සැමට විදු නැන නුවණ – Science Literacy for All

මානව හර පද්ධති සහ විද්‍යා අධ්‍යාපනය

ලෝකය හා මිනියා පිළිබඳ අපේ අවබෝධය විද්‍යාවෙන් ප්‍රශ්න කෙරෙන නමුත් විද්‍යාව පදනම් වන්නේ අපේ එදිනෙදා ජීවිතයේ වටිනාකම් මත බව දැන ගැනීම වැදගත්ය. ඇත්තවශයෙන්ම විද්‍යාව යනු කීප අංශයකින් බලන කල සාධුගුණය, උද්‍යෝගීබව, සාධාරණය, කුතුහලය, නව අදස්වලට විවෘත භාවය, සංශයවාදී බව, පරිකල්පනය වැනි උසස් කොට සැලකෙන ඇතැම් මානව වටිනාකම් ක්‍රමානුකූලව උපයෝජනය  කිරීමයි. මෙම වටිනාකම් නිර්මාණය කළෝ විද්‍යාඥයෝ නොවෙති.  අනික එම වටිනාකම් දරා සිටින්නෝද ඔවුන්ම පමණක් නොවෙති. එහෙත් විද්‍යාවේ පුළුල් ක්ෂේත්‍ර‍ය ඒවා අනුගත කරගන්නා අතර ඒවා අවධාරණය කරයි. එමෙන්ම මිනිසාගේ දැනුම හා සුබ සිද්ධිය ඉදිරියට ගෙන යාම පිණිස ඒවා කොපමණ නම් වැදගත්ද යන්න ද විද්‍යාව ප්‍රබෝධාත්මකව ප්‍රදර්ශනය කරයි. විශේෂයෙන්ම විද්‍යා අධ්‍යාපනය මෙකී වටිනාකම් හා ආකල්ප  අතුරෙන් තුනක් එනම් කුතුහලය, නව අදස්වලට විවෘත භාවය සහ දැනුවත් සංශයවාදී බව පෝෂණය කිරීමෙහි ලා බලවත් ස්ථානයක පසුවෙයි.

Class_X_Exam_20150217_5

කුතුහලය(curiosity)

විද්‍යාඥයෝ කුතුහලය ආශාවෙන් ඉදිරියට ගෙනයති. ළමුන්ද එසේමය. ළමුන් පාසලට ඇතුල්වන්නේ අසන, දකින සියල්ල ගැන ප්‍රශ්න වැලක් රැගෙන එමිනි. ඒවාට පිළිතුරු සෙවීම සඳහා කළ යුත්තේ කුමක් ද? එමෙන්ම එසේ සොයාගත් පිළිතුරු කොපමණ නම් අගනේදැයි පරීක්ෂා කිරීමට තරම් තවම හැකියාවක් නොමැති කම ළමුන් හා විද්‍යාඥයන් අතර වෙනසට බලපාන සාධක යයි. කුතුහලය පෝෂණය කරන එමෙන්ම එම කුතුහලය ඵලදායී අන්දමින් යොදගන්න අන්දම සිසුනට උගන්වන විද්‍යා අධ්‍යාපනය සිසුවන්ට පමණක් නොව පොදුවේ සමාජයට ද සේවයක් සලසයි.

නව අදහස්වලට විවෘත වීම(openness to new ideas)

විවෘත මනසක් පැවතීම, විද්‍යාවේ අභිවෘධියට පමණක් නොව පොදුවේ මානව ක්‍රියාකාරකම් වර්ධනය පිණිස අත්‍යවශ්‍යය. සංවෘත මනසක් ඇති ජනතාව නව සොයාගැනීමක ප්‍රීති ප්‍රමෝදයත් බුද්ධිමය වර්ධනයෙහි තෘප්තියත් ජිවිත කාලය පුරාවට භුක්ති නොවිඳිති. විද්‍යා අධ්‍යාපනයේ සුවිශේෂී වූ නැනිනම් ඒකායන අරමුණ විද්‍යාඥයින් බිහිකිරිම නොවේ. කාංසාව ඇති කරවන්නනක් හෝ තමුන් පොදුවේ විශ්වාස කරන දෙයට අනුකූල නොවන බවක් මුලදී පෙනී යන අදහස් ඉතා විමසිල්ලෙන් සලකා බැලීමේ මහා වැදගත්කම සිසුනට අවබෝධ කර දීමට විද්‍යා අධ්‍යාපනය උදව් විය යුතුය. අදහස් අතර තරඟය හෝ අභියෝගය විද්‍යාව ඇතුළත ද ආතතියට මුල් වන්නකි. විද්‍යාව හා සමාජය අතර ද එමෙන්ම සමාජය ඇතුළත ද ආතතියට තුඩු දෙන ප්‍රධාන පෙළේ උල්පතකි. එවැනි සංක්ෂේපනයන්ගේ ස්වභාවය විද්‍යා අධ්‍යාපනය මගින් විද්‍යාවේ ඉතිහාසය හරහා උලුප්පා දැක්විය යුතු අතර එවැනි පරස්පර අදහස්වල ආකාර්ෂණයට හා විකර්ෂණයට එක්වීමෙන් තමුන්ටමත් එමෙන්ම සමාජයටත් ඇති වටිනාකම සිසුන්ට පෙන්වා දීමට උපකාරී විය යුතු වේ.

දැනුවත් සංශයවාදී බව (informed skepticism)

විවෘත භාවය වගේම සංශයවාදී බවෙන් ද විද්‍යාවේ ස්වභාවය නිරූපණය වෙයි. නව න්‍යායක් කෙරෙහි බලවත් එමෙන්ම සාරගර්භ අවධානයක් යොමු විය හැකියි. එ‍හෙත් එම න්‍යාය සාක්ෂිවලින් සනාථ වන බව ඊට අදාළ නොවන අනෙකුත්  මූල ධර්ම හා තර්කනාකූලව සමානුයෝගී වන බව එම න්‍යායට ප්‍රතිමල්ලව වශයෙන් ඉදිරිපත් වී ඇති න්‍යායන්ට වඩා පැහැදිලි කිරිම කළ හැකි බව, නව දැනුමට මග පැදීමේ හැකියාව ඇති බව නව න්‍යායේ අනුගාමි අධිවක්තෘවර ැන්  පෙන්වාදීමට හැකිවෙන තුරු පුළුල් පිළිගැනීමට ලක්වන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විද්‍යාඥයෝ සියලුම නව න්‍යායන් ගැන සංශයවාදී බවක් දරති. එහෙයින් එම නව න්‍යාය පිළිගැනීම නිමාවට පත්වීමට වසර ගණනක් හෝ දශක ගණනාවක් පවා ගත විය හැකි සත්යේක්ෂණයෙහි හා ඛණ්ඩනයෙහි (refutation) ක්‍රියාදාමයන් තුළින් පමණකි සාමාන්‍යයෙන් එවැනි පිළිගැනීමකට ලක්වන්නේ. කුමානුකූලව සංශයවාදී බවෙහි සමාජයීය වටිනාකම දැකීමට සිසුන්ට උපකාරි වීමටත්, සංශයවාදී බව හා විවෘත බව අතර යහපත් සමබරතාවක් ඔවුන්ගේ සිත් තුළ වර්ධනය කිරීමටත් විද්‍යා අධ්‍යාපනයට උපකාරි විය හැකිය.

Science for All Americans හි Habits of Mind පරිච්ජේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: