විදු නැන නුවණ – Science Literacy for All

නිව් හොරයිසන්ස් යානය අද (14 දා) ප්ලූටෝ ආසනන්යටම

ප්ලූටෝ ආසන්නයේ ඉගිලෙන නිව් හොරයිසන්ස් යානයෙන් ජුලි 14 දා ලද නවතම අනුරුවක්

 

ප්ලූටෝට හදවතක් තියෙනවාද? ප්ලූටෝ කියන්නේ කලක් ග‍්‍රහයෙකු හැටියට ඉඳලා දැන් වාමන ග‍්‍රහයෙකු බවට පත්වුණු ග‍්‍රහ වස්තුවකට. ග‍්‍රහයා, වාමන ග‍්‍රහයා කීවාට එය හුදෙක් ආකාශ වස්තුවක්. ඉතින්  හදවතක් තියෙන්න පුළුවනැයි? එහෙම කියන්න බැරි වුණත් ප්ලුටෝ මතුපිට හෘදය වස්තුවක හැඩයක් තියන බව නම් නාසා ආයතනයේ නිව් හොරයිසන්ස් (New Horizons) අභ්‍යාවකාශ යානයෙන් ගත් අනුරූපයන් පැහැදිලිව පෙනේ.

නාසා ආයතනයේ නිව් හොරයිසන් යානය දැන් ප්ලුටෝ වාමන ග්‍රහයා වෙත ළංවෙමින් සිටින්නේ ජූලි 14 දාට නියමිත ඓතිහාසික සිද්ධියට, ඔව් ප්ලුටෝ ග‍්‍රහයා ආසන්නයේ ඉගිලියාමට(flyby) පූර්වගාමිවය. ආසන්නයේ ඉගිල යාමේ දින නවයක අදියර අවසන් වන්නේ ජූලි 16 දා ය. නිව් හොරයිසන් යානය මේ ඓතිහාසික මෙහෙයුම කරා පැමිණියේ  අභ්‍යාවකාශයේ වසර නවයක් ගත කරමික් කිලෝමීටර බිලියන 4.8 ක් ගමන් කිරීමෙන් පසුව ය. කෙසේ වෙතත් ඩොලර් මිලියන 700ක් වැය වන මේ මෙහෙයුමේ උච්ච අවස්ථාවට ගත වන්නේ හුදෙක් පැය කිහිපයක් පමණකි.

ජූලි 8 දා ගත් මේ අනුරූපයෙහි දක්වන හෘදය වස්තු හැඩගත් ප්‍රදේශය හරහා දුර කිලෝමීටර් 2,000ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

ජූලි 8 දා ගත් මේ අනුරූපයෙහි දක්වන හෘදය වස්තු හැඩගත් ප්‍රදේශය හරහා දුර කිලෝමීටර් 2,000ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

නිව් හොරයිසන් යානයේ මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන්නේ ඇමරිකාවේ මේට්ලන්ඩ්හි ජෝන් හොප්කින්ස්  සරසවියේ ව්‍යවහාරික භෞතික විද්‍යා පරීක්‍ෂණාගාරයේ Applied Physics Laboratory) සිටය. මෙම මෙහෙයුමේ වැදගත්ම කොටස් වන්නේ  මෙතෙක් අභ්‍යාවකාශය යානයක් ළං නොවූ තරමට ආසන්න වෙමින් ප්ලුටෝ වාමන ග්‍රහයා (කලක් ග්‍රහ ලෝකයක තත්වයේ සිටි ප්ලුටෝ අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමයේ තීරණයක් අනුව 2006 වසරේ දී වාමන ග්‍රහයෙකු ‍තත්ත්වයට  පහත හෙළනු ලැබීය.) පසුකර යන අවස්ථාවයි. කෙසේ වෙතත් පසුගිය 4 දා එහි ඇති වූ විෂමතාවයන් නැතහොත් අනියමයන් (anomalies) හේතු කොට ගෙන මෙහෙයුම් කණ්ඩායම අතර බියක් පැතිර ගිය බව මෙහෙයුම් කළමනාකාරිනී ඇලිස් බෝමන් පැවසුවාය.

නිව් හොරයිසන්ස් යානය ජූලි 07 දා එහි සාමාන්‍ය විද්‍යා මෙහෙයුම් සිදු කිරීම යළි ආරම්භ කෙරුණු අතර විෂමතාව පැවැති දින තුන ඇතුළත නිරීක්‍ෂණ 30 ක් පමණ අහිමි විය. ඒ කෙසේ වෙතත් එම ප්‍රමණය හුදෙක් මෙහෙයුම මගින් එක්රැස් කෙරෙන මුලු දත්ත අතරින් 1%ටත් අඩුය. ‘දැන් අපේ පූර්ණ අවධානය තියෙන්නේ නිසිවේලාවට, ප්‍රශස්තම ආලෝක ‍තත්ත්වයක් යටතේ අපට නියමිත විද්‍යා නිරීක්‍ෂණ සියල්ල සපුරා ගැනීමය’යි. බෝමන් කියා සිටියි. නිව් හොරයිසන්ස් යානයේ මේ ඓතිහාසික මෙහෙවරේදී නාසා ආයතනය සතු අභ්‍යාවකාශ නිරීක්‍ෂණාගාරවල අවධානය ද යොමුවෙයි. ඒවායේ ඒකාබද්ධ හැකියාව, නිව් හොරයිසන් දත්ත මගින් අනුරූපණය වීමෙන් අපට ප්ලුටෝග්‍රහ පද්ධතිය ගැන බහු ආංශික දර්ශනයක් ලබා ගත හැකිය’ යනුවෙන් නාසා ආයතනයේ තාරකා භෞතක විද්‍යා අංශයේ අධක්‍ෂ පෝල් හර්ට්ස් පවසයි.

විද්‍යාත්මක උපකරණ හතක් සහිත නිව් හොරයිසන්ස් යානයේ මෙහෙවරෙහි අරමුණු අතර ප්ලුටෝ සහ එහි දුරස්ථ අසල්වැසියන්ගේ වායුගෝල, මතුපිට (පෘෂ්ඨ) අභ්‍යන්තර සහ කුතුහලය දනවන පරිසරයන් ගැන අධ්‍යයන කිරීම වේ. ප්ලුටෝ මෙහෙයුමෙන් පසුව නිව්හොරයින්ස් යානය ප්ලුටෝට ඔබ්බෙන් ක්‍යුපර් පථයෙහි(Kuiper belt) තවත් වස්තු එකක් හෝ කිහිපයක් සොයා බැලීමට යනු ඇත.

NASA  සහ SPACE.com වෙබ් අඩවි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: