සැමට විදු නැන නුවණ – Science Literacy for All

මැලේරියා සම්ප්‍රේෂණ චක්‍රය බිඳ දැමීම

මැලේරියාව ගැන අද අප රටේ කතා බහ එතරම් ඉස්මත්තට ෙනාඅාවද එය වසරක් පාසා ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මරු කැඳවන මාරක රෝගයකි. මහ විපත් කැඳවන එහි බීජෞෂණ හා සම්ප්‍රේෂණය චක්‍රය මගින් මැලේරියාව බොහෝ සාර්ථකව පැතිරේ. මේ චක්‍රය පටන් ගන්නේ මැලේරියා පරිපෝෂිතයාගෙන් ආසාදිත ඇනොෆිලස් වර්ගයේ ගැහැනු මදුරුවෙකු පුද්ගලයෙකුට විදීමත් සමගනි. මෙහිදී එක සෛලික පරපෝෂිතයාගේ රුධිරයට ‘එන්නත්’ කෙරේ. පරපෝෂිතයා පුද්ගලයාගේ අක්මා සෛල ආක්‍රමණය කරන අතර පරිණතභාවයට පත්වී තව තවත් බෝවෙමින් රුධිර ධාරාවට ඇතුල් වෙමින් පුද්ගලයා රෝගාතුර කරයි. පසුව එම රෝගී පුද්ගලයාව වෙනත් මදුරුවන් විසින් විදිනු ලැබූ කල්හි පරිපෝෂිතයා අධිග්‍රහණයට ගැනේ. එවිට එම මදුරුවන් ද ආසාදනයට පත්වේ. එසේ ආසාදනයට පත්වූ මදුරුවෙක් දින දහයකට පසුව නිරෝගී පුද්ගලයෙකුට විදිනු ලැබූ විට මේ චක්‍රය යළිත් වතාවක් ක්‍රියාවට නැංවේ.

මෙම චක්‍රය ලෝකයේ ජනගහන ඝනත්වය ඉහළ ප්‍රදේශවල වසර පුරාම සිදුවන්නක් වන අතර ලෝක ජනගහනයෙන් අඩක් පමණම ආසාදනයට පත් වීමේ අවදානමට ලක්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2013 වසරේදී  පුද්ගලයන් දළ වශයෙන් මිලියන 200කට මැලේරියා රෝගය බෝවිණ. එම පිරිසගෙන් හතරෙන් එකක් පමණ ඉන් මිය ගියහ. බොහොමයක් අප්‍රිකාවේ ළමුන්ය. ඉතින් මේ මාරක රෝග චක්‍රය නැසීමට මගක් නැද්ද?

ඔක්ලහෝමා සරසවියේ ජීවරසායන විද්‍යා මහාචාර්ය ජූන් ලී වසින් සිදුකරනු ලබන පර්යේෂණ එය ඉටුකරන ක්‍රමයකට මග පාදනු ඇත. ඔහුගේ පර්යේෂණ අතර මදුරුවන් ස්වාභාවික ගහණ අතර ජානමය වෙනස් කම්ගැන අධ්‍යයනය කිරීමද ඇතුළත් ය. මෙහිදී ලීට, මැලේරියා පරපෝෂිතයාගේ ජීවන චක්‍රයට තීරණාත්මකව බලපාන මදුරු ප්‍රෝටීනයක් හඳුනාගැනීමට හැකිවී තිබේ. මෙකී සොයා ගැනීම මතුයම් දිනයක සමස්ථ ප්‍රජාවන්ටම ප්‍රතිකාර කිරීෙම් ක‍්‍රමයකට මග පාදා දීමට ඉඩ තිබේ. ඒ මැලේරියා රෝගය සම්ප්‍රේෂණය අවහිර කිරීම මගිනි. ”ඔබ මැලේරියාව සම්ප්‍රේෂණය කරන්නෙකු නොවනු ඇත. ඔබට ලබාදෙන එක් එන්නතකට මැලේරියාව අඩුකිරීමට හෝ සමහර විට මුලිනුපුටා දැමීමට ද දායක විය හැකිය.” ලී කියා සිටියි. ඔහුගේ පර්යේෂණවලින් අවධානය යොමු කරන්නේ මැලේරියාවට අදාළ වන අතිශය වැදගත් ප්‍රශ්නයක් කෙරෙහිය. මැලේරියාව පරපෝෂිතයා අරක්ගෙන සිටින මදුරුවා හා පරපෝෂිතයා අන්තර් ක්‍රියාකරන්නේ කෙසේද? යන්න එම ප්‍රශ්න යයි. මෙහිදී ලී සොයා ගත්තේ මැලේරියාවේ ජීවිත කාලය පිළිබඳ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ප්‍රෝටීනයකි. පරපෝෂිතයාට මදුරුවාගේ ශරිරයට ඇතුල්වීමට මගපාදන්නේ එයයි.

‘මදුරුවා කියන්නේ ජීවියෙක්. ඒ අතර පරපෝෂිතයා ව්‍යාධිජනකයෙක්. ඉතින් පරපෝෂිතයා අධිග්‍රහණයෙන් (ingestion) මදුරු සිරුරට ඇතුල්වුණහම ආසාදනය වළක්වා ගැනීමට මදුරුවාගේ ශරීර පද්ධතිය උත්සාහ කිරීම සඳහා කිසියම් යාන්ත්‍රණයක් තිබිය යුතුයි. එහෙත් මේ ප්‍රෝටීනය ආධාරකයක් මෙන් ක්‍රියාකරමින් මදුරුවන්ගේ බඩවැල්වල කායික බාධක මැඩගෙන ඇතුල්වීම සඳහා පරපෝෂිතයාට උදව් වෙයි.’ යනුවෙන් ලී කියා සිටියි.

maxresdefault

ලී හා සගයන් විසින් මේ ප්‍රෝටීනය සොයා ගනු ලැබුවේ අප්‍රිකාවේ මදුරුවන්ගේ දත්ත හා මැලේරියාව ආසාදනය වූ පුද්ගලයන්ගේ රුධිරය එකතු කර ගැනීමෙනි. අනතුරුව  පර්යේෂකයන් එම රුධිරය මදුරුවන්ට ලබාදුන් අතර මදුරුවන්ගේ ශරීරය තුළ පරපෝෂිතයන් වර්ධනය වන වේගය විමසා  බැලුවේ මදුරුවන්ගේ ප්‍රවේණි දර්ශ පරීක්ෂා කරමිනි.

පර්යේෂකයෝ FREP1 නම් එක්තරා සුවිශේෂී ප්‍රෝටීනයක් සොයා ගත්හ. මැද බඩවැල ලෙසින් හැඳින්වෙන මදුරුවන්ගේ ජීර්ණ පද්ධතියෙහි ඇති කොටසකින් මෙම ප්‍රෝටීනය පරිපෝෂිතයන්ගේ ආක්‍රමණයට මදුරුවන් ගොදුරුවීමේ හැකියාව වැඩි කරයි. පරිපෝෂිතයා. මදුරුවාට ඇතුල්වූවාට පසු බෝවීමට පටන් ගනියි.  ‘මැලේරියාව, මිනිසුන් ආසාදනයට පත් කිරීමට පළමුව මදුරුවා ආසාදනයට පත්කරන බව දැන ගැනීමට වැදගත්’ යයි ලී ප්‍රකාශ කරයි. මෙම ප්‍රෝටීන ඉටු කරන  කාර්ය භාරය හඳුනාගැනීමට රෝගය සම්ප්‍රේෂණය වීම අවහිර කිරීම පිණිස ක්‍රම යොදා ගැනීමේ දී උපකාරි වේ. ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කෙරෙන්නේ මදුරු ප්‍රෝටීනය මිනිසුන්ට එන්නත් කිරීමෙනි. එවිට එම පුද්ගලයා ප්‍රෝටීනයට එරෙහිව ප්‍රතිදේහ ජනනය කරයි. ඉන් පසුව, එම පුද්ගලයාට විදින මදුරුවා ප්‍රතිදේහය අධිග්‍රහණය කරයි. මෙ මගින් සිදුවන්නේ, මැලේරියා පරපෝෂිතයා මදුරුවාගේ ශරිරය ග්‍රහණයට ගැනීම වළක්වාලීමයි. මෙම ප්‍රෝටීනය විවිධ වර්ගවල මැලේරියා පරපෝෂිතයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ එකම ආකාරයට දැයි දැන ගැනීම පිණිස ලී අප්‍රිකාවෙන් තවත් දත්ත එකතු කර ගැනීමට කටයුතු යොදා ඇත.

US National Science Foundation හි Breaking the cycle of malaria transmission ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: