විදු නැන නුවණ – Science Literacy for All

මුහුදු මට්ටම් මීටර 6 කින් වත් ඉහළ යයි?

දේශගුණය ගැන වර්තමානයේ ලෝක මට්ටමෙන් ඇති වන කතා බහ, සාකච්ඡාවලදී ඉලක්ක කර ඇති පරිදි ගෝලීය උණුසුම්වීම සෙල්සියස් අංශක 2 කට සීමා කර ගැනීමට අපට හැකි වුවත් මුහුදු මට්ටම් වර්තමාන ප්‍රමාණයට වඩා අඩුතරමින් මීටර් 6ක් (අඩි 20ක්)  ඉහළ යනු ඇතැයි නවතම අධ්‍යයනයකින් කියැවේ. මෙය ලෝකයේ වෙරළ ඉම ‍යළි ‍හැඩ ගැස්වීමටත් එම ක්‍රියාදාමයේ දී මිලියන ගණනක ජනතාවගේ ජීවිතවලට බලපෑම් කිරීමටත් හේතු වේ. Science සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් CO2 මට්ටම මෙපමණ ඉහළ මට්ටමක තිබූ විට මුහුදු මට්ටම් කොපමණ ඉහළ නැංගේද යන්නයි. එසේ වුෙය් මෙයට වසර මිලියන 3කට පෙරයි. ඒ අවස්ථාවේ මහ පොළොවේ සාමාන්‍ය උෂ්ණත්වය ගතහොත් ෆැරන්හයිට් 3-50ක්ව පැවතිණි. ආක්ටික් ප්‍රදේශය ෆැරන්හයිට් අංශක 14.4 වැඩිපුර උෂ්ණත්වයක් තිබිණි. මුහුදු මට්ටමේ ඒවායේ වර්තමාන ප්‍රමාණයට වඩා අඩි 20ක් වත් අඩු තරමේ ඉහළින් තිබුණ බව අධ්‍යයනය පෙන්වා දෙයි. එකල දැවැන්ත(මෙගා) මෝරු සාගර පුරා සැරි සැරූහ.sealevelrise_main_199013

දැවැන්ත(මෙගා) මෝරුන් යළි නොආවත්, මේ දෙසැම්බරයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ දේශගුණ සමුළුවේදී කුමක් තීන්දු කළත් මුහුදු මට්ටම් නම් යළි එකල තිබූ මට්ටමට ඉහළ යනු ඇත.. ‘2100 වන විට අප සිටිය යුත්තේ කොතැනකදැයි අප ගන්නා තීරණය ආපසු හැරිය නොහැකි ගමන් මගකට අපව යොමු කරයි. මේ අයිස් තලාවන් දිය වීමට පටන් ගත් විට ඉන් ඇති වන වෙනස් කම් ආපසු හැරිය නොහැකි වනු ඇත’යි ප්ලොරිඩා සරසවියේ භූ රසායනඥ ඇන්ඩ්‍රියා ඩටන් පවසයි. අැය වර්තමාන අධ්‍යයනයේ සම කතුවරියකි.

අධ්‍යයනය මගින් අතීතයේ සිදු වූ වෙනස්කම් සොයා බැලුණු අතර වෙරළ බඩ ජනතාවට මුහුණදෙන්නට සිදුවන්නේ කුමන අනාගතයකටද යන්න ගැන අපේ අවබෝධය යළි විග්‍රහ කිරීමට අවශ්‍ය පාදක ව්‍යුහයක් එමගින් සකස් කොට දී ඇත. කාර්මික විප්ලවයකට පෙර යුගය හා සසදන විට මුහුදු මට්ටම දැනටමත් අගල් 8ක් පමණ ඉහළ ගොස් ඇත. මෙම ඉහළ යාම ‘සැන්ඩි (Sandy) වැනි කුණාටු සහ හා හයියන්(Haiyan) වැනි ටයිපූන්, රළ ඉපිලුම් හා පිටාර හානිය වර්ධනයට දායක වී තිබේ. එමෙන්ම ඇතැම් නගරවල දිනපතා වඩදිය වේලාවේදී සිදුවන පිටාර ගැලීමද   භුමි ආකරයෙන් වැඩි වී ඇත.  දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මඩුල්ල ( Intergovernmental Panel on Climate Change) ඉතාම මෑත ඉදිරිපත් කරන ලද ප්‍රක්ෂේපණ දක්වන අයුරු වර්තමාන ප්‍රවණතාවන්ට අනුව විමෝචන දිගටම සිදු වේ නම් මේ සියවස අග වන විට මුහුදු මට්ටම තවත් අගල් 39යකින් ඉහළ යනු ඇත. ක්‍රි.ව. ගෝලීය වශයෙන් 2050 වෙද්දී හෙංකොං සිට ඩකා හා නිව්යෝක් දක්වා නගරවලට අනුවර්තන පියවර නොගතහොත්, කුණාටු හානි හැටියට වාර්ෂිකව ට්‍රිලියන ගණන් පාඩු දැරීමට සිදුවේ. Climate Central ආයතනය දක්වන පරිදි, 2010 වන විට යට වී යන හෝ දරුණු ජලගැල්මවලට අණාවරණය වන භූමි ප්‍රදේශවල දැනට ජීවත්වන සංඛ්‍යාව මිලියන 150ක් හෝ ඊටත් වැඩිය.SS6M_SLR_Population_NumberCroppedScaled_650_425_s_c1_c_c

