක් නොගෙන, වඩාත් සීඝ‍්‍රගාමී ක‍්‍රමයක් යොදා ගනිමින් මේ ගවයන්ට සමාන සුපිරි සූකරයන් නිර්මාණය කිරීමට සමත් වී ඇතැයි දකුණු කොරියාවේ හා චීනයේ විද්‍යාඥයන් පිරිසක් ප‍්‍රකාශ කරති. මේ සුපිරි සූකරයන් තැනීම සිදු කෙරෙන්නේ එක් තනි ජානයක් බිඳ දැමීමෙන් හෝ සංස්කරණය කිරීමෙනි. එය සම්ප‍්‍රදායානුකූල ක‍්‍රමයට වඩා වෙනස්ය. සම්ප‍්‍රදායානුකූල ජාන විකරණයේ දී එක් විශේෂයක ජානයක් තවත් විශේෂයකට පරරෝපණය(transplant) කෙරේ. මේ නව පර්යේෂණයේ ප‍්‍රධාන පර්යේ්ෂක සෝල් ජාතික විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යාඥ ජින්-සූ කිම් කියා සිටින්නේ, ෙසෙදාන්තික වශයෙන් ගතහොත් ඔහු යොදා ගන්නා ජාන සංස්කරණ ක‍්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ හුදෙක්  ස්වාභාවික මාර්ගයේ දී අනුගමනය කරන ක‍්‍රියාදාමයම වේගවත් කිරීමක් පමණක් බවයි. ‘අපට අභිජනනය මගින් වුණත් මෙය ම කරන්න පුළුවන්. හැබැයි ඊට දශක ගණනක් යාවි’යි කිම් කියයි.

ලෝකයේ කොතැනකවත් ජානමය වශයෙන් සැකසූ සතුන් මිනිසුන්ගේ පරිභෝජනයට අනුමත කර නොමැත. ඒ සංස්කෘතික, සදාචාරාත්මක හේතු මෙන්ම පාරිසරික හා සෞඛ්‍යය බලපෑම් ගැන ඇති සැක සංකා නිසයි. එහෙත් කිම් සහ ඔහුගේ සගයන් විශ්වාස කරන්නේ ඔවුන් අනුගමනය කරන ක‍්‍රමය මගින් නිර්මාණය කෙරෙන සූකරයන්ට එවැනි තහනමක් නොපැනවෙනු ඇති බවයි. ඔවුන් මෙන් ම දැන් දැන් ක‍්‍රමයෙන් වර්ධනය වන පර්යේෂකයන් පිරිසක් අදහස් කරන්නේද එක් තනි ජානයක් අක‍්‍රීය කිරීමෙන් හෝ පිටු දැකීමෙන් එවැනි තහනම් කිරීම් මග හරවා ගත හැකි බවයි. නිදසුන් වශයෙන් ගතහොත් කෘෂි කර්මාන්තයේ දී ජාන සංස්කරණය මගින් අං රහිත ගවයන් නිර්මාණය කිරීම ගැන වාර්තා වෙයි. තවද අප‍්‍රිකානු සූකර උණ වෛරසයට ප‍්‍රතිශක්තිය ඇති ඌරන් ද මේ ක‍්‍රමය යොදා නිර්මාණය කර තිබේ.

A pigs

සුපිරි මාංශධාරී සූකරයන් බෝ කිරීමේ රහස වන්නේ මයෝසැටින් (myostatin= MSTN) ජානයේ විකෘතියක් ඇති කිරීමයි. MSTN ජාන, ෙසෙල වර්ධනය නිෂේධනය කර මාංශ පේශී ප‍්‍රමාණය පාලනය කරයි. එහෙත් සමහර සුනඛයන්ගේ, ගවයන්ගේ හා මානවයන්ගේ MSTN  බිඳ දැමෙන අතර මාංශ පේෂී ෙසෙල බහුලව වැඞී පේශී තන්තු අස්වාභාවික ලෙස වර්ධනය වෙයි. මූලික ගවේෂණයෙන් දක්වන පරිදි ද්විත්ව-මාංශපේශීධාරි      ගවයන් මෙන් සෑම සූකරයෙකුගෙන් ම මේදය අඩු මස් වැඩි ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙතැයි පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති. එහෙත් ගැටළු නැතුවාද නොවේ. ඌරු පැටවුන්ගේ ප‍්‍රමාණය විශාල වීම නිසා ප‍්‍රසුතියේ දී අපහසුතා මතුවීම එක් ගැටළුවකි. ජාන සංස්කරණය යනු සාපේක්ෂව අළුත් සංසිද්ධියක් නිසා කෘෂිකාර්මික ශාක හා සත්ත්වයන් සම්බන්ධයෙන් එහි නියාමනයක් ඇති කරන්නේ කෙසේ ද යන්න ගැන ලෝකයේ රටවල අවධානය දැන් යොමුවන්නට පටන් ගත්තා පමණකි. කෙසේවෙතත් ජාන විකරණයේ සාම්ප‍්‍රදායානුකූල ආකාරවලට වඩා ලිහිල් පිළිවෙතක් රාජ්‍ය නියෝජිතායතන මේ සම්බන්ධයෙන් අනුගමනය කිරීමට ඉඩ ඇති බවට ලකුණු පහළ වී තිබේ.

 

Scientific American හි Super-Muscular Pigs Created by Small Genetic Tweak  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: