විදු නැන නුවණ – Science Literacy for All

අශ්වයාගේ බලය සහ අශ්ව බලය

කාය වර්ධකයන් අත් දෙක ඔසවා මස් පිඬු පුම්බා හැඩ පෙන්වනවා සේ, කුකුළෙක් අත්තටු දෙපැත්තට ඔසවාගෙන ‘කොහොමද මගේ මසල්ස්?’ කියලා ඇහුවාලූ. එතකොට තර ඌරෙක් කිව්වාලූ ‘ඔය මසල්ස් යැ? පිහාටුනේ. අප්පා ඒකට මගේ මස් පිඬු පිරිලා’ කියලා. ඒක අහගෙන හිටිය හරකෙක් ‘ඔහේගෙ ඔය මේද තට්ටුව පෙන්නුවාට නියම මාංශ තියෙන්නේ මගේ’ කියලා කිව්වෙ නැද්ද? මේ ඔක්කොම අහගෙන හිටපු අශ්වයා මෙහෙම කියනවා: ‘ඔහේලා වගේද මම? නියම බලය තියෙන්නේ මගේ ඇෙඟ්නේ. මිනිස්සු වුණත් බලය මනින්නේ අශ්ව බලයෙන් නේ.’

අශ්වයාගේ කතාවේ ඇත්තක් තියෙනවා තමයි. ගෘහාශ‍්‍රිත සතුන් අතුරෙන් වැඩි බලයක් ශක්තියක් අශ්වයාට තියනවා තමයි. අශ්වයා උසට හරියන දිගක් තිබෙන ශක්තිමත් සත්වයෙක්. මිනිසා උන්ගේ ශක්තිය හඳුනාගත්තේ මෙයට වසර දහස් ගණනකට පෙරයි. ගොවිපළ ආශ‍්‍රිත වැඩපළ ගණනාවක් අශ්වයන්ට පැවරුණා: බර ඇදීමට පමණක් නොව පිට උඩ නැගී යාමටත් අශ්වයන් යොදා ගැනුණා. ඇත්තටම අශ්වයෙකු කොපමණ ශක්ති සම්පන්නද? මෙය හරිහැටි කිවනොහැකි වුණත් ඇතැම් වංශවල අශ්වයන්ට තමන් බර මෙන් තුන් ගුණයක් ඇදිය හැකි බව පැවසෙනවා. ඒ කියන්නේ රාත්තල් 2,500 ක් පමණ.

horsepower1 sin

ගල් අඟුරු ආකරවල අශ්වයින් ගල් අඟුරු අදිනු දකින ජේම්ස් වොට් ඉංජිනේරුවාට  ඕනෑ වුණා සතාගේ ශක්තිය නැතිනම් බලය විස්තර කරන්න. ඔව්, ජේම්ස් වොට් වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුණේ වාෂ්ප එන්ජිම නිසායි) ආකරය ඇතුළේ සිට පිටතට ගැනීම සඳහා අශ්වයෙකුට ගල් අඟුරු ඔසවන්නට කොපමණ ශක්තියක් වැය කරන්නේ ද යන්න සෙවීමට ඔහුට වුවමනා වුණා. ඔහු ඒ සඳහා යොදාගත් ඒකකය ‘‘අශ්ව බලය (horsepower) යන්නයි. අශ්වයෙකුට විනාඩියක දී අඩි රාත්තල් 33,000 ක කාර්යයක් නිම කළ හැකි යයි ඔහු තීරණය කළා. වෙන විදිහකට කීවොත් අශ්වයෙකුට විනාඩි 1 කදී රාත්තල් 33,000 හරියටම අඩියක් උඩට ඔසවන්න පුළුවනි කියන එකයි. මෙය ම වෙනත් ආකාරවල තියන්න පුළුවන් නේද? එක රාත්තලක්, එක විනාඩියක දී අඩි 33,000 ක් එසවීම; රාත්තල් 1,000 ක් විනාඩියක දී අඩි 33 ක් එසවීම; රාත්තල් 1,000 ක් විනාඩි 10 කදී අඩි 330 ක් එසවීම හෝ රාත්තල් 100 ක් තප්පර 6 කදී අඩි 33 ක් එසවීම. ඔව් අශ්වයෙකුට රාත්තල් 33,000 ක් එසවිය නොහැකි වුවත් රාත්තල් 100 ක් නම් එසවිය හැකි තමයි.

මෙය නිශ්චිත ගණනය කිරීමක් නොව සිතුමතේ කළ දෙයක්. එහෙත් අදටත් එම ඒකකය ජනප‍්‍රියයි. විවිධ ඇන්ජිම, මෝටර් රිය, දම්වැල් කියත්, වැකුම් ක්ලිනර්වල එහෙම අශ්ව බලය ගැන සඳහන් වෙනවා. නූතන සාමාන්‍ය මෝටර් රියක් අශ්වබල 100 ක් 200 ක් වෙනවා. ජේම්ස් වොට් ගේ නම තවත් මිනුමකට සම්බන්ධයි: වොට්. අප මිළදී ගන්නා විදුලි බුබුළුවල වොට් 50,75,100 ආදී වශයෙන් සඳහන් වන්නේ එම මිම්මයි. වොට් යනු විදුලි බලය ශක්තිය සඳහා යොදවා ගැනීමේ දී යොදන මිනුම් ඒකකය යි. හැබැයි වොට් අශ්වබලයටත් හැරවිය හැකියි. අශ්වබල එකක් වොට් 745.7 ක් කියලයි සම්මතය.

HORSEPOWER

WONDEROPOLIS හි  How Strong Is a Horse?  ලිපිය ඇසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: