පෘථිවියේ නිවුන් සොයුරියක් හමුෙවයි

Posted by

පෘථිවියේ නිවුන්නා ලෙස මෙතෙක් හැඳින්වුයේ සිකුරු ග‍්‍රහයායි. ඒ අපේම සෞර ග‍්‍රහ මණ්ඩලය තුළයි. එහෙත්, නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශගත ටෙලස්කෝපය මගින් පෘථිවි සමාන ග‍්‍රහයෙකු සොයා ගැනීමට සමත් වී ඇතැයි එම ආයතනය පසුගිය   බ‍්‍රහස්පතින්දා ජූලි 23 දා ප‍්‍රකාශයට පත් කළේය. මෙම පෘථිවි නිවුන් සොයුරිය නම් කර ඇත්තේ කෙප්ලර් 452 බී (Kepler 452 B) යනුවෙනි. විශ්වයේ වෙනත් ස්ථානවල ජීවීන් සිටීමේ ඉඩකඩ ගැන අපේ අපේෂාවන්ට එමගින් පණ පෙවිණි.

 

ක‍්‍රි.ව. 2009 දි අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසුව කෙප්ලර් ටෙලස්කෝපය මගින් මෙතෙක් ග‍්‍රහ ලෝක (සනාථ කෙරුණ සහ සනාථ කිරීමට අපේක්ෂිත) 4,500ට වැඩි යෙන් සොයා ගනු ලැබ  ඇත. අහසේ දිස්වෙන සෑම තාරකාවක් වටාම ග‍්‍රහයන් භ‍්‍රමණය වන බව සිතාගන්නට කෙප්ලර් ටෙලස්කෝපයට ස්තුතිවන්ත වෙන්න අපට දැන් පුළුවන්වී ඇත. බාගදා ඉන් සියයට 10ක්ම වාසයට සුදුසු ඒවා විය හැකිය. එමෙන්ම, කුඩා අභ්‍යන්තර ග‍්‍රහ ලෝක සහ බාහිර යෝධ ග‍්‍රහයන්  සහිත අපට හුරු මාදිලියේ සෞර ග‍්‍රහ මණ්ඩල විශ්වයෙහි විරල පෙළ ගැස්මක් බව ගතවූ කාලය තුළ කෙප්ලර් අපට කියා දුන් පාඩම් අතරවිය. එසේ වුවද, මෙවන් විප්ලවකාරී ජයග‍්‍රහණ අතපත් කර ගැනීමට සමත් වුවත් කෙපලර් ටෙලස්කෝපයෙන් වඩාත් බලාපොරොත්තු තැබූු ජයග‍්‍රහණය අතපත් කර ගැනීමට එ නම් අපේ සූර්යයා වැනි තරුවක් වටා භ‍්‍රමණය වන පෘථිවියේ පිළිඹිබුවක් වන් ග‍්‍රහයෙකු සෙවීමේ කාර්ය මේ වන තුරු ඉටුවී තිබුණේ නැත. ජූලි 23 දා නිවේදනයත් සමගම එය ද සපිරිණ. අළුත් අපේක්ෂක ග‍්‍රහයන් 500 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවද ඒ සමග අනාවරණය කෙරිණ.

 

පෘථිවියේ සොයුරිය පිළිබඳ විස්තර  The Astronomical Journal තාරකා විද්‍යා සගරාවේ පළවීමට නියමිතයි. කෙප්ලර් 452 බී පෘථිවියෙහි ප‍්‍රමාණය මෙන් 1.6 ක් වෙතැයි ඇස්තමේන්තු කර ඇත. සිග්නස් තාරකා මඩුල්ලේ (constellation of Cygnus)මෙහි සිට ආළෝක වර්ෂ 1,400 දුරින් පිහිටි  අපේ සූර්යයා සමානැති තාරකාවක් වටා ජීවය හට ගැනීමට හිතකර දුරකින් කක්ෂ ගතව සිටිතැයි කෙප්ලර් ටෙලස්කෝපය දක්වයි. අපේ සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර ට ආසන්න දුරකින් කෙප්ලර් 452 බී කක්ෂ ගතවීම වැදගත් වන්නේ එහි ජලය ද්‍රව ස්වරූපයෙන් තිබීමට එය බලපාන හෙයිනි. අළුතෙන් සොයාගෙන ඇති පෘථිවියේ සොයුරියගේ වයස අවුරුදු බිලියන 6ක් පමණ වේ. ඒ කියන්නේ පෘථිවියට වඩා අවුරුදු බිලියන 1.5ක් පමණ වැඩිමහල්ය. කෙප්ලර් 452 බී කක්ෂ ගතවව සිටින සූර්යයා ද ඒ අනුව වයසින් අපේ සූර්යයාට වඩා වැඩිය. ප‍්‍රමාණයෙන් ද විශාලය දීප්තියෙන් ද වැඩිය. එම තරුව වටා යාමට කෙප්ලර් 452 බී ග‍්‍රහයාට ගතවන්නේ දින 385කි. එය පෘථිවියට සූර්යයා වටා යාමට ගතවන කාලයට බොහෝ සෙයින් සමානය. කෙප්ලර් 452 බී බොහෝ දුරට පාෂණමය ග‍්‍රහයෙකු විය හැකි යයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

අභ්‍යවකාශගත කෙප්ලර් ටෙලස්කෝපය චිත‍්‍ර ශිල්පියෙකුගේ ඇසින්
අභ්‍යවකාශගත කෙප්ලර් ටෙලස්කෝපය චිත‍්‍ර ශිල්පියෙකුගේ ඇසින්

කෙප්ලර් 452 බී නව ග‍්‍රහයා සොයා ගැනීමත් සමගම කෙප්ලර් අභ්‍යවකාශගත ටෙලස්කෝපයෙහි දුෂ්කර, දීර්ඝ ගමන අවසානයක් කරා ළගාවෙයි. කෙප්ලර් ගොඩනගන අවස්ථාවේදී ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නේය. පසුව, එය අභ්‍යවකාශගත කිරීමෙන් පසුව ද පසුබෑම් අඛණ්ඩව පැවතිණ. එහෙත් නව සොයා ගැනීමත් සමගම කෙප්ලර් ටෙලස්කෝපයෙහි අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කරගැනීමට සමත්වී ඇති බවක් පෙනෙයි.

 

Scientific American, Stuff.co.nz යන වෙබ් අඩවි  ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.