සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිරිස් කරලට දැවිල්ල එන්නේ කොයිබින්ද?

අද ලෝකය ගත්තොත් මිරිස් අධික ආහාර වැඩියෙන් පරිභෝජනය කරන්නේ ආසියාකරයේ ජනතාව කියලා කියන්න පුළුවනි. අපි දන්නා තරමට නම් බොහෝ සුදු ජාතිකයන්ට මිරිස් කන්නත් බැහැ, කන්න ආසත් හැහැ. ඒත් ුපුදුමයක මහත,  මිරිස් ආසියාකරයට හඳුන්වාදෙනු ලැබ ඇත්තේ සුදු ජාතිකයන් විසිනි. මිරිස් කියන්නේ ඇමරිකා මහවීපයට දේශික ශාකයක්. එපමණක් නොවෙයි, මිරිස් මිනිසුන්ගේ ආහාරයෙහි කොටසක් ලෙස පැවතුනේ වසර දහස් ගණනකට පෙර සිටමයි. මෙයට වසර 6,000කට වැඩි කාලයකට පෙරත් මිනිසුන මිරිස් වගා කර අහාරයට ගත් බව දැක්විමට ප‍්‍රමාණවත් සාක්ෂි ඉක්වදෝරයේ පුරාවිද්‍යාඥයන් සොයාගෙන තියෙනවා.

යුරෝපා ජාතිකයෙකුට මුලින්ම මිරිස් හමුවෙන්නේ  මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ගවේෂණය කරමින් සිටි ක‍්‍රිස්ටෝපර් කොළොම්බස්ටයි. (ඔව්, ඇමරිකාව හොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේත් එයාටම තමයි). කොළොම්බස් අතුළු ගවේෂකයන් ආපසු පැමිණි විට ඔවුන් යුරෝපීයයන්ටත් මිරිස් හඳුන්වා දුන්නා. කොළොම්බස්ගේ දෙවැනි චාරිකාවට එක්වූ වෛද්‍යවරයෙකු වූ දිෙයගෝ අල්වාරෙස් චාන්ස් ක‍්‍රි. ව. 1494 දී  මිරිස් වල ඖෂධීය ගුණ ගැන ලිවීමෙන් පසුව ඉවුම් පිහුම් සඳහා මිරිස් එක්කර ගන්නා අන්දම ගැන පමණක් නොව  එහි ඖෂධීය ගුණය ගැනත් යුරෝපීයයන්ට අවබෝධයක් ඇතිවුණා. යුරෝපය සහ ඈත පෙරදිග අතර වෙළදාම වැඩිදියුණු වෙත්ම මිරිස් පිලිපීනය, ඉන්දියාව, කොරියාව, ජපානය ආදී ආසියාතික රටවලට හඳුන්වාදෙනු ලැබූ අතර එම රටවල වැසියන්ගේ ඉවුම් පිහුම් රටාවට එක්වන්න වැඩි කල් ගියේ නැහැ.

Chilliහැබැයි මිරිස් ආහාරයට එක්කර ගන්නා හැම රටකම අයවළුන්ට  එහි ඇති කැපී පෙනෙන ගුණය අමතක නරන්න බැහැ. ඒ තමයි දැවිල්ල. ඉතින් පුංචි මිරිස් කරලකට ඔය තරම් ලොකු දැවිල්ලක් කොහින්ද? ඒ කටදන රසය එන්නේ මිරිස්වල අඩංගු කැප්සයිසින් (capsaicin) නම් රසායනයෙනි. වැඩිම කැප්සයිසින් ප‍්‍රමාණයක් එක්තැන්වී ඇත්තේ මිරිස් කරලෙහි සුදු පැහැ මසෙහි හා ඇටවල වැස්මෙහිය. මිරිස් කන විට අපේ මුඛයෙහි ඇති වේදනා ග‍්‍රාහකවල(pain receptors) කැප්සයිසින් ඇතිල්ලෙන විට දැවිල්ල දැනේ. කැප්සයිසින් මගින් මෙම ග‍්‍රාහක  සක‍්‍රීය වු විට අප දැවිල්ල යමක් ආහාරයට ගත් බව ඒවා මගින් මොළයට දැනුම් දෙයි. එම පණිවුඩයට මොළය ප‍්‍රතිචාර දක්වන්නේ, හද ගැහෙන වේගය ඉහල දමා, දහඩිය වැගිරීම වැඩිකොට එන්ඩෝපින් (endorphins)  මුදාහැරීමෙනි.  එන්ඩෝපින් යනු වේදනාව දැනිම අඩුකිරීමට දායක වන පෙප්ටයිඩ හෝමෝන කාණ්ඩයෙන් එකකි.

 

කැප්සයිසින් අද්‍රාව්‍ය නිසා (ජලයේ දිය නොවන නිසා) මිරිස් කරලක් කැවුණු විට ඇල්වතුර බීවාට දැවිල්ල මැකී නොයයි.

රසායනඥයෙකු වූ  විල්බර් ස්කොවිල්  1912 දී මිරිස්වල ඇති දැවිල්ල ප‍්‍රමාණය මැනීමට පරිමාණයක් නිර්මාණය කළේය. ඒ මිරිස් සාරය  ජලයට එක්කර රහ බලන සංවේදී අවයව භාවිතය  පිළිබඳ පරීක්ෂණයකිනි (Organoleptic Test).

 

Wonderopolis හි Why Are Chili Peppers So Spicy?  ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: