මහජන සෞඛ්‍යයට අදාළව නිතර කතාවෙන මාතෘකාවක් ගැන කෙටි හැඳින්වීමක්
කොලෙස්ටරෝල් යන්න ශ‍්‍රී ලාංකීය සමාජය තුළ ද පසුගිය වසර 30, 40 තුළ කරළියට ආ වචනයකි. ලෙඩ රෝග ගැන කරන කතා බහේ දී මෙන්ම කැම බීම ගැන සෙවීමේදී ද කොලෙස්ටරෝල් අමතක කළ නොහැකි වදනක් බවට පත්වෙමින් පවතී. මාධ්‍ය මගින් ද මේ පිළිබඳ නිබඳව අවධානය යොමු වෙයි. කෙසේ වෙතත් කොලෙස්ටරෝල් ගැන කතා කරන හෝ එවැනි කතාවලට සවන් දෙන බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ නිශ්චිත අදහසක්ම නොවන බවක් පෙනී යයි. විද්‍යා සන්නිවේදනයෙහි යෙදෙන තතු මෙම සටහන තබන්නේ එවැන්නන්ගේ මෙන්ම අප කාගේත් හිත සුව පිණිසය.
කොලෙස්ටරෝල් යනු සිරුරේ සෛල ඇතුළත ස්වාභාවිකව ඇතිවන රසායනික තැනුම් ඒකකයි. ස්ටෙරොයිඩ හෝමෝන සහ විටමින් ඩී මෙන්ම ආහාරමය මේද (dietary fat) ජීර්ණයට හා අවශෝෂණයට උපකාරී වන පිත අම්ල නිපදවීමට අවශ්‍ය වේ. රුධිරය, අපේ සිරුර පුරා කොලෙස්ටරෝල් රැගෙන යන්නේ අධිඝනත්ව ලිපෝප්‍රෝටීන (high density lipoproteins HDL) ලෙස අප දන්නා ප්‍රෝටීන (හොද කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන්නේ ද එයයි) සහ නරක කොලෙස්ටරෝල් ලෙස හැඳින්වෙන අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (low density lipoproteins LDL)මතය.(හොඳ කොලෙස්ටරෝල් කුමක්ද නරක කොලෙස්ටරෝල් කුමක්ද යන්න අප බොහෝ දෙනෙකුට පැටළිලි ඇති කරන්නකි. එය මතක තබා ගැනීමට පහසු මගකි මේ HDL වල H අකුරෙන් High යන්නෙන් වැඩියෙන් ගත යුත ලෙස ද LDL යන්නෙහි L අකුරෙන් Low වලින් ලෙස ද අඩුවෙන් ගත යුතු ලෙස ද මතක තබා ගත හැකිය)
රුධිරයෙහි LDL වැඩි වශයෙන් ද HDL මද වශයෙන් ද ඇති තත්ත්වය රුධිර වාහිනී පටු කිරීමට හෝ අවහිර කිරිමට බලපාන ක්‍රියාදාමයකට සම්බන්ධය. රුධිරයෙහි LDL මට්ටම ඉහළ යාම, හෘද රෝග (myocardial infarction – MI) පපුවේ වේදනාව (සම්බාධය angina) පාදවල රුධිර වාහිණි පටුවීම (peripheral artery disease පර්යන්ත ධමනි රෝගය) හා ආඝාතය (stroke) යන පොදුවේ කන්තු වාහිණික රෝග(cardio vascular disease) යනුවෙන් හඳුන්වනු ලබන කොට්ඨාශය සම්බන්ධයෙන් අවදානම් ඇති කරවන සාධකයකි.
එක්සත් රාජධානිය ගතහොත් එහි සෑම වැඩිහිටියන් දහයකගෙන් හයකට අධික LDL කොලෙස්ටරෝල් මට්ටමක් ඇති අතර එරටෙහි කන්තු වාහිණික රෝග ප්‍රධාන පෙළේ මහජන සෞඛ්‍ය ගැටලුවකි. කෙසේ වෙතත්, LDL මට්ටම ඉහළ යාම කන්තු වාහිණික රෝග වැළඳීමේ අවදානමට බලපාන එක් සාධකයක් පමණකි. දුම්බීම, අධික රුධිර පීඩනය, මධුමේහය (දියවැඩියාව) බරවැඩිවීම, අයහපත් ශාරීරික යෝග්‍යතාව මෙන්ම වේලාසනින් හෘද රෝග වැළඳීමේ පවුල් ඉතිහාසය යන කාරණා ද මෙකී අවදානමට බලපාන අනෙකුත් සාධකයි. මෙකී අවදානම් සාධක එකකට වැඩි ගණනක් ඇති අයට කන්තුක වාහිණික රෝග වැළඳීමේ හැකියාව වැඩියි.
රුධිරයෙහි LDL ඉහළ මට්ටමක පැවතීමට බලපාන එක් හේතුවක් වන්නේ සන්තෘප්ත මේද අධික අහර ගැනීමයි. අප සන්තෘප්ත මේද ආහාරයට ගත් විට එය අක්මාව මගින් රුධිර කොලෙස්ටරෝල් බවට හරවයි. එපමණක් නොව ඔබේ සිරුරෙන් කොලෙස්ටරෝල් බැහැර කිරීමේ ක්‍රියාදාමය ද සන්තෘප්ත මේද නිසා මන්දගාමී වේ. සන්තෘප්ත මේද ආහාර අඩුකොට ඒ වෙනුවට අසන්තෘප්ත මේද ආහාර එකතු කර ගැනීම රුධිර කොලෙස්ටරෝල් අඩුකර ගැනීමේ එක් සාර්ථක පිළිවෙතකි. යෝග්‍යයයි දිනකට නිර්දේශ කරන අසන්තෘප්ත මේද ප්‍රමාණය උපරිමය ස්ත්‍රියක නම් ග්‍රෑම් 20 කි. පිරිමියෙකු නම් උපරිම ග්‍රෑම් 30 කි. එක්සත් රාජධානියෙහි බොහෝ දෙනා මෙයට වඩා 20% ප්‍රමාණයක් ආහාරයට ගනිති. භෝජනයෙහි සුළු වෙනස්කම් කිරීමෙන් සමස්ත රුධිර ලිපිඩ (මේද) මට්ටම්වල සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකි වේ. ඇතැම් ආහාර වර්ග ඇත්තටම සිරුරේ රුධිර කොලෙස්ටරෝල් අඩුකිරීමට ක්‍රියාකාරීව බලපායි. ද්‍රාව්‍ය (දියවෙන සුළු) තන්තු (Soluble fibre) යනු අන්තයේ දී ජලයෙහි දියවී ජල්ලියක් (gel) සාදන ආහාරමය තන්තු විශේෂයකි. මෙසේ සෑදෙන ජල්ලිය අනතුරුව කොලෙස්ටරෝල් උරාගෙන ඒවා ශරීරයෙන් ඉවතට රැගෙන යන්නේ හානියක් කිරීමට ඉඩ නොතබමිනි.
කොලෙස්ටරෝල් ගැන කතා කිරීමේදී ආහාරමය කොලෙස්ටරෝල් (dietary cholesterol)සහ රුධිර කොලෙස්ටරෝල් (blood cholesterol)පටලවා ගත යුතු නැත. ඉස්සන්, බිත්තර, සත්ව කොටස් වැනි ඇතැම් ආහාරවල කොලෙස්ටරෝල් අඩංගු වෙතත් ඉහළ සන්තෘප්ත මේද, භෝජනවලට ප්‍රතිචාර වශයෙන් අපගේ සිරුරේ නිපදවන කොලෙස්ටරෝල් හා සංසන්දනය කරද්දී ඒවා රුධිර කොලෙස්ටරෝල් කෙරෙහි ඇතිකරන්නේ ඉතා මද බලපෑමකි. කොලෙස්ටරෝල් අඩංගු ආහාර වර්ග ගණනාවක්ම සාපේක්ෂව සංතෘප්ත මේදවලින් අඩුවෙන අතර ඒවායේ වෙනත් ප්‍රයෝජනවත් විටමින් හා ඛනිජ අඩංගුය. එවැනි ආහාර ගැනීම අඩු කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණකි. ආහාරයෙහි සන්තෘප්ත මේද අඩුකිරීම ආහාරමය කොලෙස්ටරෝල් අඩුකිරීමට වඩා වඩාත් වැඩදායකය.
මේ මතයට එකඟ නොවන විද්‍යාඥයෝ, වෛද්‍යවරු, පර්යේෂකයෝ හා උගත්තුද සිටිති. සංතෘප්ත මේදය සහ අධික කොලෙස්‍ටරෝල් ඇතරොස්කලරෝසිස් (atherosclerosis) හෙවත් මේද තැන්පත් වීම නිසා ධමනි දැඩිවීම හා කන්තුක වාහිනී (හෘද්වාහිනි) රෝග ඇති කිරීමේ දී කාර්යභාරයක් ඉටුකරන්නේය යනුවෙන් 1950 ගණන්වල සිට වර්ධනය වෙමින් ඇවිත් තිබෙන ලිපිඩ උපන්‍යාසය ඔවුහු පිටු දකිති. එම උපන්‍යාසය සාක්ෂි මගින් ප්‍රමාණවත්ව ඔප්පු කර නැතැයි යන්න ඔවුන්ගේ අදහසයි. මේ පිරිස්, The International Network of Cholesterol Skeptics (or THINCS) වැනි සංවිධානද පිහිටුවා ගෙන ඇත.
(මෙම ලිපියේ සංඛ්‍යාලේඛන මුල් ලිපිය පළ කළ එක්සත් රාජධානියට අදාළව දක්වා තිබේ)
The British Dietetic Association (BDA), The International Network of Cholesterol Skeptics (or THINCS) යන වෙබ් අඩවි ඇසුරෙනි