සෙනසුරු, ආසන්නයේ සිට නිරීක්ෂණය කිරීම

Posted by

පෘථිවියේ සිට සෙනසුරු ග්‍රහයා වෙත ඇති සැතපුම් බිලියනයක දුර සලකන විට එම ග්‍රහයාට ආසන්නව, ග්‍රහයා ගැන අධ්‍යයනය කිරීමට ප්‍රයත්න ගෙන ඇත්තේ ස්වල්පයකි. කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු බැහැදැකීමට ගිය සිව්වෙනි යානයයි. එමෙන්ම කැසිනි, දිගු කාලීන මෙහෙයුමක් සඳහා සෙනසුරු වටා කක්ෂගත වූ පළමුවැන්නයි. හියුජෙන්ස් (Hugens) යනුවෙන් නම් කෙරුණු තවත් විපරමක් එමගින් ‍රැගෙන යනු ලැබීය. හියුජෙන්ස් විපරම 2005 දී සෙනසුරු ග්‍රහයාගේ ටිටෑන් (Titan) මත සාර්ථකව ගොඩ බස්වන ලදි. කැසිනි යානයට පළමුව සෙනසුරු බලා ගියේ පයනියර් 11 (1979) වෙයේජර් 1 (1980) සහ වෙයේජර් 2 (1981) යානාය.

සමස්තයක් වශයෙන් ගත් විට පාසල් බස්රියකට ආසන්න ප්‍රමාණයක කැසිනි යානය මෙතෙක් යැවුණු විශාලතම අන්තර් ග්‍රහීය () අභ්‍යාවකාශ යානයයි. අනුරූපකවල සිට වර්ණාවලී මාන දක්වා වූ උපකරණ සංකීර්ණ පෙළක් සහ මීටර 4 ඇන්ටෙනාවකින්ද එය සමන්විත විය. පැහැදිලි හේතු මත එහි සූර්ය බලශක්ති පුවරු නොවීය. කලින් ලිපියක ද සඳහන්  කළ පරිදි සෙනසුරු ළඟ සූර්යයාගේ දීප්තිය පෘථිවිය ළඟ දීප්තිය මෙන් 1%කි. ඉතින් සූර්ය බලය සවිකළා නම් කැසිනි යානයට සවි කිරීමට සිදුවන්නේ ටෙනිස් පිටි දෙකක් තරම් විශාල සූර්ය පනේලය. ඒ වෙනුවට එයට බලය සැපයෙනුයේ විකිරණ සමස්ථානික තාප විද්‍යුත් ජෙනරේටර මගිනි. ඒවා විදුලිය නිපදවන්නේ ප්ලුටෝනියම්වල විකිරණශීල ක්ෂයවීම් මගිනි.

1997 දී කැසිනි අභ්‍යවකාශ ගතකෙරුණේ ටයිටෑන් රොකට්ටුවක ආධාරයෙනි. එය සෙනසුරු වෙත යාමට යොදා ගත්තේ පුඩුවන් ගුරුත්වාධාරක පරාචක්‍රයකි  . සිකුරු, පෘථිවි හා බ්‍රහස්පති ග්‍රහයන් ආසන්නයේ ඉහළ යාමෙන් එය ප්‍රවේගය වර්ධනය කර ගත් අතර සෙනසුරු බලා වසර 6.7 තිස්සේ ගිය චාරිකාවේ දී එමගින් ආවරණය කෙරුණු දුර සැතපුම් බිලියන 2 කි.

සෙනසුරු වටා කක්ෂයකට ප්‍රවේශවීම පිණිස එය විනාඩි 95ක එන්ජින් දහනයක් සමගින් ‍වේගය අඩාල කර ගත්තේය. කැසිනි සෙනසුරු  අහසේ වලාකුළු මුදුනින් කිලෝමීටර 20,000 ඇතුළත ගමන් කළේ ය. එය වළලු තලය හරහා ගමන් කළේ රයිෆල් උණ්ඩයක වේගයට වඩා තිස් ගුණයකටත් වැඩි වේගයෙනි. යානයෙහි උපකරණවලට ආවරණය සපයනු වස් කැසිනි ගමන් කළේ අධිබල ඇන්ටෙනාව පෙරටු කරගෙනය. කක්‍ෂ ගතකිරීමෙන් පසුව කැසිනි සෙනසුරු වටා කක්ෂ 250කට වඩා සම්පූර්ණ කර ඇත.

අඳුරේ සහ ආලෝකයෙන් කෝණ ගණනාවකින්ම සෙනසුරු  වළලු අධිවිභේදනයෙන් අනුරූපනය කිරීමෙන් කැසිනි එම වළලුවල ව්‍යුහය උත්කෘෂ්ට අන්දමින් විස්තරාත්මකව හෙළි කර ඇත. සෙනසුරු චන්ද්‍රයෙකු වන එන්සෙලාඩස් ඉදිරිපස සිටියදී වළලු දාර ආසන්නයේ සිට දැකිය හැකිවේ.  A, B. සහ C යනුවෙන් නම් කර ඇති සෙනසුරුගේ ප්‍රධාන වළලු ‍තුන හරහා හිරු එළිය වැටීමෙන් එම ග්‍රහයා මත සෙවණැලි වැටී ඇත. සෙනසුරුට වඩාත් ආසන්නම C වළල්ලයි. එමගින් ඇතිවන්නේ මලානික, ව්‍යුහගත සෙවණැල්ලකි. අනුරූපවල දැක්වෙන වඩා අඳුරු සෙවණැලි සමරූපී වන්නේ ඝනත්වයෙන් වඩාත්ම වැඩි B වළල්ලේ සෙවණැල්ලටයි.

තවත් (බොහෝ දුරට) ඇල නැති දර්ශනයක පෙන්වන්නේ සෙනසුරු චන්ද්‍රයෙකු වන ටයිටෑන් ඉදිරිපසින්ය. වළලු තලයට උඩින් සූර්යයා සෙනසුරු මත ආලෝකය පතුරයි. ආසන්නම C වළල්ල තමයි, උඩින්ම ඇතිවන සෙවණැල්ල. එවැනි ඇල නැති දර්ශන මගින් අවධාරණය කෙරෙන්නේ වළලුවල තුනී බවයි. ඒවායේ තුනී බවෙහි සාමාන්‍ය මීටර 20 කි.

වළලු සමග ප්‍රකාශ, පාර ජම්බුල සහ රේඩියෝ තරංග ආයාමවලදී  ආලෝකයේ අන්තර් ක්‍රියා පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනවලින් වළලුවල ස්කන්ධය හා සංයුතිය ඇස්තමේන්තු කිරීමට කැසිනි යානයට හැකියාව සැලසේ. සියුම් පරිමාණයේ අවශෝෂණ විපරුමක් සඳහා සූර්යයා විශාලත්වයෙන් හා දීප්තියෙන් වැඩිය කෙසේ වෙතත්, කැසිනි යානයට දීප්තිමත් තාරකා වළලු හරහා නිරීක්ෂණය කළ හැකිය. නිදසුනක් දක්වතොත් (ස්නෝපිට්ස් තාරකා රාශියේ හදවත ලෙස සටහන් වන රතු අධියෝධයෙකු වන) ඇන්ටරේස් තාරකාව A වළල්ල හරහා දැක ගත හැකි වේ.

images (6)වළලු හරහා තාරකාව පරික්ෂණය කිරීමෙන් ව්‍යුහයේ පාරාන්ධතාව ඉස්මතු කරයි. මේවායේ ප්‍රතිඵලවලින් දැක්වෙන්නේ B වළල්ලෙහි ජාරාන්ධතාව A සහ C වළලුවලට වඩා වැඩිබවයි. ස්කන්ධය ගණන් බැලීමට අපහසු කරන කැටි ස්වභාවය පිළිබඳ අදහසක් ද මෙම ක්‍රමයෙන් සැපයීමට පුළුවන. කුඩා වළලුවල සියුම් ව්‍යුහය මෙන්ම වළලු අතර හිඩැස්ද දෘශ්‍යමානය.

පෘථිවිය වෙත එන රේඩියෝ සංඥා මගින්ද කැසිනි යානයට වළලු විපරමට ලක් කළ හැකිය. කිලෝමීටර 10 දක්වා වූ විභේදනයකින් මෙමගින් වළල්ලේ ව්‍යුහය හෙළිකර ගත හැකිය. එමෙන්ම එමගින් වළලු අංශුවල කුඩා කෙළවර ගැන තොරතුරු මතුකර දීමට පුළුවන. අයිස් පිරි වළලු වැඩියෙන්ම ඇති කලාප ද කැසිනි පාරජම්බුල නිරීක්ෂණය මගින් හෙළි කර ගත හැකිය. ප්‍රවණතාව දක්වතොත් පිටත වළලුවල පිරිසුදු  බවෙන් පටන් ගෙන ඇතුළත වළලුවන විට  එය කිළිටි අයිස් දක්වා වර්ධනය වෙයි.

වළලුවල ඇති අයිස් අංශු කැටි නිරතුරුව සමාහාරයවෙමින් හා බිඳ වැටෙමින්  පවතින බව අපට දැන ගත හැක්කේ කැසිනි යානයට පින්සිදු වන්නටයි. මෙකී අයිස් කැටි නිවසක ප්‍රමාණයට වඩා අඩුවෙන් තබන්නේ ඝට්ටන හා උදම්බල මගිනි. සෙනසුරුවටා ඇති වළලුවල සම්පූර්ණ ‍ස්කන්ධය එම ග්‍රහයාගේ අයිස්මය චන්ද්‍රයාවන මිමාස් ස්කන්ධය තරමට ඇත. වළලුවල කැටි ස්වභාවය අනුව ඊට වැඩිවෙන්න ද පුළුවන. මෙම කිලෝමීටර 400 විෂ්කම්භය  ඇති මිමාස් ගේ කිලෝමීටර 130 පළලැති ආවටයක් ඇත. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයන් හත් දෙනා අතුරෙන්, වළලුවලට ආසන්නව කක්ෂගතව ඇත්තේ මිමාස් චන්ද්‍රයායි. (ඊළග ලිපියෙන් මිමාස් චන්ද‍්‍රයා ගැන)

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.