අනෙක් අතට මුහුදු මට්ටම් ඉහළ යාම එකවර ඉබේටම නවතින්නේ නැත. වර්තමානයේ පවතින හරිතාගාර වායු විමෝචනය මට්ටම හේතු කොට ගෙන පද්ධතිය තුළ මුහුදු මට්ටම අඩි 3කට වැඩියෙන් ඉහළ දැමීමක් සිදු වන බව දේශගුණ විද්‍යාඥයෝ පවසති. ලෝකයේ සාගර, අයිස් තලා සහ දේශගුණය නිරතුරුව සංකීර්ණ නර්තනයක යෙදෙයි. වර්තමානයේ පවතින උණුණුසුම්වීම් අනුපාතය හේතු කොට ගෙන ඒවා වෙනත් රටාවක නර්තනයන් රඟ දැක්වීමට ඉඩ තිබේ. එවිට අයිස් තලා දියවීම මගින් තැන්පත්වීමට ද එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ යාමටද බලපායි. ‘අයිස් තලා අද අපි දකින ආකාරය ගතහොත් වර්තමාන දේශගුණය සමග ඒවා සමතුලිත නොවන බවක් පෙනී යයි.’ යනුවෙන් ඩටන් පවසයි. ‘ඉදිරි දශක කිහිපයේදී පෘථිවියේ උෂ්ණත්ව අතීත කාලඡේදවල තිබූ මට්ටමට පැමිණෙනු ඇත. ධ්‍රැව අයිස් තලා  අතුරෙන් වඩාත්ම අවදානමට ලක්වන අංශ අවබෝධ කර ගැනීම කලාපීය වශයෙන් සිදුවන මුහුදු මට්ටම් ඉහළ යාමේ අනාගත රටාව ප්‍රක්ෂේපනය කිරීමට තීරණාත්මකව බලපායි.” ඇය කියා සිටී.

පිළිතුරක් නොමැති වඩාත්ම වැදගත් ප්‍රශ්නය එමෙන්ම වෙරළ බඩ ජීවත්වන ජනතාවන්ට වඩාත් අදාළ ප්‍රශ්නය මෙයයි. ‘මහා ඉහළ මට්ටමක මුහුදු මට්ටම් ඉහළ යාමට ගත වන්නේ තව කොපමණ කාලයක්ද?’ මේ ක්‍රියාදාමය රේඛීය නොවේ. දැනට එය ත්වරණය වෙමින් පවතී(වැඩි වෙමින් පවතී).  තවද එම ප්‍රවණතාව දිගටම පවතිතැයි අපේක්ෂිතයි. ඩටන් සහ ඇගේ පර්යේෂක කණ්ඩායම උත්සාහ කරන්නේ ඉහළ යන අනුපාතය වඩා හොඳින් විග්‍රහ කිරීමටය. එහෙත් ක්‍ෂණිකව එමෙන්ම ශීඝ්‍රයෙන් ඉහළ යාම්ද ඇති විය හැකිය.

Scientific American හි Sea Level Could Rise at Least 6 Meters ලිපිය ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: